යෙදුමෙන් කියවන්න

පඨම නකුල සමජීවීසුත‍්තං

4. 2. 1. 5.

4. 2. 1. 5.

[පඨම (නකුල) සමජීවීසුත‍්තං]

[පඨම (නකුල) සමජීවී සූත්‍රය]

5. එකං සමයං භගවා භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන නකුලපිතුනො ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

5. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භෙසකලාවන නම් (මිහිඟගස් ඇති) මුවලැව්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නකුලපිතු ගැහැවියාගේ නිවෙස කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩහුන්හ.

අථ ඛො නකුලපිතා ච ගහපති නකුලමාතා ච ගහපතානී යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො නකුලපිතා ගහපති භගවන‍්තං එතදවොච: –

එක්බිති නකුලපිතු ගැහැවි හා නකුලමාතු ගැහැවිදූ හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් නකුලපිතු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.

යතො මෙ භන‍්තෙ, නකුලමාතා ගහපතානී දහරස‍්සෙව දහරා ආනීතා නාභිජානාමි නකුලමාතරං ගහපතානිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච‍්ඡෙය්‍යාම මයං භන‍්තෙ දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුන‍්ති.

වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මට තුරුණුවියෙහි සිටි නකුලමාතු ගැහැවිදූ පරිනීත වූ ද, එතැන් සිට නකුලමාතු ගැහැවිදුව සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හිදු උනුන් දක්නට පරලොව් හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.

නකුලමාතාපි ඛො ගහපතානී භගවන‍්තං එතදවොච : යත්‍වාහං භන‍්තෙ නකුලපිතුනො ගහපතිස‍්ස දහරස‍්සෙව දහරා ආනීතා නාභිජානාමි නකුලපිතරං ගහපතිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන. ඉච‍්ඡෙය්‍යාම මයං භන‍්තෙ දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං. අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුන‍්ති.

නකුලමාතු ගැහැවිදූ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මම තරුණවියෙහි සිටි නකුලපිතු ගැහැවිහට ගෙණෙන ලදුම් ද, නකුලපිතු ගැහැවියා සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.

ආකඞ‍්ඛෙය්‍යුං චෙ ගහපතයො උභො ජානිපතයො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං. උභො ච අස‍්සු සමසද‍්ධා සමසීලා සමචාගා සමපඤ‍්ඤා. තෙ දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සන‍්ති අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සන‍්තීති.

ගැහැවිකුලවැසියෙනි, ඉදින් අඹුසැමි දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි ද උනුන් දක්නට කැමැති වන්නහු නම් දෙදෙන ම සමසැදැහැ ඇතියාහු නම් සම සිල් ඇතියාහු නම් සමත්‍යාග ඇතියාහු නම් සමප්‍රඥා ඇතියාහු නම් ඔහු දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නාහ. පරලොව්හි ද උනුන් දක්නාහ.

18. උභො සද‍්ධා වදඤ‍්ඤූ ච සඤ‍්ඤතා ධම‍්මජීවිනො, තෙ හොන‍්ති ජානිපතයො අඤ‍්ඤමඤ‍්ඤං පියංවදා.

18. දෙදෙන ම සැදැහැතිව, දන්කලු ව ශීලසංයම ඇතිව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.

19. අත්‍ථා සම‍්පචුරා හොන‍්ති ඵාසුකං උපජායති අමිත‍්තා දුම‍්මනා හොන‍්ති උභින‍්නං සමසීලිනං.

19. සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.

20. ඉධ ධම‍්මං චරිත්‍වාන සමසීලබ‍්බතා උභො, නන්‍දිනො දෙවලොකස‍්මිං මොදන‍්ති කාමකාමිනොති.

20. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.