වෙසාරජ්ජසුත්තං
4. 1. 1. 8.
4. 1. 1. 8.
[වෙසාරජ්ජසුත්තං]
[වේසාරජ්ජ සූත්‍රය]
8. චත්තාරිමානි භික්ඛවෙ, තථාගතස්ස වෙසාරජ්ජානි, යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි චත්තාරි?
8. මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
“සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි . එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
මහණෙනි, “සම්‍යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙ බඳු පුද්ගලයෙකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
“ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
මහණෙනි, “ක්ෂීණාස්රවයම්හයි පිළිණ කරණ තොප විසින් මේ ආස්‍රවයෝ අපරික්ෂීණයහ״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයෙකු නොදක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
“යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා. තෙ පටිසෙවතො නාලං අන්තරායායාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
මහණෙනි, “තොප විසින් යම් ඒ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ״යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
“යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති” තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
මහණෙනි, “තොප විසින් යම් අර්‍ත්‍ථයක් සඳහා දහම් දෙසන ලද ද ඒ දහම පුරණුවහට මොනොවට දුක් නසනු පිණිස නො යෙති״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, මේ ඒ තථාගතයන් වහන්සේගේ සතර වෛශාරද්යයෝ යි.
22. යෙ කෙචි’මෙ වාදපථා පුථුස්සිතා යන්නිස්සිතා සමණබ්රාහ්මණා ච, තථාගතං පත්වා න තෙ භවන්ති විසාරදං වාදපථාතිවත්තිනං.
22. යම් මහණ බමුණු කෙනෙක් (මෙකල) යම් වාදපථයක් ඇසුරු කළාහු ද, (එහෙයින් ම) බොහෝ බවට ගියාහු ද, එබඳු යම් කිසි මේ වාදපථයෝ වෙත් නම් ඔහු විශාරද වූ වාද ඉක්මවා සිටුනා තථාගතයන් වහන්සේ කරා පැමිණ බිඳෙත්.
23. යො ධම්මචක්කං අභිභුය්ය කෙවලී පවත්තයී සබ්බභූතානුකම්පී, තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති භවස්ස පාරගුන්ති.
23. සර්වසත්ත්ව හිතානුකම්පී වූ සකලගුණ සමන්වාගත වූ වාදපථ මැඩගෙණ සිටුනා යමෙක් දම්සක් පැවැත්වී ද, භවාන්තයට ගිය දෙව්මිනිසුනට ශ්‍රේෂ්ඨ වූ එබඳු ඒ තථාගතයන් වහන්සේට සත්හු නමඳිත්.