අප්පස්සුතසුත්තං
4. 1. 1. 6.
4. 1. 1. 6.
[අප්පස්සුතසුත්තං]
[අප්පස්සුත සූත්‍රය]
6. චත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අප්පස්සුතො සුතෙන අනුපපන්නො, අප්පස්සුතො සුතෙන උපපන්නො, බහුස්සුතො සුතෙන අනුපපන්නො, බහුස්සුතො සුතෙන උපපන්නො.
ශ්‍රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්‍රාප්ත නොවූ) අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් අනුපපන්න වූ බහුශ්‍රුත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ බහුශ්‍රුත යි.
කථඤ්ච භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අර්ත්ථය නො දැන පෙළ දහම නො දැන ධර්මානුධර්ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති, සුතෙන උපපන්නො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් ලේශමාත්රයක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි කිසියම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා නො දැන පෙළ නො දැන ධර්මානුධර්මයට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසියම් පුද්ගලයකු විසින් සුත්ත ගෙය්ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දහම දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ.
ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
15. අප්පස්සුතො’පි චෙ හොති සීලෙසු අසමාහිතො, උභයෙන නං ගරහන්ති සීලතො ච සුතෙන ච.
15. ඉදින් අල්පශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නො වේ ද, ඔහු ශීලයෙනුදු ශ්‍රැතයෙනුදු මෙසේ උභයභාගයෙන් ගරහත්.
16. අප්පස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො, සීලතො නං පසංසන්ති තස්ස සම්පජ්ජතෙ සුතං.
16. ඉදින් අල්පශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙන් පසසත්. ඔහුට ශ්‍රැතය නො සැපයේ.
17. බහුස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො, සීලතො නං ගරහන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං.
17. ඉදින් බහුශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නොවේ ද, ඔහු ශීලභාගයෙන් ගරහත්. ඔහුට ශ්‍රැතය ශ්රැතකෘත්යය සපයා.
18. බහුස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො උභයෙන නං පසංසන්ති සීලතො ච සුතෙන ච.
18. ඉදින් බහුශ්රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙනුදු ශ්රැතභාගයෙනුදු මෙසේ උභයභාගයෙන් පසසත්.
19. බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං, නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති, දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතො’ති.
19. බහුශ්‍රුත වූ ශ්රැතධර්මයනට ආධාර වූ සුප්‍රාඥ වූ ජාම්බුනද ස්වර්ණනිෂ්කයක් බඳු වූ ඒ බුද්ධශ්රාවකයා නිගන්නට කවරෙක් නම් අර්හ වේ ද? දෙවියෝ ද පවා ඔහු පසසත්. බ්‍රහ්මයා විසිනුදු පසස්නා ලද්දේය.