බ්රහ්මචරීයසුත්තං
4. 1. 3. 5.
4. 1. 3. 5.
[බ්රහ්මචරීයසුත්තං]
[බ්‍රහ්මචරිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
25. නයිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉතිවාදප්පමොක්ඛානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති සංවරත්ථං, පහානත්ථං, විරාගත්ථං, නිරොධත්ථන්ති.
25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්ති පිණිස, වාදප්‍රමෝක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස වැසේ.
62. සංවරත්ථං පහානත්ථං බ්රහ්මචරියං අනීතිහං, අදෙසයි සො භගවා නිබ්බානොගධගාමිනං.
62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්රහාණය පිණිස වදාළහ.
63. එස මග්ගො මහන්තෙහි අනුයාතො මහෙසිභි, යෙ ච තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං, දුක්ඛස්සන්තං කරිස්සන්ති, සත්ථුසාසනකාරිනොති.
63. පූජ්‍ය මහර්ෂීන් විසින් තෙල මග අනුගමනය කරණ ලදී. බුදුන් විසින් දෙසූ සැටියෙන් යම් කෙනෙක් එමග පිළිපදිත් ද ශාස්තෘශාසනකර වූ ඔහු දුක් කෙළවර කෙරෙත්.