යෙදුමෙන් කියවන්න

3. සීහසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. සීහසුත‍්තවණ‍්ණනා

3. සීහ සූත්‍ර වර්ණනාව

තතියෙ සීහොති චත‍්තාරො සීහා – තිණසීහො, කාළසීහො, පණ‍්ඩුසීහො, කෙසරසීහොති. තෙසු තිණසීහො කපොතවණ‍්ණගාවිසදිසො තිණභක‍්ඛො ච හොති. කාළසීහො කාළගාවිසදිසො තිණභක‍්ඛොයෙව. පණ‍්ඩුසීහො පණ‍්ඩුපලාසවණ‍්ණගාවිසදිසො මංසභක‍්ඛො. කෙසරසීහො ලාඛාපරිකම‍්මකතෙනෙව මුඛෙන අග‍්ගනඞ‍්ගුට‍්ඨෙන චතූහි ච පාදපරියන‍්තෙහි සමන‍්නාගතො, මත්‍ථකතොපිස‍්ස පට‍්ඨාය ලාඛාතූලිකාය කතා විය තිස‍්සො රාජියො පිට‍්ඨිමජ‍්ඣෙන ගන‍්ත්‍වා අන‍්තරසත්‍ථිම‍්හි දක‍්ඛිණාවත‍්තා හුත්‍වා ඨිතා. ඛන්‍ධෙ පනස‍්ස සතසහස‍්සග‍්ඝනිකකම‍්බලපරික‍්ඛෙපො විය කෙසරභාරො හොති, අවසෙසට‍්ඨානං පරිසුද‍්ධසාලිපිණ‍්ඩසඞ‍්ඛචුණ‍්ණපිණ‍්ඩවණ‍්ණං හොති. ඉමෙසු චතූසු සීහෙසු අයං කෙසරසීහො ඉධ අධිප‍්පෙතො.

තෙවැනි සූත්‍රයෙහි සීහො යනු තිණසීහ, කාළසීහ, පණ්ඩුසීහ හා කෙසරසීහ යනුවෙන් එන සිවුවැදෑරුම් සිංහයෝයි, ඔවුනතුරින් තිණ සිංහයා පරෙවි පැහැය ඇති දෙනක සමාන වූයේ තණ බුදියි. කාළ සිංහයා කලුදෙනක සමානවූයේ තණ බුදින්නේම වෙයි. පණ්ඩු සිංහයා, පරඬලාපත් පැහැය ඇති දෙනක සමාන වූයේ මස් බුදියි. කේසර සිංහයා, ලතු පිරියම් කළාක් මෙන් වූ මුවින් ද නගුට අගින් ද සිවුපා කෙළවරින් ද යුක්ත වූයේයි. ඔහුගේ හිසමත්තේ සිට ලතු පින්සලෙන් කළාක් මෙන් වූ රේඛා තුනක් පිටමැදින් ගොස් කලවා අතරෙහි දකුණට කැරකී සිටියේ වෙයි. ඔහුගේ කඳෙහි ලක්ෂයක් වටිනා කම්බිලියකින් වටකළාක් මෙන් වූ කෙසුරුබර වෙයි. සෙසුතැන් පිරිසුදු හැලිපිඬු සක්සුණු පිඬු පැහැය ඇත්තේ වෙයි. මේ සිවුවැදෑරුම් සිංහයන් අතුරෙහි මෙහිදී මෙම කේසර සිංහයා අදහස් කරන ලදි.

මිගරාජාති සබ‍්බමිගගණස‍්ස රාජා. ආසයාති වසනට‍්ඨානතො, සුවණ‍්ණගුහතො වා රජතමණිඵලිකමනොසිලාගුහතො වා නික‍්ඛමතීති වුත‍්තං හොති. නික‍්ඛමමානො පනෙස චතූහි කාරණෙහි නික‍්ඛමති අන්‍ධකාරපීළිතො වා ආලොකත්‍ථාය, උච‍්චාරපස‍්සාවපීළිතො වා තෙසං විස‍්සජ‍්ජනත්‍ථාය, ජිඝච‍්ඡාපීළිතො වා ගොචරත්‍ථාය, සම‍්භවපීළිතො වා අස‍්සද‍්ධම‍්මපටිසෙවනත්‍ථාය. ඉධ පන ගොචරත්‍ථාය නික‍්ඛමන‍්තො අධිප‍්පෙතො.

මිගරාජා යනු සියලු මෘග සමුහයාගේ රජුයි. ආසයා යනු රන් ගුහාවෙන් හෝ රිදීමැණික් පළිඟු මනොසිලා ගුහාවෙන් හෝ වසන තැනින් නික්මේ යයි කියන ලද්දේ වෙයි. මෙතෙම (ගුහාවෙන්) නික්මෙන්නේ කරුණු සතරකින් නික්මෙයි. අඳුරෙන් පෙළුණේ ආලෝකය සඳහා හෝ මළමූවලින් පෙළුණේ ඒවා ඉවතලනු සඳහා හෝ කුසගින්නෙන් පෙළුණේ ගොඳුරු සඳහා හෝ කාමයෙන් පෙළුණේ මෙවුන්දම් සෙවුනා සඳහා හෝ යනුවෙනි. මෙහි වනාහි ගොදුරු සඳහා නික්මෙන කේසර සිංහයා අදහස් කරන ලදි.

විජම‍්භතීති සුවණ‍්ණතලෙ වා රජතමණිඵලිකමනොසිලාතලානං වා අඤ‍්ඤතරස‍්මිං ද‍්වෙ පච‍්ඡිමපාදෙ සමං පතිට‍්ඨාපෙත්‍වා පුරිමපාදෙ පුරතො පසාරෙත්‍වා සරීරස‍්ස පච‍්ඡාභාගං ආකඩ‍්ඪිත්‍වා පුරිමභාගං අභිහරිත්‍වා පිට‍්ඨිං නාමෙත්‍වා ගීවං උක‍්ඛිපිත්‍වා අසනිසද‍්දං කරොන‍්තො විය නාසපුටානි පොථෙත්‍වා සරීරලග‍්ගං රජං විධුනන‍්තො විජම‍්භති. විජම‍්භනභූමියඤ‍්ච පන තරුණවච‍්ඡකො විය අපරාපරං ජවති, ජවතො පනස‍්ස සරීරං අන්‍ධකාරෙ පරිබ‍්භමන‍්තං අලාතං විය ඛායති.

විජම්හති යනු රත් තලාවක හෝ රිදී මැණික් පළිඟු මනෝසිලා තලාවන්ගෙන් එකෙක හෝ පසු පා දෙක සමව පිහිටුවා ඉදිරිපා දෙක ඉදිරියට දික්කොට සිරුරේ පසුකොටස ඇද ඉදිරි කොටසට ගෙන පිට නමා ගෙල ඔසවා ගෙන හඬක් කරන්නාක් මෙන් නාස්පුඬු පොලා සිරුරෙහි ලැගුණු දූවිලි ගසා දමමින් කෙසරු සලයි. කෙසරු සලන බිමෙහි ද තරුණ වස්සකු මෙන් ඔබමොබ දුවයි. දුවන්නා වූ ඔහුගේ සිරුර අඳුරෙහි කැරකෙන ගිනිපෙනෙල්ලක් මෙන් හැඟෙයි.

අනුවිලොකෙතීති කස‍්මා අනුවිලොකෙති? පරානුද‍්දයතාය. තස‍්මිං කිර සීහනාදං නදන‍්තෙ පපාතාවාටාදීසු විසමට‍්ඨානෙසු චරන‍්තා හත්‍ථිගොකණ‍්ණමහිංසාදයො පාණා පපාතෙපි ආවාටෙපි පතන‍්ති, තෙසං අනුද‍්දයාය අනුවිලොකෙති. කිං පනස‍්ස ලුද‍්දස‍්ස පරමංසඛාදිනො අනුද‍්දයා නාම අත්‍ථීති? ආම අත්‍ථි. තථා හි “කිං මෙ බහූහි ඝාතිතෙහී”ති අත‍්තනො ගොචරත්‍ථායාපි ඛුද‍්දකෙ පාණෙ න ගණ‍්හාති. එවං අනුද‍්දයං කරොති, වුත‍්තම‍්පි චෙතං – “මාහං ඛුද‍්දකෙ පාණෙ විසමගතෙ සඞ‍්ඝාතං ආපාදෙසි”න‍්ති (අ· නි· 10.21).

අනුචිලොකෙති යනුවෙන් කුමක්නිසා වටපිට බලයිද අනුන් කෙරෙහි දයාව නිසාය. ඔහු සිංහනාදය නගනවිට පර්‍වත තටාකාදී වූ විස්මස්ථානයන්හි හැසිරෙන ඇත් ගෝණ මීහරක් ආදීවූ ප්‍රාණීහු ප්‍රපාතයෙහි ද ආවාටයෙහි ද වැටෙත්. ඔවුනට දයාවෙන් හාත්පස බලයි. කිම, අනුන්ගේ මස්බුදින රුදුරු වූ මොහුගේ දයාවක් නම් ඇත්ද? එසේය ඇත. මරණ ලද බොහෝ දෙනාගෙන් මට කවර වැඩක්දැයි (සිතා) ගොදුරු සඳහා ද කුඩා ප්‍රාණින් නොගනියි. මෙසේ දයාව දක්වයි. මෙය කියන ලද්දේ වෙයි. “මම විසමස්ථානයන්හි වූ කුඩා සතුන් මරණයට පත් නොකෙළෙමි” යනුවෙනි.

සීහනාදං නදතීති තික‍්ඛත‍්තුං තාව අභීතනාදං නදති. එවඤ‍්ච පනස‍්ස විජම‍්භනභූමියං ඨත්‍වා නදන‍්තස‍්ස සද‍්දො සමන‍්තා තියොජනපදෙසං එකනින‍්නාදං කරොති, තමස‍්ස නින‍්නාදං සුත්‍වා තියොජනබ‍්භන‍්තරගතා ද‍්විපදචතුප‍්පදගණා යථාඨානෙ ඨාතුං න සක‍්කොන‍්ති. ගොචරාය පක‍්කමතීති ආහාරත්‍ථාය ගච‍්ඡති. කථං? සො හි විජම‍්භනභූමියං ඨත්‍වා දක‍්ඛිණතො වා වාමතො වා උප‍්පතන‍්තො උසභමත‍්තං ඨානං ගණ‍්හාති, උද‍්ධං උප‍්පතන‍්තො චත‍්තාරිපි අට‍්ඨපි උසභට‍්ඨානානි උප‍්පතති, සමෙ ඨානෙ උජුකං පක‍්ඛන්‍දන‍්තො සොළසඋසභමත‍්තම‍්පි වීසතිඋසභමත‍්තම‍්පි ඨානං පක‍්ඛන්‍දති, ථලා වා පබ‍්බතා වා පක‍්ඛන්‍දන‍්තො සට‍්ඨිඋසභමත‍්තම‍්පි අසීතිඋසභමත‍්තම‍්පි ඨානං පක‍්ඛන්‍දති, අන‍්තරාමග‍්ගෙ රුක‍්ඛං වා පබ‍්බතං වා දිස‍්වා තං පරිහරන‍්තො වාමතො වා දක‍්ඛිණතො වා උද‍්ධං වා උසභමත‍්තං අපක‍්කමති. තතියං පන සීහනාදං නදිත්‍වා තෙනෙව සද‍්ධිං තියොජනෙ ඨානෙ පඤ‍්ඤායති, තියොජනං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා ඨිතො අත‍්තනොව නාදස‍්ස අනුනාදං සුණාති. එවං සීඝෙන ජවෙන පක‍්කමති.

සීහනාදං නදති යනු තෙවරක් දක්වා අභීත නාදය නගයි. මෙසේ කෙසරුසලන බිමෙහි සිට හඬ නගන්නා වූ ඔහුගේ නාදය හාත්පස තුන්යොදුන් පෙදෙස එකනින්නාද කෙරෙයි. ඔහුගේ එම නින්නාදය අසා තුන්යොදුනක් ඇතුළත වූ දෙපා සිවුපා සත්ත්ව සමූහයා නිසිතැන්හි සිටීමට නොහැකි වෙයි. ගොවරය පක්කමති යනු අහර සඳහා යයි. කෙසේදයත්? හෙතෙම කෙසරු සලන බිමෙහි සිට දකුණු පසින් හෝ වම්පසින් උඩ පනින්නේ උසභයක් පමණ තැන් ගනියි. උඩු අතට පනින්නේ උසභ සතරක් ද අඩක් ද පනියි. සමතැනක කෙළින් පනින්නේ සොළොස් උසභයක් පමණද උසභ විස්සක් පමණද තැනකට පනියි. තලාවකින් හෝ පව්වකින් හෝ පනින්නේ උසභ සැටක් පමණ වූ ද උසභ අසූවක් පමණ වූ ද තැනකට පනියි. අතරතුර ගසක් හෝ පර්‍වතයක් හෝ දැක එය මග හරින්නේ වමින් හෝ දකුණෙන් හෝ උඩට හෝ උසභයක් පමණ ඉවත්ව යයි. තෙවැනි සිංහනාදය නගා ඒ හඬ සමගම තුන්යොදුන් තැනක හැඟෙයිද තුන් යොදුන ගොස් නැවතී සිටියේ තමාගේම හඬෙහි ප්‍රතිරාවය අසයි. මෙසේ සීඝ්‍ර ජවයකින් යයි.

යෙභුය්‍යෙනාති පායෙන. භයං සන‍්තාසං සංවෙගන‍්ති සබ‍්බං චිත‍්තුත්‍රාසස‍්සෙව නාමං. සීහස‍්ස හි සද‍්දං සුත්‍වා බහූ භායන‍්ති, අප‍්පකා න භායන‍්ති. කෙ පන තෙති? සමසීහො හත්‍ථාජානීයො අස‍්සාජානීයො උසභාජානීයො පුරිසාජානීයො ඛීණාසවොති. කස‍්මා පනෙතෙ න භායන‍්තීති? සමසීහො තාව “ජාතිගොත‍්තකුලසූරභාවෙහි සමානොස‍්මී”ති න භායති, හත්‍ථාජානීයාදයො අත‍්තනො සක‍්කායදිට‍්ඨිබලවතාය න භායන‍්ති, ඛීණාසවො සක‍්කායදිට‍්ඨියා පහීනත‍්තා න භායති.

යෙභුය්‍යෙන යනු බොහෝසෙයිනි. භයං සන්තාසං සංවෙගං යන සියල්ල සිත් තැතිගැන්මටම නම්ය, සිංහයාගේ හඬ අසා බොහෝ දෙනෙක් බියවෙති. සුළුදෙනෙක් බිය නොවෙති. ඔවුහු කවරහුද යත්? සමාන සිංහයා, ආජානීය හස්තියා, ආජානීය අශ්වයා, ආජානීය වෘෂභයා, ආජානීය පුරුෂයා හා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ යන අයයි. කුමක් හෙයින් ඔවුහු බිය නොවෙත්ද යත්? සමාන සිංහයා උපතින් ගෝත්‍රකුල ශුරභාවයන්ගෙන් සමාන වෙමැයි බිය නොවෙයි. ආජානීය හස්ති ආදීහු තමන්ගේ සත්කායදෘෂ්ටිය බලවත් බැවින් බිය නොවෙත්. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීණ වූ බැවින් බිය නොවෙති.

බිලාසයාති බිලෙ සයන‍්තා බිලවාසිනො අහිනකුලගොධාදයො. උදකාසයාති උදකවාසිනො මච‍්ඡකච‍්ඡපාදයො. වනාසයාති වනවාසිනො හත්‍ථිඅස‍්සගොකණ‍්ණමිගාදයො. පවිසන‍්තීති “ඉදානි ආගන‍්ත්‍වා ගණ‍්හිස‍්සතී”ති මග‍්ගං ඔලොකෙත්‍වා පවිසන‍්ති. දළ‍්හෙහීති ථිරෙහි. වරත‍්තෙහීති චම‍්මරජ‍්ජූහි. මහිද‍්ධිකොතිආදීසු විජම‍්භනභූමියං ඨත්‍වා දක‍්ඛිණපස‍්සාදීහි උසභමත‍්තං, උජුං වීසතිඋසභමත‍්තාදිලඞ‍්ඝනවසෙන මහිද‍්ධිකතා, සෙසමිගානං අධිපතිභාවෙන මහෙසක‍්ඛතා, සමන‍්තා තියොජනට‍්ඨානෙ සද‍්දං සුත්‍වා පලායන‍්තානං වසෙන මහානුභාවතා වෙදිතබ‍්බා.

බිලාසයා යනු බිලෙහි නිදන බිලෙහි වසන සප්, මුගටි, ගොයි ආදීහුයි. දකාසයා යනු දියෙහි වෙසෙන මාළු ඉබි ආදීහුයි. වනාසයා යනු වනෙහි වෙසෙන ඇත්, අස්, ගෝණ මුව ආදීහුයි. පචිසන්ති යනු දැන් අවුත් ගන්නේ යයි මග බලා පිවිසෙති. දළ්හෙහි යනු දැඩි වූවෙනි. වරනෙත්හි යනු සම් රැහැනිනි. මහිද්ධිකො යනාදියෙහි කෙසරු සලන බිමෙහි සිට දකුණු පස ආදියෙන් උසභයක් පමණ සෘජුව විසිඋසභයක් පමණ ආදිය ඉක්මවීම් වශයෙන් මහත් සෘද්ධි ඇති බවයි. සෙසු මෘගයන්ට අධිපති බවින් මහෙසාඛ්‍ය බවයි. හාත්පස තුන් යොදුනක් තන්හි ශබ්දය අසා පළායන්නවුන්ගේ වශයෙන් මහානුභාව බව දතයුතුය.

එවමෙව ඛොති භගවා තෙසු තෙසු සුත‍්තන‍්තෙසු තථා තථා අත‍්තානං කථෙසි. “සීහොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති (අ· නි· 5.99; 10.21) ඉමස‍්මිං තාව සුත‍්තෙ සීහසදිසං අත‍්තානං කථෙසි. “භිසක‍්කො සල‍්ලකත‍්තොති ඛො, සුනක‍්ඛත‍්ත, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (ම· නි· 3.65) ඉමස‍්මිං වෙජ‍්ජසදිසං, “බ්‍රාහ‍්මණොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (අ· නි· 8.85) ඉමස‍්මිං බ්‍රාහ‍්මණසදිසං, “පුරිසො මග‍්ගකුසලොති ඛො, තිස‍්ස, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (සං· නි· 3.84) ඉමස‍්මිං මග‍්ගදෙසකපුරිසසදිසං, “රාජාහමස‍්මි, සෙලා”ති (සු· නි· 559; ම· නි· 2.399) ඉමස‍්මිං රාජසදිසං. ඉමස‍්මිං පන සුත‍්තෙ සීහසදිසමෙව කත්‍වා අත‍්තානං කථෙන‍්තො එවමාහ.

එවමෙව ඛො යනු භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සූත්‍රයන්හි ඒ ඒ අයුරින් තමන් පිළිබඳව කී සේක. “සීහොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස” යන මෙම සූත්‍රයෙහි තමන් සිංහයකු සමාන කොට වදාළ සේක. “භිසක්කො සල්ලකත්තොති ඛො සුනක්ඛත්ත තථාගතස්සෙතං අධිවචනං” මෙහි වෙදකු සමාන කොටද “බ්‍රාහ්මණොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං” යන මෙහි බ්‍රාහ්මණයකුට සමාන කොටද “පුරිසො මග්ගකුසලොති ඛො තිස්ස තථාගතස්සෙතං අධිවචනං” මෙහි මාර්‍ගදේශක පුරුෂයකුට සමාන කොටද, “රාජාහමස්මි සෙල” යන මෙහි රජකු සමාන කොටද මෙම සූත්‍රයෙහි දී සිංහයකු සමාන කොටද තමා ගැන කියන සේක් මෙසේ වදාළ සේක.

තත්‍රායං සදිසතා – සීහස‍්ස කඤ‍්චනගුහාදීසු වසනකාලො විය හි තථාගතස‍්ස දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරස‍්ස අපරිමිතකාලං පාරමියො පූරෙත්‍වා පච‍්ඡිමභවෙ පටිසන්‍ධිග‍්ගහණෙන චෙව මාතුකුච‍්ඡිතො නික‍්ඛමනෙන ච දසසහස‍්සිලොකධාතුං කම‍්පෙත්‍වා වුද‍්ධිමන්‍වාය දිබ‍්බසම‍්පත‍්තිසදිසං සම‍්පත‍්තිං අනුභවමානස‍්ස තීසු පාසාදෙසු නිවාසකාලො දට‍්ඨබ‍්බො. සීහස‍්ස කඤ‍්චනගුහාදිතො නික‍්ඛන‍්තකාලො විය තථාගතස‍්ස එකූනතිංසසංවච‍්ඡරෙ විවටෙන ද‍්වාරෙන කණ‍්ඩකං ආරුය‍්හ ඡන‍්නසහායස‍්ස නික‍්ඛමිත්‍වා තීණි රජ‍්ජානි අතික‍්කමිත්‍වා අනොමානදීතීරෙ බ්‍රහ‍්මුනා දින‍්නානි කාසායානි පරිදහිත්‍වා පබ‍්බජිතස‍්ස සත‍්තමෙ දිවසෙ රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා පණ‍්ඩවගිරිපබ‍්භාරෙ කතභත‍්තකිච‍්චස‍්ස සම‍්මාසම‍්බොධිං පත්‍වා පඨමමෙව මගධරට‍්ඨං ආගමනත්‍ථාය යාව රඤ‍්ඤො පටිඤ‍්ඤාදානකාලො.

මේ එහි සමාන බවයි. සිංහයාගේ රන්ගුහාවක වෙසෙන කාලය මෙන් දීපංකර පාදමූලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති තථාගතයන් වහන්සේ අපමණ කලක් පාරමී පුරා පැසුළු භවයෙහි පිළිසිඳ ගැනීමෙන් ද මව්කුසින් නික්මීමෙන්ද දසදහසක් ලෝකධාතුව කම්පා කරවා වැඩිවියට පැමිණ දිවසැපත් වැනි සැපත් විඳිමින් තුන්පහයෙහි විසූ කාලය දැක්විය යුතුයි. සිංහයා රන් ගුහාදියෙන් නික්මෙන කාලය මෙන් තථාගතයන් වහන්සේ එකුන්තිස් හවුරුද්දෙහි ඇරුණු දොරින් කත්‍ථක අසු පිට නැග ඡන්න සහායකයා කොට නික්ම, රාජ්‍ය තුනක් ගෙවා අනොමා නදී තෙරෙහි දී බ්‍රහ්මයා විසින් දෙන ලද කසාවත් හැඳ පැවිද්දෙන් සත්වැනි දිනයෙහි රජගහ නුවරට ගොස් එහි පිඬු හැසිර පණ්ඩව පර්‍වත ප්‍රාග් භාරයෙහි කරන ලද බත්කිස ඇති තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වයට පත්ව පළමුවම මගධ රටට පැමිණීම සඳහා රජුගේ ප්‍රතිඥා දීම තෙක් කාලය දැක්විය යුතුයි.

සීහස‍්ස විජම‍්භනකාලො විය තථාගතස‍්ස දින‍්නපටිඤ‍්ඤස‍්ස ආළාරකාලාමඋපසඞ‍්කමනං ආදිං කත්‍වා යාව සුජාතාය දින‍්නපායාසස‍්ස එකූනපණ‍්ණාසාය පිණ‍්ඩෙහි පරිභුත‍්තකාලො වෙදිතබ‍්බො. සීහස‍්ස සරීරවිධුනනං විය සායන‍්හසමයෙ සොත‍්තියෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා දසසහස‍්සචක‍්කවාළදෙවතාහි ථොමියමානස‍්ස ගන්‍ධාදීහි පූජියමානස‍්ස තික‍්ඛත‍්තුං බොධිං පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ චුද‍්දසහත්‍ථුබ‍්බෙධෙ ඨානෙ තිණසන්‍ථරං අත්‍ථරිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය නිසින‍්නස‍්ස තංඛණඤ‍්ඤෙව මාරබලං විධමෙත්‍වා තීසු යාමෙසු තිස‍්සො විජ‍්ජා විසොධෙත්‍වා අනුලොමප‍්පටිලොමං පටිච‍්චසමුප‍්පාදමහාසමුද‍්දං යමකඤාණමන්‍ථනෙන මන්‍ථෙන‍්තස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙ පටිවිද‍්ධෙ තදනුභාවෙන දසසහස‍්සිලොකධාතුකම‍්පනං වෙදිතබ‍්බං.

සිංහයා කෙසරු සලන කාලය මෙන් දෙන ලද ප්‍රතිඥා ඇති තථාගතයන් වහන්සේ ආලාරකාලාමයන් වෙත පැමිණීම ආදිකොට සුජාතාව විසින් දෙන ලද පායාසයේ එකුන්පණස් පිඬු වැළඳූ කාලය තෙක් වූ කාලය දැක්විය යුතුයි. සිංහයාගේ සිරුර සැලීම මෙන් සවස් කාලයෙහි සොත්ථිය විසින් දෙන ලද තණමිටි අට ගෙන දසදහසක් සක්වළෙහි දෙවියන් විසින් ස්තුති කරනු ලබමින් සුවඳාදියෙන් පුදනු ලබමින් තෙවරක් බෝරුක පැදකුණු කොට බෝමැඬට නැග තුදුස්රියන් උස් තන්හි තණ ඇතිරිය අතුරා සිවුරඟ විරිය ඉටා හුන් කාලයෙහි සිට හිඳිමින් එකෙණෙහිම මාරබලය නසා තුන්යාමයෙහි ත්‍රිවිධ විද්‍යාවන් පිරිසුදුකොට අනුලොම් පිළිලොම් වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාද මහා සමුද්‍රය යමකඥාන නැමැති මථන දණ්ඩෙන් කළඹමින් [missing trans]

සීහස‍්ස චතුදිසාවිලොකනං විය පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ විහරිත්‍වා පරිභුත‍්තමධුපිණ‍්ඩිකාහාරස‍්ස අජපාලනිග්‍රොධමූලෙ මහාබ්‍රහ‍්මුනො ධම‍්මදෙසනායාචනං පටිග‍්ගහෙත්‍වා තත්‍ථ විහරන‍්තස‍්ස එකාදසමෙ දිවසෙ “ස‍්වෙ ආසාළ‍්හිපුණ‍්ණමා භවිස‍්සතී”ති පච‍්චූසසමයෙ “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති ආළාරුදකානං කාලකතභාවං ඤත්‍වා ධම‍්මදෙසනත්‍ථාය පඤ‍්චවග‍්ගියානං ඔලොකනං දට‍්ඨබ‍්බං. සීහස‍්ස ගොචරත්‍ථාය තියොජනං ගමනකාලො විය අත‍්තනො පත‍්තචීවරං ආදාය “පඤ‍්චවග‍්ගියානං ධම‍්මචක‍්කං පවත‍්තෙස‍්සාමී”ති පච‍්ඡාභත‍්තෙ අජපාලනිග්‍රොධතො වුට‍්ඨිතස‍්ස අට‍්ඨාරසයොජනමග‍්ගං ගමනකාලො.

[missing trans] සර්‍වඥතා ඥානය ඇතිව සත්සතියක් මෝමැඬහි වස වළඳනා ලද මී පිඬු ආහාරය ඇතිව අජපාල නුගරුක මුලදී මහාබ්‍රහ්මයාගේ දම්දෙසුම සඳහා වූ ඇරයුම පිළිගෙන එහි වසන්නා වූ තථාගතයන් වහන්සේ එකොළොස්වැනි දිනයෙහි හෙට ඇසළ පුන් පසළොස්වක වන්නේ යයි උදෑසන කල්හි කවරකුට මම පළමුව දම් දෙසන්නෙම්දැයි (බලා) ආලාර උද්දක දෙදෙනා කළුරිය කළ බව දැන දම්දෙසීම සඳහා පස්වග තවුසන් බැලීම දැක්විය යුතුයි. සිංහයා ගොදුරු සඳහා තුන්යොදුනක් (දුර) යන කාලය මෙන්, තමාගේ පාසිවුරු ගෙන පස්වග තවුසන්ට දම්සක පවත්වන්නෙමැයි පසුබතෙහි අජපාල නුගරුකෙන් නැගී සිටි තථාගතයන් වහන්සේ අටළොස් යොදුන් මග යන කාලය දැක්විය යුතුයි.

සීහස‍්ස සීහනාදකාලො විය තථාගතස‍්ස අට‍්ඨාරසයොජනමග‍්ගං ගන‍්ත්‍වා පඤ‍්චවග‍්ගියෙ සඤ‍්ඤාපෙත්‍වා අචලපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස දසහි චක‍්කවාළසහස‍්සෙහි සන‍්නිපතිතෙන දෙවගණෙන පරිවුතස‍්ස “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තා පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා”තිආදිනා නයෙන ධම‍්මචක‍්කප‍්පවත‍්තනකාලො වෙදිතබ‍්බො. ඉමස‍්මිං ච පන පදෙ දෙසියමානෙ තථාගතසීහස‍්ස ධම‍්මඝොසො හෙට‍්ඨා අවීචිං උපරි භවග‍්ගං ගහෙත්‍වා දසසහස‍්සිලොකධාතුං පටිච‍්ඡාදෙසි. සීහස‍්ස සද‍්දෙන ඛුද‍්දකපාණානං සන‍්තාසාපජ‍්ජනකාලො විය තථාගතස‍්ස තීණි ලක‍්ඛණානි දීපෙත්‍වා චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි සට‍්ඨියා ච නයසහස‍්සෙහි විභජිත්‍වා ධම‍්මං කථෙන‍්තස‍්ස දීඝායුකානං දෙවානං ඤාණසන‍්තාසස‍්ස උප‍්පත‍්තිකාලො වෙදිතබ‍්බො.

සිංහයා සිංහනාදය කරන කාලය මෙන් අටළොස් යොදුන් මග ගෙවා ගොස් පස්වග මහණුන් හඟවා දසදහසක් සක්වලින් රැස් වූ ඒ දේවසමුහයා විසින් පිරිවරණ ලදුව නොසැලෙන පළඟෙහි වැඩහුන්නා වූ තථාගතයන් වහන්සේ “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා” ආදී ක්‍රමයෙන් දම්සක් පවත්වන කාලය දතයුතුය. මේ (ද්වෙ මෙ භික්ඛවෙ යනාදි) පදය දෙසනු ලබන කල්හි තථාගත නමැති සිංහයාගේ ධර්‍ම ඝොෂාව යටින් අවීචිය ද මතුයෙහි භවාග්‍රය ද ගෙන දශසාහස්‍රී ලොකධාතුව වසා සිටියේය. සිංහයාගේ ශබ්දයෙන් කුඩා ප්‍රාණීන් තැතිගැන්මට පැමිණෙන කාලය මෙන් තථාගතයන් වහන්සේ තිලකුණු දක්වා සිවුසස් සොළොස් අයුරකින් ද සැටදහස් නයින් ද බෙදා දක්වා දහම් දෙසන කල්හි දීර්‍ඝායුෂක දෙවියන්ගේ ඥානසන්ත්‍රාසය හටගන්නා කාලය දතයුතුය.

අපරො නයො – සීහො විය සබ‍්බඤ‍්ඤුතං පත‍්තො තථාගතො, ආසයභූතාය කනකගුහාය නික‍්ඛමනං විය ගන්‍ධකුටිතො නික‍්ඛමනකාලො, විජම‍්භනං විය ධම‍්මසභං උපසඞ‍්කමනකාලො, දිසාවිලොකනං විය පරිසාවිලොකනං, සීහනාදනදනං විය ධම‍්මදෙසනාකාලො, ගොචරාය පක‍්කමනං විය පරවාදනිම‍්මද‍්දනත්‍ථාය ගමනං.

වෙනත් ක්‍රමයක් ද වේ: සර්‍වඥතා ඥානයට පත් තථාගතයන් වහන්සේ සිංහයා මෙනි. ගඳකිළියෙන් නික්මෙන කාලය නිවාසස්ථානය වූ රන්ගුහාවෙන් නික්මීම මෙනි. දම්සභාවට එළැඹෙන කාලය කෙසරු සැලීම මෙනි. පිරිස දෙස බැලීම හාත්පස බැලීම මෙනි. දම්දෙසන කාලය සිංහනාදය නැගීම මෙනි. පරවාදීන් මැඩලීම සඳහා යාම ගොදුරු සඳහා යාම මෙනි.

අපරො නයො – සීහො විය තථාගතො, හිමවන‍්තනිස‍්සිතාය කඤ‍්චනගුහාය නික‍්ඛමනං විය ආරම‍්මණවසෙන නිබ‍්බානනිස‍්සිතාය ඵලසමාපත‍්තියා වුට‍්ඨානං, විජම‍්භනං විය පච‍්චවෙක‍්ඛණඤාණං, දිසාවිලොකනං විය වෙනෙය්‍යසත‍්තවිලොකනං, සීහනාදො විය සම‍්පත‍්තපරිසාය ධම‍්මදෙසනා, ගොචරාය පක‍්කමනං විය අසම‍්පත‍්තානං වෙනෙය්‍යසත‍්තානං සන‍්තිකූපසඞ‍්කමනං වෙදිතබ‍්බං.

වෙනත් ක්‍රමයක් ද වේ. තථාගතයන් වහන්සේ සිංහයා මෙනි. අරමුණු වශයෙන් නිවන ඇසුරු කළ පලසමවතින් නැගී සිටීම හිමවත මෙනි. ඇසුරු කළ පලසමවතින් නැගී සිටීම හිමවත ඇසුරුකොට ඇති රත්ගුහාවෙන් නික්මීම මෙනි. ප්‍රත්‍යවෙක්ෂණ ඥානය කෙසරු සැලීම මෙනි. වෙනෙය්‍ය ජනයා දෙස බැලීම දිශාවලෝකනය මෙනි. සැපැමිණි පිරිසට දම් දෙසුම සිංහනාදය මෙනි. නොපැමිණි වෙනෙය්‍ය ජනයන් වෙත එළඹීම ගොදුරු සඳහා යාම මෙනියි දතයුතුය.

යදාති යස‍්මිං කාලෙ. තථාගතොති හෙට‍්ඨා වුත‍්තෙහි අට‍්ඨහි කාරණෙහි තථාගතො. ලොකෙති සත‍්තලොකෙ. උප‍්පජ‍්ජතීති අභිනීහාරතො පට‍්ඨාය යාව බොධිපල‍්ලඞ‍්කා වා අරහත‍්තමග‍්ගඤාණා වා උප‍්පජ‍්ජති නාම, අරහත‍්තඵලෙ පන පත‍්තෙ උප‍්පන‍්නො නාම. අරහං සම‍්මාසම‍්බුද‍්ධොතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.124 ආදයො) බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ විත්‍ථාරිතානි.

යදා යනු යම් කලෙකයි තථාගතො යනු මුලින් කියන ලද අටකරුණින් තථාගත වූයේයි. ලොකෙ යනු සත්ත්ව ලෝකයෙහියි. උප්පජ්ජති යනු නියත විවරණයෙහි පටන් බොධි පර්‍ය්‍යඞ්කය හෝ අරහත් මාර්‍ග ඥානය හෝ දක්වා උපදියි නමි. අරහත් ඵලය පැමිණිවිට උපන්නේ නමි. අරහං සම්මාසම්බුද්ධො යනාදිය විසුද්ධිමග්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි විස්තර කරන ලදි.

ඉති සක‍්කායොති අයං සක‍්කායො, එත‍්තකො සක‍්කායො, න ඉතො භිය්‍යො සක‍්කායො අත්‍ථීති. එත‍්තාවතා සභාවතො සරසතො පරියන‍්තතො පරිච‍්ඡෙදතො පරිවටුමතො සබ‍්බෙපි පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දස‍්සිතා හොන‍්ති. ඉති සක‍්කායසමුදයොති අයං සක‍්කායස‍්ස සමුදයො නාම. එත‍්තාවතා “ආහාරසමුදයා රූපසමුදයො”තිආදි සබ‍්බං දස‍්සිතං හොති. ඉති සක‍්කායස‍්ස අත්‍ථඞ‍්ගමොති අයං සක‍්කායස‍්ස අත්‍ථඞ‍්ගමො. ඉමිනාපි “ආහාරනිරොධා රූපනිරොධො”තිආදි සබ‍්බං දස‍්සිතං හොති.

ඉති සක්කායො යනු මෙම පවත්නා ශරීරයයි. මෙයින් වැඩිමනත් වූ පවත්නා ශරීරයක් නැතැයි යනුයි. මෙපමණකින් ස්වභාව වශයෙන් රස වශයෙන් සීමා කිරීම් වශයෙන් පිරිසිඳීම් වශයෙන් හාත්පසින් ගැනීම් වශයෙන් සියලුම පංච උපාදානස්කන්ධයෝ දක්වන ලද්දාහු වෙති. ඉති සක්කාය සමුදයො යනු මෙය සත්කාය සමුදය (ශරීරය හටගැනීම) නමි. මෙපමණකින් ආහාර සමුදයෙන් රූපසමුදයයි ආදී සියල්ල දක්වන ලද්දේ වෙයි. ඉති සක්කායස්ස අත්‍ථගමො යනු මේ පවත්නා ශරීරයාගේ විනාශයයි. මෙයිනුදු ආහාර නිරොධයෙන් රූපනිරොධ යයි ආදී සියල්ල දක්වන ලද්දේ වෙයි.

වණ‍්ණවන‍්තොති සරීරවණ‍්ණෙන වණ‍්ණවන‍්තො. ධම‍්මදෙසනං සුත්‍වාති පඤ‍්චසු ඛන්‍ධෙසු පණ‍්ණාසලක‍්ඛණප‍්පටිමණ‍්ඩිතං තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා. යෙභුය්‍යෙනාති ඉධ කෙ ඨපෙති? අරියසාවකෙ දෙවෙ. තෙසං හි ඛීණාසවත‍්තා චිත‍්තුත්‍රාසභයම‍්පි න උප‍්පජ‍්ජති, සංවිග‍්ගස‍්ස යොනිසො පධානෙන පත‍්තබ‍්බං පත‍්තතාය ඤාණසංවෙගොපි. ඉතරාසං පන දෙවතානං “තාසො හෙසො, භික‍්ඛවෙ, අනිච‍්ච”න‍්ති මනසිකරොන‍්තානං චිත‍්තුත්‍රාසභයම‍්පි, බලවවිපස‍්සනාකාලෙ ඤාණභයම‍්පි උප‍්පජ‍්ජති. භොති ධම‍්මාලපනමත‍්තමෙතං. සක‍්කායපරියාපන‍්නාති පඤ‍්චක‍්ඛන්‍ධපරියාපන‍්නා. ඉති තෙසං සම‍්මාසම‍්බුද‍්ධෙ වට‍්ටදොසං දස‍්සෙත්‍වා තිලක‍්ඛණාහතං කත්‍වා ධම‍්මං දෙසෙන‍්තෙ ඤාණභයං නාම ඔක‍්කමති.

වණ්ණවන්තො යනු ශරීර වර්‍ණයෙන් වර්‍ණවත් වූයේයි. ධම්මදෙසනං සුත්වා යනු මෙය ස්කන්ධ පසෙහි පණස් ලකුණෙන් යුතු වූ තථාගතයන් වහන්සේගේ ධර්‍ම දේශනය අසායි. යෙභුය්‍යෙන යනු මෙහි කවුරුන් තබයිද? ආර්‍ය්‍යශ්‍රාවක දෙවියන්ය. ඔවුන්ගේ ක්ෂීණාශ්‍රව බැවින් සිත් තැතිගැනීම් බියකුදු නොඋපදියි. සංවේගයට පත් වූවහු නුවණින් බවුන් වැඩීමෙන් පැමිණිය යුතු දෙයට පත්බැවින් ඥාන සංවේගයද (නොඋපදියි). සෙසු දෙවියන්ට මෙය තැතිගැන්මක්මය. භයං යනු අනිත්‍යබව සිහිකරන්නවුනට සිත් තැතිගැනීම් බිය ද විදර්ශනාව දැඩිකාලයෙහි ඥානභය ද උපදියි. භො යනු ධර්‍මානුකූල ආමන්ත්‍රණ මාත්‍රයකි. සක්කායපරියාපන්නා යනු පඤ්චස්කන්ධය ඇතුළත් කොට ඇත්තාවූයි. මෙසේ ඔවුනට සම්මා සම්බුදුන් වහන්සේ සසර දොස් දක්වා තිලකුණු ගෙනහැර දක්වා ධර්‍මය දෙසන කල්හි ඥානභයට බැසිගනියි.

අභිඤ‍්ඤායාති ජානිත්‍වා. ධම‍්මචක‍්කන‍්ති පටිවෙධඤාණම‍්පි දෙසනාඤාණම‍්පි. පටිවෙධඤාණං නාම යෙන ඤාණෙන බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නො චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි සට‍්ඨියා ච නයසහස‍්සෙහි පටිවිජ‍්ඣි. දෙසනාඤාණං නාම යෙන ඤාණෙන තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං ධම‍්මචක‍්කං පවත‍්තෙසි. උභයම‍්පෙතං දසබලස‍්ස උරෙ ජාතඤාණමෙව. තෙසු ධම‍්මදෙසනාඤාණං ගහෙතබ‍්බං. තං පනෙස යාව අට‍්ඨාරසබ්‍රහ‍්මකොටීහි සද‍්ධිං අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස සොතාපත‍්තිඵලං න උප‍්පජ‍්ජති, තාව පවත‍්තෙති නාම. තස‍්මිං උප‍්පන‍්නෙ පවත‍්තිතං නාම හොතීති වෙදිතබ‍්බං. අප‍්පටිපුග‍්ගලොති සදිසපුග‍්ගලරහිතො. යසස‍්සිනොති පරිවාරසම‍්පන‍්නා. තාදිනොති ලාභාලාභාදීහි එකසදිසස‍්ස.

අභිඤ්ඤා යනු දැනයි. ධම්මචක්කං යනු ප්‍රතිවෙධ ඥානය හා දේශනා ඥානයයි. ප්‍රතිවෙධ ඥානය නම්. බෝ පළඟෙහි වැඩහුන්නේ සිවුසස් සොළොස් අයුරකින් ද සැටදහසක් නයින් ද යම් නුවණකින් අවබෝධ කළ සේක් ද, එම ඥානයයි. දේශනා ඥානය නම් යම් නුවණකින් තිපරිවට්ට වූ දොළොස් ආකාරයක් ඇති ධර්‍මචක්‍රය පැවැත්වූ සේක් ද, එම ඥානයයි. මේ දෙකම දශබලයන් වහන්සේගේ තමන්වහන්සේ තුළම උපන් ඥානම වෙයි. ඒවා අතුරෙන් ධර්‍මදේශනා ඥානය (මෙහිදී) ගතයුතුය. එය වනාහි යම්තාක් අටළොස් බඹකෙළක් සමඟ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට සෝතාපත්ති ඵලය නූපදී ද එතෙක් පවත්වයි නමි. එම සොතාපත්ති ඵලය උපන් කල්හි පවත්වන ලද්දේ නමයි දතයුතුය. අප්පටිපුග්ගලො යනු සමාන පුද්ගලයන් රහිතවූයේයි. යස්සිනො යනු පිරිවරින් යුක්ත වූවාහුයි. තාදිනො යනු ලාභාදියෙහිදී එක් සමාන වුවහුගේයි.