යෙදුමෙන් කියවන්න

6. ගොතමීවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

6. ගොතමී වර්ගය

1. ගොතමී සුත‍්තවණ‍්ණනා

1. ගොතමී සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨස‍්ස පඨමෙ සක‍්කෙසු විහරතීති පඨමගමනෙන ගන‍්ත්‍වා විහරති. මහාපජාපතීති පුත‍්තපජාය චෙව ධීතුපජාය ච මහන‍්තත‍්තා එවංලද‍්ධනාමා. යෙන භගවා තෙනුපසඞ‍්කමීති භගවා කපිලපුරං ගන‍්ත්‍වා පඨමමෙව නන්‍දං පබ‍්බාජෙසි, සත‍්තමෙ දිවසෙ රාහුලකුමාරං. චුම‍්බටකකලහෙ (දී· නි· අට‍්ඨ· 2.331; සං· නි· අට‍්ඨ· 1.1.37) පන උභයනගරවාසිකෙසු යුද‍්ධත්‍ථාය නික‍්ඛන‍්තෙසු සත්‍ථා ගන‍්ත්‍වා තෙ රාජානො සඤ‍්ඤාපෙත්‍වා අත‍්තදණ‍්ඩසුත‍්තං (සු· නි· 941 ආදයො; මහානි· 170 ආදයො) කථෙසි. රාජානො පසීදිත්‍වා අඩ‍්ඪතියසතෙ අඩ‍්ඪතියසතෙ කුමාරෙ අදංසු, තානි පඤ‍්ච කුමාරසතානි සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිංසු, අථ නෙසං පජාපතියො සාසනං පෙසෙත්‍වා අනභිරතිං උප‍්පාදයිංසු. සත්‍ථා තෙසං අනභිරතියා උප‍්පන‍්නභාවං ඤත්‍වා තෙ පඤ‍්චසතෙ දහරභික‍්ඛූ කුණාලදහං නෙත්‍වා අත‍්තනො කුණාලකාලෙ නිසින‍්නපුබ‍්බෙ පාසාණතලෙ නිසීදිත්‍වා කුණාලජාතකකථාය (ජා· 2.21.කුණාලජාතක) තෙසං අනභිරතිං විනොදෙත්‍වා සබ‍්බෙපි තෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි, පුන මහාවනං ආනෙත්‍වා අරහත‍්තඵලෙති. තෙසං චිත‍්තජානනත්‍ථං පුනපි පජාපතියො සාසනං පහිණිංසු. තෙ “අභබ‍්බා මයං ඝරාවාසස‍්සා”ති පටිසාසනං පහිණිංසු. තා “න දානි අම‍්හාකං ඝරං ගන‍්තුං යුත‍්තං, මහාපජාපතියා සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා පබ‍්බජිස‍්සාමා”ති පඤ‍්චසතාපි මහාපජාපතිං උපසඞ‍්කමිත්‍වා “අය්‍යෙ, අම‍්හාකං පබ‍්බජ‍්ජං අනුජානාපෙථා”ති ආහංසු. මහාපජාපතී තා ඉත්‍ථියො ගහෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා රඤ‍්ඤො පරිනිබ‍්බුතකාලෙ උපසඞ‍්කමීතිපි වදන‍්තියෙව.

සවැන්නෙහි පළමු සූත්‍රයෙහි සක්කෙසු විහරති යනු පළමු ගමනින්ම ගොස් වෙසෙන සේක. මහාපජාපති යනු පුත්‍ර ප්‍රජාවට මෙන්ම දුහිතෘ ප්‍රජාවට ද උසස් බැවින් එසේ ලද නම් ඇත්තියයි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයට ගොස් පළමුවම නන්‍ද පැවිදි කරවූහ. සත්වැනි දිනයෙහි රහල් කුමරුන්ය. චුම්බට කලහයෙහි දී දෙනුවර වැසියන් යුද පිණිස යන කල්හි ශාස්තෲන් වහන්සේ වැඩම කොට ඒ රජවරුන් හඟවා අත්තදණ්ඩ සූත්‍රය වදාළ සේක. රජවරු පැහැදී කුමරුන් දෙසිය පණහ බැගින් දුන්නාහුය. ඒ කුමරු පන්සියය ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඉක්බිති ඔවුනට බිරින්දෑවරු හසුන් යවා (පැවිද්දට) නොඇල්ම ඉපදවූවාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුනට නොඇල්ම උපන්බව දැන ඒ පන්සියයක් තරුණ භික්ෂුන් කුණාල විලට පමුණුවා තමන් කුණාල කාලයෙහි හුන්විරූ ගල් තලාවෙහි හිඳ කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ නොඇල්ම දුරුකොට ඒ සියල්ලන් සෝවාන් පෙලෙහි පිහිටවූ සේක. යළි මහාවනයට ගෙනවුත් රහත් පෙලෙහි පිහිටවූහ. ඔවුන්ගේ සිත් දැනගනු සඳහා යළිඳු බිරින්දෑවරු හසුන් යැව්වාහුය. ඔවුහු අපි ගිහිගෙහි විසීමට නුසුදුස්සෝ වෙමුයි පිළිතුරු යැවූහ. ඔවුහු දැන් අපගේ ගෙවලට යාමට නොයුතුය. මහා ප්‍රජාපතිය සමීපයට ගොස් පැවිද්ද අනුදන්වා ගෙන පැවිදි වන්නෙමුයි පන්සියයම ප්‍රජාපතිය වෙත එළඹ ආර්‍ය්‍යාවනි, අපට පැවිදිවීමට අනුදත් මැනවයි කීවාහුය. මහා ප්‍රජාපතී තොමෝ ඒ ස්ත්‍රීන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියාය. සේසත යට රජු පිරිනිවන් පෑ කල්හි එළඹියේ යයි ද කියත්මය.

අලං ගොතමි, මා තෙ රුච‍්චීති කස‍්මා පටික‍්ඛිපි, නනු සබ‍්බෙසම‍්පි බුද‍්ධානං චතස‍්සො පරිසා හොන‍්තීති? කාමං හොන‍්ති, කිලමෙත්‍වා පන අනෙකවාරං යාචිතෙ අනුඤ‍්ඤාතං පබ‍්බජ‍්ජං “දුක‍්ඛෙන ලද‍්ධා”ති සම‍්මා පරිපාලෙස‍්සන‍්තීති ගරුං කත්‍වා අනුඤ‍්ඤාතුකාමො පටික‍්ඛිපි. පක‍්කාමීති පුන කපිලපුරමෙව පාවිසි. යථාභිරන‍්තං විහරිත්‍වාති බොධනෙය්‍යසත‍්තානං උපනිස‍්සයං ඔලොකෙන‍්තො යථාජ‍්ඣාසයනෙ විහරිත්‍වා. චාරිකං පක‍්කාමීති මහාජනසඞ‍්ගහං කරොන‍්තො උත‍්තමාය බුද‍්ධසිරියා අනොපමෙන බුද‍්ධවිලාසෙන අතුරිතචාරිකං පක‍්කාමි.

අලං ගොතමි මාතෙ රුච්චී යනු කුමක් හෙයින් ප්‍රතික්‍ෂේප කළසේක්ද? සියලුම බුදුවරුන්ට සිවු පිරිසක් නොවේද? නිසැකවම වෙයි. වෙහෙසවා නොයෙක්වර ඇයැදිවිට අනුදන්නා ලදි. පැවිද්ද දුකසේ ලබන ලදැයි මනාව රකිත්යයි බරකොට අනුදනු කැමති සේක් ප්‍රතික්‍ෂේප කළ සේක. පක්කාමි යනු යළි කපිල පුරයටම පිවිසි සේක. යථාභිරන්තං විහරිත්වා සත්ත්වයන්ගේ උපනිශ්‍රය බලනසේක් කැමති පරිද්දෙන් වැසයි, චාරිකං පක්කාමී යනු මහජනයාට සංග්‍රහ කරන සේක් අනුපම වූ බුද්ධශ්‍රියෙන් අනුපම වූ බුද්ධ විලාසයෙන් අතුරිත චාරිකාවේ වැඩිසේක.

සම‍්බහුලාහි සාකියානීහි සද‍්ධින‍්ති අන‍්තොනිවෙසනම‍්හියෙව දසබලං උද‍්දිස‍්ස පබ‍්බජ‍්ජාවෙසං ගහෙත්‍වා පඤ‍්චසතා සාකියානියො පබ‍්බජ‍්ජාවෙසංයෙව ගාහාපෙත්‍වා සබ‍්බාහිපි තාහි සම‍්බහුලාහි සාකියානීහි සද‍්ධිං. චාරිකං පක‍්කාමීති ගමනං අභිනීහරි. ගමනාභිනීහරණකාලෙ පන තා සුඛුමාලා රාජිත්‍ථියො පදසා ගන‍්තුං න සක‍්ඛිස‍්සන‍්තීති සාකියකොලියරාජානො සොවණ‍්ණසිවිකායො උපට‍්ඨාපයිංසු. තා පන “යානෙ ආරුය‍්හ ගච‍්ඡන‍්තීති සත්‍ථරි අගාරවො කතො හොතී”ති එකපණ‍්ණාසයොජනිකං පදසාව පටිපජ‍්ජිංසු. රාජානොපි පුරතො ච පච‍්ඡතො ච ආරක‍්ඛං සංවිදහාපෙත්‍වා තණ‍්ඩුලසප‍්පිතෙලාදීනං සකටානි පූරාපෙත්‍වා “ගතට‍්ඨානෙ ගතට‍්ඨානෙ ආහාරං පටියාදෙථා”ති පුරිසෙ පෙසයිංසු. සූනෙහි පාදෙහීති තාසඤ‍්හි සුඛුමාලත‍්තා පාදෙසු එකො ඵොටො උට‍්ඨෙති, එකො භිජ‍්ජති. උභො පාදා කතකට‍්ඨිසම‍්පරිකිණ‍්ණා විය හුත්‍වා උද‍්ධුමාතා ජාතා. තෙන වුත‍්තං – “සූනෙහි පාදෙහී”ති. බහිද‍්වාරකොට‍්ඨකෙති ද‍්වාරකොට‍්ඨකතො බහි. කස‍්මා පනෙවං ඨිතාති? එවං කිරස‍්සා අහොසි – “අහං තථාගතෙන අනනුඤ‍්ඤාතා සයමෙව පබ‍්බජ‍්ජාවෙසං අග‍්ගහෙසිං, එවං ගහිතභාවො ච පන මෙ සකලජම‍්බුදීපෙ පාකටො ජාතො. සචෙ සත්‍ථා පබ‍්බජ‍්ජං අනුජානාති, ඉච‍්චෙතං කුසලං. සචෙ පන නානුජානිස‍්සති, මහතී ගරහා භවිස‍්සතී”ති විහාරං පවිසිතුං අසක‍්කොන‍්තී රොදමානාව අට‍්ඨාසි.

සම්බහුලානි සාකියානීහි සද්ධිං යනු ඇතුළු ගෙහිදීම දශබලයන් වහන්සේ උදෙසා පැවිදි වෙස් ගෙන පන්සියයක් ශාක්‍ය කාන්තාවන් පැවිදිවෙස ගන්වාගෙන සියලුම ඒ බොහෝවූ ශාක්‍ය කාන්තාවන් සමඟයි, චාරිකං පක්කාමි යනු ගමන නික්මුණේය. ගමන්ගන්නා කල්හි, සියුමැලි රාජකාන්තාවෝ පයින් යා නොහෙතියි ශාක්‍ය කෝලිය රජවරු රන්සිවි ගෙවල් සැපයූහ. ඔවුහු වනාහි යානයක නැගී යන්නවුන් විසින් ශාස්තෲන් කෙරෙහි අගෞරවයක් කළේ වේයයි පණස් එක් යොදුනක් වූ මගට පයින්ම පිළිපන්හ. රජවරු ද ඉදිරියෙන් හා පසුපසින් රැකවල් යොදවා සහල් ගිතෙල් තෙල් ආදිය ගැල් පුරවා ගිය තැන්හි අහර පිළියෙල කරව්යයි මිනිසුන් යෙදවූහ. සූනෙහි පාදෙහි යනු ඔවුන්ගේ සියුමැලි බැවින් පාදයන්හි එක් බිබිලක් මතුවෙයි. එකක් බිඳෙයි. දෙපා උකුල් ඇට ගැවසුණාක් මෙන් ඉදිමිණ. එහෙයින් සූනෙහි පාදෙහියි කියන ලදි. බහිද්වාරකොට්ඨකෙ යනු දොර කොටුවෙන් පිටතයි, කුමක් නිසා මෙසේ සිටියාහුද? ඇයට මෙසේ අදහසක් විය. මම තථාගතයන් වහන්සේ විසින් නොඅනුදන්නා ලද්දී තෙමේම පැවිදිවෙස ගත්තෙම්ද එසේ ගත් බව ද සියලු දඹදිව ප්‍රකට වූයේ වෙයි. ඉදින් ශාස්තෲන් වහන්සේ පැවිද්ද අනුදන්නා සේක් නම් එය මැනවි. ඉදින් නොඅනුදන්නා සේක්නම් මහත් නින්දාවක් වන්නේයයි විහාරයට පිවිසීමට නොහැක්කී හඬමින් සිටියාය.

කිං නු ත්‍වං ගොතමීති කිං නු රාජකුලානං විපත‍්ති උප‍්පන‍්නා, කෙන ත්‍වං කාරණෙන එවං විවණ‍්ණභාවං පත‍්තා, සූනෙහි පාදෙහි…පෙ… ඨිතාති. අඤ‍්ඤෙනපි පරියායෙනාති අඤ‍්ඤෙනපි කාරණෙන. බහුකාරා, භන‍්තෙතිආදිනා තස‍්සා ගුණං කථෙත්‍වා පුන පබ‍්බජ‍්ජං යාචන‍්තො එවමාහ. සත්‍ථාපි “ඉත්‍ථියො නාම පරිත‍්තපඤ‍්ඤා, එකයාචිතමත‍්තෙන පබ‍්බජ‍්ජාය අනුඤ‍්ඤාතාය න මම සාසනං ගරුං කත්‍වා ගණ‍්හිස‍්සන‍්තී”ති තික‍්ඛත‍්තුං පටික‍්ඛිපිත්‍වා ඉදානි ගරුං කත්‍වා ගාහාපෙතුකාමතාය සචෙ, ආනන්‍ද, මහාපජාපතී ගොතමී අට‍්ඨ ගරුධම‍්මෙ පටිග‍්ගණ‍්හාති, සාව’ස‍්සා හොතු උපසම‍්පදාතිආදිමාහ. තත්‍ථ සාවස‍්සාති සා එව අස‍්සා පබ‍්බජ‍්ජාපි උපසම‍්පදාපි හොතු.

කිනනු ත්‍වං ගොතමි යනු කිම රජපවුල්වලට විපතක් හටගත්තේද? නුඹ කවර කරුණකින් මෙසේ මැලවුණු බවට පත්වූවෙහිද ඉඳුමුණු පයින් සිටියෙහිද? අඤ්ඤෙනපි පරියායෙන යනු වෙනත් කරුණකිනි, බහුකාරා භන්තෙ යනාදියෙන් ඇයගේ ගුණ කියා යළි පැවිද්ද අයදින්නේ මෙසේ කීවේය. ශාස්තෲන් වහන්සේ ද ස්ත්‍රීහු නම් මඳප්‍රඥා ඇත්තාහුය. ඉල්ලූ පමණින් පැවිද්දට අනුදත් විට මගේ සසුන ගරු කොට නොගනිතියි තෙවරක් ප්‍රතික්ෂෙප කොට දැන් ගරු කොට ගවනු කැමත්තෙන්, “ඉදින් ආනන්දය, මහා ප්‍රජාපතී ගෝතමිය ගරු ධර්‍ම අට පිළිගනීයිද එයම ඇයට උපසම්පදාව වේවා”යි යනාදිය පැවසූ සේක. එහි සාවස්ස යනු එයම අයගේ පැවිද්දත් උපසම්පදාවත් වේවා!

තදහූපසම‍්පන‍්නස‍්සාති තංදිවසං උපසම‍්පන‍්නස‍්ස. අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කත‍්තබ‍්බන‍්ති ඔමානාතිමානෙ අකත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන අභිවාදනං, ආසනා පච‍්චුට‍්ඨාය පච‍්චුග‍්ගමනවසෙන පච‍්චුට‍්ඨානං, දසනඛෙ සමොධානෙත්‍වා අඤ‍්ජලිකම‍්මං, ආසනපඤ‍්ඤාපනබීජනාදිකං අනුච‍්ඡවිකකම‍්මසඞ‍්ඛාතං සාමීචිකම‍්මඤ‍්ච කතබ‍්බං. අභික‍්ඛුකෙ ආවාසෙති යත්‍ථ වසන‍්තියා අනන‍්තරායෙන ඔවාදත්‍ථාය උපසඞ‍්කමනට‍්ඨානෙ ඔවාදදායකො ආචරියො නත්‍ථි, අයං අභික‍්ඛුකො ආවාසො නාම. එවරූපෙ ආවාසෙ වස‍්සං න උපගන‍්තබ‍්බං. අන්‍වඩ‍්ඪමාසන‍්ති අනුපොසථිකං. ඔවාදූපසඞ‍්කමනන‍්ති ඔවාදත්‍ථාය උපසඞ‍්කමනං. දිට‍්ඨෙනාති චක‍්ඛුනා දිට‍්ඨෙන. සුතෙනාති සොතෙන සුතෙන. පරිසඞ‍්කායාති දිට‍්ඨසුතවසෙන පරිසඞ‍්කිතෙන. ගරුධම‍්මන‍්ති ගරුකං සඞ‍්ඝාදිසෙසාපත‍්තිං. පක‍්ඛමානත‍්තන‍්ති අනූනානි පන‍්නරස දිවසානි මානත‍්තං. ඡසු ධම‍්මෙසූති විකාලභොජනච‍්ඡට‍්ඨෙසු සික‍්ඛාපදෙසු. සික‍්ඛිතසික‍්ඛායාති එකසික‍්ඛම‍්පි අඛණ‍්ඩං කත්‍වා පූරිතසික‍්ඛාය. අක‍්කොසිතබ‍්බො පරිභාසිතබ‍්බොති දසන‍්නං අක‍්කොසවත්‍ථූනං අඤ‍්ඤතරෙන අක‍්කොසවත්‍ථුනා න අක‍්කොසිතබ‍්බො, භයූපදංසනාය යාය කායචි පරිභාසාය න පරිභාසිතබ‍්බො.

තදහුසම්පන්නස්සා යනු එදවස උපසපන් වූවහුටයි, අභිවාදනපච්චුපට්ඨාන අඤ්ඤජලිකම්ම සාමිචිකම්මං යනු මානය නොකොට පසඟ පිහිටුවීමෙන් වැඳීම අසුනෙන් නැඟිට පෙරගමන් වශයෙන් ගරු කිරීම, දසනිය එක්කොට ඇඳිලි බැඳීම, අසුන් පැනවීම, පවන් සැලීම ආදිකොට ඇති සුදුසු කටයුතු සංඛ්‍යාත පිළිසඳර කර්‍මය කළයුතුය, අභික්ඛුකෙ ආවාසෙ යනු යම්තැනක වසන්නිය විසින් අතරතුර අවවාද සඳහා එළඹෙන තැන ඇඳුරුවරයෙක් නැත්ද මෙය අභික්ඛුක (භික්ෂුන් නැති) ආවාසය නමි. එබඳුවූ ආවාසයෙහි වස් නොඑළඹිය යුතු ය. අන්වද්ධමාසං යනු පොහොයක් පාසායි, ඔවාදූපසඞ්කමනං යනු අවවාද සඳහා එළඹීමයි, දිට්ඨෙන යනු ඇසින් දුටු දෙයිනි, සුතෙන යනු කණින් ඇසූ දෙයිනි, පරිසඞ්කාය යනු දුටු ඇසූ විඳි වශයෙන් සැකකරන ලද්දෙනි, ගරුධම්මං යනු ගරුකවූ සඞ්ඝාදිසෙස ඇවතයි, පක්ඛමානත්තං යනු නොඅඩු පසළොස් දිනයක් මානතයි, ඡසුධම්මෙසු යනු විකාල භොජනය සයවැනි කොට ඇති ශික්ෂා පදයන්හියි, සික්බිතසික්ඛාය යනු එක් ශික්ෂාපදයකුදු නොකඩකොට හික්මුණු තැනැත්තිය විසිනි, අක්කොසිතබ්බො පරිභාසිතබ්බො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් යම් ආක්‍රොශ වස්තුවකින් ආක්‍රොශ නොකළයුතුය, බිය පරපුරින් යම්කිසි පරිහාසයකින් පරිහාස නොකළ යුතුය.

ඔවටො භික‍්ඛුනීනං භික‍්ඛූසු වචනපථොති ඔවාදානුසාසනධම‍්මකථාසඞ‍්ඛාතො වචනපථො භික‍්ඛුනීනං භික‍්ඛූසු ඔවරිතො පිහිතො, න භික‍්ඛුනියා කොචි භික‍්ඛු ඔවදිතබ‍්බො අනුසාසිතබ‍්බො වා “භන‍්තෙ, පොරාණකත්‍ථෙරා ඉදං චීවරවත‍්තං පූරයිංසූ”ති එවං පන පවෙණිවසෙන කථෙතුං වට‍්ටති. අනොවටො භික‍්ඛූනං භික‍්ඛුනීසු වචනපථොති භික‍්ඛූනං පන භික‍්ඛුනීසු වචනපථො අනිවාරිතො, යථාරුචි ඔවදිතුං අනුසාසිතුං ධම‍්මකථං කථෙතුන‍්ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙසා ගරුධම‍්මකථා සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය (පාචි· අට‍්ඨ· 148) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

ඔවටො භික්ඛුනීනං භික්ඛුසූ වචනපථො යනු අවවාද අනුශාසනා ධර්‍මකථා සංඛ්‍යාත වචන පථය භික්ෂුන් කෙරෙහි භික්ෂුණීන්ට වළහන ලද්දේය, වසන ලද්දේය, භික්ෂුණියක විසින් කිසි භික්ෂුවක් අවවාද නොකළයුතුය, අනුශාසනා නොකළයුතුය ස්වාමීනි, පොරාණකස්ථවිරවරු මේ සිවුරුවත සපිරූහයි මෙසේ ප්‍රවෙණි වශයෙන් කීමට වටියි, අනාවටො භික්ඛුනං භික්ඛුනීසු වචනපථො යනු භික්ෂුණීන් කෙරෙහි භික්ෂූන්ට වචනපථය නොවළක්වන ලද්දේය. කැමති පරිද්දෙන් අවවාද දීමට අනුශාසනා කිරීමට ධර්‍මකථා කීමටය යනු, මෙහි කෙටි අරුතයි. විස්තර වශයෙන් මේ ගරු ධර්‍ම කථාව සමන්තපාසාදිකා විනය සංවර්‍ණනාවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.

ඉමෙ පන අට‍්ඨ ගරුධම‍්මෙ සත්‍ථු සන‍්තිකෙ උග‍්ගහෙත්‍වා ථෙරෙන අත‍්තනො ආරොචියමානෙ සුත්‍වාව මහාපජාපතියා තාව මහන‍්තං දොමනස‍්සං ඛණෙන පටිප‍්පස‍්සම‍්භි, අනොතත‍්තදහතො ආභතෙන සීතුදකස‍්ස ඝටසතෙන මත්‍ථකෙ පරිසිත‍්තා විය විගතපරිළාහා අත‍්තමනා හුත්‍වා ගරුධම‍්මපටිග‍්ගහණෙන උප‍්පන‍්නපීතිපාමොජ‍්ජං ආවිකරොන‍්තී සෙය්‍යථාපි, භන‍්තෙතිආදිකං උදානං උදානෙසි.

මේ අෂ්ටගරු ධර්‍මයන් ශාස්තෲන් සමීපයෙන් උගෙන තෙරුන් විසින් තමන්ට කියනුලබන කල්හි අසාම මහාප්‍රජාපතියගේ එපමණ මහත් දොම්නස මොහොතකින් සංසිඳුනේය. අනෝතත් විලෙන් ගෙනෙන ලද සිසිල්දිය කළ සියයකින් හිසෙහි ඉසින ලද්දාක් මෙන් පහවූ තැවීම් ඇත්තේ සතුටු සිතැත්තීව ගරු ධර්‍ම පිළිගැනීමෙන් උපන් ප්‍රීති ප්‍රමොදය ප්‍රකට කරමින් සෙය්‍යථාපි භන්තෙ යනාදි කොට ඇති උදානය පහළ කළාය.

කුම‍්භත්‍ථෙනකෙහීති කුම‍්භෙ දීපං ජාලෙත්‍වා තෙන ආලොකෙන පරඝරෙ භණ‍්ඩං විචිනිත්‍වා ථෙනකචොරෙහි. සෙතට‍්ඨිකා නාම රොගජාතීති එකො පාණකො නාළමජ‍්ඣගතං කණ‍්ඩං විජ‍්ඣති, යෙන විද‍්ධා කණ‍්ඩා නික‍්ඛන‍්තම‍්පි සාලිසීසං ඛීරං ගහෙතුං න සක‍්කොති. මඤ‍්ජිට‍්ඨිකා නාම රොගජාතීති උච‍්ඡූනං අන‍්තොරත‍්තභාවො.

කුම්හත්‍ථෙනකෙහි යනු කළයෙහි පහනක් දල්වා ඒ ආලෝකයෙන් අනුන්ගේ ගෙවල බඩු සොරකම් කරන සොරුන් විසිනි, සෙතට්ටිකා නාම රොගජාති යනු එක් ප්‍රාණියෙක් නළය මැදට ගිය කොටස විදියි, එම ප්‍රාණියා විසින් විදින ලද කොටසින් නික්මෙන හැල්හිස කිරිවැදීමට නොහැකි වෙයි. මඤ්ජෙට්ඨකා නාම රොගජාති යනු උග්ගස්වල ඇතුළත රතු බවයි,

මහතො තළාකස‍්ස පටිකච‍්චෙව ආළින‍්ති ඉමිනා පන එතමත්‍ථං දස‍්සෙති – යථා මහතො තළාකස‍්ස පාළියා අබද‍්ධායපි කිඤ‍්චි උදකං තිට‍්ඨතෙව, පඨමමෙව බද‍්ධාය පන යං අබද‍්ධපච‍්චයා න තිට‍්ඨෙය්‍ය, තම‍්පි තිට‍්ඨෙය්‍ය, එවමෙව යෙ ඉමෙ අනුප‍්පන‍්නෙ වත්‍ථුස‍්මිං පටිකච‍්චෙව අනතික‍්කමනත්‍ථාය ගරුධම‍්මා පඤ‍්ඤත‍්තා, තෙසු අපඤ‍්ඤත‍්තෙසු මාතුගාමස‍්ස පබ‍්බජිතත‍්තා පඤ‍්ච වස‍්සසතානි සද‍්ධම‍්මො තිට‍්ඨෙය්‍ය. පටිකච‍්චෙව පඤ‍්ඤත‍්තත‍්තා පන අපරානිපි පඤ‍්ච වස‍්සසතානි ඨස‍්සතීති එවං පඨමං වුත‍්තවස‍්සසහස‍්සමෙව ඨස‍්සති. වස‍්සසහස‍්සන‍්ති චෙතං පටිසම‍්භිදාපභෙදප‍්පත‍්තඛීණාසවානං වසෙනෙව වුත‍්තං, තතො පන උත‍්තරිපි සුක‍්ඛවිපස‍්සකඛීණාසවවසෙන වස‍්සසහස‍්සං, අනාගාමිවසෙන වස‍්සසහස‍්සං, සකදාගාමිවසෙන වස‍්සසහස‍්සං, සොතාපන‍්නවසෙන වස‍්සසහස‍්සන‍්ති එවං පඤ‍්චවස‍්සසහස‍්සානි පටිවෙධසද‍්ධම‍්මො ඨස‍්සති. පරියත‍්තිධම‍්මොපි තානියෙව. න හි පරියත‍්තියා අසති පටිවෙධො අත්‍ථි, නාපි පරියත‍්තියා සති පටිවෙධො න හොති. ලිඞ‍්ගං පන පරියත‍්තියා අන‍්තරහිතායපි චිරං පවත‍්තිස‍්සතීති.

මහතො තළාකස්ස පටිගච්චෙච ආළිං යන මෙයින් මෙකරුණ දක්වයි, යම්සේ මහ විලක වැටිය නොබැඳ තිබියදී ද කිසිදියක් සිටින්නේමය. පළමුවම වැටිය බඳනාලද විල්ලෙක නොබැදීම් හේතුවෙන් (දිය) නොසිටින්නේද නොපිහිටන්නේද එසේම වස්තුවක් නූපන් කල්හි කල් ඇතිවම නොයික්මවීම සඳහා මේ ගරු ධර්‍මයෝ පනවන ලද්දාහ. ඒවා නොපැනවූ කල්හි මාගම පැවිදි වූ බැවින් සද්ධර්‍මය පන්සියවසක් සිටින්නේ නම් කල් ඇතිවම පැනවූ බැවින් අනෙක් පන්සිය වසක්ද තිබෙන්නේය. මෙසේ පළමුව කියනලද අවුරුදු දහසම තිබෙන්නේය. මේ අවුරුදු දහස පිළිසිඹියා භේදයට පත්වූ ක්ෂීණාශ්‍රවයන්ගේ වශයෙන් කියන ලදි. එයින් මත්තෙහි ද ශුෂ්ක විදර්‍ශක ක්ෂීණාශ්‍රව වශයෙන් අවුරුදු දහසකි. අනාගාමි වශයෙන් අවුරුදු දහසකි, සකෘදාගාමි වශයෙන් අවුරුදු දහසකි, සොතාපන්න වශයෙන් අවුරුදු දහසකියි මෙසේ ප්‍රතිවෙධ සද්ධර්‍මය පවතියි. පර්‍ය්‍යාප්ති ධර්‍මය ද ඒ වසරමය. පර්‍ය්‍යාප්තිය නැතිවිට ප්‍රතිවෙධය නැත. පර්‍ය්‍යාප්තිය ඇති කල්හි ප්‍රතිවෙධය නොවන්නේ නොවේ. ලිඞ්ගය වනාහි පර්‍ය්‍යාප්තිය අතුරුදහන් වූ විටද බොහෝ කලක් පවත්නේමය.

2. භික‍්ඛුනොවාදක සුත‍්තවණ‍්ණනා

2. භික්ඛුනොවාදක සූත්‍ර වර්ණනාව

දුතියෙ බහුස‍්සුතොති ඉධ සකලස‍්සපි බුද‍්ධවචනස‍්ස වසෙන බහුස‍්සුතභාවො වෙදිතබ‍්බො. ගරුධම‍්මන‍්ති කායසංසග‍්ගං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. භික‍්ඛුනොවාදකවිනිච‍්ඡයො පන සමන‍්තපාසාදිකාය (පාචි· අට‍්ඨ· 144 ආදයො) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

දෙවැන්නෙහි බහුස්සුතො යනු මෙහි සියලුම බුද්ධ වචනය වශයෙන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව දතයුතුය. ගරුධම්මං යනු කායසංසර්ගයයි, මෙය මෙහි සංක්ෂෙපයයි. භික්ඛුනොවාදක විනිශ්චය සමන්තපාසාදිකාවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.

3. සඞ‍්ඛිත‍්ත ගොතමියොවාද සුත‍්තවණ‍්ණනා

3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍ර වර්ණනාව

තතියෙ සරාගායාති සරාගත්‍ථාය. විරාගායාති විරජ‍්ජනත්‍ථාය. සංයොගායාති වට‍්ටෙ සංයොගත්‍ථාය. විසංයොගායාති වට‍්ටෙ විසංයොගභාවත්‍ථාය. ආචයායාති වට‍්ටස‍්ස වඩ‍්ඪනත්‍ථාය. නො අපචයායාති න වට‍්ටවිද‍්ධංසනත්‍ථාය. දුබ‍්භරතායාති දුප‍්පොසනත්‍ථාය. නො සුභරතායාති න සුඛපොසනත්‍ථාය. ඉමස‍්මිං සුත‍්තෙ පඨමවාරෙන වට‍්ටං කථිතං, දුතියවාරෙන විවට‍්ටං කථිතං. ඉමිනා ච පන ඔවාදෙන ගොතමී අරහත‍්තං පත‍්තාති.

තෙවැන්නෙහි සරාගාය යන රාගසහිතබව සඳහාය, විරාගාය යනු නොඇලීම සඳහාය, සංයොගාය යනු සසරෙහි එක්ව බැඳීම සඳහාය, විසංයොගාය යනු සසරෙහි වෙන්වීම සඳහාය, ආචයාය යනු සසර වැඩීම සඳහාය, නො අපචයාය යනු සසර බිඳහැරීම සඳහා නොවේ, දුභරතාය යනු අමාරුවෙන් පෝෂණය කළ හැකි බව සඳහාය, නො සුභරතාය යනු සුවසේ පෝෂණය කළ හැකි බව සඳහා නොවේ, මේ සූත්‍රයෙහි පළමු වාරයෙන් සසර කියන ලදි. දෙවැනි වරින් නිවන කියන ලදි. මේ අවවාදයෙන් ගෝතමිය රහත් බවට පැමිණියාය.

4. ව්‍යග‍්ඝපජ‍්ජ සුත‍්තවණ‍්ණනා

4. ව්‍යග්ඝපජ්ජ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ බ්‍යග‍්ඝපජ‍්ජාති ඉදමස‍්ස පවෙණි නාම වසෙන ආලපනං. තස‍්ස හි පුබ‍්බපුරිසා බ්‍යග‍්ඝපථෙ ජාතාති තස‍්මිං කුලෙ මනුස‍්සා බ්‍යග‍්ඝපජ‍්ජාති වුච‍්චන‍්ති. ඉස‍්සත්‍ථෙනාති ඉස‍්සාසකම‍්මෙන. තත්‍රුපායායාති “ඉමස‍්මිං කාලෙ ඉදං නාම කාතුං වට‍්ටතී”ති ජානනෙ උපායභූතාය. වුද‍්ධසීලිනොති වඩ‍්ඪිතසීලා වුද‍්ධසමාචාරා. ආයන‍්ති ආගමනං. නාච‍්චොගාළ‍්හන‍්ති නාතිමහන‍්තං. නාතිහීනන‍්ති නාතිකසිරං. පරියාදායාති ගහෙත්‍වා ඛෙපෙත්‍වා. තත්‍ථ යස‍්ස වයතො දිගුණො ආයො, තස‍්ස වයො ආයං පරියාදාතුං න සක‍්කොති.

සිවුවැන්නෙහි ව්‍යාග්ඝපජ්ජා යන මෙය වනාහි ප්‍රවෙණි නාම වශයෙන් ආමන්ත්‍රණයයි. ඔහුගේ පූර්‍ව පුරුෂයෝ ව්‍යාඝ්‍රමාර්‍ගයෙහි උපන්නාහුයි. ඒ කුලයෙහි මිනිස්සු ව්‍යග්ඝපජ්ජ යයි කියනු ලැබෙත්. ඉස්සත්‍ථෙන යනු ආයුධකර්‍මයෙනි. තත්‍රෑපායාය යනු මෙකල්හි මෙය කළයුතුයයි දැනීමෙහි උපායවූයි, වුද්ධසීලිනො යනු වැඩූ සිල් ඇති දියුණු කළ සමාචාර ඇත්තෝයි, ආයං යනු පැමිණීමයි, නාච්චොගාළ්හං යනු ඉතා මහත් නොවූයි, නාතිහීනං යනු ඉතා අමාරු නොවූයි, පරියාදාය යනු ගෙන ගෙවා දමායි, (ක්‍ෂය කොටයි). එහි යමෙකුගේ වැය වීමෙන් දෙගුණය ආය නමි. ඔහුගේ වැයෙන් අය ගෙවා දැමීමට නොහැකි වෙයි.

“චතුධා විභජෙ භොගෙ, පණ‍්ඩිතො ඝරමාවසං; එකෙන භොගෙ භුඤ‍්ජෙය්‍ය, ද‍්වීහි කම‍්මං පයොජයෙ; චතුත්‍ථඤ‍්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස‍්සතී”ති. (දී· නි· 3.265) –

“ගිහිගෙහි වෙසෙන නුවණැත්තේ භොගයන් සිවු අයුරකින් බෙදන්නේය, එක් කොටසකින් භොගයන් පරිභොග කරන්නේය, දෙකොටසකින් කටයුතු යොදවන්නේය, අනාගතයෙහි ආපදාවන්හි ප්‍රයෝජනය සඳහා සිවුවැනි කොටස තැන්පත් කරන්නේය”.

එවං පටිපජ‍්ජතො පන වයො ආයං පරියාදාතුං න සක‍්කොතියෙව.

මෙසේ පිළිපදින්නාගේ වැය අය ගෙවා දැමීමට නොහැකිවෙයි.

උදුම‍්බරඛාදීවාති යථා උදුම‍්බරානි ඛාදිතුකාමෙන පක‍්කෙ උදුම‍්බරරුක‍්ඛෙ චාලිතෙ එකප‍්පහාරෙනෙව බහූනි ඵලානි පතන‍්ති, සො ඛාදිතබ‍්බයුත‍්තකානි ඛාදිත්‍වා ඉතරානි බහුතරානි පහාය ගච‍්ඡති, එවමෙවං යො ආයතො වයං බහුතරං කත්‍වා විප‍්පකිරන‍්තො භොගෙ පරිභුඤ‍්ජති, සො “උදුම‍්බරඛාදිකංවායං කුලපුත‍්තො භොගෙ ඛාදතී”ති වුච‍්චති. අජෙට‍්ඨමරණන‍්ති අනායකමරණං. සමං ජීවිකං කප‍්පෙතීති සම‍්මා ජීවිකං කප‍්පෙති. සමජීවිතාති සමජීවිතාය ජීවිතා. අපායමුඛානීති විනාසස‍්ස ඨානානි.

උදුම්බරක්ඛාදිකං යනු යම්සේ දිවුල් කනු කැමැත්තෙන් පැසුණු (ගෙඩි ඇති) දිවුල්ගස සෙලවූ විට එක් විටම බොහෝ ගෙඩි වැටෙයි. හෙතෙම කෑයුතු ගෙඩි කා ඉතිරි බොහෝ ගෙඩි අතහැර දමා යයි. එසේම යමෙක් අයෙන් වැය බොහෝ කොට විසුරුවමින් භොගයන් පරිභොග කරයි ද හෙතෙම දිවුල් කෑමෙන් මෙන් මේ කුලපුත්‍රයා භොගයන් කාදමතියි කියනු ලැබේ. අජද්ධුමාරිකං යනු අනාථමරණයයි, සමං ජීවිකං කප්පෙති යනු මනාව ජීවිකාව කරයි, සමජීවිතා යනු සමාන ජීවිකාවයි, අපායමුබානි යනු විනාසයට කරුණුයි,

උට‍්ඨාතා කම‍්මධෙය්‍යෙසූති කම‍්මකරණට‍්ඨානෙසු උට‍්ඨානවීරියසම‍්පන‍්නො. විධානවාති විදහනසම‍්පන‍්නො. සොත්‍ථානං සම‍්පරායිකන‍්ති සොත්‍ථිභූතං සම‍්පරායිකං. සච‍්චනාමෙනාති බුද‍්ධත‍්තායෙව බුද‍්ධොති එවං අවිතථනාමෙන. චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති චාගො ච සෙසපුඤ‍්ඤඤ‍්ච පවඩ‍්ඪති. ඉමස‍්මිං සුත‍්තෙ සද‍්ධාදයො මිස‍්සකා කථිතා. පඤ‍්චමං උත‍්තානමෙව.

උට්ඨාතා කම්මධෙය්‍යෙසු යනු කටයුතු කරන තැන්හි උත්ථාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේයි, විධානවා යනු විධානයෙන් (මෙහෙයවීමෙන්) යුක්ත වූයේයි, සොත්‍ථානං සම්පරායිකං යනු සුවපත් වූ පරලොවයි, සච්චනාමෙන යනු බුදුබැවින්ම බුදුයයි මෙසේ වෙනස් නොවන නමිනි, චාගො පුඤ්ඤං පවඩ්ඪති යනු ත්‍යාගය ද සෙසු පින් ද වැඩෙයි, මේ සූත්‍රයෙහි ශ්‍රද්ධාදිය මුසුව කියන ලදි. පස්වැන්න පැහැදිලිමය.

6. කාමාධිවචන සුත‍්තවණ‍්ණනා

6. කාමාධිවචන සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ගබ‍්භොති ගබ‍්භවාසො. දිට‍්ඨධම‍්මිකාපීති සන්‍දිට‍්ඨිකා ගබ‍්භවාසසදිසා පුනපි මනුස‍්සගබ‍්භා. සම‍්පරායිකාපීති ඨපෙත්‍වා මනුස‍්සගබ‍්භෙ සෙසගබ‍්භා. උභයං එතෙ කාමා පවුච‍්චන‍්තීති භයඤ‍්ච දුක‍්ඛඤ‍්ච, භයඤ‍්ච රොගො ච, භයඤ‍්ච ගණ‍්ඩො ච, භයඤ‍්ච සල‍්ලඤ‍්ච, භයඤ‍්ච සඞ‍්ගො ච, භයඤ‍්ච පඞ‍්කො ච, භයඤ‍්ච ගබ‍්භො චාති එවං උභයං එතෙ කාමා පවුච‍්චන‍්ති. සාතරූපෙනාති කාමසුඛෙන. පලිපථන‍්ති වට‍්ටපලිපථං. අතික‍්කම‍්මාති ඉමස‍්මිං ඨානෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අස‍්ස භික‍්ඛුනො අරහත‍්තප‍්පත‍්තභාවො ගහිතො. එවරූපං පජං ජාතිජරූපෙතං තීසු භවෙසු ඵන්‍දමානං අවෙක‍්ඛතීති සුත‍්තෙ වට‍්ටං කථෙත්‍වා ගාථාසු විවට‍්ටං කථිතන‍්ති. සත‍්තමට‍්ඨමානි උත‍්තානත්‍ථානෙව.

සවැන්නෙහි ගබ්හො යනු ගැබෙහි විසීමයි, දිට්ඨධම්මිකාපි යනු ඉහාත්මයෙහි ගැබෙහි විසීමට සමානවූයි, සම්පරායිකාපි යනු මිනිස් කුස හැර සෙසු ගැබෙහියි, උභයං එතෙ කාමො පවුච්චන්ති බිය ද දුක ද බිය ද රෝගය බිය ද ගඩුව ද බිය ද හුල ද බිය ද බිය ද ඇල්ම ද බිය ද මඩ ද බිය ද ගැබ දැයි මෙසේ මේ දෙකම කාමයෝයි කියනු ලැබෙත්, සාතරූපෙන යනු කම්සුවයෙනි, පලිපං යනු සසර ගොහොරුව ඉක්මවායි, මෙතැන්හි විදර්‍ශනාව කියා මේ භික්ෂුවගේ රහත්බව ගන්නාලදී. ඉක්මවූ ගොහොරුව ඇත්තේයි, ජාති ජරාවගෙන් යුත් තුන් භවයන්හි සැලෙන්නා වූ මෙබඳු ජනතාව බලන්නේ යයි සූත්‍රයෙහි සසර කියා ගාථාවන්හි නිවන කියන ලදි. සත්වැනි අටවැනි සුත්‍රයෝ පැහැදිලිමය.

9. පඨම අට‍්ඨපුග‍්ගල සුත‍්තවණ‍්ණනා

9. ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව

නවමෙ උජුභූතොති කායවඞ‍්කාදීනං අභාවෙන උජුකො. පඤ‍්ඤාසීලසමාහිතොති පඤ‍්ඤාය ච සීලෙන ච සමන‍්නාගතො. යජමානානන‍්ති දානං දදන‍්තානං. පුඤ‍්ඤපෙක‍්ඛානන‍්ති පුඤ‍්ඤං ඔලොකෙන‍්තානං ගවෙසන‍්තානං. ඔපධිකන‍්ති උපධිවිපාකං, ඔපධිභූතං ඨානං අප‍්පමාණං. දසමෙ සමුක‍්කට‍්ඨොති උක‍්කට‍්ඨො උත‍්තමො. සත‍්තානන‍්ති සබ‍්බසත‍්තානං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

නවවැන්නෙහි උජුභූතො යනු කායවඞ්කාදිය නොමැති බැවින් සෘජුවූයි, පඤ්ඤාසීලසමාහිතො යනු ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, යුක්ත වූයේයි, යජමානානං යනු දන්දෙන්නවුන්ගේය, පුඤ්ඤෙපෙබානං යනු පින බලන්නවුන්ගේයි, ඔපධිකං යනු උපධි විපාකයයි. ප්‍රකට නොවු තැන් අපමණය, දසවැන්නෙහි සමුක්කට්ඨො යනු උතුම් වූයේයි, සත්තානං යනු සියලු සත්ත්වයන්ගේයි, සෙස සියලු තැන්හි පැහැදිලිමය.

ගොතමීවග‍්ගො ඡට‍්ඨො.

සවැනි ගොතමි වර්‍ගයයි.