යෙදුමෙන් කියවන්න

දුතිය නකුල සමජීවීසුත‍්තං

4. 2. 1. 6.

4. 2. 1. 6.

[දුතිය (නකුල) සමජීවීසුත‍්තං]

[දුතිය (නකුල) සමජීවී සූත්‍රය]

6. ආකඞ‍්ඛෙය්‍යුං චෙ භික‍්ඛවෙ, උභො ජානිපතයො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිතුං. උභො ව අස‍්සු සමසද‍්ධා සමසීලා සමචාගා සමපඤ‍්ඤා. තෙ දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සන‍්ති, අභිසම‍්පරායඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සන‍්තීති.

6. මහණෙනි, ඉදින් අඹුසැමිහු දෙදෙනා මෙලොව්හිත් පරලොව්හිත් උනුන් දක්නට කැමති වන්නාහු නම් දෙදෙන ම සම සැදැහැ සමසිල් සමත්‍යාග සමප්‍රඥා ඇතිවන්නාහුය. ඔහු දෙදෙන මෙලොව්හි ද පරලොව්හි ද උනුන් දක්නාහ.

21. උභො සද‍්ධා වදඤ‍්ඤූ ච සඤ‍්ඤතා ධම‍්මජීවිනො, තෙ හොන‍්ති ජානිපතයො අඤ‍්ඤමඤ‍්ඤං පියංවදා.

21. දෙමහල්ලෝ ම සැදැහැතිව, දන්කලු ව, ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.

22. අත්‍ථා සම‍්පචුරා හොන‍්ති ඵාසත්‍ථං උපජායති, අමිත‍්තා දුම‍්මනා හොන‍්ති උභින‍්නං සමසීලිනං.

22. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.

23. ඉධ ධම‍්මං චරිත්‍වාන සමසීලබ‍්බතා උභො, නන්‍දිනො දෙවලොකස‍්මිං මොදන‍්ති කාමකාමිනොති.

23. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොවදී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.