යෙදුමෙන් කියවන්න

නකුලමාතුමනාපකායික සුත‍්තං

8. 1. 5. 8.

8. 1. 5. 8.

නකුලමාතුමනාපකායික සුත‍්තං

නකුලමාතුමනාපකායික සූත්‍රය

එකං සමයං භගවා භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො නකුලමාතා ගහපතානී යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො නකුලමාතරං ගහපතානිං භගවා එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි මෘගදාය නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල්හි නකුලමාතා නම් ගෘහපත්නී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ ... එකත්පස්ව හුන් නකුලමාතා ගෘහපත්නියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:

අට‍්ඨහි ඛො නකුලමාතෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා මනාපකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. කතමෙහි අට‍්ඨහි:

නකුලමාතාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. කවර අටෙකින යත්:

1. ඉධ නකුලමාතෙ, මාතුගාමො යස‍්ස මාතාපිතරො භත‍්තුනො දෙන‍්ති, අත්‍ථකාමා හිතෙසිනො අනුකම‍්පකා අනුකම‍්පං උපාදාය. තස‍්ස හොති පුබ‍්බුට‍්ඨායිනී පච‍්ඡානිපාතිනී කිඞ‍්කාරපටිස‍්සාවිනී මනාපචාරිනී පියවාදිනී.

1. නකුලමාතාවෙනි, මෙලොව්හි ස්ත්‍රීතොමෝ අර්‍ත්‍ථකැමති වූ හිත කැමැති වූ අනුකම්පා ඇති මාපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දක්වා දෙත් නම් ඔහට පළමු නැගී සිටිනී පැසුළු වැදහෝනී කුම් කෙරෙම්දැයි පුළුවුස්නී මනාප හැසිරුම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.

2. යෙ තෙ භත‍්තු ගරුනො හොන‍්ති, මාතාති වා පිතාති වා සමණබ්‍රාහ‍්මණාති වා තෙ සක‍්කරොති ගරුකරොති මානෙති පූජෙති අබ‍්භාගතෙ ච ආසනොදකෙන පටිපූජෙති.

2. මව ය කියා හෝ පියා ය කියා හෝ මහණ බමුණු ය කියා හෝ භර්‍තෘ හුගේ ගරුකටයුත්තාහු වෙත් නම් ඔවුන් සගන්නී ය, ගරු කරන්නී ය, බුහුමන් කරන්නී ය, පුදන්නී ය, වෙත පැමිණියවුන් අස්නෙන් හා පැනින් පුදන්නී ය.

3. යෙ තෙ භත‍්තු අබ‍්භන‍්තරා කම‍්මන‍්තා උණ‍්ණාති වා කප‍්පාසාති වා තත්‍ථ දක‍්ඛා හොති අනලසා තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතා අලඞ‍්කාතුං අලං සංවිධාතුං.

3. භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් ඒ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි, තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට පොහොසත් වෙයි.

4. යො සො භත‍්තු අබ‍්භන‍්තරො අන‍්තො ජනො දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා තෙසං කතඤ‍්ච කතතො ජානාති, අකතඤ‍්ච අකතතො ජානාති, ගිලානකානඤ‍්ච බලාබලං ජානාති, ඛාදනීයං භොජනීයඤ‍්චස‍්ස පච‍්චංසෙන සංවිභජති.

4. භර්‍තෘහුගේ දස්හු වෙත් වයි ප්‍රෙෂ්‍ය වෙත් වයි කම්කරු වෙත් වයි අභ්‍යන්තර වූ යම් ඒ ඇතුළත් ජන කෙනෙක් වෙත් නම් ඔවුන් කළදෑ කළ සේ දනියි. නො කළ දෑත් නො කළ සේ දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, කෑයුතු දෑත් බුදියයුතු දෑත් කොටස් විසින් ඔවුනට බෙදයි.

5. යං භත‍්තා ආහරති ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා තං ආරක‍්ඛෙන ගුත‍්තියා සම‍්පාදෙති, තත්‍ථ ච හොති අධුත‍්තී අථෙනී අසොණ‍්ඩී අවිනාසිකා.

5. භර්‍තෘ තෙමේ ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජත වේවයි ජාතරූප වේවයි යමක් ගෙන ඒ නම් එය ආරක්‍ෂායෙන් ගෝපනයක් සපයයි. එහිදු අධූර්‍ත වූවා නො සොර වූවා නො සොඬ වූවා අවිනාශික වූවා වෙයි.

6. උපාසිකා ඛො පන හොති බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා.

6. බුදුන් සරණගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.

7. සීලවතී ඛො පන හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සුරාමෙරය මජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා -පෙ-

7. පණිවායෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා සිල්වත් වෙයි.

8. චාගවතී ඛො පන හොති විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගා පයතපාණිනී වොස‍්සග‍්ගරතා යාචයොගා දානසංවිභාගරතා.

8. ත්‍යාග වත් වෙයි: මුක්තත්‍යාග වූවා දෙවුඅත්ඇත්තී දීමෙහි ඇලුනී යාචනයට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී පහ වු මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙයි.

ඉමෙහි ඛො නකුලමාතෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා මනාපකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.

නකුලමාතාවෙනි, මේ අට දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ යයි.

1. යො නං භරති සබ‍්බදා නිච‍්චං ආතාපී උස‍්සුකො, තං සබ‍්බකාමදං පොසං භත‍්තාරං නාතිමඤ‍්ඤති.

1. යම් පුරුෂයෙක් හැම කල්හිම සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ පුස්නා ඒ හිමිහු හෙළා නො දක්නී ය.

2. න චාපි සොත්‍ථි භත‍්තාරං ඉස‍්සාවාදෙන රොසයෙ, භත‍්තු ච ගරුනො සබ‍්බෙ පතිපූජෙති පණ‍්ඩිතා.

2. පණ්ඩිත වූ සුන්‍දර ස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.

3. උට‍්ඨායිකා අනලසා සඞ‍්ගහීතපරිජ‍්ජනා, භත‍්තු මනාපං චරති සම‍්භතං අනුරක‍්ඛති.

3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සංඞ්ගෘහීත පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි, ඉපයූ ධනය රකියි.

4. යා එවං වත‍්තතී නාරී භත‍්තු ඡන්‍දවසානුගා, මනාපා නාම තෙ දෙවා යත්‍ථ සා උපපජ‍්ජතීති.

4. යම් ස්ත්‍රියක් මෙසේ සැමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක්හි ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී යි.