යෙදුමෙන් කියවන්න

සුප‍්පවාසාසුත‍්තං

4. 2. 1. 7.

4. 2. 1. 7.

[සුප‍්පවාසාසුත‍්තං]

[සුප්පවාසා සූත්‍රය]

7. එකං සමයං භගවා කොලියෙසු විහරති සජ‍්ජනෙලං නාම කොලියානං නිගමො. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන සුප‍්පවාසාය කොලියධීතාය නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

7. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි සජ්ජනෙල නම් කෝලියරජකුලන්ගේ නියම්ගම්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සුප්පාවාසා නම් කොලියරාජදුහිතෘවගේ නිවෙස්නය කරා වැඩිය හ. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ.

අථ ඛො සුප‍්පවාසා කොලියධීතා භගවන‍්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි, සම‍්පවාරෙසි. අථ ඛො සුප‍්පවාසා කොලියධීතා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො සුප‍්පවාසං කොලියධීතරං භගවා එතදවොච :

එක්බිති සුප්පවාසා කෝලිය රජදුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපා ලූ ය. මොනොවට පවරාලූය. එක්බිති සුප්පවාසා කෝලිය රජදූ නිමකළ වැළඳුම් ඇති, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ දැක එකත්පස් ව හුන. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් සුප්පවාසා කෝලිය රජදුවට තෙල වදාළහ:

භොජනං සුප‍්පවාසෙ, දෙන‍්තී අරියසාවිකා පටිග‍්ගාහකානං චත‍්තාරි ඨානානි දෙති. කතමානි චත‍්තාරි?

සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:

ආයුං දෙති වණ‍්ණං දෙති සුඛං දෙති බලං දෙති. ආයුං ඛො පන දත්‍වා ආයුස‍්ස භාගිනී හොති. දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා. වණ‍්ණං දත්‍වා වණ‍්ණස‍්ස භාගිනී හොති. දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා. සුඛං දත්‍වා සුඛස‍්ස භාගිනී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා. බලං දත්‍වා බලස‍්ස භාගිනී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා. භොජනං සුප‍්පවාසෙ දෙන‍්තී අරියසාවිකා පටිග‍්ගාහකානං ඉමානි චත‍්තාරි ඨානානි දෙතීති.

ආයුෂ දේ, වර්‍ණය දේ, සුඛය දේ, බලය දේ, ආදන් දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ වර්‍ණයට හිමි වෙයි. සුඛදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ සුඛයට හිමි වෙයි. බලදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට මේ සතර කරුණු දෙයි.

24. සුසඞ‍්ඛතං භොජනං යා දදාති සුචිං පණීතං රසසා උපෙතං, සා දක‍්ඛිණා උජ‍්ජුගතෙසු දින‍්නා චරණොපපන‍්නෙසු මහග‍්ගතෙසු, පුඤ‍්ඤෙන පුඤ‍්ඤං සංසන්‍දමානා මහප‍්ඵලා ලොකවිදූන වණ‍්ණිතා.

24-25 යම් අරිසැවියක් පවිත්‍ර ප්‍රණීත රසයෙන් යුත් බොජුන් මොනොවට සකස් කොට දේද , පසළොස් චරණධර්‍මයෙන් සමන්‍වාගත මහද්ගත වූ රහතුන් විෂයෙහි මහත්ඵල ඇති, බුදුන් විසින් වණන ලද, ඒ දක්‍ෂිණාව දෙන ලද ද, පිනෙන් පින සසඳන මෙබඳු දානය සිහි කරණ යම් අරීසැවි කෙනෙක් උපන් ප්‍රීති ඇතිව ලෝකයෙහි වෙසෙත් ද, ඔහු මසුරුමල මුලුසුන් කොටපියා අනින්‍දිතව සගතැන් පැමිණෙත්.

25. එතාදිසං යඤ‍්ඤමනුස‍්සරන‍්තා යෙ වෙදජාතා විචරන‍්ති ලොකෙ, විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං අනින්‍දිතා සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති.