යෙදුමෙන් කියවන්න

උජ‍්ජය සුත‍්තං

8. 2. 6. 5.

8. 2. 6. 5.

උජ‍්ජය සුත‍්තං

උජ්ජය සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අථ ඛො උජ‍්ජයො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො උජ‍්ජයො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

එකල්හි උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව නිමවා එකත්පසෙක හින, එකත්පසෙක හුන් උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:

මයං භො ගොතම, පවාසං ගන‍්තුකාමා, තෙසං නො භවං ගොතමො අම‍්හාකං තථා ධම‍්මං දෙසෙතු යෙනම‍්හාකං අස‍්සු ධම‍්මා දිට‍්ඨධම‍්මහිතාය දිට‍්ඨධම‍්මසුඛාය සම‍්පරායහිතාය සම‍්පරායසුඛායාති.

භවත් ගෞතමයන් වහන්ස, අපි ප්‍රවාසයට (පිටත වාසයට) යනු කැමැත්තම්හ. යම් හෙයෙකින් අපට දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස සම්පරායෙහි හිත පිණිස සම්පරායෙහි සුව පිණිස ධර්‍ම කෙනෙක් වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ එසේ අපට දහම් දෙසන සේක් ව යි.

චත‍්තාරොමෙ බ්‍රාහ‍්මණ, ධම‍්මා කුලපුත‍්තස‍්ස දිට‍්ඨධම‍්මහිතාය සංවත‍්තන‍්ති දිට‍්ඨධම‍්මසුඛාය. කතමෙ චත‍්තාරො:

බමුණ, මේ සතර දහම්හු කුලපුත්හු ගේ දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්:

උට‍්ඨානසම‍්පදා ආරක‍්ඛසම‍්පදා කල්‍යාණමිත‍්තතා සමජීවිකතා:

උට්ඨානසම්පදා ය, ආරක්ඛසම්පදා ය, කල්‍යාණමිත්තතා ය, සමජීවිකතා යි.

1. කතමා ච බ්‍රාහ‍්මණ, උට‍්ඨානසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො යෙන කම‍්මට‍්ඨානෙන ජීවිකං කප‍්පෙති යදි කසියා යදි වණිජ‍්ජාය යදි ගොරක‍්ඛෙන යදි ඉස‍්සත්‍ථෙන යදි රාජපොරිසෙන යදි සිප‍්පඤ‍්ඤතරෙන, තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුන‍්ති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, උට‍්ඨානසම‍්පදා.

1. බමුණ, උට්ඨානසම්පදා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරිරැක්මෙන් වේවයි, දුනුවාකැමින් වේවයි රාජසෙවායෙන් වේවයි අන්‍යතර ශිල්පයෙකින් වේවයි යම්බඳු වූ කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරේ නම් එහි අනලස් වූයේ තත්‍රෝපායවිමංසායෙන් සමන්‍වාගත වූයේ දක්‍ෂ වෙයි. කිරීමට සමත් වෙයි. සංවිධානයට සමත් වෙයි. බමුණ, මේ උට්ඨානසම්පදා යි කියනු ලැබේ.

2. කතමා ච බ්‍රාහ‍්මණ ආරක‍්ඛසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තස‍්ස භොගා හොන‍්ති උට‍්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක‍්ඛිත‍්තා ධම‍්මිකා ධම‍්මලද‍්ධා තෙ ආරක‍්ඛෙන ගුත‍්තියා සම‍්පාදෙති, කින‍්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං න චොරා හරෙය්‍යුං න අග‍්ගි ඩහෙය්‍ය න උදකං වහෙය්‍ය න අප‍්පියා දායාදා හරෙය්‍යුන‍්ති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ ආරක‍්ඛසම‍්පදා.

2. බමුණ, ආරක්ඛසම්පදා කවර: බමුණ, මෙලොව්හි කුලපුත්හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබනලද බාහුබලයෙන් රැස්කරන ලද ඩහදිය වැගිරවීමෙන් උපයන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඒ භොග ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කොට තබයි. කිමෙක, මාගේ භොග රජහු හැර නො ගනිත් නම්, සොරු පැහැර නො ගනිත් නම් ගිනි නො දවා නම්, වතුරු ගසාගෙන නො යේ නම්, අප්‍රිය බන්‍ධුහු පැහැර නොගනිත් නම් යෙහෙක කියායි. බමුණ, මේ ආරක්ඛසම්පදා යි කියනු ලැබේ.

3. කතමා ච බ්‍රාහ‍්මණ, කල්‍යාණමිත‍්තතා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො යස‍්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්‍ර යෙ තෙ හොන‍්ති ගහපති වා ගහපතිපුත‍්තා වා දහරා වා වුද‍්ධසීලිනො වුද‍්ධා වා වුද‍්ධසීලිනො සද‍්ධාසම‍්පන‍්නා සීලසම‍්පන‍්නා චාගසම‍්පන‍්නා පඤ‍්ඤාසම‍්පන‍්නා, තෙහි සද‍්ධිං සන‍්තිට‍්ඨති සල‍්ලපති සාකච‍්ඡං සමාපජ‍්ජති, යථාරූපානං සද‍්ධාසම‍්පන‍්නානං සද‍්ධාසම‍්පදං අනුසික‍්ඛති, යථාරූපානං සීලසම‍්පන‍්නානං සීලසම‍්පදං අනුසික‍්ඛති යථාරූපානං චාගසම‍්පන‍්නානං චාගසම‍්පදං අනුසික‍්ඛති. යථාරූපානං පඤ‍්ඤාසම‍්පන‍්නානං පඤ‍්ඤාසම‍්පදං අනුසික‍්ඛති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, කල්‍යාණමිත‍්තතා.

3. බමුණ කල්‍යාණමිත්තතා නම් කවර: බමුණ මෙ ලොව්හි කුලපුත් යම් ගමෙක වේවයි නියම්ගමෙක වේවයි වෙසේ නම් එහි ගැහැවි හෝ ගැහැවිපුත්හු හෝ වෘද්ධශීලී දහරයෝ හෝ වෘද්ධශීලී වෘද්ධයෝ හෝ ශ්‍රද්ධා සම්පන්න වූවාහු සීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු යම් ඒ කෙනෙක් වෙත් නම් ඔවුන් හා සමග සිටුනේ ය. සල්ලාප කරන්නේ ය. සාකච්ඡාවට එළඹෙන්නේ ය. යම් බඳු සැදැහැතියන්ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ශීලසම්පන්නයන්ගේ ශීලසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ නම් බමුණ මේ කල්‍යාණ මිත්තතා යි කියනු ලැබෙයි.

4. කතමා ච බ්‍රාහ‍්මණ සමජීවිකතා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො ආයං ච භොගානං විදිත්‍වා වයං ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති නාච‍්චොගාළ‍්හං නාතිහීනං ‘එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතී’ති.

4. බමුණ, සමජීවිකතා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි, මෙසේ මාගේ අය තෙමේ වැය මැඩගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩගෙන නො සිටුනේ ය කියා යි.

සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, තුලාධාරො වා තුලාධාරන‍්තෙවාසී වා තුලං පග‍්ගහෙත්‍වා ජානාති එත‍්තකෙන වා ඔත‍්තං එත‍්තකෙන වා උන‍්නතන‍්ති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ කුලපුත‍්තො ආයඤ‍්ච භොගානං විදිත්‍වා වයං ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති, නාච‍්චොගාළ‍්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතීති.

බමුණ, යම් පරිදි තුලා දරන්නෙක් වේවයි තුලා දරන්නකුගේ අතැවැස්සෙක් වේවයි තුලාව ගෙන මෙතෙකින් අවනතය මෙතෙකින් උන්නතය යි දන්නේ ද, බමුණ, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩිත් නො වූ ඉතා හීනත් නො වූ සම වූ ජීවිකාව කෙරෙයි. මෙසේ මාගේ අය තෙමේ වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩ ගෙන නො සිටුනේ ය කියායි.

සචායං බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො අප‍්පායො සමානො උළාරං ජීවිකං කප‍්පෙති, තස‍්ස භවන‍්ති චත‍්තාරො ‘උදුම‍්බරඛාදිකං වායං කුලපුත‍්තො භොගෙ බාදතී’ති.

බමුණ, ඉදින් මේ කුලපුත් අල්ප වූ අය ඇතිසේ ම උළාරව ජීවිකා කෙරේ නම් ‘ඔහට මෙ කුලපුත් දිඹුල් කනු සෙයින් භෝගයන් කා දමන්නේ ය’යි කියන්නාහු වෙත්.

සචෙ පනායං බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො මහායො සමානො කසිරං ජීවිකං කප‍්පෙති, තස‍්ස භවන‍්ති චත‍්තාරො ‘අජද‍්ධුමාරිකං චායං කුලපුත‍්තො මරිස‍්සතී’ති.

බමුණ, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ ම හීන ව ජීවිකා කෙර් නම් ඔහට ‘මේ කුලපුත් අනාථමරණයෙන් මැරෙන්නේ ය’යි කියන්නාහු වෙත්.

යතො ච ඛො අයං බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො ආයඤ‍්ච භොගානං විදිත්‍වා වයඤ‍්ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති නාච‍්චොගාළ‍්හං නාතිහීනං එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතී ති, අයං වුච‍්චති බ්‍රාහ‍්මණ සමජීවිකතා.

බමුණ, යම් හෙයෙකින් මේ කුලපුත් භෝගයන් ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි නො වූ ඉතා හීන නො වූ සමජීවිකා කෙරේ ද, මෙසේ ඇති කල්හි මාගේ අය වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය අය මැඩ ගෙන නො සිටුනේ ය’යි බමුණ, මේ සමජීවිකතා යි කියනු ලැබේ.

එවං සමුප‍්පන‍්නානං බ්‍රාහ‍්මණ, භොගානං චත‍්තාරි අපායමුඛානි හොන‍්ති: ඉත්‍ථිධුත‍්තො හොති සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො පාපමිත‍්තො පාපසහායො පාපසම‍්පවඞ‍්කො.

බමුණ, මෙසේ උපන් භෝගයන්ගේ සතර අවාමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පාපමිත්‍රයන් ඇති පවිටු යහළුවන් ඇති පවිටනට නැඹුරු වූවෙක් වෙයි.

සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, මහතො තළාකස‍්ස චත‍්තාරි චෙව ආයමුඛානි චත‍්තාරි ච අපායමුඛානි, තස‍්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්‍ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්‍ය, දෙවො ච න සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡෙය්‍ය, එවං තස‍්ස බ්‍රාහ‍්මණ, මහතො තළාකස‍්ස පරිහානියෙව පාටිකඞ‍්ඛා. නො වුද‍්ධි.

බමුණ, යම් පරිදි මහත් තඩාගයකට සතර අයමුව කෙනෙක් වෙත් ද, සතර අවාමුව කෙනෙකුත් වෙත් ද, පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුව වෙත් නම් ඔවුන් වසා තබන්නේ ය. යම් අවාමුව කෙනෙක් වෙත් නම් ඔවුන් විවර කරන්නේ ය. මේඝය ද මොනොවට වැසිදහර නො වස්වන්නේ ය. මෙසේ ඇති කල්හි බමුණ, ඒ මහතඩාගයාගේ පරිහානිය ම කැමති විය යුතු, වෘද්ධියෙක් නො වේ.

එවමෙව ඛො බ්‍රාහ‍්මණ, එවං සමුප‍්පන‍්නානං භොගානං චත‍්තාරි අපායමුඛානි හොන‍්ති: ඉත්‍ථිධුත‍්තො සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො පාපමිත‍්තො පාපසහායො පාපසම‍්පවඞ‍්කො. එවං සමුප‍්පන‍්නානං බ්‍රාහ‍්මණ, භොගානං චත‍්තාරි ආයමුඛානි හොන‍්ති: න ඉත්‍ථිධුත‍්තො හොති න සුරාධුත‍්තො න අක‍්ඛධුත‍්තො කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො.

බමුණ, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට අවාමුව සතරෙක් වේ: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පවිටු යහළුවන් ඇති පවට නැඹුරු වූ පාපමිත්‍රයන් ඇතියෙක් වේ, බමුණ, මෙසේ උපන් භෝගයනට අයමුව සතරෙක් වෙයි: ස්ත්‍රීධුර්‍ත නො වේ, සුරාධූර්‍ත නො වේ. අක්‍ෂධූර්‍ත නො වේ. කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයනට නැඹුරු වූවෙක් වේ.

සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, මහතො තළාකස‍්ස චත‍්තාරි චෙව ආයමුඛානි චත‍්තාරි ච අපායමුඛානි, තස‍්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්‍ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්‍ය, දෙවො ච සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡෙය්‍ය, එවං හි තස‍්ස බ්‍රාහ‍්මණ, මහතො තළාකස‍්ස වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා. නො පරිහානි. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, එවං සමුප‍්පන‍්නානං භොගානං චත‍්තාරි ආයමුඛානි හොන‍්ති: න ඉත්‍ථිධුත‍්තො -පෙ- කල්‍යාණසම‍්පවඞ‍්කො.

බමුණ, යම් පරිදි මහත් තඩාගයෙක් සතර අයමුව කෙනෙක් හා සතර අවාමුව කෙනෙක් හා වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයා ගේ යම් අයමුව වෙත් නම් විවර කෙරෙයි, යම් අවාමුව වෙත් නම් වසාලයි. මේඝයත් මොනොවට වැසි දහර වස්වන්නේ ය. බමුණ, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයාගේ වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානිය නො වේ. බමුණ, එපරිදි ම මෙසේ උපන් භෝගයන්ගේ සිව් අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි ... කලණට නැඹුරු වූයේ වෙයි.

ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, චත‍්තාරො ධම‍්මා කුලපුත‍්තස‍්ස දිට‍්ඨධම‍්මහිතාය සංවත‍්තන‍්ති දිට‍්ඨධම‍්මසුඛාය.

බමුණ, මේ සතර ධර්‍මයෝ කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.

චත‍්තාරො මෙ බ්‍රාහ‍්මණ, ධම‍්මා කුලපුත‍්තස‍්ස සම‍්පරායහිතාය සංවත‍්තන‍්ති සම‍්පරායසුඛාය. කතමෙ චත‍්තාරො: සද‍්ධාසම‍්පදා සීලසම‍්පදා චාගසම‍්පදා පඤ‍්ඤාසම‍්පදා.

බමුණ, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හු ගේ සම්පාරය හිත පිණිස සම්පරාය සුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්: සද්ධා සම්පදාය, සීලසම්පදාය, චාග සම්පදාය, පඤ්ඤාසම්පදා යි.

5. කතමා ච බ්‍රාහ‍්මණ, සද‍්ධාසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො සද‍්ධො හොති සද‍්දහති තථාගතස‍්ස බොධිං: ඉති’පි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, සද‍්ධාසම‍්පදා.

5. බමුණ, සද්ධා සම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බෝධිය හදහයි. මෙ කරුණෙනුදු ඒ භගවත්හු ... දෙවිමිනිස්නට ශාස්තෘ හ, සිවුසස් පිළිවිදියහ, භගවත්හ, කියා යි. බමුණ, මේ සද්ධාසම්පදා යි කියනු ලැබේ.

6. කතමා ච බ්‍රාහ‍්මණ, සීලසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ කුලපුත‍්තො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති, අයං වුච‍්චති බ්‍රාහ‍්මණ සීලසම‍්පදා.

6. බමුණ, සීල සම්පදා නම් කවර: මෙ බමුණ, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළැකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැක්කේ වෙයි. බමුණ, මේ සීල සම්පදා යි කියනු ලැබෙයි.

7. කතමා ච බ්‍රාහ‍්මණ චාගසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගො පයතපාණි වොස‍්සග‍්ගාරතො යාචයොගො දානසංවිභාගරතො, අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, චාගසම‍්පදා.

7. බමුණ, චාගසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව මුදා ලූ ත්‍යාග ඇතියේ, දෙවූ අත් ඇතියේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුනේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුනේ ගිහි ගෙයි වෙසෙයි. බමුණ, මේ චාගසම්පදා යි කියනු ලැබෙයි.

8. කතමා ච බ්‍රාහ‍්මණ පඤ‍්ඤාසම‍්පදා: ඉධ බ්‍රාහ‍්මණ, කුලපුත‍්තො පඤ‍්ඤවා හොති -පෙ- සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ පඤ‍්ඤාසම‍්පදා.

8. බමුණ, පඤ්ඤාසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුල පුත් ... මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු නුවණින් පැන ඇත්තේ වෙයි. බමුණ, මේ පඤ්ඤාසම්පදා යී කියනු ලැබේ.

ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, චත‍්තාරො ධම‍්මා කුලපුත‍්තස‍්ස සම‍්පරායහිතාය සංවත‍්තන‍්ති සම‍්පරායසුඛායාති.

බමුණ, මේ සතර දහම්හු කුල පුත්හුගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුව පිණිස පවත්නා හයි.

1. උට‍්ඨාතා කම‍්මධෙය්‍යෙසු අප‍්පමත‍්තො විධානවා, සමං කප‍්පෙති ජීවිකං සම‍්භතං අනුරක‍්ඛති.

1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ අප්‍රමත්ත වූයේ විධාන ඇත්තේ සමදිවි ගෙවයි. ඉපයූ දෑ දරන්නේ ය.

2. සද‍්ධො සීලෙන සම‍්පන‍්නො වදඤ‍්ඤූ වීතමච‍්ඡරො, නිච‍්චං මග‍්ගං විසොධෙති සොත්‍ථානං සම‍්පරායිකං

2. සැදැහැතියේ සිල් සපන් වූයේ යැදියන්ගේ වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සම්පරායට හිත වූ සුඛදායක මාර්‍ගය නිතර පිරිසුදු කෙරෙයි.

3. ඉච‍්චෙතෙ අට‍්ඨ ධම‍්මා ච සද‍්ධස‍්ස ඝරමෙසිනො, අක‍්ඛාතා සච‍්චනාමෙන උභයත්‍ථ සුඛාවහා.

3. මෙසේ තෙල අටදහම් හු සැදැහැති ගිහිහුගේ දෙලෝ සුව එළවන්නාහ යි සත්‍ය වූ නම් ඇති බුදුන් විසින් පවසන ලදහ.

4. දිට‍්ඨධම‍්මහිතත්‍ථාය සම‍්පරායසුඛාය ච, එවමෙතං ගහට‍්ඨානං චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪතී ති.

4. දිටුදැමියෙහි හිත පිණිස පරලොව සැප පිණිස ත්‍යාගය ගැහැවියන්ගේ තෙල පින මෙසේ වඩන්නේ යයි.