යෙදුමෙන් කියවන්න

කාමාධිවචන සුත‍්තං

8. 2. 6. 6.

8. 2. 6. 6.

කාමාධිවචන සුත‍්තං

කාමාධිවචන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

භයන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, රොගොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගණ‍්ඩොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සල‍්ලන‍්ති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සඞ‍්ගොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං පඞ‍්කොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං. ගබ‍්භොති භික‍්ඛවෙ, කාමානමෙතං අධිවචනං.

මහණෙනි, භය යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, දුක්ඛ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, රෝග මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගණ්ඩ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, සල්ල මෙය කාමයනට නමෙකි. මහණෙනි, සඞ්ග මෙය කාමයනට නමෙකි. මහණෙනි, පඞ්ක මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගබ්භ මෙය කාමයනට නමෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, භයන‍්ති කාමානමෙතං අධිවචනං: යස‍්මා ච කාමරාගරත‍්තායං භික‍්ඛවෙ, ඡන්‍දරාගවිනිබද‍්ධො දිට‍්ඨධම‍්මිකාපි භයා න පරිමුච‍්චති, සම‍්පරායිකාපි භයා න පරිමුච‍්චති, තස‍්මා භයන‍්ති කාමානමෙතං අධිවචනං.

මහණෙනි, කවර හෙයින් භය යන මෙය කාමයනට නම් වේ ද යත්: මහණෙනි, යම් කරුණෙකින් කාමරාගයෙන් රත්වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමියෙහි බියෙනුදු නො මිදෙයි. පරලොව්හි බියෙනුදු නොමිදේ. එහෙයින් භය යන මෙය කාමයනට නමෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, දුක‍්ඛන‍්ති -පෙ- රොගොති -පෙ- ගණ‍්ඩොති -පෙ- සල‍්ලන‍්ති -පෙ- සඞ‍්ගොති -පෙ- පඞ‍්කොති -පෙ- ගබ‍්භොති කාමානමෙතං අධිවචනං:

මහණෙනි, කවර හෙයින් දුක්ඛ යන ... රෝග යන ... ගණ්ඩ යන ... සල්ල යන ... සඞ්ග යන ... ගබ්භ යන මෙය කාමයනට නම් වේ ද, යත්:

යස‍්මා ච කාමරාගරත‍්තායං භික‍්ඛවෙ, ඡන්‍දරාගවිනිබද‍්ධො දිට‍්ඨධම‍්මිකාපි ගබ‍්භා න පරිමුච‍්චති, සම‍්පරාධිකාපි ගබ‍්භා න පරිමුච‍්චති, තස‍්මා ගබ‍්භොති කාමානමෙතං අධිවචනං.

මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් රත් වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමි ගැබිනුදු නො මිදේ, පරලෝ ගැබිනුදු නො මිදේ. එහෙයින් ගබ්භ යන මෙය කාමයනට නමෙකි.

1. භයං දුක‍්ඛඤ‍්ච රොගො ච ගණ‍්ඩො සල‍්ලඤ‍්ච සඞ‍්ගො ච, පඞ‍්කො ගබ‍්භො ච උභයං එතෙ කාමා පවුච‍්චන‍්ති, යත්‍ථ සත‍්තො පුථුජ‍්ජනො.

1. භය ද දුක්ඛ ද රෝග ද ගණ්ඩ ද සල්ල ද සඞ්ග ද පඞ්ක හා ගබ්භ යන මේ දෙදෙන දැයි යන මොහු කාමය යයි කියනු ලැබෙත්. යම් තැනෙක පුහුදුන් සත්ත්‍ව තෙමේ ඇලුනේ ද එහෙයිනි.

2. ඔතිණ‍්ණො සාතරූපෙන පුනගබ‍්භාය ගච‍්ඡති, යතො ච භික‍්ඛු ආතාපී සම‍්පජඤ‍්ඤං න රිඤ‍්චති

2. සුඛස්වරූපයෙන් (කාම සුඛයෙන්) අවතීර්‍ණ වූයේ යළි (පුනර්‍භව සඞ්ඛ්‍යාත) ගර්‍භයට යෙයි. යම් කලෙක පටන් කෙලෙස් තවන වැර ඇති මහණ සම්‍යක්ප්‍රඥානය නො හරී ද-

3. සො ඉමං පලිපං දුග‍්ගං අතික‍්කම‍්ම තථාවිධො, පජංජාති ජරූපෙතං ඵන්‍දමානං අවෙක‍්ඛතීති.

3. එබඳු හේ මේ දුර්‍ග වූ පලිපය (සංසාර නැමැති මහමඩවළ) ඉක්මවා ජාති ජරායෙන් යුත් (තුන් භවයෙහි) සැලෙන ප්‍රජාව (විදසුන් නැණින්) දක්නේ යයි.