දුතියලොකවිජය සුත්තං
8. 1. 5. 10.
8. 1. 5. 10.
දුතියලොකවිජය සුත්තං
දෙවැනිලෝකවිජය සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයාය පටිපන්නො හොති, අයංසා ලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි:
මහණෙනි, සිවුදහමෙකින් යුතු මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ආරබ්ධ වෙයි. කවර සිවුදහමෙකින යත්:
ඉධ භික්ඛවෙ මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති සඞ්ගහීතපරිජනො, භත්තු මනාපං චරති, සම්භතං අනුරක්ඛති.
මහණෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධානය කරන ලද කර්මාන්ත ඇතියේ වෙයි, සගත් පිරිවර ජනයා ඇත්තේ වෙයි, භර්‍තෘහුගේ මනාපයට හැසිරෙයි. සපයනුලැබූ දෙය රකියි.
1. කතඤ්ච භික්ඛවෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති.
1. මහණෙනි, කෙසේ මාගම මොනොවට සංවිධානය කරනලද කර්මාන්ත ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාමග යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර කර්මාන්තයෝ ... මහණෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධානය කරනලද කර්මාන්ත ඇත්තී වෙයි.
2. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සඞ්ගහීතපරිජනො හොති, ඉධ භික්ඛවෙ මාතුගාමො යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සඞ්ගහීතපරිජනො හොති.
2. මහණෙනි, කෙසේ මාගම සඟත් පරිජනයා ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර ජනයා ... මහණෙනි, මෙසේ වනාහි මාගම සඟත් පිරිවර ජනයා ඇත්තී වේ.
3. කතඤ්ච භික්ඛවෙ, මාතුගාමො භත්තු මනාපං චරති, ඉධ භික්ඛවෙ, මාතුගාමො යං භත්තු අමනාප සඞ්ඛාතං, තං ජීවිතහෙතුපි න අජ්ඣාචරති. එවං ඛො භික්ඛවෙ, මාතුගාමො භත්තු මනාපං චරති.
3. මහණෙනි, කෙසේ මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරේ ද යත්: මහණෙනි, මෙලෙව්හි මාගම භර්තෘහුට අමනාප සඞ්ඛ්‍යාත යමක් වේ ද, එය ජීවිත හේතුයෙනුදු නො ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරෙයි.
4. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සම්භතං අනුරක්ඛති, ඉධභික්ඛවෙ මාතුගාමො යං භත්තා ආහරති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සම්භතං අනුරක්ඛති. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයායපටිපන්නා හොති, අයංසා ලොකො ආරද්ධො හොති.
4. මහණෙනි, කෙසේ මාගම සපයන ලද්ද අනුරක්ෂණය කෙරේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම සියහිමි යමක් ගෙන ඒ නම් .. මහණෙනි, මෙසේ වනාහි මාගම සපයා ගෙන එන ලද්ද අනුරක්ෂණය කෙරෙයි. මහණෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ද ආරබ්ධ වෙයි.
චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති. පරස්සාලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි:
මහණෙනි, සිවුදහමෙකින් සමන්වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරබ්ධ වූයේ වෙයි. කවර සිවු දහමෙකින යත්:
ඉධ භික්ඛවෙ, මාතුගාමො සද්ධාසම්පන්නො හොති, සීලසම්පන්නො හොති, චාගසම්පන්නො හොති, පඤ්ඤාසම්පන්නො හොති.
මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වෙයි.
5. කථඤ්ච භික්ඛවෙ මාතුගාමො සද්ධාසම්පන්නො හොති, ඉධ භික්ඛවෙ, මාතුගාමො සද්ධො හොති -පෙ- එවං ඛො භික්ඛවෙ මාතුගාමො සද්ධාසම්පන්නො හොති.
5. මහණෙනි, කෙසේ මාගම සද්ධාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධා ඇත්තී වෙයි ... මහණෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
6. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සීලසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ මාතුගාමො පාණාතිපාතා පටිවිරතා හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සීලසම්පන්නො හොති.
6. මහණෙනි, කෙසේ මාගම සීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වෙයි. මහණෙනි, මෙසේ මාගම සීලසම්පන්න වෙයි.
7. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො චාගසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො චාගසම්පන්නො හොති.
7. මහණෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම පහවූ මසුරුමලින් යුත් සිතින් ... ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මෙසේ මාගම ත්‍යාගසම්පන්න වෙයි.
8. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤවා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති.
8. මහණෙනි, කෙසේ නම් මාගම ප්‍රඥාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම ප්‍රඥාවත් වෙයි ... මහණෙනි, මෙසේ වනාහි මාගම ප්‍රඥාසම්පන්න වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති. පරස්ස ලොකො ආරද්ධො හොතීති.
මහණෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නේ වෙයි. ඇය විසින් පරලොව ඇරයූවා වේ යයි.
1. සුසංවිහිතකම්මන්තා සඞ්ගහීතපරිජ්ජනා භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
1. මොනොවට සංවිධාන කරනලද කර්මාන්ත ඇත්තී මොනොවට සගත් පිරිවරජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි, සපයනලද ධනය රකියි.
2. සද්ධා සීලෙන සම්පන්නා වදඤ්ඤූ වීතමච්ඡරා, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්විත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි.
3. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච යස්සා විජ්ජන්ති නාරියා, තම්පි සීලවතිං ආහු ධම්මට්ඨං සච්චාවාදිනිං.
3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.
4. සොළසාකාරසම්පන්නා අට්ඨඞ්ගසුසමාගතා, සා තාදිසී සීලවතී උපාසිකා උපපජ්ජති දෙවලොකං මනාපං
4. සොළොසාකාර සමන්වාගත වූ ද අට්ඨඞ්ගසමන්වාගත වූ ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොව උපදී යයි.
උපොසථවග්ගො පඤ්චමො.
පස් වැනි උපෝසථ වර්ග යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
සඞ්ඛිත්තෙ විත්ථතෙ විසාඛෙ වාසෙට්ඨො බොජ්ඣාය පඤ්චමං අනුරුද්ධ පුන විසාඛෙ නකුලා ඉධ ලොකිකා ද්වෙති.
සඞ්ඛිත්ත (අට්ඨඞ්ගුපෝසථ) සූත්‍රය, විත්ථක අට්ඨඞ්ගුපෝසථ සූත්‍ර ය, විසාඛූපෝසථ සූත්‍රය, වාසෙට්ඨ උපෝසථ සූත්‍රය, බොජ්ඣූපෝසථ සූත්‍රය, අනුරුද්ධ මනාපකායික සූත්‍ර ය, විසාඛා මනාපකායික සූත්‍ර ය, නකුලමාතුමනාපකායික සූත්‍ර ය, ලෝකවිජය සූත්‍ර දෙක දැයි මෙහි සූත්‍ර දශයෙකි.
පඨමො පණ්ණාසකො.
ප්‍රථම පණ්ණාසක යි.