යෙදුමෙන් කියවන්න

විසාඛමනාපකායික සුත‍්තං

8. 1. 5. 7.

8. 1. 5. 7.

විසාඛමනාපකායික සුත‍්තං

විසාඛාමනාපකායික සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ . අථ ඛො විසාඛා මිගාරමාතා -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක: එකල්හි විසාඛා මිගාරමාතු ... එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:

අට‍්ඨහි ඛො විසාඛෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා මනාපකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. කතමෙහි අට‍්ඨහි:

විශාඛාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි, කවර අටෙකින යත්:

ඉධ විසාඛෙ, මාතුගාමො යස‍්ස මාතාපිතරො භත‍්තුනො දෙන‍්ති, අත්‍ථකාමා හිතෙසිනො අනුකම‍්පකා අනුකම‍්පං උපාදාය, තස‍්ස හොති පුබ‍්බුට‍්ඨායිනී පච‍්ඡානිපාතිනී කිඞ‍්කාරපටිස‍්සාවිනී මනාපචාරිනී පියවාදිනී -පෙ- චාගවතී ඛො පන හොති විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගා පයතපාණී වොස‍්සග‍්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො විසාඛෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා මනාපකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති.

විශාඛාවෙනි, මෙ ලොව්හි මාගම, අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මා පියෝ යම් හිමියකුට අනුකම්පා නිසා දක්වා දෙත් නම් ඔහට පළමු නැඟී සිටිනී පැසුළු වැදහෙන්නී කුම් කරම් දැයි පිළිවිස කරන්නී මනා පැවතුම් ඇත්තී ප්‍රිය වචන ඇත්තී වෙයි ... ත්‍යාග ඇත්තී ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙනුවට දෙවූ අත් ඇත්තී දන් දීමෙහි ඇලුනී යදනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. විසාඛාවෙනි, මේ දහම් අටින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹේ.

1. යො නං භරති සබ‍්බදා නිච‍්චං ආතාපී උස‍්සුකො, තං සබ‍්බකාමදං පොසං භත‍්තාරං නාතිමඤ‍්ඤති.

1. යම් පුරුෂයෙක් හම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැමදෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.

2. න චාපි සොත්‍ථි භත‍්තාරං ඉස‍්සාවාදෙන රොසයෙ, භත‍්තු ච ගරුනො සබ‍්බෙ පතිපූජෙති පණ‍්ඩිතා.

2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යා වාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.

3. උට‍්ඨායිකා අනලසා සඞ‍්ගහීතපරිජ‍්ජනා, භත‍්තු මනාපං චරති සම‍්භතං අනුරක‍්ඛති.

3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සඟහනලද පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපැයූ ධනය රකියි.

4. යා එවං වත‍්තතී නාරී භත‍්තු ඡන්‍දවසානුගා, මනාපා නාම තෙ දෙවා යත්‍ථ සා උපපජ‍්ජතීති.

4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද, මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී ය.