යෙදුමෙන් කියවන්න

සඞ‍්ඛිත‍්ත ගොතමියොවාද සුත‍්තං

8. 2. 6. 3.

8. 2. 6. 3.

සඞ‍්ඛිත‍්ත ගොතමියොවාද සුත‍්තං

සංක්‍ෂිප්ත ගෝතමියොවාද සූත්‍රය

එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං, අථ ඛො මහාපජාපතී ගොතමී යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන‍්තං එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි මහා පජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නා ය. එකත් පසෙක හුන් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය:

සාධු භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා වූපකට‍්ඨා අප‍්පමත‍්තා ආතාපිනී පහිතත‍්තා විහරෙය්‍යන‍්ති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා (කාය ගණ ආදියෙන්) වෙන් වූයෙම් නො පමා වූයෙම් වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිතැතියෙම් වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ඒ දහම් දෙසන සේක් නම් මැනැව.

යෙ ඛො ත්‍වං ගොතමී, ධම‍්මෙ ජානෙය්‍යාසි ඉමෙ ධම‍්මා සරාගාය සංවත‍්තන‍්ති නො විරාගාය, සංයොගාය සංවත‍්තන‍්ති නො විසංයොගාය, ආචයාය සංවත‍්තන‍්ති නො අපචයාය, මහිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො අප‍්පිච‍්ඡතාය, අසන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො සන‍්තුට‍්ඨියා. සඞ‍්ගණිකාය සංවත‍්තන‍්ති නො පවිවෙකාය. කොසජ‍්ජාය සංවත‍්තන‍්ති නො විරියාරම‍්භාය. දුභරතාය සංවත‍්තන‍්ති නො සුභරතාය, එකංසෙන ගොතමි, ධාරෙය්‍යාසි නෙසො ධම‍්මො නෙසො විනයො නෙතං සත්‍ථුසාසනන‍්ති.

ගෞතමිය, තෙපි ‘මේ දහම්හු සරාගය පිණිස වැටෙති, විරාගයට නො වැටෙත්; සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නො වැටෙත්, සසර වඩනට පවතිති, නො වඩනට නො පවතිත්, මහිච්ඡතා පිණිස පවතිති, අප්පිච්ඡතා පිණිස නො පවතිත්, අසන්තුට්ඨිය පිණිස පවතිති, සන්තුට්ඨිය පිණිස නො පවතිත්, සඞ්ගණිකාව පිණිස පවතිති, ප්‍රවිවේකය පිණිස නො පවතිත්, කුසීත භාවය පිණිස පවතිති, වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්, දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නො පවතිත් යයි යම් දහමුන් දන්නෙහි ද, ගෝතමිය, ඒකාන්තයෙන් ‘මේ දහම නො වෙයි, මේ විනය නො වෙයි, මේ ශාස්තෘ ශාසනය නො වේ’ යයි දරව.

යෙ ච ඛො ත්‍වං ගොතමී, ධම‍්මෙ ජානෙය්‍යාසි ඉමෙ ධම‍්මා විරාගාය සංවත‍්තන‍්ති නො සරාගාය, විසංයොගාය සංවත‍්තන‍්ති නො සංයොගාය, අපචයාය සංවත‍්තන‍්ති නො ආචයාය, අප‍්පිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො මහිච‍්ඡතාය, සන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො අසන‍්තුට‍්ඨියා, පවිවෙකාය සංවත‍්තන‍්ති නො සඞ‍්ගණිකාය, විරියාරම‍්භාය සංවත‍්තන‍්ති නො කොසජ‍්ජාය, සුභරතාය සංවත‍්තන‍්ති නො දුභරතායාති. එකංසෙන ගොතමී, ධාරෙය්‍යාසි එසො ධම‍්මො එසො විනයො එතං සත්‍ථුසාසනන‍්ති.

ගෝතමිය, තෙපි “මේ ධර්‍මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයෝගයට වැටෙති, සංයෝගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍රවිවේකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගෝතමිය, ඒකාන්තයෙන් තෙල ධර්‍මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.