යෙදුමෙන් කියවන්න

තණ‍්හාසුත‍්තං

4. 1. 1. 9.

4. 1. 1. 9.

[තණ‍්හාසුත‍්තං]

[තෘෂ්ණා සූත්‍රය]

9. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, තණ‍්හුප‍්පාදා යත්‍ථ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. කතමෙ චත‍්තාරො?

9. මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්:

චීවරහෙතු වා භික‍්ඛවෙ, භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. පිණ‍්ඩපාතහෙතු වා භික‍්ඛවෙ, භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. සෙනාසනහෙතු වා භික‍්ඛවෙ, භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. ඉතිභවාභවහෙතු වා භික‍්ඛවෙ, භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති.

මහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්‍යාත (චීවරාදියෙහි) ප්‍රණීත - ප්‍රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො තණ‍්හුප‍්පාදා යත්‍ර භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජතීති.

මහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය.

24. තණ‍්හාදුතියො පුරිසො දීඝමද‍්ධාන සංසරං, ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං සංසාරං නාතිවත‍්තති.

24. තෘෂ්ණාව දෙවෙනි කොට ගත් (=තෘෂ්ණාව සහායිකාව කොට ඇති) පුරුෂ දීර්‍ඝකාලයක් සැරිසරණුයේ ඉත්‍ථම්භාව - අන්‍යථාභාවසඞ්ඛ්‍යාත (=ඉහලෝක-පරලෝක) සංසාරය පැන නො යයි.

25. එවමාදීනවං ඤත්‍වා තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවං, වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.

25. තෙල ආදීනවය දැන, දුඃඛයාගේ සම්භවය වූ තෘෂ්ණාව දැන, පැහූ තෘෂ්ණා ඇති, උපාදාන විසින් නො ගන්නා සතිසම්පජඤ්ඤයෙහි විපුලබවට පත් මහණ වෙසේ.