1. චක්කසුත්තවණ්ණනා අට්ඨකථා
1. චක්කසුත්තවණ්ණනා
1. චක්ක සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ චක්කානීති සම්පත්තියො. චතුචක්කං වත්තතීති චත්තාරි සම්පත්තිචක්කානි වත්තන්ති ඝටියන්තියෙවාති අත්ථො. පතිරූපදෙසවාසොති යත්ථ චතස්සො පරිසා සන්දිස්සන්ති, එවරූපෙ අනුච්ඡවිකෙ දෙසෙ වාසො. සප්පුරිසාවස්සයොති බුද්ධාදීනං සප්පුරිසානං අවස්සයනං සෙවනං භජනං, න රාජානං. අත්තසම්මාපණිධීති අත්තනො සම්මා ඨපනං, සචෙ පුබ්බෙ අස්සද්ධාදීහි සමන්නාගතො හොති, තානි පහාය සද්ධාදීසු පතිට්ඨාපනං. පුබ්බෙ ච කතපුඤ්ඤතාති පුබ්බෙ උපචිතකුසලතා. ඉදමෙව චෙත්ථ පමාණං. යෙන හි ඤාණසම්පයුත්තචිත්තෙන කුසලකම්මං කතං හොති, තදෙව කුසලං තං පුරිසං පතිරූපදෙසෙ උපනෙති, සප්පුරිසෙ භජාපෙති, සො එව ච පුග්ගලො අත්තානං සම්මා ඨපෙති. පුඤ්ඤකතොති කතපුඤ්ඤො. සුඛඤ්චෙතංධිවත්තතීති සුඛඤ්ච එතං පුග්ගලං අධිවත්තති, අවත්ථරතීති අත්ථො.
සිවුවැනි වර්ගයෙහි පළමුවැනි සුත්‍රයෙහි චක්කානි යනු සම්පත්තීහුය. චතුචක්කං වත්තති යනු සතර සම්පත්ති චක්‍ර ඇත, පවතී, ගැටෙයි යනුම අර්‍ත්‍ථයි. පතිරූපදෙසවාසො යනු යම්තැනක සිවු පිරිස දක්නා ලැබේද එබඳුවූ සුදුසු දෙසෙක විසීමයි. සප්පුරිසුපස්සයො යනු බුද්ධාදී සත්පුරුෂයන්ගේ ඇසුරු කිරීමයි, සේවනය කිරීමයි. අත්තසම්මාපණිධි යනු තමා මනාව පිටුවීමයි. ඉදින් පෙර අශ්රද්ධාදියෙන් යුක්තවූයේ වෙයිද ඒවා අතහැර ශ්රද්ධාදීන්හි පිහිටුවීමයි. පුබ්බෙ ච කතපුඤ්ඤතා යනු පෙර රැස්කළ කුසල් ඇති බවයි. මෙහි මෙයම ප්රමාණවත්ය. යමකු විසින් ඥානසම්ප්‍රයුක්ත සිතකින් කුශල කර්මයක් කරන ලද්දේ වේද, ඒ කුශලයම එම පුද්ගලයා සුදුසු දෙසෙකට පමුණුවයි. සත්පුරුෂයන් ඇසුරු කරවයි. ඒ පුද්ගලයාම තමා මනාව පිහිටුවයි. පුඤ්ඤකතො යනු කරන ලද පින් ඇත්තේයි. සුඛඤ්වෙත්ථ අධිවත්තති යනු සැපය ද එම පුද්ගලයා වෙත පැමිණෙයි. පතුරුවා සිටියේ යන අර්ත්ථයයි.
2. සඞ්ගහවත්ථුසුත්තවණ්ණනා
2. සඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
දුතියෙ සඞ්ගහවත්ථූනීති සඞ්ගණ්හනකාරණානි. දානඤ්චාතිආදීසු එකච්චො හි දානෙනෙව සඞ්ගණ්හිතබ්බො හොති, තස්ස දානමෙව දාතබ්බං. පෙය්යවජ්ජන්ති පියවචනං. එකච්චො හි “අයං දාතබ්බං නාම දෙති, එකෙකෙන පන වචනෙන සබ්බං මක්ඛෙත්වා නාසෙති, කිං තස්ස දාන”න්ති වත්තා හොති. එකච්චො “අයං කිඤ්චාපි දානං න දෙති, කථෙන්තො පන තෙලෙන විය මක්ඛෙති. එස දෙතු වා මා වා, වචනමෙවස්ස සහස්සං අග්ඝතී”ති වත්තා හොති. එවරූපො පුග්ගලො දානං න පච්චාසීසති, පියවචනමෙව පච්චාසීසති. තස්ස පියවචනමෙව වත්තබ්බං. අත්ථචරියාති අත්ථවඩ්ඪනකථා. එකච්චො හි නෙව දානං, න පියවචනං පච්චාසීසති, අත්තනො හිතකථං වඩ්ඪිකථමෙව පච්චාසීසති. එවරූපස්ස පුග්ගලස්ස “ඉදං තෙ කාතබ්බං, ඉදං න කාතබ්බං, එවරූපො පුග්ගලො සෙවිතබ්බො, එවරූපො න සෙවිතබ්බො”ති එවං අත්ථචරියකථාව කථෙතබ්බා. සමානත්තතාති සමානසුඛදුක්ඛභාවො. එකච්චො හි දානාදීසු එකම්පි න පච්චාසීසති, එකාසනෙ නිසජ්ජං, එකපල්ලඞ්කෙ සයනං, එකතො භොජනන්ති එවං සමානසුඛදුක්ඛතං පච්චාසීසති. සො සචෙ ගහට්ඨස්ස ජාතියා පබ්බජිතස්ස සීලෙන සදිසො හොති, තස්සායං සමානත්තතා කාතබ්බා. තත්ථ තත්ථ යථාරහන්ති තෙසු තෙසු ධම්මෙසු යථානුච්ඡවිකං සමානත්තතාති අත්ථො. රථස්සාණීව යායතොති යථා රථස්ස ගච්ඡතො ආණි සඞ්ගහො නාම හොති, සා රථං සඞ්ගණ්හාති, එවමිමෙ සඞ්ගහා ලොකං සඞ්ගණ්හන්ති. න මාතා පුත්තකාරණාති යදි මාතා එතෙ සඞ්ගහෙ පුත්තස්ස න කරෙය්ය, පුත්තකාරණා මානං වා පූජං වා න ලභෙය්ය. සඞ්ගහා එතෙති උපයොගවචනෙ පච්චත්තං. සඞ්ගහෙ එතෙති වා පාඨො. සමවෙක්ඛන්තීති සම්මා පෙක්ඛන්ති. පාසංසා ච භවන්තීති පසංසනීයා ච භවන්ති.
දෙවැන්නෙහි සඞ්ගහවත්ථුති යනු සංග්‍රහ කරවන්නා වූ (සැලකුම් ඇති කරවන්නා වූ) කරුණුයි. දානඤ්ච යනාදියෙහි ඇතමෙක් දානයෙන්ම සැලකිය යුත්තේ වෙයි. ඔහුට දානයම දියයුතුය. පෙය්‍යවජ්ජං යනු ප්‍රිය වචනයයි. ඇතමෙක් වනාහි “මෙතෙම දියයුත්තනම් දෙයි. එක් එක් වචනයෙන් සියල්ල තවරා වනසයි මොහුගේ දානය කිමෙක්දැ”යි කියන්නේ වෙයි. ඇතමෙක් “මෙතෙම කිසිදු දානයක් නොදෙයි, කියන්නේ තෙලෙන් මෙන් තවරයි. මෙතෙම දේවා හෝ නොදේවා මොහුගේ වචනයම දහසක් අගීය”යි කියන්නේ වෙයි. මෙබඳු වූ පුද්ගලයා දානය නොකැමති වෙයි. ප්රියවචනම කැමති වෙයි. ඔහුට ප්රියවචනයම කිවයුතුය. අත්ථචරියා යනු යහපත (වැඩ) වඩවන කථාවයි. ඇතමෙක් වනාහි දානය ද ප්‍රිය වචනය ද කැමති නොවෙයි. තමන්ට හිතවැඩ සලසන කථාවම කැමති වෙයි. මෙබඳු වූ පුද්ගලයාට මෙය ඔබ විසින් කළයුතුය මෙය නොකළයුතුය මෙබඳු පුද්ගලයා ඇසුරු කළ යුතු ය. මෙබඳු පුද්ගලයා නොසෙවිය යුතුයයි මෙසේ හිතවැඩ සලසන කථාවම කිවයුතුය. සමානත්තතා යනු සමවු සුවදුක් ඇති බවයි. ඇතමෙක් වනාහි දානාදිය අතුරෙන් එකක්වත් කැමති නොවෙයි. ඒකාසනයෙහි හිඳීම, එක් පළඟක නිදීම, තනිව බොජුන් ගැනීම යයි මෙසේ සමාන සුවදුක් ඇතිබවම කැමතිවෙයි. හෙතෙම ඉදින් ජාතියෙන් (උපතින්) ගිහියකුට ශීලයෙන් පැවිද්දෙකුට සමාන වෙයිද, ඔහුට මෙම සමානත්තතාව කළයුතුය. තත්ථ තත්ථ යථාරහං යනු ඒ ඒ ධර්මයන්හි කැමැති පරිද්දෙන් සමානාත්මතාවය යන අර්ත්ථයයි. රථස්සාණීව යායතො යනු යම්සේ යන්නාවූ රියට කඩ ඇණය සඞ්ග්‍රහයක් වේද රියට උපකාරවත් වේද එසේ මෙම සංග්‍රහයෝ ලෝකයට උපකාර වෙත්. න මාතා පුත්තකාරණා යනු ඉදින් මව මෙම සංග්‍රහයන් පුතුට නොකරයි ද පුතු කරණ කොටගෙන බුහුමනක් හෝ පිදීමක් නොලබන්නේය. සඞ්ගහා එතෙ යනු එක්කිරීම් (උපයොග) අර්ත්ථයෙන් කර්මවිභක්ති වචනයි. සඞ්ගහෙ එතෙ යනුද පාඨයි. සමවෙක්ඛන්ති යනු මනාව බලත්, පාසංසා ච භවන්ති යනු පැසසිය යුතුද වෙත්.