පපතිතසුත්තං
4. 1. 1. 2.
4. 1. 1. 2.
[පපතිතසුත්තං]
[පපතිත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. චතූහි භික්ඛවෙ, ධම්මෙහි අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති. කතමෙහි චතූහි?
2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
අරියෙන භික්ඛවෙ, සීලෙන අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියෙන භික්ඛවෙ, සමාධිනා අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියාය භික්ඛවෙ, පඤ්ඤාය අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියාය භික්ඛවෙ, විමුත්තියා අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි අසමන්නාගතො ඉමස්මා ධම්මවිනයා පපතිතො’ති වුච්චති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පුද්ගල මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
අරියෙන භික්ඛවෙ, සීලෙන සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියෙන භික්ඛවෙ, සමාධිනා සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියාය භික්ඛවෙ, පඤ්ඤාය සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
අරියාය භික්ඛවෙ, විමුත්තියා සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චති.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො ඉමස්මා ධම්මවිනයා අප්පපතිතො’ති වුච්චතීති.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
3. චුතා පතන්ති පතිතා ගිද්ධා ච පුනරාගතා, කතං කිච්චං රතං රම්මං සුඛෙනාන්වාගතං සුඛං’ති.
3. (යම් කෙනෙක්) ච්‍යුත වූහු ද, (ඔහු ච්‍යුත වන බැවින් හෙත්. යම් කෙනෙක්) පතිත වූහු ද, (ඔහු පතිත වන බැවින්) ච්‍යුත වෙත්. රාගයෙන් රත්වූවාහුද යලි ජාත්‍යාදියට වැටුනහ. සිවුමගින් කළයුතු කිස කොට නිමවන ලදි. ඇලියයුතු ගුණෙහි ඇලෙන ලදී. (මානුෂසුඛාදි) සුඛයෙන් (දිව්යසුඛාදි) සුඛය පිළිවෙළින් ලබන ලදී.