යෙදුමෙන් කියවන්න

සොභෙන‍්තිසුත‍්තං

4. 1. 1. 7.

4. 1. 1. 7.

[සොභෙන‍්තිසුත‍්තං]

[සොහෙන්ති සූත්‍රය]

7. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, වියත‍්තා විනීතා විසාරදා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සඞ‍්ඝං සොභෙන‍්ති. කතමෙ චත‍්තාරො?

7. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:

භික‍්ඛු භික‍්ඛවෙ, වියත‍්තො විනීතො විසාරදො බහුස‍්සුතො ධම‍්මධරො ධම‍්මානුධම‍්මපටිපන‍්නො සඞ‍්ඝං සොභෙති.

මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.

භික‍්ඛුනී භික‍්ඛවෙ, වියත‍්තා විනීතා විසාරදා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සඞ‍්ඝං සොභෙති.

මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.

උපාසකො භික‍්ඛවෙ, වියත‍්තො විනීතො විසාරදො බහුස‍්සුතො ධම‍්මධරො ධම‍්මානුධම‍්මපටිපන‍්නො සඞ‍්ඝං සොභෙති.

මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.

උපාසිකා භික‍්ඛවෙ, වියත‍්තා විනීතා විසාරදා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සඞ‍්ඝං සොභෙති.

මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො වියත‍්තා විනීතා විසාරදා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සඞ‍්ඝං සොභෙන‍්තීති.

මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්.

20. යො හොති වියත‍්තො ච විසාරදො ච බහුස‍්සුතො ධම‍්මධරො ච හොති, ධම‍්මස‍්ස හොති අනුධම‍්මචාරී ස තාදිසො වුච‍්චති සඞ‍්ඝසොභනො.

20. යම් මහණෙක් ව්‍යක්ත වූයේත් විශාරද වූයේත් වේ ද, බහුශ්‍රුත වූයේත් ධර්‍මධර වූයේත් වේ ද, නව ලෝකෝත්තර ධර්‍මයට අනුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාව පුරන්නේත් වේ ද, එබඳු ඒ මහණ සඞ්ඝසෝභනය යි කියනු ලැබේ.

21. භික‍්ඛු ච සීලසම‍්පන‍්නො භික‍්ඛුනී ච බහුස‍්සුතා, උපාසකො ච යො සද‍්ධො යා ච සද‍්ධා උපාසිකා, එතෙ ඛො සඞ‍්ඝං සොභෙන‍්ති එතෙ හි සඞ‍්ඝසොභනාති.

21. සිල් සපන් යම් මහණෙක් වේ ද, ආගමබුහුසු (ඇසූපිරූතැන් ඇති) යම් මෙහෙණක් වේ ද, සැදැහැති යම් උවසුවෙක් වේ ද, සැදැහැති යම් උවැසියක් වේ ද, මොහු සඟුන් හොබවත්. මොහු වනාහි සඞ්ඝසෝභනයෝ යි.