ගොතමී සුත්තං
8. 2. 6. 1.
8. 2. 6. 1.
ගොතමී සුත්තං
ගෝතමී සූත්‍රය
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාපජාපතීගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය:
සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
වහන්ස, මාගම තථාගත ප්‍රවිදිත වූ ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
අලං ගොතමී, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
ගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්මවිනයෙහි ගිහි ගෙන් නික්ම මාගමගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේව යි.
දුතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
දෙවන වටත් මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, තථාගත ප්‍රවිදිත වූ ධර්මවිනයෙහි මාගම ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්ද ලබන්නේ නම් මැනැවැ යි.
අලං ගොතමි, මා තෙ රුච්චි, මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
ගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනයෙහි ගිහි ගෙන් නික්ම මාගම්හුගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේවා යි.
තතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
තෙවන වටත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, මාගම තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
අලං ගොතමි, මා තෙ රුච්චි, මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
ගෝතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්මවිනයෙහි මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.
අථ ඛො මහාපජාපතී ගොතමී න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
ඉක්බිති මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.
අථ ඛො භගවා කපිලවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථුවෙහි කැමති තාක් කල් වැස වේසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
අථ ඛො මහාපජාපතී ගොතමී කෙසෙ ඡෙදාපෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා සම්බහුලාහි සාකියානීහි සද්ධිං යෙන වෙසාලී තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන වෙසාලී මහාවනෙ කූටාගාරසාලං තෙනුපසඞ්කමි.
එකල්හි මහාපජාපතී ගෝතමී කෙස් බහවා කසාවත් හැඳ බොහෝ සැහැදුන් හා සමග වේසාලිය බලා පිටත් වූ, අනුපිළිවෙළින් වේසාලියෙහි මහාවනයෙහි කූටාගාරශාලාවට එළඹියා ය.
අථ ඛො මහාපජාපතී ගොතමී සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි, අද්දසා ඛො ආයස්මා ආනන්දො මහාපජාපතිං ගොතමිං සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛිං දුම්මනං අස්සුමුඛිං රුදමානං බහිද්වාරකොට්ඨකෙ ඨිතං, දිස්වාන මහාපජාපතිං ගොතමිං එතදවොච:
ඉක්බිති මහාපජාපතී ගෝතමී ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහි දොර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍රජාපතී ගෝතමිය දුටහ. දැක මහාපජාපතී ගෝතමියට තෙල කරුණ කීහ:
කින්නු ත්වං ගොතමි, සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතාති?
ගෝතමිය, කවර හෙයින් තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වූවා දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටිය වු ද?
තථා හි පන භන්තෙ ආනන්ද, න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
වහන්ස ආනන්දයෙනි, එසේ මැයි; භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත වු ශාසනයෙහි මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.
තෙන හි ගොතමී, ඉධෙව තාව හොහි, යාවාහං භගවන්තං යාචාමි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
ගෞතමිය, එසේ වී නම් තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි මාගමක්හට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, ඒතාක් මෙහි ම වෙව.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
‘එසා භන්තෙ, මහාපජාපතී ගොතමී සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතා, න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි තෙල මහාපජාපතී ගෝතමී තොමෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටියා ය.
සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’.
වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.”
අලං ආනන්ද, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
ආනන්දය, කම් නැත. මාගමට තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට රිසි නො වේව යි.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’
දෙවනු වටදු ... තෙවන වටදු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මාගම තථාගතයන් වහන්සේ විසින් පහදා ප්‍රකාශ කරන ලද ධර්මවිනයෙහි (ශාසනයෙහි) ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.
අලං ආනන්ද, මාතෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
ආනන්දය, කම් නැත; මාගමට තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං. යන්නූනාහං අඤ්ඤෙනපි පරියායෙන භගවන්තං යාචෙය්යං මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
එසඳ ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තෙල සිත විය: භාග්‍යවතුන් වහන්සේ මාගමහට තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. මම් අන් අයුරෙකිනුදු තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද බුදුන් යදනෙම් මනා මැනු.
අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: භබ්බො නු ඛො භන්තෙ, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකාතුන්ති?
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය වේ දැයි?
භබ්බො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි සච්ඡිකාතුන්ති.
ආනන්දය, මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හා පසක් කරන්නට භව්‍ය වෙයි.
සචෙ භන්තෙ, භබ්බො මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලම්පි -පෙ- අරහත්තඵලම්පි සච්ඡිකාතුං, බහුකාරා භන්තෙ, මහාපජාපතී ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා, භගවන්තං ජනෙත්තියා කාලකතාය ථඤ්ඤං පායෙසි.
ඉදින් වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ සෝවත්පල හා ... රහත්පල හා පසක් කරන්නට භව්‍ය වේ නම්, වහන්ස, මහාප්‍රජාපතී ගෝතමී භගවත්නට බොහෝ වහල් වුව, සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.
සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.
සචෙ ආනන්ද, මහාපජාපතී ගොතමී අට්ඨගරුධම්මෙ පතිගණ්හාති, සාවස්සා හොතු උපසම්පදා.
ආනන්දය, ඉදින් මහාප්‍රජාපතී ගෝතමී අෂ්ට ගුරුධර්මයන් පිළි ගන්නී නම් ඇයට එම උපසම්පදා වේවා යි.
1. “වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා. මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු එදින උපසපන් මහණක්හට අභිවාදන, ප්රත්යුත්ථාන, අඤ්ජලිකර්ම, සාමීචිකර්ම කළ යුතු ය. මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
2. න භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං උපගන්තබ්බං, අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
2. මෙහෙණ විසින් ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි වස් නො එළැඹිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
3. අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙධම්මො පච්චාසිංසිතබ්බා: උපොසථපුච්ඡකඤ්ච ඔවදුපසඞ්කමනඤ්ච. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
3. අඩමසක් පාසා මෙහෙණ විසින් බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
4. වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බා: දිට්ඨෙන සුතෙන පරිසඞ්කාය. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
4. වස් වුසූ මෙහෙණ විසින් උභතෝ සඞ්ඝයා කෙරෙහි දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන තුන් තැනෙකින් පැවරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
5. ගරුධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
6. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතො සඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි උපසම්පත් සෙවිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
7. න කෙනචි පරියායෙන භික්ඛුනියා භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
7. කිසි කරුණෙකිනුදු මෙහෙණ මහණ විසින් ආක්‍රෝශ පරික්රෝෂ නොකට යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
8. අජ්ජතග්ගෙ ආනන්ද, ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.”
8. ආනන්දය, අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ (අවවාදානුශාසන ධර්ම කථා සඞ්ඛ්‍යාත) වචනපථය වැසිණ. මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
සචෙ ආනන්ද, මහාපජාපතී ගොතමී ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හාති, සාවස්සා හොතු උපසම්පදාති.
ආනන්දය, ඉදින් මහාපජාපතී ගෝතමී මේ අෂ්ට ගුරු ධර්මය පිළිගන්නී නම් ඇයට උපසම්පත් එයම වේවයි.
අථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමෙ අට්ඨගරුධම්මෙ උග්ගහෙත්වා යෙන මහාපජාපතී ගොතමී තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා මහාපජාපතිං ගොතමිං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්මයන් ඉගෙන මහාපජාපතී ගෝතමිය වෙත එළඹියහ. එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:
සචෙ ඛො ත්වං ගොතමි, අට්ඨගරුධම්මෙ පතිගණ්හෙය්යාසි, සාව තෙ භවිස්සති උපසම්පදා.
ගෝතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වෙයි.
වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො -පෙ- අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
උපසපන් සියක් වස් ඇති මෙහෙණ විසින් එදින උපසපන් මහණහට අභිවාදන ප්රත්යුත්ථාන, අඤ්ජලිකර්ම සාමීචිකර්ම කළ යුතු ය. මෙ දහම ද සකස් කොට, ගුරු කොට, බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්මිවියයුතු ... අද පටන් මෙහෙණන්ගේ වචනපථය මහණුන් කෙරෙහි වැසිණි. මහණුන් ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණි, මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවි හිමියෙන් නොයික්ම විය යුතු ය.
සචෙ ඛො ත්වං ගොතමී, ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හය්යාසි, සාව තෙ භවිස්සති උපසම්පදාති.
ගෝතමිය, ඉදින් තෙපි මේ අෂ්ට ගුරු ධර්මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වන්නේ ය.
සෙය්යථාපි භන්තෙ ආනන්ද, ඉත්ථි වා පුරිසො වා දහරො යුවාමණ්ඩනකජාතිකො සීසං නහාතො උප්පලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං වා ලභිත්වා උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා උත්තමඞ්ගෙ සිරස්මිං පතිට්ඨාපෙය්ය එවමෙව ඛො අහං භන්තෙ, ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හිස්සාමි යාවජීවං අනතික්කමනීයෙති.
වහන්ස, ආනන්දයෙනි, යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, වහන්ස, එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු මෙ අෂ්ට ගුරු ධර්මයන් පිළිගනිමි.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
පටිග්ගහිතා භන්තෙ, මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා යාවජීවං අනතික්කමනීයාති.
වහන්ස, මහාප්‍රජාපතී ගෝතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු අෂ්ටගුරු ධර්මයෝ පිළිගන්නා ලදහ යි.
සචෙ ආනන්ද, නාලභිස්ස මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද, බ්රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමෙව සද්ධම්මො පතිට්ඨහෙය්ය, යතො ච ඛො ආනන්ද, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො, නදානි ආනන්ද, බ්රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති, පඤ්චෙවදානි ආනන්ද, වස්සසතානි සද්ධම්මො ඨස්සති.
ආනන්දය, ඉදින් මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, ආනන්දය සස්න චිරස්ථිතික විය. (අධිගම) සද්ධර්මය වර්‍ෂසහස්‍රයක් ම සිටුනේ ය. ආනන්දය, යම් හෙයකින් මාගම තථාගතප්‍රවිදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, ආනන්දය, දැන් බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. ආනන්දය, දැන් (අධිගම) සද්ධර්මය පස්වාසියක් ම සිටුනේ ය.
සෙය්යථාපි ආනන්ද, යානි කානිචි කුලානි බහුකිත්ථිකානි අප්පුරිසකානි, තානි සුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි. එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
ආනන්දය, යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්ථේනක (කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, ආනන්දය, එපරිදි ම යම් ධර්ම විනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
සෙය්යථාපි ආනන්ද, සම්පන්නෙ සාලික්ඛෙත්තෙ සෙතට්ඨිකා නාමරොගජාති නිපතති, එවං තං සාලික්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති. එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
ආනන්දය, යම් පරිදි සම්පන්න ශාලික්ෂේත්රයක (පණුවන් විදීමෙන් හටගන්නා) සේතට්ඨිකා නම් ශෂ්යරෝග ජාතියෙක් උපදනේ ද, එසේ ඇතිවත් ම ඒ ශාලික්ෂෙත්රය චිරස්ථිතික නො වේ ද, ආනන්දය, එපරිදි ම යම් ධර්මවිනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
සෙය්යථාපි ආනන්ද, සම්පන්නෙ උච්ඡුක්ඛෙත්තෙ මඤ්ජෙට්ඨිකා නාම රොගජාති නිපතති, එවං තං උච්ඡුක්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
ආනන්දය, යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) මඤේජට්ඨකා නම් ඉක්ෂු රෝගයෙක් උපදනේ ද, එසේ වත්ම ඒ ඉක්ෂු ක්ෂේත්රය චිරස්ථිතික නො වේ ද, ආනන්දය, එපරිදි ම යම් ධර්මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
සෙය්යථාපි ආනන්ද, පුරිසො මහතො තළාකස්ස පටිගච්චෙව ආළිං බන්ධෙය්ය යාවදෙව උදකස්ස අනතික්කමනාය, එවමෙව ඛො ආනන්ද මයා පටිගච්චෙව භික්ඛුනීනං අට්ඨ ගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයාති.
ආනන්දය, යම් පරිදි පුරුෂයෙක් මහත් තඩාගයක්හුගේ නියර (දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, ආනන්දය, එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු අෂ්ට ගුරුධර්මයෝ පණවන ලදහ යි.