අනුරුද්ධමනාපකායික සුත්තං
8. 1. 5. 6.
8. 1. 5. 6.
අනුරුද්ධමනාපකායික සුත්තං
අනුරුද්ධමනාපකායික සූත්‍රය
එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධො දිවාවිහාරගතො හොති පතිසල්ලීනො. අථ ඛො සම්බහුලා මනාපකායිකා දෙවතා යෙන ආයස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිවාවිහාරයට ගියාහු විවේකී ව වෙසෙති. එකල්හි බොහෝ මනාපකායික දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට තෙල කරුණ සැළ කළහ:
මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම. වසං වත්තෙම. මයං භන්තෙ අනුරුද්ධ, යාදිසකං වණ්ණං ආකඞ්ඛාම තාදිසකං වණ්ණං ඨානසො පටිලභාම. යාදිසකං සුඛං ආක්ඛඞ්ඛාම තාදිසකං සුඛං ඨානසො පටිලභාම. යාදිසකං සරං ආකඞ්ඛාම තාදිසකං සරං ඨානසො පටිලභාම. මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා ඉමෙසු තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම වසං වත්තෙමාති.
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් අපි තුන් තැනෙක ඉසුරු කරමු, වශය පවත්වමු. වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු වර්ණයක් කැමැත්තමෝ නම් එබඳු වර්ණය සැණෙකින් ලබන්නෙමු. යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වරය සැණෙකින් ම ලබන්නෙමු. යම්බඳු සුඛයක් කැමැත්තමෝ නම් එබඳු සුඛය සැණෙකින් ම ලබන්නෙමු. වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් වූ අපි මේ තුන් කරුණෙහි ඉසුරු කරන්නෙමු, වශය පවත්වන්නෙමු.
අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව නීලා අස්සු නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරාති. අථ ඛො තා දෙවතා ආයස්මතො අනුරුද්ධස්ස චිත්තමඤ්ඤාය සබ්බා නීලා අහෙසුං නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: අහො වතිමා සබ්බාව පීතා අස්සු -පෙ- සබ්බාව ලොහිතකා අස්සු -පෙ- සබ්බාව ඔදාතා අස්සු ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරාති. අථ ඛො තා දෙවතා ආයස්මතො අනුරුද්ධස්ස චිත්තමඤ්ඤාය සබ්බාව ඔදාතා අහෙසුං ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මේ සිත වී ය: “ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම නිල් වූවාහු නිල් පැහැ ඇතියාහු නීලවස්ත්ර ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් ඉතා යෙහෙක කියායි. එකල්හි ඒ දේවතාවෝ අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම නිල් වූවාහු නිල්වන් වූවාහු නිල්වත් ඇත්තාහු නීලාලඞ්කාර ඇත්තාහු වුහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට තෙල සිත විය: ‘ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම රන් පැහැ වූවාහු වෙත් නම් ... හැම රතු පැහැ වූවාහු වෙත් නම් ... සුදු වූවාහු සුදුවන් වූවාහු සුදු වස්ත්‍ර ඇතියාහු සුදු අලඞ්කාර ඇතියාහු වෙත් නම් යෙහෙක’ කියායි. එකල්හි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ වූවාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වූහ.
අථ ඛො තා දෙවතා එකා ච ගායි, එකා ච නච්චි, එකා ච අච්ඡරිකං වාදෙසි සෙය්යථාපි නාම පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිපතාළිතස්ස කුසලෙහි සුසමන්නාගතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච, එවමෙව තාසං දෙවතානං අලඞ්කාරානං සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච. අථ ඛො ආයස්මා අනුරුද්ධො ඉන්ද්රියානි ඔක්ඛිපි.
ඉක්බිති ඒ දේවතාවන් අතුරෙහි එක් දේවතාවක් ගැයූ ය, එක්දේවතාවක් නැටූ ය, එක් දේවතාවක් හස්තතාලයට වන යම්සේ මැනැවින් සකසන ලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වවාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ සොඳුරුත් වේ ද, සිත් රඳවන්නකුත් වේ ද, කමනීයත් වේ ද, ප්රේමණීයත් වේ ද, මදනීයත් වේ ද, එසෙයින් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ ශබ්දය වල්ගු ද වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීයද වේ, එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් (ඇස්) යටිහුරු කළහ.
අථ ඛො තා දෙවතා න ඛො අය්යො අනුරුද්ධො සාදීයතීති තත්ථෙවන්තරධායිංසු.
ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහ යි එහි ම අතුරුදහන් වූහ.
අථ ඛො ආයස්මා අනුරුද්ධො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළාහ.
ඉධාහං භන්තෙ, දිවාවිහාරගතො හොමි පතිසල්ලීනො. අථ ඛො භන්තෙ, සම්බහුලා මනාපකායිකා දෙවතා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු, එකමන්තං ඨිතා ඛො භන්තෙ, තා දෙවතා මං එතදවොචුං:
වහන්ස, මම දිවා විහරණයට ගියෙම් පිළිසලනෙහි යෙදුනෙම් වෙමි, වහන්ස, එකල්හි බොහෝ මනාපකායිකදේවතාවෝ මා වෙත එළැඹියාහ. එළැඹ මා වැඳ එකත් පසෙක සිටියහ. වහන්ස, එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට තෙල කීහ:
මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා, තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම, වසං වත්තෙම, මයං භන්තෙ අනුරුද්ධ යාදිසකං වණ්ණං ආකඞ්ඛාම, තාදිසකං වණ්ණං ඨානසො පටිලභාම, යාදිසකං සරං ආකඞ්ඛාම, තාදිසකං සරං ඨානසො පටිලභාම, යාදිසකං සුඛං ආකඞ්ඛාම, තාදිසකං සුඛං ඨානසො පටිලභාම, මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා ඉමෙසු තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම, වසං වත්තෙමාති.
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකදේවතා වන අපි තුන් තැනෙක ඉසුරු කරමු, වසය පවත්වමු, වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු පැහැයක් කැමැත්තමෝ නම් එබඳු පැහැ සැණෙකින් ම ලබමු, යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වර සැණෙකින් ලබමු, යම් බඳු සුවයක් කැමැත්තමෝ නම් එබඳු සුව සැණෙකින් ම ලබමු, වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකාදේවතා වන අපි මේ තුන්තන්හි ඉසුරු කරමු. වසය පවත්වමු යි.
තස්ස මය්හං භන්තෙ එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව නීලා අස්සු නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරාති. අථ ඛො භන්තෙ තා දෙවතා මම චිත්තමඤ්ඤාය සබ්බාව නීලා අහෙසුං නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. තස්ස මයිහං භන්තෙ එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව පීතා අස්සු -පෙ- සබ්බාව ලොහිතකා අස්සු -පෙ- සබ්බාව ඔදාතා අස්සු ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරාති. අථ ඛො භන්තෙ තා දෙවතා මම චිත්තමඤ්ඤාය සබ්බාව ඔදාතා අහෙසුං ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
වහන්ස, මට තෙල සිත්වී; ආශ්චර්‍ය්‍යයෙක, මේ දෙවියෝ හැම නිල් වූවාහු නිල්වන් ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් මැනැව කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ මා සිත දැන හැම නිල් වූහ, හැම නිල්වන් වූහ, හැම නිල්වත් ඇති වූහ, හැම නීලාලඞ්කාර ඇති වූහ. වහන්ස, මට තෙල සිත් වී: මේ දේවතාවෝ හැම රන්වන් වෙත් නම් යෙහෙක ... හැම ලෙහෙවන් වෙත් නම් යෙහෙක ... හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වෙත් නම් යෙහෙක කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ හැම අවදාත වූහ, අවදාතවර්‍ණ වූහ, අවදාත වස්ත්‍ර ඇති වූහ, අවදතාලඞ්කාර ඇති වූහු.
අථ ඛො භන්තෙ තා දෙවතා එකා ච ගායි, එකා ච නච්චි, එකා ච අච්ඡරිකං වාදෙසි. සෙය්යථාපි නාම පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිපතාළිතස්ස කුසලෙහි සුසමන්නාගතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච, එවමෙව තාසං දෙවතානං අලඞ්කාරානං සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච අථඛ්වාහං භන්තෙ. ඉන්ද්රියානි ඔක්ඛිපිං. අථ ඛො භන්තෙ තා දෙවතා න ඛො අය්යො අනුරුද්ධො සාදියතීති තත්ථෙවන්තරධායිංසු,
වහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ එකක් ගැයූ, එකක් නැටූ, එකක් හස්තතාල වැයූ, යම්සේ මැනැවින් සකසනලද, ස්වරසාම්‍ය සඳහා පූර්වාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ වල්ගුවේ ද, රජනීය වේද, කමනීය වේද, ප්‍රේමණීය වේද, මදනීය වේද, එපරිද්දෙන් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ හඬ වල්ගු වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීය ද වෙයි. වහන්ස, එකල්හි මම් ඉඳුරන් (දෙඇස්) යටිහුරු කළෙමි. වහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහයි එහි ම අතුරුදහන් වූහ.
කති හි නු ඛො භන්තෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
වහන්ස, කෙතෙක් ධර්මයන්ගෙන් සමන්වාගත වූ මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද?
අට්ඨහි ඛො අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. කතමෙහි අට්ඨහි:
අනුරුද්ධය, ධර්ම අටෙකින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. කවර අටෙකින යත්:
1. ඉධ අනුරුද්ධ, මාතුගාමො යස්ස මාතාපිතරො භත්තුනො දෙන්ති, අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස හොති පුබ්බුට්ඨායිනී පච්ඡානිපාතිනී කිඞ්කාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී.
1. අනුරුද්ධය, මෙලොව්හි මාගම අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මවුපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දෙත් නම් ඔහට පළමු නැඟී සිටින්නී පසුව හොවින්නී කුම් කෙරෙම් දැයි පිළිවිස කරන්නී මනාප හැසිරීම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.
2. යෙ තෙ භත්තුගරුනො හොන්ති, මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා තෙ සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අබ්භාගතෙ ච ආසනොදකෙන පටිපූජෙති.
2. මව වේවයි, පියා වේවයි, මහණබමුණු වෙත්වයි, හිමිහුගේ යම් ඒ ගුරුහු වෙත් නම් ඔවුන් සගනි, ගුරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පුදයි, වෙත එළැඹියවුන් අස්නෙන් සහ පැනින් පුදයි.
3. යෙ තෙ භත්තු අබ්භන්තරකම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්ථ දක්ඛා හොති අනලසා තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලඞ්කාතුං අලං සංවිධාතුං.
3. හිමිහුගේ එළුලොම් වේවයි, කපු වේවයි, යම් ඒ අභ්‍යන්තර කර්මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්ෂ වූවා අනලස් වූවා, තත්‍රෝපාය වීමංසායෙන් (ඒ ඒ කරුණ පිළිබඳ උපායඥානයෙන්) සමන්විත වූවා කටයුතු කිරීමෙහි සංවිධානය කිරීමෙහි සමත් වෙයි.
4. යො සො භත්තු අබ්භන්තරො අන්තො ජනො දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙසං කතඤ්ච කතතො ජානාති, අකතඤ්ච අකතතො ජානාති, ගිලානකානඤ්ච බලාබලං ජානාති, ඛාදනීයං භොජනීයඤ්චස්ස පච්චංසෙන සංවිභජති.
4. හිමිහුගේ දස්හු වෙත්වයි මෙහෙකරුවෝ වෙත්වයි කම්කරුවෝ වෙත්වයි යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත් ජනයෝ වෙත් නම් ඔවුන් කළ දෑ කළ විසිනුත් දනියි, නො කළ දැ නො කළ විසිනුත් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, ඔහු කෑයුතු දෑත් බුදිය යුතු දෑත් කොටස් විසින් සංවිභාග කෙරෙයි.
5. යං භත්තු ආහරති ධනං වා ධඤ්ඤං වා ජාතරූපං වා තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති තත්ථ ච හොති අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකා.
5. භර්තෘ තෙමේ ධන වේවයි ධ්‍යාන වේවයි රන් වේවයි යමකුත් ගෙනෙයි නම් එය ආරක්ෂායෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු ධූර්ත නො වූවා සොර නො වූවා ලොල් නො වූවා නො නසන්නී වෙයි.
6. උපාසිකා ඛො පන හොති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා.
6. බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
7. සීලවතී ඛො පන හොති පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා.
7. පණිවායෙන් වැළකි, අයිනාදනින් වැළකි, කාමයෙහි මිසහසරින් වැළැකි, මුසවායෙන් වැළකි මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකි සිල් ඇති වෙයි.
8. චාගවතී ඛො පන හොති විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගා පයතපාණී වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො අනුරුද්ධ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
8. ත්‍යාගවත් වෙයි, පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙවූ අත් ඇත්තී දීමෙහි ඇලුනී යදිනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. අනුරුද්ධය, මේ දහම් අටින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට යන්නී යි.
1. යො නං භරති සබ්බදා නිච්චං ආතාපී උස්සුකො, තං සබ්බකාමදං පොසං භත්තාරං නාතිමඤ්ඤති.
1. යම් පුරුෂයෙක් හැම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
2. න චාපි සොත්ථි භත්තාරං ඉස්සාවාදෙන රොසයෙ, භත්තු ච ගරුනො සබ්බෙ පතිපූජෙති පණ්ඩිතා.
2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරු තන්හි සිටි හැම පුදයි.
3. උට්ඨායිකා අනලසා සඞ්ගහීතපරිජ්ජනා, භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
3. උත්ථානවීර්ය්ය ඇත්තී අලස නො වූවා සඞ්ග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපයූ ධනය රකියි.
4. යා එවං වත්තතී නාරී භත්තු ඡන්දවසානුගා, මනාපා නාම තෙ දෙවා යත්ථ සා උපපජ්ජතීති.
4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත්පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද ඕ මනාපකායික දෙවියෝ යම් තැනෙක ද එතැන (නිම්මාණරතී දෙව්ලොව) උපදිනී ය යි.