යෙදුමෙන් කියවන්න

දුතියඛතසුත‍්තං

4. 1. 1. 4.

4. 1. 1. 4.

[දුතියඛතසුත‍්තං]

[දුතියඛත සූත්‍රය]

4. චතූසු භික‍්ඛවෙ, මිච‍්ඡා පටිපජ‍්ජමානො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති. සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුං ච අපුඤ‍්ඤං පසවති. කතමෙසු චතූසු?

4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්:

මාතරි භික‍්ඛවෙ, මිච‍්ඡා පටිපජ‍්ජමානො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති. සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.

මහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.

පිතරි භික‍්ඛවෙ, මිච‍්ඡා පටිපජ‍්ජමානො -පෙ- තථාගතෙ භික‍්ඛවෙ, මිච‍්ඡා පටිපජ‍්ජමානො -පෙ- තථාගතසාවකෙ භික‍්ඛවෙ, මිච‍්ඡා පටිපජ‍්ජමානො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුං ච අපුඤ‍්ඤං පසවති.

මහණෙනි, පියාණන් කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ (ගුණ විසින්) සාරා ලන ලද (එහෙයින් ම) නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි.

ඉමෙසු ඛො භික‍්ඛවෙ, චතූසු මිච‍්ඡා පටිපජ‍්ජමානො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති. සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුං ච අපුඤ‍්ඤං පසවතීති.

මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ සෑරු නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.

චතූසු භික‍්ඛවෙ, සම‍්මා පටිපජ‍්ජමානො පණ‍්ඩිතො වියත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති. අනවජ‍්ජො ච හොති අනනුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුං ච පුඤ‍්ඤං පසවති. කතමෙසු චතූසු?

මහණෙනි, සතරදෙනකු කෙරෙහි මොනොවට පිළිපන් ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නොසාරා ලන ලද (එහෙයින් ම) නො නට ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාදරහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනෙකු කෙරෙහිය යත්:

මාතරි භික‍්ඛවෙ, සම‍්මා පටිපජ‍්ජමානො පණ‍්ඩිතො වියත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති. අනවජ‍්ජො ච හොති අනනුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුං ච පුඤ‍්ඤං පසවති.

මහණෙනි, මෑණියන් කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සරූ එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.

පිතරි භික‍්ඛවෙ, සම‍්මා පටිපජ‍්ජමානො -පෙ- තථාගතෙ භික‍්ඛවෙ, සම‍්මා පටිපජ‍්ජමානො -පෙ- තථාගතසාවකෙ භික‍්ඛවෙ, සම‍්මා පටිපජ‍්ජමානො පණ‍්ඩිතො වියත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති. අනවජ‍්ජො ච හොති අනනුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච පුඤ‍්ඤං පසවති.

මහණෙනි, පියාණන් කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සාරා ලන ලද එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.

ඉමෙසු ඛො භික‍්ඛවෙ, චතූසු සම‍්මා පටිපජ‍්ජමානො පණ‍්ඩිතො වියත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති. අනවජ‍්ජො ච හොති අනනුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.

මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ සාරා නො ලූ එහෙයින් ම නො නට ආත්මයක් පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.

7. මාතරි පිතරි චාපි යො මිච‍්ඡා පටිපජ‍්ජති. තථාගතෙ ච සම‍්බුද‍්ධෙ අථ වා තස‍්ස සාවකෙ, බහුඤ‍්ච සො පසවති අපුඤ‍්ඤං තාදිසො නරො.

7. යම් මිනිසෙක් (මිත්තවින්‍දකාදීන් සෙයින්) මෑණියන් කෙරෙහි ද, (අජාතශත්‍රැ ආදීන් සෙයින්) පියා කෙරෙහි ද වරදවා පිළිපදනේ ද, (දේවදත්ත ආදීන් සෙයින්) සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහිද වරදවා පිළිපදනේ ද, වැලිත් (කෝකාලිකාදීන් සෙයින්) තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.

8. තාය අධම‍්මචරියාය මාතාපිතූසු පණ‍්ඩිතා. ඉධෙව නං ගරහන‍්ති පෙච‍්චාපායඤ‍්ච ගච‍්ඡති.

8. මවු පියන් කෙරෙහි ලා කළ ඒ අධර්‍මචර්‍ය්‍යායෙන් පඬිහු මෙලොව්හි ම ඔහු ගරහත් මෙයින් සැව අපායට ද යෙයි.

9. මාතරි පිතරි චාපි යො සම‍්මා පටිපජ‍්ජති. තථාගතෙ ච සම‍්බුද‍්ධෙ අථ වා තස‍්ස සාවකෙ, බහුඤ‍්ච සො පසවති පුඤ‍්ඤම‍්පි තාදිසො නරො.

9. යම් මිනිසෙක් මවුකෙරෙහි දු පියා කෙරෙහි දු සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහි දු වැලිත් තථාගතශ්‍රාවකයා කෙරෙහි දු මොනොවට පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ පිණුදු ප්‍රසව කෙරෙයි.

10. තාය ධම‍්මචරියාය මාතාපිතූසු පණ‍්ඩිතා, ඉධෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ ච මොදතීති.

10. මවුපියන්කෙරෙහි ලා කළ (සම්‍යක් ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) ඒ පඬිහු ඔහු මෙලොව්හිම පසසත්. මෙයින් සැව ධර්‍මචර්‍ය්‍යායෙන් ස්වර්‍ගයෙහි ද (විපාකනන්‍දනායෙන්) සතුටු වෙයි.