යෙදුමෙන් කියවන්න

පඨමලොකවිජය සුත‍්තං

8. 1. 5. 9.

8. 1. 5. 9.

පඨමලොකවිජය සුත‍්තං

ප්‍රථමලෝකවිජය සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච:

එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:

චතුහි ඛො විසාඛෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො ඉධලොකවිජයාය පටිපන‍්නො හොති, අයංසා ලොකො ආරද‍්ධො හොති. කතමෙහි චතුහි: ඉධ විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම‍්මන‍්තො හොති සඞ‍්ඝහිතපරිජනා, භත‍්තු මනාපං චරති, සම‍්භතං අනුරක‍්ඛති.

විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.

1. කතඤ‍්ච විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම‍්මන‍්තො හොති: ඉධ විසාඛෙ, මාතුගාමො යෙ තෙ භත‍්තු අබ‍්භන‍්තරා කම‍්මන‍්තා උණ‍්ණාති වා කප‍්පාසාති වා, තත්‍ථ දක‍්ඛා හොති අනලසා, තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතා අලං කාතුං අලං සංවිධාතුං. එවං ඛො විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම‍්මන‍්තො හොති.

1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.

2. කථඤ‍්ච විසාඛෙ මාතුගාමො සඞ‍්ගහිතපරිජනො හොති, ඉධ විසාඛෙ මාතුගාමො යො සො භත‍්තු අබ‍්භන‍්තරො අන‍්තොජනො දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා, තෙසං කතඤ‍්ච කතතො ජානාති. අකතඤ‍්ච අකතතො ජානාති, ගිලානකානඤ‍්ච බලාබලං ජානාති, ඛාදනීයභොජනීයඤ‍්චස‍්ස පච‍්චංසෙන සංවිභජති. එවං ඛො විසාඛෙ,මාතුගාමො සඞ‍්ගහිතපරිජනො හොති.

2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්‍ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.

3. කතඤ‍්ච විසාඛෙ, මාතුගාමො භත‍්තු මනාපං චරති, ඉධ විසාඛෙ, මාතුගාමො යං භත‍්තු අමනාපසඞ‍්ඛාතං, තං ජීවිතහෙතුපි න අජ‍්ඣාචරති. එවං ඛො විසාඛෙ, මාතුගාමො භත‍්තු මනාපං චරති.

3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.

4. කථඤ‍්ච විසාඛෙ මාතුගාමො සම‍්භතං අනුරක‍්ඛති, ඉධ විසාඛෙ, මාතුගාමො යං භත‍්තා ආහරති, ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක‍්ඛෙන ගුත‍්තියා සම‍්පාදෙති. තත්‍ථ ච හොති අධුත‍්තී අථෙනී අසොණ‍්ඩී අවිනාසිකා, එවං ඛො විසාඛෙ, මාතුගාමො සම‍්භතං අනුරක‍්ඛති. ඉමෙහි ඛො විසාඛෙ, චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයාය පටිපන‍්නො හොති, අයංසා ලොකො ආරද‍්ධො හොති.

4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්‍ෂාවෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.

චතුහි ඛො විසාඛෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන‍්නො හොති, පරස‍්සාලොකො ආරද‍්ධො හොති. කතමෙහි චතුහි: ඉධ විසාඛෙ, මාතුගාමො සද‍්ධා සම‍්පන‍්නො හොති සීලසම‍්පන‍්නො හොති, චාගසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පන‍්නො හොති.

විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.

5. කථඤ‍්ච විසාඛෙ මාතුගාමො සද‍්ධාසම‍්පන‍්නො හොති, ඉධ විසාඛෙ, මාතුගාමො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. එවං ඛො විසාඛෙ, මාතුගාමො සද‍්ධාසම‍්පන‍්නො හොති.

5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍රද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්‍හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබෝධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.

6. කථඤ‍්ච විසාඛෙ, මාතුගාමො සීලසම‍්පන‍්නො හොති: ඉධ විසාඛෙ මාතුගාමො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. එවං ඛො විසාඛෙ, මාතුගාමො සීල සම‍්පන‍්නො හොති.

6. විසාඛාවෙනි, මාගම කෙසේ සීලසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වේ ද, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වේ ද, විශාඛාවෙනි, මෙසේ වනාහි මාගම සීලසම්පන්න වෙයි.

7. කථඤ‍්ච විසාඛෙ, මාතුගාමො චාගසම‍්පන‍්නො හොති: ඉධ විසාඛෙ මාතුගාමො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසතී මුත‍්තාචාගා පයතපාණී වොස‍්සග‍්ගරතා යාචයොගා දානසංවිභාගරතා. එවං ඛො විසාඛෙ, මාතුගාමො චාගසම‍්පන‍්නො හොති.

7. විශාඛාවෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම පහවූ මසුරුමල ඇති සිතින් මුක්තත්‍යාග වූවා දෙවු අත් ඇත්තී දීමෙහි ඇලුණී යාචනයට යෝග්‍ය වූවා දන් බෙදීමෙහි ඇලුණී ගිහිගෙයි වෙසේ ද, විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම චාගසම්පන්න වෙයි.

8. කථඤ‍්ච විසාඛෙ, මාතුගාමො පඤ‍්ඤාසම‍්පන‍්නො හොති: ඉධ විසාඛෙ, මාතුගාමො පඤ‍්ඤවා හොති -පෙ- එවං ඛො විසාඛෙ, මාතුගාමො පඤ‍්ඤාසම‍්පන‍්නො හොති. ඉමෙහි ඛො විසාඛෙ, චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන‍්නො හොති, පරස‍්සා ලොකො ආරද‍්ධො හොතීති.

8. විශාඛාවෙනි, කෙසේ නම් මාගම පඤ්ඤාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ප්‍රඥාවත් වේ ද, ... විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම පඤ්ඤාසම්පන්න වෙයි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම පරලෝකවිජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරාධනා කරන ලද්දේ වේ ය යි.

1. සුසංවිහිතකම‍්මන‍්තා සඞ‍්ගහීතපරිජ‍්ජනා භත‍්තු මනාපං චරති සම‍්භතං අනුරක‍්ඛති.

1. ස්ත්‍රියක් මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී, මොනොවට සගත් පිරිවර ජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි ද, සපයන ලද ධනය රකීයි ද,

2. සද‍්ධා සීලෙන සම‍්පන‍්නා වදඤ‍්ඤූ වීතමච‍්ඡරා, නිච‍්චං මග‍්ගං විසොධෙති සොත්‍ථානං සම‍්පරායිකං

2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්‍වාගත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි ද,

3. ඉච‍්චෙතෙ අට‍්ඨ ධම‍්මා ච යස‍්සා විජ‍්ජන‍්ති නාරියා, තම‍්පි සීලවතිං ආහු ධම‍්මට‍්ඨං සච‍්චවාදිනිං.

3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.

4. සොළසාකාරසම‍්පන‍්නා අට‍්ඨඞ‍්ගසුසමාගතා, සා තාදිසී සීලවතී උපාසිකා උපපජ‍්ජති දෙවලොකං මනාපං

4. සොළසාකාර සමන්‍වාගත වූ ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වු ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොවට පැමිණේය යි.