යෙදුමෙන් කියවන්න

භික‍්ඛුනොවාදක සුත‍්තං

8. 2. 6. 2.

8. 2. 6. 2.

භික‍්ඛුනොවාදක සුත‍්තං

භික්ඛුනෝවාදක සූත්‍රය

එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:

කති හි නු ඛො භන‍්තෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භික‍්ඛුනො වාදකො සම‍්මන‍්තීතබ‍්බොති.

වහන්ස, කෙතෙක් කරුණින් සමන්‍වාගත මහණ මෙහෙණනට ඔවා දෙනුයේ සම්මත කටයුත්තේ දැ යි?

අට‍්ඨහි ඛො ආනන්‍ද, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භික‍්ඛුනො වාදකො සම‍්මන‍්නිතබ‍්බො. කතමෙහි අට‍්ඨහි:

ආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ කරුණු අටෙකින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු ය. කවර අටෙකින යත්:

ඉධානන්‍ද, භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධො. උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තිනී සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො. කල්‍යාණවාචො හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා, පටිබලො හොති භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං, යෙභුය්‍යෙන භික‍්ඛුනීනං පියො හොති මනාපො, න ඛො පනෙතං භගවන‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිතාය කාසායවත්‍ථවසනාය ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නපුබ‍්බො හොති, වීසතිවස‍්සො වා හොති අතිරෙකවීසති වස‍්සො වා.

ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද විෂයෙහි මොනොවට ගෙන හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට සුප්‍රතිවිද්ධය. ඔහු විසින් උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර විසින් ස්වාගත (මනාසේ ප්‍රගුණ) වෙති. (සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන්) මොනවට විභාග කරන ලද්දාහු (ආවර්‍ජන කළ තන්හි) මොනොවට පැවත්තා හු මොනොවට විනිශ්චය කරන ලද්දා හු වෙති. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වාක්කරණ (සුන්‍දර වචන ඝෝෂ) ඇත්තේ වෙයි, පළිබෝධ (බාධා) නැති නිර්දෝෂ වූ අර්‍ත්‍ථවින්‍යාසයට (අරුත් හඟවන්නට) පොහොසත් පරිපූර්‍ණ වචනයෙන් සමන්‍වාගත වෙයි, මෙහෙණ සඟනට දැහැමි කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි, බෙහෙවින් මෙහෙණනට ප්‍රිය වෙයි, මන වඩන්නේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් හඳනා මෙහෙණක හා කායසංසර්‍ගයට නො පැමිණිවිරූ වෙයි, විසි වස් පිරුණේ හෝ විසි වසින් වැඩි සිටියේ හෝ වේ.

ඉමෙහි ඛො ආනන්‍ද, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භික‍්ඛුනොවාදකො සම‍්මන‍්තිතබ‍්බොති.

ආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ මේ කරුණු අටින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු යි.