කුහකසුත‍්තං
4. 1. 3. 6.
4. 1. 3. 6.
[කුහකසුත‍්තං]
[කුහක සූත්‍රය]
26. යෙ තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ කුහා ථද‍්ධා ලපා සිඞ‍්ගී උන‍්නළා අසමාහිතා, න මෙ තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ මාමකා. අපගතා ච තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ ඉමස‍්මා ධම‍්මවිනයා. න ච තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්ති.
26. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක වූවාහු ක්‍රෝධය හා මානයෙන් දැඩි වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්‍ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට නො ද පැමිණෙත්.
යෙ ච ඛො තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ නික‍්කුහා නිල‍්ලපා ධීරා අත්‍ථද‍්ධා සුසමාහිතා, තෙ ඛො මෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ මාමකා. අනපගතා ච තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ ඉමස‍්මා ධම‍්මවිනයා. තෙ ච ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්තීති.
මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්‍ෂූහු මා අයත්හ. මහණෙනි, ඔහු මෙසස්නෙන් බැහැර ද නො වූහ. වැලිත් ඔහු මෙසස්නෙහි (ගුණයෙන්) වැඩීමට (නිශ්චලභාවයෙන්) විරූඪියට (පතළ බැවින්) විපුලබවට පැමිණෙත්.
64. කුහා ථද‍්ධා ලපා සිඞ‍්ගී උන‍්නළා අසමාහිතා, න තෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙ.
64. කුහක වූවාහු මනින් දැඩි වූවාහු හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවාලු කෙලෙස්නළ ඇත්තාහු එකඟසිත් නැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි නො වැඩෙත්.
65. නික‍්කුහා නිල‍්ලපා ධීරා අත්‍ථද‍්ධා සුසමාහිතා, තෙ වෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙති.
65. කුහක නො වූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මොනොවට එකඟසිතැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි ඒකාන්තයෙන් වැඩෙත්.