5. උපොසථවග්ගො අට්ඨකථා
5. උපොසථ වර්ගය
4. වාසෙට්ඨුපොසථ සුත්තවණ්ණනා
4. වාසෙට්ඨූපොසථ සූත්ර වර්ණනාව
පඤ්චමස්ස චතුත්ථෙ ඉමෙ චෙපි, වාසෙට්ඨ, මහාසාලාති පුරතො ඨිතෙ ද්වෙ සාලරුක්ඛෙ දස්සෙන්තො පරිකප්පොපමං ආහ. ඉදං වුත්තං හොති – ඉමෙ තාව මහාසාලා අචෙතනා. සචෙ එතෙපි සචෙතනා හුත්වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං, එතෙසම්පි සො උපොසථවාසො දීඝරත්තං හිතාය සුඛාය අස්ස. භූතෙ පන වත්තබ්බමෙව නත්ථීති.
පස්වැනි වර්ගයෙහි සතරවැනි සූත්රයෙහි ඉමෙ චෙපි වාසෙට්ඨ මහාසාලා යනු ඉදිරියෙහි තිබුණු සල්ගස් දෙක දක්වමින් සිතනලද උපමාව වදාළ සේක. මෙය කියන ලද්දේ වෙයි. මේ සල්ගස් අචේතනිකය. ඉදින් මොවුහුද සචේතනික වී අට්ඨංගසමන්නාගත උපොෂථය රකින්නහු නම් මොවුනට ද ඒ උපොෂථය දිගුකලක් හිතසුව පිණිස වන්නේය. මිනිසුන්වූවන් ගැන කිවයුත්තක් නැත.
6. අනුරුද්ධමනාපකායික සුත්තවණ්ණනා
6. අනුරුද්ධමනාපකායික සූත්ර වර්ණනාව
ඡට්ඨෙ යෙනායස්මා අනුරුද්ධොති තා කිර දෙවතා අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා “කිං නු ඛො නිස්සාය අයං සම්පත්ති අම්හෙහි ලද්ධා”ති ආවජ්ජමානා ථෙරං දිස්වා “මයං අම්හාකං අය්යස්ස පුබ්බෙ චක්කවත්තිරජ්ජං කරොන්තස්ස පාදපරිචාරිකා හුත්වා තෙන දින්නොවාදෙ ඨත්වා ඉමං සම්පත්තිං ලභිම්හ, ගච්ඡාම ථෙරං ආනෙත්වා ඉමං සම්පත්තිං අනුභවිස්සාමා”ති දිවා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. තීසු ඨානෙසූති තීසු කාරණෙසු. ඨානසො පටිලභාමාති ඛණෙනෙව ලභාම. සරන්ති වචනසද්දං වා ගීතසද්දං වා ආභරණසද්දං වා. පීතා අස්සූතිආදීනි නීලා තාව ජාතා, පීතා භවිතුං න සක්ඛිස්සන්තීතිආදිනා නයෙන චින්තෙත්වා විතක්කෙති. තාපි “ඉදානි අය්යො අම්හාකං පීතභාවං ඉච්ඡති, ඉදානි ලොහිතභාව”න්ති තාදිසාව අහෙසුං.
සයවැන්නෙහි යෙනායස්මා අනුරුද්ධො යනු ඒ දේවතාවෝ තමන්ගේ සැපත බලා කවර කරුණක් නිසා අප විසින් මේ සැපත ලබන ලදදැයි සිහි කරමින් තෙරුන් දැක අපි පෙර සක්විති රජකම් කරන්නාවූ ආර්ය්යයන් වහන්සේට බිරින්දෑවරු වී උන්වහන්සේ විසින් දෙනලද ඔවදනෙහි පිහිටා මේ සැපත ලබමු. යමු තෙරුන් ගෙනවුත් මේ සැපත විඳින්නෙමුයි දහවලෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සිටි තැනට එළඹුනාහ. තීසු ඨානෙසු යන කරුණු තුනෙක්හියි, ඨානසො පටිලභාම යනු ක්ෂණයකින්ම ලබමු. සරං යනු වචන ශබ්දය හෝ ශීත ශබ්දය හෝ ආභරණ ශබ්දයයි, පිතා අස්සු යනාදිය නිල් පැහැ ඇත්තේ වූහ. කහ පැහැත්තෝ වීමට නොහැකිවෙතියි ආදී ක්රමයෙන් සිතා විතර්කනය කරයි. ඒ දෙවතාවෝ ද දැන් ආර්ය්යයන් වහන්සේ අපගේ කහ බව කැමති වෙති. දැන් රතුබව යයි එබන්ඳෝම වූහ.
අච්ඡරං වාදෙසීති පාණිතලං වාදෙසි. පඤ්චඞ්ගිකස්සාති ආතතං, විතතං, ආතතවිතතං, ඝනං, සුසිරන්ති ඉමෙහි පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතස්ස. තත්ථ ආතතං නාම චම්මපරියොනද්ධෙසු භෙරිආදීසු එකතලතූරියං, විතතං නාම උභයතලං, ආතතවිතතං නාම සබ්බසො පරියොනද්ධං, සුසිරං වංසාදි, ඝනං සම්මාදි. සුවිනීතස්සාති ආකඩ්ඪනසිථිලකරණාදීහි සමුච්ඡිතස්ස. සුප්පටිපතාළිතස්සාති පමාණෙ ඨිතභාවජානනත්ථං සුට්ඨු පටිපතාළිතස්ස. කුසලෙහි සුසමන්නාහතස්සාති යෙ වාදෙතුං කුසලා ඡෙකා, තෙහි වාදිතස්ස. වග්ගූති ඡෙකො සුන්දරො. රජනීයොති රඤ්ජෙතුං සමත්ථො. කමනීයොති කාමෙතබ්බයුත්තො. ඛමනීයොති වා පාඨො, දිවසම්පි සුය්යමානො ඛමතෙව, න නිබ්බින්දතීති අත්ථො. මදනීයොති මානමදපුරිසමදජනනො. ඉන්ද්රියානි ඔක්ඛිපීති “අසාරුප්පං ඉමා දෙවතා කරොන්තී”ති ඉන්ද්රියානි හෙට්ඨා ඛිපි, න අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකෙසි. න ඛ්වය්යො අනුරුද්ධො සාදියතීති “මයං නච්චාම ගායාම, අය්යො පන අනුරුද්ධො න ඛො සාදියති, අක්ඛීනි උම්මීලෙත්වා න ඔලොකෙති, කිං මයං නච්චිත්වා වා ගායිත්වා වා කරිස්සාමා”ති තත්ථෙව අන්තරධායිංසු. යෙන භගවා තෙනුපසඞ්කමීති තාසං දෙවතානං ආනුභාවං දිස්වා “කතිහි නු ඛො ධම්මෙහි සමන්නාගතො මාතුගාමො මනාපකායිකෙ දෙවලොකෙ නිබ්බත්තතී”ති ඉමමත්ථං පුච්ඡිතුං උපසඞ්කමි.
අච්ඡරිකං වාදෙසි යනු අත්තලය හැඬවූහ. පඤ්චඞ්ගිකස්ස යනු ආතත විතත ආතතවිතත ඝන සුසිර යන අංග පසින් යුක්තවූවහුයි. එහි ආතතය නම් සමින් වැසුණු බෙර ආදියෙහි එකැස් තූර්ය්යයයි. විතතය නම් දෙඇස් තූර්ය්යයයි. ආතතවිතතය නම් සියල්ලෙන් වැසුණු තූර්ය්යයයි. සුසිරය නළා ආදියයි. ඝනය නම් කයිතාලම් ආදියයි. සුවිනීතස්ස යනු ඇඳීම් (තදකිරීම) ලිහිල් කිරීම් ආදියෙන් නංවන ලද්දහුයි, සුප්පටිපතාළිතස්ස යනු ප්රමාණයට පිහිටිබව දැනගැනීම සඳහා මනාව තට්ටු කරන ලද්දහුගේයි, කුසලෙහි සුසමන්නාහතස්ස යනු වාදනය කිරීමට යමෙක් දක්ෂයෝ ද සපන්නු ද ඔවුන් විසින් වාදනය කරන ලද්දහුගේයි, වග්ගු යනු සොඳුරු වුයේයි, රජනීයො යනු සතුටු කිරීමට සමත්වූයේයි, කමනීයො යනු කැමතිවිය යුත්තේයි. ඛමනීයො යනු හෝ පාඨයෙකි, දවසකුදු අසනු ලබන්නේ ඉවසයිමය. නොකළකිරෙයි යන අරුත්ය, මදනීයො යනු මානමද පුරුෂමද ඇති කරන්නේයි, ඉන්ද්රියානි ඔක්ඛීපි යනු මේ දෙවියෝ නොසරුප් දෙයක් කරත්යයි ඉඳුරන් යටට හෙලීය. ඇස් ඇර බැලීය. න ඛො අය්යො අනුරුද්ධො සාදියති යනු අපි නටමු ගයමු, අනුරුද්ධ ආර්ය්යයන් වහන්සේ සතුටු නොවෙති. ඇස් හැර නොලබති අපි නටා හෝ ගයා කුමක් කරන්නෙමුදැයි එහිම අතුරුදහන් වූහ. යෙන භගවා තෙනුපසංකමි යනු ඒ දෙවිවරුන්ගේ ආනුභාවය දැක කවර නම් ධර්මයන්ගෙන් යුක්ත වූ මාගමක් මනාපකායික දෙව්ලොව උපදීදැයි මේ කරුණ ඇසීමට එළඹියේය.
9. පඨමලොකවිජය සුත්තවණ්ණනා
9. ප්රථමලෝකවිජය සූත්ර වර්ණනාව
නවමෙ අයං’ස ලොකො ආරද්ධො හොතීති අයමස්ස ලොකො ඉධලොකෙ කරණමත්තාය ආරද්ධත්තා පරිපුණ්ණත්තා ආරද්ධො හොති පරිපුණ්ණො. සොළසාකාරසම්පන්නාති සුත්තෙ වුත්තෙහි අට්ඨහි, ගාථාසු අට්ඨහීති සොළසහි ආකාරෙහි සමන්නාගතා, යානි වා අට්ඨඞ්ගානි පරම්පි තෙසු සමාදපෙතීති එවම්පි සොළසාකාරසම්පන්නාති එකෙ. සද්ධාසීලපඤ්ඤා පනෙත්ථ මිස්සිකා කථිතා.
නවවැන්නෙහි අයංසා ලොකො ආරද්ධො හොති යනු මෙය වන්නේය. ලොව කිරීම් මාත්රයෙන් පටන්ගත් බැවින් පිරිපුන් බැවින් පටන්ගත්තේ වෙයි. පිරිපුන්වූයේ වෙයි, සොළසාකාරසම්පන්නා යනු සූත්රයෙහි කියනලද අටින් ද අර්ත්ථකථාවන්හි අටින්දැයි සොළොස් අයුරකින් යුක්තවූයි, ඇයගේ යම් අංගයෝ වෙත්ද අනුන් ද ඒවායෙහි සමාදන් කරවතියි මෙසේ ද සොළොස් අයුරකින් යුක්තවූයි. මෙහි ශ්රද්ධාශීල ප්රඥාවෝ මිශ්රකව කියන ලද්දාහ.
10. දුතියලොකවිජය සුත්තවණ්ණනා
10. දෙවැනිලෝකවිජය සූත්ර වර්ණනාව
දසමං භික්ඛුසඞ්ඝස්ස කථිතං. සබ්බසුත්තෙසු පන යං න වුත්තං, තං හෙට්ඨා ආගතනයත්තා උත්තානත්ථමෙවාති.
දසවැන්න භික්ෂු සංඝයාට කියන ලද්දකි. යමක් වනාහි නොකියන ලද්දේ ද එය යට පැමිණි ක්රමය ඇති බැවින් පැහැදිලි අරුත් ඇත්තේමය.
උපොසථවග්ගො පඤ්චමො.
පස්වැනි උපොසථ වර්ගයයි.
පඨමපණ්ණාසකං නිට්ඨිතං.