අනුසොතසුත්තං
4. 1. 1. 5.
4. 1. 1. 5.
[අනුසොතසුත්තං]
[අනුසෝත සූත්‍රය]
5. චත්තාරො’මෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
5. මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
අනුසොතගාමී පුග්ගලො, පටිසොතගාමී පුග්ගලො, ඨිතත්තො පුග්ගලො, තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
අනුසෝතගාමී පුද්ගලය, පටිසෝතගාමී පුද්ගලය, ඨිතත්ත පුද්ගලය, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්ෂීණාස්රව බ්‍රාහ්මණ යි.
කතමො ච භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ ච පටිසෙවති, පාපඤ්ච කම්මං කරොති. අයං වුච්චති භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො.
මහණෙනි, අනුසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් ද සෙවුනේ ය. පස්පව් ද කෙරේ. මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගල යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ න පටිසෙවති, පාපඤ්ච කම්මං න කරොති, සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛො’පි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති. අයං වුච්චති භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො.
මහණෙනි, පටිසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් නො සෙවුනේ ය. පස්පව් ද නොකරයි. සහගිය දුකින් ද සහගිය දොම්නසින් ද කඳුළු හුනු මුහුණු ඇතියේත් හඬනේ පිරිපුන් පිරිසිදු බඹසර පුරයි. මහණෙනි, මේ පටිසෝතගාමී පුද්ගල යී කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං වුච්චති භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො.
මහණෙනි, ඨිතත්ත පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය ව යෑමෙන් ඕපපාතික වෙයි. ඒ සුදවැසි බඹලොව පිරිනිවන් පානා සුලු වූයේ ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ඨිතත්ත පුද්ගල යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො? ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
මහණෙනි, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්ෂය ව යෑමෙන් අනාස්‍රව වූ (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥා විමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ පුද්ගල ඕඝ තරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා ක්ෂීණාස්රව බ්‍රාහ්මණ යී කියනු ලැබේ.
ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
11. යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා අවීතරාගා ඉධ කාමභොගිනො, පුනප්පුනං ජාතිජරූපගාහිනො තණ්හාධිපන්නා අනුසොතගාමිනො.
11. මෙලොව කාමයන් කෙරෙහි ලා අසංයත වූ අවීතරාග වූ කාමභෝගී වූ පුන පුනා ජාති ජරා දෙකට වැදගන්නා වූ තෘෂ්ණාවට බැස ගත් යම් ජන කෙනෙක් ඇද්ද ඔහු අනුසෝතගාමීහු යි.
12. තස්මා හි ධීරො ඉධුපට්ඨිතස්සතී කාමෙ ච පාපෙ ච අසෙවමානො, සහාපි දුක්ඛෙන ජහෙය්ය කාමෙ පටිසොතගාමීති තමාහු පුග්ගලං.
12. එහෙයින් ම මෙලොව එළඹ සිටි සිහි ඇති ධීර තෙමේ වස්තුකාමයන් ද පඤ්චපාපයන් ද නො සෙවුනේ සහගිය දුකිනුත් කාමයන් හැර සිටුනේය. ඒ පුඟුලා පටිසෝතගාමී යී කියත්.
13. යො වෙ කිලෙසානි පහාය පඤ්ච පරිපුණ්ණසෙඛො අපරිහානධම්මො, චෙතොවසිප්පත්තො සමාහිතින්ද්රියො ස වෙ ඨිතත්තො’ති නරො පවුච්චති.
13. යම් ආර්ය්යශ්රාවකයෙක් ඒකාන්තයෙන් පඤ්චඕරම්භාගීය කෙලෙසුන් පියා පිරිපුන් ශික්ෂා ඇත්තේ අපරිහාණස්වභාව ඇත්තේ චිත්තවශීභාවප්රාප්ත වූයේ මොනොවට පිහිටුවා ලූ ෂඩින්ද්රිය ඇත්තේ වේ ද, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් ඨිතත්ත යී කියනු ලැබේ.
14. පරොපරා යස්ස සමෙච්ච ධම්මා විධූපිතා අත්ථගතා න සන්ති, ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතො’ති වුච්චතීති.
14. යමක්හු විසින් කුශලාකුශලධර්මයෝ නුවණින් වැදගෙන නසන ලද්දාහු, අස්තඞ්ගත වූවාහු, විද්‍යමාන නොවෙත් ද, වැස නිම කළ බඹසර ඇති තුන්ලෝ කෙළපත් සිවුමග නුවණින් නිවන් ගියා වූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙම පාරගත යී කියනු ලැබේ.