සුදත්ත අනාථපිණ්ඩික සුත්තං
4. 2. 1. 8.
4. 2. 1. 8.
[සුදත්ත අනාථපිණ්ඩික සුත්තං]
[සුදත්ත (අනාථපිණ්ඩික) සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
8. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
8. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
භොජනං ගහපති, දදමානො අරියසාවකො පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි?
ගැහැවිය, බොජුන් දෙන අරීසවු පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා -පෙ- සුඛං දත්වා -පෙ- බලං දත්වා බලස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං ගහපති දදමානො අරියසාවකො පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දෙතීති.
ආයුෂ දෙයි, වර්ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. ගැහැවියෙනි, බොජුන් දෙන අරීසවු පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
26. යො සඤ්ඤතානං පරදත්තභොජිනං කාලෙන සක්කච්ච දදාති භොජනං, චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡති ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච.
26. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය වර්ණය සුඛය බලය යි සතර කරුණු දෙයි.
27. සො ආයුදායී බලදායී සුඛං වණ්ණං දදො නරො, දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතීති.
27. ආයුදායක බලදායක සුඛදායක වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනෙක උපදනේ ද, එ හැමතැන දීර්ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
4. 2. 1. 9.
4. 2. 1. 9.
[භොජනදායකසුත්තං]
[භෝජනදායක සූත්‍රය]
9. භොජනං භික්ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි?
9. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා -පෙ- සුඛං දත්වා -පෙ- බලං දත්වා බලස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං භික්ඛවෙ, දදමානො දායකො පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දෙතීති.
ආයුෂ දෙයි, වර්ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
28. යො සඤ්ඤතානං පරදත්තභොජිනං කාලෙන සක්කච්ච දදාති භොජනං, චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡති ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලං ච.
28. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය, වර්ණය, සුඛය, බලය යි සතර කරුණු දෙයි.
29. සො ආයුදායී බලදායී සුඛං වණ්ණං දදො නරො, දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතීති.
29. ආයුදායක, බලදායක, සුඛදායක, වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනක උපදනේ ද, එ හැම තැන දීර්ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.