සන්තුට්ඨිසුත්තං
4. 1. 3. 7.
4. 1. 3. 7.
[සන්තුට්ඨිසුත්තං]
[සන්තුට්ඨි සූත්‍රය]
27. චත්තාරිමානි භික්ඛවෙ, අප්පානි ච සුලභානි ච, අනවජ්ජානි තානි ච. කතමානි චත්තාරි?
27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්‍ය ද වෙත්. කවර සතර දෙනෙක යත්:
පංසුකූලං භික්ඛවෙ, චීවරානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පිණ්ඩියාලොපො භික්ඛවෙ, භොජනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. රුක්ඛමූලං භික්ඛවෙ, සෙනාසනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පූතිමුත්තං භික්ඛවෙ, භෙසජ්ජානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං.
මහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලෝපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්‍යයි. මහණෙනි, පූතිමූත්‍රය භෛෂජ්‍යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්‍යයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අප්පානි ච සුලභානි ච, තානි අනවජ්ජානි.
මහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්‍යයහ.
යතො ඛො භික්ඛවෙ, භික්ඛු අප්පෙන ච සන්තුට්ඨො හොති සුලභෙන ච. ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති වදාමීති.
මහණෙනි, යම් හෙයකින් මහණ අල්ප වූත් සුලභ වූත් චීවරාදීන් සතුටු වේ ද, මේ ඔහුගේ අන්‍යතර ශ්‍රාමණ්‍ය-අඞ්ගයෙකැ (ශ්‍රමණ ගුණයෙකැ යි) මම කියමි.
66. අනවජ්ජෙන තුට්ඨස්ස අප්පෙන සුලභෙන ච, න සෙනාසනමාරබ්භ චීවරම්පානභොජනං, විඝාතො හොති චිත්තස්ස දිසා න පටිහඤ්ඤති. 67. යෙ චස්ස ධම්මා අක්ඛාතා සාමඤ්ඤස්සානුලොමිකා, අධිග්ගහීතා තුට්ඨස්ස අප්පමත්තස්ස භික්ඛුනොති.
66-67 අල්ප වූත් සුලභ වූත් අනවද්‍ය වූත් චීවරාදීන් සතුටු මහණහුගේ සිතට සෙනසුන් අරභයා වේවයි චීවර අරභයා වේවයි පැනබොජුන් අරභයා වේවයි වෙහෙසෙක් නො වේ. දික් නො හැනේ. ශ්රමණධර්මයට අනුලොම් වූ යම් පිළිවෙත් දහම්හු ඔහුට දෙසන ලදහු ද, ඒ ධර්මයෝ සතුටු වූ අප්‍රමත්ත වූ ඒ මහණහු විසින් අධිගෘහිතයහ.