පඨමඛතසුත්තං
4. 1. 1. 3.
4. 1. 1. 3.
[පඨමඛතසුත්තං]
[පඨමඛත සූත්‍රය]
3. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
3. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති.
නොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි.
අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති.
නොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි.
අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
නොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි.
අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
නොදැන නො බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි අප්‍රසාදය උපදවයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සෑරු එහෙයින් ම නටුවා වූ ආත්මය පිළිදගනේය. නුවණැතියනට වරද සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වේ. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුං ච පුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද (එහෙයින් ම) නො නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙන යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති.
දැන ගෙණ විමසීම් විසින් බැස ගෙණ නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියයි.
අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති.
දැන ගෙණ බැස ගෙණ ගුණ කියනට නිස්සහුගේ ගුණ කියයි.
අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
දැන ගෙණ බැස ගෙණ නො පහදනහට නිසි කරුණෙහි නො පැහැදීම උපදවයි.
අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
දැන ගෙණ බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි ප්‍රසාදය උපදවයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් නො සැරු එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වේ. බොහෝ කුසල් ප්‍රසව කෙරෙයි.
4. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
4. යමෙක් නින්දාර්හයා පසසා ද, යමෙක් ප්රශංසාර්හ වේ නම් ඔහු හෝ නිගණී ද, හෙ තෙමේ මුවින් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුඛයක් නො ලබන්නේය.
5. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
5. දූකෙළියෙහි ලා සියලු ස්වකීය ධනය හා තමා ද හා සමග යම් ධනපරාජයෙක් වේ ද, මේ පරාජය ස්වල්පමාත්‍ර ය. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත අප්‍රීතික කරන්නේ නම් මෙය ම මහත්තර පරාජය වේ.
6. සතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසතිං පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකන්ති.
6. යම් හෙයකින් ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයු:ප්‍රමාණය) නිරර්බුද එක්ලක්ෂ සතිසෙකි. අර්බුද පසෙකි.