4. අග්ගප්පසාදසුත්තවණ්ණනා අට්ඨකථා
4. අග්ගප්පසාදසුත්තවණ්ණනා
4. අග්ගප්පසාද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අග්ගෙසු පසාදා, අග්ගා වා පසාදාති අග්ගප්පසාදා. යාවතාති යත්තකා. අපදාති නිප්පදා අහිමච්ඡාදයො. ද්විපදාති මනුස්සපක්ඛිආදයො. චතුප්පදාති හත්ථිඅස්සාදයො. බහුප්පදාති සතපදිආදයො. නෙවසඤ්ඤිනාසඤ්ඤිනොති භවග්ගෙ නිබ්බත්තසත්තා. අග්ගමක්ඛායතීති ගුණෙහි අග්ගො උත්තමො සෙට්ඨොති අක්ඛායති. අසඞ්ඛතාති නිබ්බානමෙව ගහෙත්වා වුත්තං. විරාගොතිආදීනි නිබ්බානස්සෙව නාමානි. තඤ්හි ආගම්ම සබ්බකිලෙසා විරජ්ජන්ති, සබ්බෙ රාගමදාදයො මදා නිම්මදා හොන්ති, අභාවං ගච්ඡන්ති, සබ්බා පිපාසා විනයං උපෙන්ති, සබ්බෙ ආලයා සමුග්ඝාතං ගච්ඡන්ති, වට්ටානි උපච්ඡිජ්ජන්ති, තණ්හා ඛීයන්ති, වට්ටදුක්ඛා නිරුජ්ඣන්ති, සබ්බෙ පරිළාහා නිබ්බායන්ති. තස්මා එතානි නාමානි ලභති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
සිවුවැනි සූත්‍රයෙහි ශ්‍රේෂ්ඨයන් කෙරෙහි පැහැදීම් ඇත්තාහු හෝ ශ්‍රේෂ්ඨ වූ පැහැදීම් ඇත්තාහු හෝනුයි අග්ගප්පසාදා නමි. යාවතා යනු යම්පමණවූයි. අපදා යනු සප්මසුන් ආදී පා නැත්තේයි. දිපදා යනු මනුෂ්‍ය පක්ෂි ආදීහුයි. චතුප්පදා යනු ඇත්, අස් ආදීහුයි. බහුප්පදා යනු පත්තෑ ආදීහුයි. නෙවසඤ්ඤිනාසඤ්ඤිනො යනු භවාග්‍රයෙහි උපන් සත්ත්වයෝයි. අග්ගමක්ඛායති යනු ගුණ තුනෙන් අග්‍ර වූයේ උත්තමවූයේ ශ්‍රෙෂ්ඨවූයේ යයි පැවසෙයි. අසංඛතා යනු නිවනම ගෙන කියන ලද්දේ වෙයි. විරාගො යනාදිය නිවනටම නම්ය. එයට පැමිණ සියලු කෙලෙස් නොඇලීමට යයි (පිරිසුදු වෙයි). සියලු රාගමදාදී වූ මදයෝ මද නැත්තෝ වෙති. අභාවයට යත්. සියලු පිපාසයෝ දුරුවෙත්. සියලු ඇලීම් විනාශයට යයි. වෘත්තයෝ සිඳෙත්. තෘෂ්ණාවෝ ක්ෂයවෙත්. සසරදුක නිමාවෙයි. සියලු දැවීම් නිවෙයි. එබැවින් මේනම් ලබයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
5. වස්සකාරසුත්තවණ්ණනා
5. වස්සකාර සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අනුස්සරිතාති අනුගන්ත්වා සරිතා, අපරාපරං සරිතුං සමත්ථොති අත්ථො. දක්ඛොති ඡෙකො. තත්රුපායායාති “ඉමස්මිං කාලෙ ඉමං නාම කත්තබ්බ”න්ති එවං තත්ථ තත්ථ උපායභූතාය පඤ්ඤාය සමන්නාගතො. අනුමොදිතබ්බන්ති අභිනන්දිතබ්බං. පටික්කොසිතබ්බන්ති පටික්ඛිපිතබ්බං. නෙව ඛො ත්යාහන්ති නෙව ඛො තෙ අහං. කස්මා පනෙතං භගවා නාභිනන්දති, නප්පටික්ඛිපතීති? ලොකියත්තා නාභිනන්දති, ලොකියං අත්ථං ගහෙත්වා ඨිතත්තා නප්පටික්කොසති. බහුස්ස ජනතාති බහු අස්ස ජනතා. ඉදඤ්ච කරණත්ථෙ සාමිවචනං වෙදිතබ්බං. අරියෙ ඤායෙති සහවිපස්සනකෙ මග්ගෙ. කල්යාණධම්මතා කුසලධම්මතාතිපි තස්සෙව නාමානි. යං විතක්කන්ති නෙක්ඛම්මවිතක්කාදීසු අඤ්ඤතරං. න තං විතක්කං විතක්කෙතීති කාමවිතක්කාදීසු එකම්පි න විතක්කෙති. ඉතරං තස්සෙව වෙවචනං. විතක්කපථෙති එත්ථ විතක්කොයෙව විතක්කපථො. අහඤ්හි බ්රාහ්මණාතිආදීසු පඨමනයෙන ඛීණාසවස්ස සීලඤ්චෙව බාහුසච්චඤ්ච කථිතං, දුතියතතියෙහි ඛීණාසවස්ස කිරියවිතක්කානි චෙව කිරියජ්ඣානානි ච, චතුත්ථෙන ඛීණාසවභාවො කථිතොති වෙදිතබ්බො.
පස්වැනි සූත්‍රයෙහි අනුස්සරිතා යනු ලුහුබැඳ සිහිකරන ලද්දේයි. අනුක්රමයෙන් සිහිකිරීමට සමත්ය යන අරුතය. දක්ඛො යනු දක්ෂයායි. තත්‍රෑපායාය යනු මෙකල්හි මෙනම් දැය කළයුතු යයි මෙසේ ඒ ඒ තැන උපාය වූ ප්‍රඥාවෙන් යුක්තවූයේයි. අනුමොදිතබ්බං යනු සතුටුවිය යුතුය. පටික්කොසිතබ්බං යනු ප්‍රතික්ෂේප කළයුතුය. නෙව ඛො ත්යාහං යනු නෙව ඛො තෙ අහං යන පදයන්ගේ එකතුවයි. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ එය සතුටු නොවෙත්ද පිළිකෙව් කෙරෙත්ද යත්? ලෞකික බැවින් සතුටු නොවෙත්. ලෞකික අර්ත්ථය ගෙන සිටි බැවින් පිළිකෙවු නොකරත්. බහුස්ස ජනතා යනු බොහෝ දෙනා වෙති. මෙයද කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයයි දතයුතුය. අරියෙ ඤායෙ යනු විදර්ශනා සහගත වූ මාර්ගයෙහියි. කල්යාණධම්මතා කුසලධම්මතා යනුද එයටම නම්ය. යං විතක්කං යනු නෙක්ඛම්ම විතර්කාදීන් අතුරෙන් එකකි. න තං විතක්කං විතක්කෙති යනු කාම විතර්කාදිය අතුරෙන් එකකුදු විතර්කනය නොකරයි. සෙස්ස එයටම වෙනත් නමකි. විතක්කපථෙ යනු මෙහි විතර්කයම විතක්ක පථයයි. අහං හි බ්‍රාහ්මණ යනාදියෙහි පළමු නයින් ක්ෂීණාශ්රවයාගේ ශීලය ද බහුශ්‍රැත බව ද කියන ලදි. දෙවැනි, තුන්වැනි කරුණින් ක්ෂීණාශ්රවයාගේ ක්රියාවිර්තකයෝ ද ක්රියාධ්යානයෝ ද කියන ලද්දාහ. සිවුවැන්නෙන් ක්ෂීණාශ්රවභාවය කියනලදැයි දතයුතු ය.
මච්චුපාසප්පමොචනන්ති මච්චුපාසා පමොචනකං මග්ගං. ඤායං ධම්මන්ති සහවිපස්සනකං මග්ගං. දිස්වා ච සුත්වා චාති ඤාණෙනෙව පස්සිත්වා ච සුණිත්වා ච. සෙසමෙත්ථ උත්තානමෙව.
මච්චුපාසා පමොවනං යනු මාරපාශය මුදවන්නා වූ මාර්ගයයි. ඤායං ධම්මං යනු විදර්ශනා සහගත මාර්ගයයි. දිස්වා ච සුත්වා ච යනු නුවණින්ම බලා ද අසා ද යනුයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
6. දොණ ලොක සුත්තවණ්ණනා
6. දොණ ලොක සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතබ්යන්ති එත්ථ උක්කට්ඨාති උක්කාහි ධාරීයමානාහි මාපිතත්තා එවංලද්ධවොහාරං නගරං. සෙතබ්යන්ති අතීතෙ කස්සපසම්මාසම්බුද්ධස්ස ජාතනගරං. අන්තරාසද්දො පන කාරණඛණචිත්තවෙමජ්ඣවිවරාදීසු වත්තති. “තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා”ති (අ· නි· 6.44; 10.75) ච, “ජනා සඞ්ගම්ම මන්තෙන්ති, මඤ්ච තඤ්ච කිමන්තර”න්ති ච ආදීසු (සං· නි· 1.228) කාරණෙ. “අද්දසා මං, භන්තෙ, අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී”තිආදීසු (ම· නි· 2.149) ඛණෙ. “යස්සන්තරතො න සන්ති කොපා”තිආදීසු (උදා· 20) චිත්තෙ. “අන්තරාවොසානමාපාදී”තිආදීසු වෙමජ්ඣෙ. “අපිචායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡතී”තිආදීසු (පාරා· 231) විවරෙ. ස්වායමිධ විවරෙ වත්තති. තස්මා උක්කට්ඨාය ච සෙතබ්යස්ස ච විවරෙති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. අන්තරාසද්දෙන පන යුත්තත්තා උපයොගවචනං කතං. ඊදිසෙසු ච ඨානෙසු අක්ඛරචින්තකා “අන්තරා ගාමඤ්ච නදිඤ්ච යාතී”ති එවං එකමෙව අන්තරාසද්දං පයුඤ්ජන්ති, සො දුතියපදෙනපි යොජෙතබ්බො හොති, අයොජියමානෙ උපයොගවචනං න පාපුණාති. ඉධ පන යොජෙත්වා එව වුත්තො.
සවැනි සූත්‍රයෙහි අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතව්යං යනු මෙහි උක්කට්ඨ යනු ගිනිහුළු දරනු ලබන්නවුන් විසින් මැවූ බැවින් එසේ ලබන ලද ව්‍යවහාරය ඇති නගරයයි. සෙතව්යං යනු අතීතයෙහි කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේ උපන් නගරයයි. අන්තරා ශබ්දය, කාරණය, ක්ෂණය, සිත, මැද, සිදුර යනාදියෙහි පවතියි. “තදනන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා” හා “ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං” යනාදියෙහි අන්තර ශබ්දය කාරණයෙහිය. “අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති” යනාදියෙහි ක්ෂණයෙහි ( ඇසිල්ලෙහි) වේ. “යස්සන්තරතො න සන්ති කොපාං” යනාදියෙහි සිතෙහිය. “අන්තරා වොසානමාපාදි” යනාදියෙහි මැදය. “අපි චායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති” ආදී තන්හි සිදුරෙහිය. ඒ අන්තරා ශබ්දය මෙහි විවරයෙහි (සිදුරෙහි) පවතියි. එහෙයින් උක්කට්ඨාවට ද, සෙතව්යාවට ද අතරතුරෙහියි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුයි. අන්තරා ශබ්දයෙන් යුක්ත බැවින් උපයොග වචනය කරන ලදි. මෙබඳු වූ තන්හි දී අක්ෂර විද්‍යාඥයෝ “අන්තරා ගාමංච නදිඤ්ච යාති”යි මෙසේ එකම අන්තරා ශබ්දයක් යොදත්. එය දෙවැනි පදයෙන් ද යෙදිය යුත්තේ වෙයි. නොයෙදනු ලබන කල්හි උපයෝග වචනය නොපැමිණෙයි. මෙහි වනාහි යොදා මෙසේ කියන ලද්දේයි.
අද්ධානමග්ගප්පටිපන්නො හොතීති අද්ධානසඞ්ඛාතං මග්ගං පටිපන්නො හොති, දීඝමග්ගන්ති අත්ථො. කස්මා පටිපන්නොති? තං දිවසං කිර භගවා ඉදං අද්දස “මයි තං මග්ගං පටිපන්නෙ දොණො බ්රාහ්මණො මම පදචෙතියානි පස්සිත්වා පදානුපදිකො හුත්වා මම නිසින්නට්ඨානං ආගන්ත්වා පඤ්හං පුච්ඡිස්සති. අථස්සාහං එකං සච්චධම්මං දෙසෙස්සාමි. බ්රාහ්මණො තීණි සාමඤ්ඤඵලානි පටිවිජ්ඣිත්වා ද්වාදසපදසහස්සපරිමාණං දොණගජ්ජිතං නාම වණ්ණං වත්වා මයි පරිනිබ්බුතෙ සකලජම්බුදීපෙ උප්පන්නං මහාකලහං වූපසමෙත්වා ධාතුයො භාජෙස්සතී”ති. ඉමිනා කාරණෙන පටිපන්නො. දොණොපි සුදං බ්රාහ්මණොති දොණො බ්රාහ්මණොපි තයො වෙදෙ පගුණෙ කත්වා පඤ්චසතෙ මාණවකෙ සිප්පං වාචෙන්තො තංදිවසං පාතොව උට්ඨාය සරීරපටිජග්ගනං කත්වා සතග්ඝනකං නිවාසෙත්වා පඤ්චසතග්ඝනකං එකංසවරගතං කත්වා ආමුත්තයඤ්ඤසුත්තො රත්තවට්ටිකා උපාහනා ආරොහිත්වා පඤ්චසතමාණවකපරිවාරො තමෙව මග්ගං පටිපජ්ජි. තං සන්ධායෙතං වුත්තං.
අද්ධානමග්ගපටිපන්නො හොති යනු අද්ධාන සංඛ්‍යාත වූ මාර්ගයට පිළිපන්නේ වෙයි. දීර්ඝමාර්ගය යන අර්ත්ථයයි. කුමක් නිසා පිළිපන්නේද යත්? භාග්‍යවතුන් වහන්සේ එදවසෙහි මෙය දුටුසේක. මා ඒමගට පිළිපන් කල්හි ද්‍රොණ බ්‍රාහ්මණ තෙමේ මගේ පා සටහන් දැක පියසටහන් අනුව එන්නේ වී මා හුන් තැනට පැමිණ පැන විමසයි. ඉක්බිති ඔහුට මම සිවුසස් දහම් දෙසන්නෙමි. බමුණු තෙමේ තුන් ශ්‍රමණ ඵලයන් අවබෝධ කොට පද දොළොස් දහසකින් යුක්ත වූ ද්‍රොණ ගජ්ජිත නම් වූ වර්ණනාවක් නාදකොට මා පිරිනිවූ කල්හි සියලු දඹදිව උපන් මහා කලහයක් සංසිඳුවා ධාතූන් බෙදන්නේය යන මෙකරුණින් (මගට) පිළිපන් සේක. දොණොපි සුදං බ්රාහ්මණො යනු ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ත්‍රිවේදයන් ප්‍රගුණකොට පන්සියයක් මානවකයන්ට ශිල්ප හදාරවන්නේ එදවස උදෑසනම නැගිට සිරුර පිළිදැගුම් කොට සියයක් අගනා වස්ත්‍රයක් හැඳ පන්සියයක් වටිනා වස්ත්‍රයක් එකැස්කොට පැළඳි යඥ සූත්‍ර ඇත්තේ රතුවැටි ඇති පාවහන් හැඳ පන්සියයක් මානවකයන් පිරිවරන ලද්දේ ඒ මගටම පිළිපන්නේය. ඒ සඳහා කියන ලදි.
පාදෙසූති පාදෙහි අක්කන්තට්ඨානෙසු. චක්කානීති ලක්ඛණචක්කානි. කිං පන භගවතො ගච්ඡන්තස්ස අක්කන්තට්ඨානෙ පදං පඤ්ඤායතීති? න පඤ්ඤායති. කස්මා? සුඛුමත්තා මහාබලත්තා මහාජනානුග්ගහෙන ච. බුද්ධානඤ්හි සුඛුමච්ඡවිතාය අක්කන්තට්ඨානං තූලපිචුනො පතිට්ඨිතට්ඨානං විය හොති, පදවළඤ්ජො න පඤ්ඤායති. යථා ච බලවතො වාතජවසින්ධවස්ස පදුමිනිපත්තෙපි අක්කන්තමත්තමෙව හොති, එවං මහාබලතාය තථාගතෙන අක්කන්තට්ඨානං අක්කන්තමත්තමෙව හොති, න තත්ථ පදවළඤ්ජො පඤ්ඤායති. බුද්ධානඤ්ච අනුපදං මහාජනකායො ගච්ඡති, තස්ස සත්ථු පදවළඤ්ජං දිස්වා මද්දිතුං අවිසහන්තස්ස ගමනවිච්ඡෙදො භවෙය්ය. තස්මා අක්කන්තඅක්කන්තට්ඨානෙ යොපි පදවළඤ්ජො භවෙය්ය, සො අන්තරධායතෙව. දොණො පන බ්රාහ්මණො තථාගතස්ස අධිට්ඨානවසෙන පස්සි. භගවා හි යස්ස පදචෙතියං දස්සෙතුකාමො හොති, තං ආරබ්භ “අසුකො නාම පස්සතූ”ති අධිට්ඨාති. තස්මා මාගණ්ඩියබ්රාහ්මණො විය අයම්පි බ්රාහ්මණො තථාගතස්ස අධිට්ඨානවසෙන අද්දස.
පදෙසු යනු පයින් මැඩිතන්හියි. චක්කානි යනු චක්‍ර ලක්ෂණයයි. කිම වඩිනා වූ භාග්‍යවතුන් වහන්සේ පාතැබූ තැන පියවර පැනේදයත්? නොපෙනෙයි. කුමක් හෙයින්ද? සියුම් බැවින් ද මහබලවත් බැවින් ද මහජනයාට අනුග්‍රහයෙන් ද වේ. බුදුවරුන්ගේ වනාහි සියුම් සම ඇති බැවින් ඇක්මූ තැන පුළුල් පිඬක් තැබූ තැන මෙන් වෙයි. පියසටහන නොපැනෙයි. යම්සේ නම් බලවත් වාත වේගයෙන් දිවෙන සෛන්ධවයාගේ නෙළුම් පතෙහි ද පාතැබීම පමණක්ම වෙයිද? මෙසේ මහබල ඇති බැවින් තථාගතයන් විසින් පාතැබූ තැන පා තැබීම පමණක්ම වෙයි. එහි පිය සටහන නොපැනෙයි. බුදුන්වරුන්ගේ පියවර අනුව මහජනයා ද යයි. ශාස්තෲන් වහන්සේගේ පාසටහන දැක මඬින්නට නොහැකිවන මහජනයාගේ ගමන කඩවීමක් වන්නේය. එබැවින් ඇක්මූ ඇක්මූ තැන්හි යම් පියසටහනක් වන්නේද එය අතුරුදහන් වන්නේමය. දොණ බමුණා වනාහි අදිෂ්ඨාන වශයෙන් දුටුවේය. භාග්‍යවතුන් වහන්සේ යමෙකුට පියසටහන දක්වනු කැමති සේක්ද ඔහු අරභයා අසුවල් නම් තැනැත්තා දකීවායි අධිෂ්ඨාන කරන සේක. එබැවින් මාගන්දිය බමුණා මෙන් මේ බමුණා ද තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානය වශයෙන් දුටුවේය.
පාසාදිකන්ති පසාදජනකං. ඉතරං තස්සෙව වෙවචනං. උත්තමදමථසමථමනුප්පත්තන්ති එත්ථ උත්තමදමථො නාම අරහත්තමග්ගො, උත්තමසමථො නාම අරහත්තමග්ගසමාධි, තදුභයං පත්තන්ති අත්ථො. දන්තන්ති නිබ්බිසෙවනං. ගුත්තන්ති ගොපිතං. සංයතින්ද්රියන්ති රක්ඛිතින්ද්රියං. නාගන්ති ඡන්දාදීහි අගච්ඡනතො, පහීනකිලෙසෙ පුන අනාගච්ඡනතො, ආගුං අකරණතො, බලවන්තට්ඨෙනාති චතූහි කාරණෙහි නාගං.
පාසාදිකං යනු ප්රසාදජනක දෙයයි. සෙස්ස එයටම පර්යාය වචනයකි. උත්තමදමථසමථමනුප්පත්තං යන මෙහි උත්තමදමථ නම් අරහත් මාර්ගයයි. උත්තමසමථ නම් අරහත් මාර්ග සමාධියයි. ඒ දෙකට පැමිණියේයි අර්‍ත්‍ථයි. දන්තං යනු දමනය වූයි. ගුත්තං යනු රක්නා ලදයි. සංයතින්ද්රියං යනු රක්නාලද ඉන්ද්රිය ඇත්තේයි. නාගං යනු ඡන්දාදියෙන් (අගතියට) නොයන බැවින් ද නැසූ කෙලෙස් යළි නොඑන බැවින් ද වැරදි නොකරන බැවින් ද බලවත් අර්ත්ථයෙන් ද යන සතර කරුණින් නාග වූයේයි.
දෙවො නො භවං භවිස්සතීති එත්ථ “දෙවො නො භව”න්ති එත්තාවතාපි පුච්ඡා නිට්ඨිතා භවෙය්ය, අයං පන බ්රාහ්මණො “අනාගතෙ මහෙසක්ඛො එකො දෙවරාජා භවිස්සතී”ති අනාගතවසෙන පුච්ඡාසභාගෙනෙව කථෙන්තො එවමාහ. භගවාපිස්ස පුච්ඡාසභාගෙනෙව කථෙන්තො න ඛො අහං, බ්‍රාහ්මණ, දෙවො භවිස්සාමීති ආහ. එස නයො සබ්බත්ථ. ආසවානන්ති කාමාසවාදීනං චතුන්නං. පහීනාති බොධිපල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණාධිගමෙනෙව පහීනා. අනුපලිත්තො ලොකෙනාති තණ්හාදිට්ඨිලෙපානං පහීනත්තා සඞ්ඛාරලොකෙන අනුපලිත්තො. බුද්ධොති චතුන්නං සච්චානං බුද්ධත්තා බුද්ධො ඉති මං ධාරෙහි.
දෙවො නො භවං භවිස්සති යන මෙහි දෙවො නො භවං යන මෙපමණකින් ද විමසීම නිමියේ වන්නේය. මේ බමුණා වනාහි අනාගතයෙහි මහෙශාක්‍ය එක් දිව්යරාජයෙක් වන්නේ යයි අනාගත වශයෙන් විමසීම කරන්නේ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුට විමසීම් සමානත්වයෙන්ම ප්‍රකාශ කරන සේක් “න ඛො අහං බ්‍රාහ්මණ දෙවො හවිස්වාමි”යි වදාළ සේක. සියලු තන්හි මේ ආකාරයමැයි. ආසවානං යනු කාමාසවාදී සතරේයි. පහීනා යතු බෝ පළඟෙහි දී සර්වඥතා ඥානාවබෝධයෙන්ම දුරු වූවාහුයි. අනුපලිත්තො ලොකෙන යනු තෘෂ්ණා දෘෂ්ටි ආලේපයන් ප්‍රහීණ වූ බැවින් සංස්කාරලොක සංඛ්‍යාත වූ ලෝකය සමඟ නොඇඑණේයි. බුද්ධො යනු සිවුසස් අවබෝධ කළ බැවින් බුද්ධ යයි මා සලකව යනුයි.
යෙනාති යෙන ආසවෙන. දෙවූපපත්යස්සාති දෙවූපපත්ති අස්ස මය්හං භවෙය්ය. විහඞ්ගමොති ආකාසචරො ගන්ධබ්බකායිකදෙවො. විද්ධස්තාති විධමිතා. විනළීකතාති විගතනළා විගතබන්ධනා කතා. වග්ගූති සුන්දරං. තොයෙන නුපලිප්පතීති උදකතො රතනමත්තං අච්චුග්ගම්ම ඨිතං සරං සොභයමානං භමරගණං හාසයමානං තොයෙන න ලිප්පති. තස්මා බුද්ධොස්මි බ්රාහ්මණාති දෙසනාපරියොසානෙ තීණි මග්ගඵලානි පාපුණිත්වා ද්වාදසහි පදසහස්සෙහි දොණගජ්ජිතං නාම වණ්ණං කථෙසි, තථාගතෙ ච පරිනිබ්බුතෙ ජම්බුදීපතලෙ උප්පන්නං මහාකලහං වූපසමෙත්වා ධාතුයො භාජෙසීති.
යෙන යනු යම් ආසවයකිනි. දෙවුපපත්යස්ස යනු දේවත්වයෙන් උපත මේ මට වන්නේය. විහඞ්ගමො යනු අහසෙහි හැසිරෙන ගන්ධබ්බකායික දෙවියෙකි. විද්ධස්තා යනු විනාශ කරන ලදයි. වීනළිකතා යනු දුරුකළ නළ, දුරුකළ බැඳුම් ඇතිබවට පත්කළා වූයි. වග්ගු යනු සොඳුරුය. යෙන න උපලිප්පති යනු දියෙන් රියනක් පමණ උඩට මතුව සිටි විල හොබවන, බමර සමූහයා තුටුකරවන (පියුම) දියෙහි නොලැගෙයි. තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ යනු දෙසුම කෙළවර තුන් මගපලට පැමිණ පද දොළොස් දහසකින් දොණ ගජ්ජිත නම් වූ වර්ණනාව කළේය. බුදුන් පිරිනි වූ කල්හි දඹදිවු තෙලෙහි උපන් මහා අරගලය සංසිඳුවා ධාතුන් බෙදාලීය.
7. අපරිහානියසුත්තවණ්ණනා
7. අපරිහානිය සූත්‍ර වර්ණනාව
සත්තමෙ නිබ්බානස්සෙව සන්තිකෙති නිබ්බානසන්තිකෙයෙව චරති. සීලෙ පතිට්ඨිතොති පාතිමොක්ඛසීලෙ පතිට්ඨිතො. එවං විහාරීති එවං විහරන්තො. ආතාපීති ආතාපෙන වීරියෙන සමන්නාගතො. යොගක්ඛෙමස්සාති චතූහි යොගෙහි ඛෙමස්ස නිබ්බානස්ස. පමාදෙ භයදස්සිවාති පමාදං භයතො පස්සන්තො.
සත්වැනි සූත්‍රයෙහි නිබ්බානස්සෙව සන්තිකෙ යනු නිවන සමීපයෙහිම හැසිරෙයි. සීලෙ පතිට්ඨිතො යනු ප්රාතිමෝක්ෂ ශීලයෙහි පිහිටියේයි. එවං විහරමානාපි යනු මෙසේ වසන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේයි. යොගක්ඛෙමස්ස යනු සිවු යෝගයන්ගෙන් ක්ෂෙමය වූ නිවනටයි. පමාදෙ භයදස්සීවා යනු ප්‍රමාදය බියෙන් දකින්නේයි.
8. පතිලීනසුත්තවණ්ණනා
8. පතිලීන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පනුණ්ණපච්චෙකසච්චොති “ඉදමෙව දස්සනං සච්චං, ඉදමෙව සච්ච”න්ති එවං පාටිඑක්කං ගහිතත්තා පච්චෙකසඞ්ඛාතානි දිට්ඨිසච්චානි පනුණ්ණානි නීහටානි පහීනානි අස්සාති පනුණ්ණපච්චෙකසච්චො. සමවයසට්ඨෙසනොති එත්ථ අවයාති අනූනා, සට්ඨාති විස්සට්ඨා, සම්මා අවයා සට්ඨා එසනා අස්සාති සමවයසට්ඨෙසනො, සම්මා විස්සට්ඨසබ්බඑසනොති අත්ථො. පතිලීනොති නිලීනො එකීභාවං උපගතො. පුථුසමණබ්රාහ්මණානන්ති බහූනං සමණබ්රාහ්මණානං. එත්ථ ච සමණාති පබ්බජ්ජූපගතා, බ්රාහ්මණාති භොවාදිනො. පුථුපච්චෙකසච්චානීති බහූනි පාටෙක්කසච්චානි. නුණ්ණානීති නීහටානි. පනුණ්ණානීති සුට්ඨු නීහටානි. චත්තානීති විස්සට්ඨානි. වන්තානීති වමිතානි. මුත්තානීති ඡින්නබන්ධනානි කතානි. පහීනානීති පජහිතානි. පටිනිස්සට්ඨානීති යථා න පුන චිත්තං ආරොහන්ති, එවං පටිනිස්සජ්ජිතානි. සබ්බානෙවෙතානි ගහිතගහණස්ස විස්සට්ඨභාවවෙවචනානි.
අටවැනි සූත්‍රයෙන් පනුණ්ණපච්චෙකසච්චො යනු මේ දර්ශනයම සත්‍යයය, මෙය සත්‍යයයි මෙසේ වෙන් වෙන්ව (පෞද්ගලිකව) ගත් බැවින් පෞද්ගලික සංඛ්‍යාත වූ දෘෂ්ටි සත්‍යයන් ඉවත් වූයේ දුරුවුයේ ප්‍රහීන වූයේ මොහුගේනුයි පනුණ්ණපච්චෙකසච්චො නම් වෙයි. සමවයසට්ඨෙසනො යන මෙහි අවයා යනු නොඅඩුවූයි. සට්ඨා යනු ඉවතලූයි. මනාව නොඅඩුව ඉවතලූ තෘෂ්ණා ඇත්තේ මොහුටනුයි සමවයසට්ඨෙසනො නමි. මැනවින් අත්හළ සියලු තෘෂ්ණා ඇත්තේය යන අර්‍ත්‍ථයි. පතිලීනො යනු සැඟවුණේ, හුදෙකලා බවට ගියේයි. පුථුසමණබ්රාහ්මණානං යනු බොහෝවූ ශ්‍රමණ බ්රාහ්මණයන්ගේයි. මෙහිද සමණා යනු පැවිදිබවට පත් වූවාහුයි, බ්රාහ්මණා යනු හොවාදීහුයි (බමුණන්ට නමකි.). පුථුපච්චෙකසච්චානි යනු බොහෝ වූ වෙන් වෙන් වූ (පෞද්ගලික) සත්‍යයෝයි. නුණ්ණානි යනු බැහැර කරන ලදයි. පනුණ්ණානි යනු මනාව බැහැර කරන ලදයි. චත්තානි යනු ඉවතලූයි. වත්තානි යනු වැමෑරූයි, මුත්තානි යනු සිඳලූ බැඳුම් ඇතිකරන ලදයි, පහීනානි යනු අත්හැර දැමුයි. පටිනිස්සට්ඨානි යනු යම්සේ යළි සිතට නොනැගෙත්ද, එසේ ඉවතලූවාහුයි. මේ සියල්ලම ගන්නා ලද දැඩිබව අත්හළ බවට සමාන වචනයි.
කාමෙසනා පහීනා හොතීති අනාගාමිමග්ගෙන පහීනා. භවෙසනා පන අරහත්තමග්ගෙන පහීයති. “බ්රහ්මචරියං එසිස්සාමි ගවෙසිස්සාමී”ති එවං පවත්තජ්ඣාසයසඞ්ඛාතා බ්රහ්මචරියෙසනාපි අරහත්තමග්ගෙනෙව පටිප්පස්සද්ධිං වූපසමං ගච්ඡති. දිට්ඨිබ්රහ්මචරියෙසනා පන සොතාපත්තිමග්ගෙනෙව පටිප්පසම්භතීති වෙදිතබ්බා. එවං ඛො, භික්ඛවෙති එවං චතුත්ථජ්ඣානෙන පස්සද්ධකායසඞ්ඛාරො වූපසන්තඅස්සාසපස්සාසො නාම හොති. අස්මිමානොති අස්මීති උප්පජ්ජනකො නවවිධමානො.
කාමෙසනා පහීනා හොති යනු අනාගාමී මාර්ගයෙන් ප්‍රහීන වූවෝයි, භවෙසනාව අරහත් මාර්ගයෙන් ප්‍රහීන වෙයි. බඹසර සොයන්නෙමි. ගවේෂණය කරමැයි මෙසේ පවතින අදහස නම් වූ බ්‍රහ්මචරියෙසනාව ද අරහත් මාර්ගයෙන්ම සන්සුන්බවට සංසිඳීමට යයි. දිට්ඨි බ්‍රහ්මචරියෙසනාව වනාහි සොතාපත්ති මාර්ගයෙන්ම සංසිදේ යයි දතයුතුය. එවං ඛො භික්ඛවෙ යනු මෙසේ සිවුවන දැහැනින් සන්සුන් වූ කාය සංස්කාර ඇත්තේ සන්සුන් ආශ්වාස ප්‍රශ්වාස ඇත්තේ ඇත්තේ නම් වෙයි. අසම්මානො යනු වෙමැයි උපදින නව ආකාර වූ මානයයි.
ගාථාසු කාමෙසනා භවෙසනාති එතා ද්වෙ එසනා, බ්රහ්මචරියෙසනා සහාති තාහියෙව සහ බ්රහ්මචරියෙසනාති තිස්සොපි එතා. ඉධ ඨත්වා එසනා පටිනිස්සට්ඨාති ඉමිනා පදෙන සද්ධිං යොජනා කාතබ්බා. ඉති සච්චපරාමාසො, දිට්ඨිට්ඨානා සමුස්සයාති “ඉති සච්චං ඉති සච්ච”න්ති ගහණපරාමාසො ච දිට්ඨිසඞ්ඛාතායෙව දිට්ඨිට්ඨානා ච යෙ සමුස්සිතත්තා උග්ගන්ත්වා ඨිතත්තා සමුස්සයාති වුච්චන්ති, තෙ සබ්බෙපි. ඉධ ඨත්වා දිට්ඨිට්ඨානා සමූහතාති ඉමිනා පදෙන සද්ධිං යොජනා කාතබ්බා. කස්ස පන එතා එසනා පටිනිස්සට්ඨා, එතෙ ච දිට්ඨිට්ඨානා සමූහතාති? සබ්බරාගවිරත්තස්ස තණ්හාක්ඛයවිමුත්තිනො. යො හි සබ්බරාගෙහිපි විරත්තො, තණ්හාක්ඛයෙ ච නිබ්බානෙ පවත්තාය අරහත්තඵලවිමුත්තියා සමන්නාගතො, එතස්ස එසනා පටිනිස්සට්ඨා, දිට්ඨිට්ඨානා ච සමූහතා. ස වෙ සන්තොති සො එවරූපො කිලෙසසන්තතාය සන්තො. පස්සද්ධොති ද්වීහි කායචිත්තපස්සද්ධීහි පස්සද්ධො. අපරාජිතොති සබ්බකිලෙසෙ ජිනිත්වා ඨිතත්තා කෙනචි අපරාජිතො. මානාභිසමයාති මානස්ස පහානාභිසමයෙන. බුද්ධොති චත්තාරි සච්චානි බුජ්ඣිත්වා ඨිතො. ඉති ඉමස්මිං සුත්තෙපි ගාථාසුපි ඛීණාසවොව කථිතොති.
ගාථාවන්හි කාමෙසනා භවෙසනා යනු මේ එසනා දෙකයි. බ්රහ්මචරියෙසනා සහ යනු ඒවා සමග බ්රහ්මචරියෙසනා යන මේ තුනම වේ. මෙහි සිට, ඵසනාපටිනිස්සට්ඨා යන මේ පදය සමඟ යෙදිය යුතුය. ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා යනු මේ සත්‍යයයි. මේ සත්‍යයයි යනුවෙන් දැඩිව ගැනීමද දිට්ඨි සංඛ්යාතවූම දිට්ඨිට්ඨානයෝ ද උස්ව ඇති බැවින් උඩට නැඟී ඇති බැවින් “සමුස්සයා”යි කියනු ලැබෙත් ඒ සියල්ලම මෙහි සිට දිට්ඨිට්ඨානා සමූහතා යන මේ පදය සමග යෙදිය යුතුයි. කවරකුගේ නම් මේ එසනාව දුරු කරන ලද්දේ ද මේ දිට්ඨිඨානයෝ ද දුරුකරන ලද්දාහුදැයි දැක්වීමට සබ්බරාගවිරත්තස්ස තණ්හක්ඛය විමුත්තිනොයි (කියන ලදි). යමෙක් වනාහි සියලු රාගයන්හි නොඇළුණේ ද තෘෂ්ණා ක්ෂය වූ නිවනෙහි පැවති අරහත්ඵල විමුක්තියෙන් යුක්තවූයේ ද ඔහුගේ එසනාව දුරුවූයේය. දිට්ඨිට්ඨානයෝ ද නසන ලද්දාහුය. සවෙසන්තො යනු මෙබඳු වූ හෙතෙම කෙලෙස් තැවුලෙන් නිවුනේයි. පස්සද්ධො යනු කායචිත්තපස්සද්ධි දෙකින් සංසිඳුනේයි. අපරාජිතා යනු සියලු කෙලෙසුන් දිනා සිටි බැවින් කිසිවකු විසින් නොපරදවන ලද්දේයි. මානාභිසමයා යනු මානය ප්රහාණය කිරීමේ අවබෝධයෙනි. බුද්ධො යනු සිවුසස් අවබෝධකොට සිටියේයි. මෙසේ මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද ක්ෂීණාශ්රවයාම කියන ලදි.
9. උජ්ජායසුත්තවණ්ණනා
9. උජ්ජාය සූත්‍ර වර්ණනාව
නවමෙ සඞ්ඝාතං ආපජ්ජන්තීති වධං මරණං ආපජ්ජන්ති. නිච්චදානන්ති සලාකභත්තං. අනුකුලයඤ්ඤන්ති අම්හාකං පිතූහි පිතාමහෙහි දින්නත්තා එවං කුලානුකුලවසෙන යජිතබ්බං, දාතබ්බන්ති අත්ථො. අස්සමෙධන්තිආදීසු අස්සමෙත්ථ මෙධන්තීති අස්සමෙධො, ද්වීහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස එකවීසතියූපස්ස ඨපෙත්වා භූමිඤ්ච පුරිසෙ ච අවසෙසසබ්බවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. පුරිසමෙත්ථ මෙධන්තීති පුරිසමෙධො, චතූහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. සම්මමෙත්ථ පාසන්තීති සම්මාපාසො, දිවසෙ දිවසෙ සම්මං ඛිපිත්වා තස්ස පතිතොකාසෙ වෙදිං කත්වා සංහාරිමෙහි යූපාදීහි සරස්සතිනදියා නිමුග්ගොකාසතො පභුති පටිලොමං ගච්ඡන්තෙන යජිතබ්බස්ස සබ්බයාගස්සෙතං අධිවචනං. වාජමෙත්ථ පිවන්තීති වාජපෙය්යං, එකෙන පරියඤ්ඤෙන සත්තරසහි පසූහි යජිතබ්බස්ස බෙලුවයූපස්ස සත්තරසකදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. නත්ථි එත්ථ අග්ගළාති නිරග්ගළො. නවහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා පුරිසෙහි ච අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස සබ්බමෙධපරියායනාමස්ස අස්සමෙධවිකප්පස්සෙතං අධිවචනං. මහාරම්භාති මහාකිච්චා මහාකරණීයා. අපිච පාණාතිපාතසමාරම්භස්ස මහන්තතායපි මහාරම්භායෙව. න තෙ හොන්ති මහප්ඵලාති එත්ථ නිරවසෙසත්ථෙ සාවසෙසරූපනං කතං. තස්මා ඉට්ඨඵලෙන නිප්ඵලාව හොන්තීති අත්ථො. ඉදඤ්ච පාණාතිපාතසමාරම්භමෙව සන්ධාය වුත්තං. යං පන තත්ථ අන්තරන්තරා දානං දිය්යති, තං ඉමිනා සමාරම්භෙන උපහතත්තා මහප්ඵලං න හොති, මන්දඵලං හොතීති අත්ථො. හඤ්ඤරෙති හඤ්ඤන්ති. යජන්ති අනුකුලං සදාති යෙ අඤ්ඤෙ අනුකුලං යජන්ති, පුබ්බපුරිසෙහි යිට්ඨත්තා පච්ඡිමපුරිසාපි යජන්තීති අත්ථො. සෙය්යො හොතීති විසෙසොව හොති. න පාපියොති පාපං කිඤ්චි න හොති.
නවවැනි සූත්‍රයෙහි සංඝාතං ආපජ්ජන්ති යනු වධයට මරණයට පැමිණෙති යනුයි. නිච්චදානං යනු සලාක බතයි. අනුකූලයඤ්ඤං යනු අපගේ පියවරුන් විසින් මුත්තණුවරුන් විසින් දෙන ලද බැවින් මෙසේ කුලයෙන් කුලයට වශයෙන් යාග කළ යුතුය, දිය යුතුය යන අර්‍ත්‍ථයි. අස්සමෙධං යනාදියෙහි මෙහි අශ්වයාම මේධය (යාග පුජාව) වේනුයි අස්සමෙධ නමි. විශේෂ යාග දෙකකින් පිදියයුතු, එකුන්විසි යාග කණු ඇති, බිම ද මිනිසුන් ද හැර ඉතිරි සියලු සම්පත් හා දක්ෂිණාව ඇති යාගයට මෙය නමෙකි. මෙහි පුරුෂයා පූජා භාණ්ඩය වේ යයි පුරිසමෙධ නමි. විශේෂ යාග සතරකින් යැදිය යුතු බිම සමඟ අශ්වමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති යාගයට මේ නමෙකි. මෙහි සම්මය (යාග උපකරණයක්) පාසය වූයේනුයි සම්මාපාසොයි දිනපතා සම්මය විසිකොට (දමා ගසා) එය වැටුණු තැන ඉවත්කළහැකි යාග කණු ආදියෙන් වේදිකාව තනා සරස්වතී නදියෙහි ගිලෙන තැන සිට පිළිලොම්ව යන්නහු විසින් යැදිය යුතු සියලු යාගයට මෙය නමෙකි. මෙහි ශක්තිය බොත්නුයි වාජපෙය්යං නමි. එක් උත්කෘෂ්ට යාගයකින් ද සතුන් සතළොස් දෙනෙකුගෙන් ද යැදිය යුතු වූ, බෙලි (යාග) කණුව ඇති, සතළොස, සතළොස බැගින් වූ දක්ෂිණා ද ඇති යාගයට මේ නමකි. මෙහි අගුල් නැත්තේනුයි නිරග්ගළො නමි. උත්කෘෂ්ට යාග නවයකින් යැදිය යුතු වූ, බිම සහ පුරුෂයන් ද සමග අස්සමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති සබ්බමෙධ නම් වූ පර්‍ය්‍යාය නාමය ඇති අශ්වමෙධ විකල්පයට මේ නමෙකි. මහාරම්හා යනු මහත් කෘත්‍ය, මහත් කළයුතුදැයි. සත්ත්ව ඝාතනයේ මහත්බව නිසා ද මහාරම්හා යනු වේ. න තෙ හොන්ති මහප්ඵලා යනු මෙහි ඉතිරි නැති යන අරුත්හි ඉතිරි සහිත බවින් කරන ලදි. එබැවින් යහපත් ප්‍රතිඵලයෙන් නිෂ්පල වෙත්මැයි අර්‍ත්‍ථයි. මෙය ද පරපණ නැසීම අරභයාම කියන ලදි. එහි අතරතුර යම් දානයක් දෙනු ලැබේද මේ සත්ත්ව ඝාතනයෙන් නැසුණු බැවින් මහත්ඵලයක් නොවෙයි. අඩු ප්‍රතිඵලයක් වේ යයි අරුත්ය. හඤ්ඤරෙ යනු විනාශ කරති. යජන්ති අනුකූලං සදා යනු යමෙක් වෙනත් අනුකූල වූ යාගයක් කරත්ද පූර්වපුරුෂයන් විසින් යාගකරන ලද බැවින් පශ්චිම පුරුෂයෝ ද යාග කරතියි අර්ත්ථයයි. සෙය්යො හොති යනු විශේෂයක්ම වෙයි. න ජාපියො යනු කිසි පවක් නොවෙයි.
10. උදායීසුත්තවණ්ණනා
10. උදායී සූත්‍ර වර්ණනාව
දසමෙ අභිසඞ්ඛතන්ති රාසිකතං. නිරාරම්භන්ති පාණසමාරම්භරහිතං. යඤ්ඤන්ති දෙය්යධම්මං. තඤ්හි යජිතබ්බත්තා යඤ්ඤන්ති වුච්චති. කාලෙනාති යුත්තප්පත්තකාලෙන. උපසංයන්තීති උපගච්ඡන්ති. කුලං ගතින්ති වට්ටකුලඤ්චෙව වට්ටගතිඤ්ච අතික්කන්තා. යඤ්ඤස්ස කොවිදාති චතුභූමකයඤ්ඤෙ කුසලා. යඤ්ඤෙති පකතිදානෙ. සද්ධෙති මතකදානෙ. හබ්යං කත්වාති හුනිතබ්බං දෙය්යධම්මං උපකප්පෙත්වා. සුඛෙත්තෙ බ්රහ්මචාරිසූති බ්රහ්මචාරිසඞ්ඛාතෙ සුඛෙත්තම්හීති අත්ථො. සුප්පත්තන්ති සුට්ඨු පත්තං. දක්ඛිණෙය්යෙසු යං කතන්ති යං දක්ඛිණාය අනුච්ඡවිකෙසු උපකප්පිතං, තං සුහුතං සුයිට්ඨං සුප්පත්තන්ති අත්ථො. සද්ධොති බුද්ධධම්මසඞ්ඝගුණානං සද්දහනතාය සද්ධො. මුත්තෙන චෙතසාති විස්සට්ඨෙන චිත්තෙන. ඉමිනාස්ස මුත්තචාගං දීපෙතීති.
දසවැනි සූත්‍රයෙහි අභිසඞ්ඛතං යනු රැස්කරන ලදයි. නිරාරම්හං යනු ප්‍රාණඝාත රහිතවූයි. යඤ්ඤං දෙය්යධර්මය (දාන වස්තුව) යි. එය යැදියයුතු බැවින් යඤ්ඤ යයි කියනු ලැබේ. කාලෙන යනු සුදුසු කාලයෙනි. උපසංයන්ති යනු එළඹෙත්. කාලංගතිං යනු සංසාර කාලය මෙන්ම සංසාර ගතියද ඉක්මවන ලද්දාවූයි. පුඤ්ඤස්ස කොවිදා යනු චතුභූමික පුණ්‍යයෙහි දක්ෂ වූවෝයි. යඤ්ඤෙ යනු ප්‍රකෘති දානයෙහියි. සද්ධෙ යනු මතක දානයෙහියි, භව්යං කත්වා යනු යාග කළයුතු දෙයසනධර්මය පිරිනමායි. සුඛෙත්තෙ බ්රහ්මචාරීසු යනු බ්‍රහ්මචාරී සංඛ්‍යාත වූ මනා ක්ෂෙත්රයෙහිය යන අරුතය. සුප්පත්තං යනු මනාව පැමිණියි. දක්ඛිණෙය්යෙසු යං කතං යනු දක්ෂිණාවට සුදුසුවූවන් කෙරෙහි පිරිනමන ලද යමක් වේ ද එය මනාව හෝමකළ මනාව යාගකළ මනාව පැමිණි දෙයකැයි අරුත්ය. සද්ධො යනු බුද්ධ, ධම්ම, සංඝ ගුණ අදහන බැවින් ශ්‍රද්ධාව ඇත්තේයි. මුත්තෙන චෙතසා යනු අත්හළ සිතෙනි. මෙයින් ඔහුගේ ඉවත් වූ ත්‍යාගවත් බව දක්වයි.
චක්කවග්ගො චතුත්ථො.
සතරවැනි චක්ක වර්ගයයි.