යෙදුමෙන් කියවන්න

4. දානවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. දාන වර්ගය

1. දාන සුත‍්තවණ‍්ණනා

1. දාන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ ආසජ‍්ජ දානං දෙතීති පත්‍වා දානං දෙති. ආගතං දිස‍්වා තං මුහුත‍්තංයෙව නිසීදාපෙත්‍වා සක‍්කාරං කත්‍වා දානං දෙති, දස‍්සාමීති න කිලමෙති. භයාති “අයං අදායකො අකාරකො”ති ගරහභයා, අපායභයා වා. අදාසි මෙති මය‍්හං පුබ‍්බෙ එස ඉදං නාම අදාසීති දෙති. දස‍්සති මෙති අනාගතෙ ඉදං නාම දස‍්සතීති දෙති. සාහු දානන‍්ති දානං නාම සාධු සුන්‍දරං බුද‍්ධාදීහි පණ‍්ඩිතෙහි පසත්‍ථන‍්ති දෙති. චිත‍්තාලඞ‍්කාරචිත‍්තපරික‍්ඛාරත්‍ථං දානං දෙතීති සමථවිපස‍්සනාචිත‍්තස‍්ස අලඞ‍්කාරත්‍ථඤ‍්චෙව පරික‍්ඛාරත්‍ථඤ‍්ච දෙති. දානඤ‍්හි චිත‍්තං මුදුං කරොති. යෙන ලද‍්ධො, සො “ලද‍්ධං මෙ”ති මුදුචිත‍්තො හොති. යෙන දින‍්නං, සොපි “දින‍්නං මයා”ති මුදුචිත‍්තො හොති. ඉති උභින‍්නං චිත‍්තං මුදුං කරොති. තෙනෙව “අදන‍්තදමන”න‍්ති වුච‍්චති. යථාහ –

සතරවෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි ආසජ්ජදානං දෙති යනු පැමිණ දන්දෙයි, පැමිණියහු දැක ඔහු මොහොතක්ම හිඳුවා සත්කාර කොට දන්දෙයි, දෙන්නෙමැයි වෙහෙස නොකරවයි, භයා යනු මෙතෙම නොදන්නෙකි, නොකරන්නෙකියි ගැරහීම් බියෙන් හෝ අපාය බියෙනි, අදාසි මෙ යනු මෙතෙම පෙර මෙනම් දෙය දුන්නේයයි (සිතා) දෙයි, දස්සති මෙ යනු අනාගතයෙහි මෙනම් දෙය දෙන්නේයයි දෙයි, සාහුදානං යනු දානය නම් මැනවි, සොඳුරුය. බුද්ධාදී පඬිවරුන් විසින් පසසන ලද්දකැයි දෙයි, චිත්තාලඞ්කාරචිත්ත පරික්ඛාරත්‍ථං දෙති යනු සමථ විදර්‍ශනා සිත අලංකාර කරනු සඳහා ද පිරිකර සඳහා ද දෙයි, දානය සිත මෙළෙක් කරයි, යමකු විසින් ලබන ලද්දේ ද හෙතෙම ලැබිනැයි මෘදු සිත් ඇත්තේ වෙයි. යමකු විසින් දෙන ලද්දේ ද හෙතෙම මවිසින් දෙන ලදැයි මෘදු සිත් ඇත්තේ වෙයි, මෙසේ දෙදෙනාගේම සිත මෘදු කරයි, එහෙයින්ම අදන්තදමන යැයි කියනු ලැබේ. එහෙයින් කියන ලදි.

“අදන‍්තදමනං දානං, අදානං දන‍්තදූසකං; දානෙන පියවාචාය, උන‍්නමන‍්ති නමන‍්ති චා”ති.

දානය නොදැමුනවුන් දමනය කරන්නකි, දානය සියලු අර්‍ත්‍ථ සාධනය කරන්නකි, දීමෙන් හා ප්‍රිය වචනයෙන් නැමෙත්, නතුවෙත්.

ඉමෙසු පන අට‍්ඨසු දානෙසු චිත‍්තාලඞ‍්කාරදානමෙව උත‍්තමන‍්ති.

මේ දාන අට අතුරෙන් චිත්තාලඞ්කාර දානයම උතුම්ය.

2. දුතියදාන සුත‍්තවණ‍්ණනා

2. ද්විතීයදාන සූත්‍ර වර්ණනාව

දුතියෙ සද‍්ධාති යාය සද‍්ධාය දානං දෙති, සා සද‍්ධා. හිරියන‍්ති යාය හිරියා දානං දෙති, සාව අධිප‍්පෙතා. කුසලඤ‍්ච දානන‍්ති අනවජ‍්ජඤ‍්ච දානං. දිවියන‍්ති දිවඞ‍්ගමං.

දෙවැන්නෙහි සද්ධා යනු යම් සැදැහැවකින් දානය දෙයි ද ඒ සැදැහැවයි, හිරියං යනු යම් ලජ්ජාවකින් දානය දෙයිද එයම අදහස් කරන ලදි. කුසලඤ්ච දානං යනු දානය නිවැරදිය, දිවියං යනු දෙව්ලොව පමුණුවන්නේයි.

3. දානවත්‍ථු සුත‍්තවණ‍්ණනා

3. දානවත්ථු සූත්‍ර වර්ණනාව

තතියෙ දානවත්‍ථූනීති දානකාරණානි. ඡන්‍දා දානං දෙතීති පෙමෙන දානං දෙති. දොසාති දොසෙන කුද‍්ධො හුත්‍වා යං අත්‍ථි, තං වෙගෙන ගණ‍්හිත්‍වා දෙති. මොහාති මොහෙන මූළ‍්හො දෙති. භයාති ගරහභයෙන වා අපායභයෙන වා, තස‍්ස තස‍්සෙව වා පන භයෙන දෙති. කුලවංසන‍්ති කුලපවෙණිං.

තෙවැන්නෙහි දානවත්‍ථුනි යනු දාන කාරණයෝයි, ජන්දා දානං දෙති යනු ප්‍රේමයෙන් දානය දෙයි, දොසා යනු තරහින් කිපියේ වී යමක් ඇත්ද එය වේගයෙන් ගෙන දෙයි, මොහා යනු මෝහයෙන් මුළා වී දෙයි, ගරහා යනු ගැරහීමට බියෙන් හෝ අපායට බියෙන් හෝ ඔහුටම බියෙන් හෝ දෙයි, කුලවංසං යනු කුලපරපුරයි.

4. ඛෙත‍්තූපම සුත‍්තවණ‍්ණනා

4. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ න මහප‍්ඵලං හොතීති ධඤ‍්ඤඵලෙන මහප‍්ඵලං න හොති. න මහස‍්සාදන‍්ති යම‍්පිස‍්ස ඵලං හොති, තස‍්ස අස‍්සාදො න මහා හොති මන්‍දස‍්සාදං න මධුරං. න ඵාතිසෙය්‍යන‍්ති සෙය්‍යාපිස‍්ස න හොති වුඩ‍්ඪි, තස‍්ස මහන‍්තං වීහිථම‍්භසන‍්නිවෙසං න හොතීති අත්‍ථො. උන‍්නාමනින‍්නාමීති ථලනින‍්නවසෙන විසමතලං. තත්‍ථ ථලෙ උදකං න සණ‍්ඨාති, නින‍්නෙ අතිබහු තිට‍්ඨති. පාසාණසක‍්ඛරිකන‍්ති පත්‍ථරිත්‍වා ඨිතපිට‍්ඨිපාසාණෙහි ච ඛුද‍්දකපාසාණෙහි ච සක‍්ඛරාහි ච සමන‍්නාගතං. ඌසරන‍්ති උබ‍්භින‍්නලොණං. න ච ගම‍්භීරසිතන‍්ති ථද‍්ධභූමිතාය ගම‍්භීරානුගතං, නඞ‍්ගලමග‍්ගං කත්‍වා කසිතුං න සක‍්කා හොති, උත‍්තානනඞ‍්ගලමග‍්ගමෙව හොති. න ආයසම‍්පන‍්නන‍්ති න උදකාගමනසම‍්පන‍්නං. න අපායසම‍්පන‍්නන‍්ති පච‍්ඡාභාගෙ උදකනිග‍්ගමනමග‍්ගසම‍්පන‍්නං න හොති. න මාතිකාසම‍්පන‍්නන‍්ති න ඛුද‍්දකමහන‍්තීහි උදකමාතිකාහි සම‍්පන‍්නං හොති. න මරියාදසම‍්පන‍්නන‍්ති න කෙදාරමරියාදාහි සම‍්පන‍්නං. න මහප‍්ඵලන‍්තිආදීනි සබ‍්බානි විපාකඵලවසෙනෙව වෙදිතබ‍්බානි.

සිවුවැන්නෙහි න මහප්ඵලං හොති යනු ධාන්‍ය ඵලයෙන් මහත්ඵල නොවෙයි, න මහස්සාදං යනු යමකට ඵලයක් වේද එහි ආස්වාදය මහත් නොවෙයි, මඳ ආස්වාද ඇත්තකි, නොමිහිරිය, න ඵාතියෙය්‍ය යනු ඊට වැඩීමකුත් නොවෙයි. ඊට මහත් වී ගොඩක එකතුවක් නොවේයයි අරුත්ය. උණ්ණාම නින්නාමි යනු බෑවුම ගොඩ වශයෙන් විෂම පිහිටීමයි, එහි ගොඩ දිය දරා නොසිටියි, බෑවුමෙහි ඉතා බොහෝවක් (දිය) සිටී, පාසාණසක්ඛරිල්ලං යනු පැතිරී සිටි පැතලි ගල්තලයෙන් ද කුඩා ගල්වලින් ද බොරළුවලින් ද යුක්ත වූයේයි, ඌසරං යනු උල්පත්දියයි, න ච ගම්භීරසිතං යනු තද බිම නිසා ගැඹුරට ගිය නඟුල් (හී) මගක් කොට සාන්නට නොහැකිය. නොගැඹුරු නඟුල් (හී) මගක්ම වේ. න ආයසම්පන්නං යනු දිය ඒමෙන් යුක්තවූවක් නොවේ. න අපායසම්පන්නං යනු නික්මෙන මඟ ඇත්තක් නොවේ. න මාතිකාසම්පන්නං යනු කුඩා මහත් දිය වේලින් යුක්තවූවක් නොවේ. න මරියාදසම්පන්නං යනු නියර සීමාවන්ගෙන් යුක්තවූවක් නොවේ, මහත්ඵල නොවේයයි ආදී සියල්ල වී අස්වැන්න වශයෙන් දතයුතුය.

සම‍්පන‍්නෙති පරිපුණ‍්ණෙ සම‍්පත‍්තියුත‍්තෙ. පවුත‍්තා බීජසම‍්පදාති සම‍්පන‍්නං බීජං රොපිතං. දෙවෙ සම‍්පාදයන‍්තම‍්හීති දෙවෙ සම‍්මා වස‍්සන‍්තෙ. අනීතිසම‍්පදා හොතීති කීටකිමිආදිපාණකඊතියා අභාවො එකා සම‍්පදා හොති. විරූළ‍්හීති වඩ‍්ඪි දුතියා සම‍්පදා හොති. වෙපුල‍්ලන‍්ති විපුලභාවො තතියා සම‍්පදා හොති. ඵලන‍්ති පරිපුණ‍්ණඵලං චතුත්‍ථී සම‍්පදා හොති. සම‍්පන‍්නසීලෙසූති පරිපුණ‍්ණසීලෙසු. භොජනසම‍්පදාති සම‍්පන‍්නං විවිධභොජනං. සම‍්පදානන‍්ති තිවිධං කුසලසම‍්පදං. උපනෙතීති සා භොජනසම‍්පදා උපනයති. කස‍්මා? සම‍්පන‍්නඤ‍්හිස‍්ස තං කතං, යස‍්මාස‍්ස තං කතකම‍්මං සම‍්පන‍්නං පරිපුණ‍්ණන‍්ති අත්‍ථො. සම‍්පන‍්නත්‍ථූධාති සම‍්පන‍්නො අත්‍ථු ඉධ. විජ‍්ජාචරණසම‍්පන‍්නොති තීහි විජ‍්ජාහි ච පඤ‍්චදසහි චරණධම‍්මෙහි ච සමන‍්නාගතො. ලද‍්ධාති එවරූපො පුග‍්ගලො චිත‍්තස‍්ස සම‍්පදං අවෙකල‍්ලපරිපුණ‍්ණභාවං ලභිත්‍වා. කරොති කම‍්මසම‍්පදන‍්ති පරිපුණ‍්ණකම‍්මං කරොති. ලභති චත්‍ථසම‍්පදන‍්ති අත්‍ථඤ‍්ච පරිපුණ‍්ණං ලභති. දිට‍්ඨිසම‍්පදන‍්ති විපස‍්සනාදිට‍්ඨිං. මග‍්ගසම‍්පදන‍්ති සොතාපත‍්තිමග‍්ගං. යාති සම‍්පන‍්නමානසොති පරිපුණ‍්ණචිත‍්තො හුත්‍වා අරහත‍්තං යාති. සා හොති සබ‍්බසම‍්පදාති සා සබ‍්බදුක‍්ඛෙහි විමුත‍්ති සබ‍්බසම‍්පදා නාම හොතීති.

සම්පන්නෙ යනු පිරිපුන් වූවෙහි, සැපත් ඇත්තෙහියි, පවුත්තාබීජසම්පදා යනු හොඳ බීජය රෝපනය කරන ලදි. දෙවෙ සම්පාදයන්තම්හි යනු වැස්ස මනාව වසින විටයි, අනීතිසම්පදා හොති යනු කෘමි, කුහුඹි ආදී ප්‍රාණීන්ගෙන් වන උවදුරු නැතිවීම එක් සම්පත්තියකි. විරුළ්හි යනු වැඩීම දෙවැනි සම්පත්තියයි, වෙපුල්ලං යනු මහත්බව තෙවැනි සම්පත්තියයි, ඵලං යනු පිරිපුන් ඵලය චිත්තසම්පදාවයි. සම්පන්නසීලෙසු යනු පිරිපුන් සිල්හියි, භොජනසම්පදා යනු සම්පූර්‍ණ වූ නොයෙක් බොජුන් ඇති බවයි, සම්පදානං යනු ත්‍රිවිධ කුශල සම්පදාවයි, උපනෙති යනු ඒ භොජන සම්පදාව එළවයි, කුමක් හෙයින්ද? සම්පන්නං හිස්ස තං කතං යම් හෙයකින් ඔහුගේ ඒ කළ කර්‍මය සම්පූර්‍ණද පිරිපුන්ද යන අරුත්ය. සම්පන්නත්‍ථුධා යනු මෙහි සම්පූර්‍ණවූයේ වේවායි, විජ්ජාචරණසම්පන්නො යනු ත්‍රිවිද්‍යාවන්ගෙන් ද පසළොස් චරණ ධර්‍මයන්ගෙන් ද යුක්ත වූයේයි, ලද්ධා යනු මෙබඳු පුද්ගලයා සිතේ සපිරීම, අවිකලභාවය ලබායි, කරොති කම්මසම්පදං යනු පිරිපුන් කර්‍මයක් කරයි, ලභති ච අත්‍ථසම්පදං යනු අර්‍ත්‍ථය ද පිරිපුන්ව ලබයි, දිට්ඨිසම්පදං යනු විදර්‍ශනාදෘෂ්ටියයි, මග්ගසම්පදං යනු සෝවාන් මගයි, යාති සම්පන්නමානසො යනු පිරිපුන් සිතැත්තේව රහත් බවට යයි, සා හොති සබ්බසම්පදා යනු ඒ සියලු දුකින් මිදීම සබ්බසම්පදා නම් වෙයි.

5. දානූපපත‍්ති සුත‍්තවණ‍්ණනා

5. දානූපපත්ති සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ දානූපපත‍්තියොති දානපච‍්චයා උපපත‍්තියො. දහතීති ඨපෙති. අධිට‍්ඨාතීති තස‍්සෙව වෙවචනං. භාවෙතීති වඩ‍්ඪෙති. හීනෙ විමුත‍්තන‍්ති හීනෙසු පඤ‍්චසු කාමගුණෙසු විමුත‍්තං. උත‍්තරි අභාවිතන‍්ති තතො උත‍්තරිමග‍්ගඵලත්‍ථාය අභාවිතං. තත්‍රූපපත‍්තියා සංවත‍්තතීති යං ඨානං පත්‍ථෙත්‍වා කුසලං කතං, තත්‍ථ නිබ‍්බත‍්තනත්‍ථාය සංවත‍්තති. වීතරාගස‍්සාති මග‍්ගෙන වා සමුච‍්ඡින‍්නරාගස‍්ස සමාපත‍්තියා වා වික‍්ඛම‍්භිතරාගස‍්ස. දානමත‍්තෙනෙව හි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිතුං න සක‍්කා, දානං පන සමාධිවිපස‍්සනාචිත‍්තස‍්ස අලඞ‍්කාරපරිවාරං හොති. තතො දානෙන මුදුචිත‍්තො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. තෙන වුත‍්තං – “වීතරාගස‍්ස නො සරාගස‍්සා”ති.

පස්වැන්නෙහි දානුප්පත්තියො යනු දාන හේතුවෙන් (ඇතිවන) උප්පත්තීහුයි, දහති යනු තබයි, අධිට්ඨාති යනු ඊටම නාමයකි, භාවෙති යනු වැඩෙයි, හීනෙ විමුත්තං යනු ලාමක වූ පංචකාම ගුණයන්හි මිදුනාවූයි, උත්තරිං අභාවිතං යනු එයින් මත්තෙහි වූ මගපල සඳහා නොවඩන ලද්දාවූයි, තත්‍රෑප්පත්තියා සංවත්තති යනු යම් තැනක් පතා කුසල් කොට එහි ඉපදීම සඳහා පවතියි, විතරාගස්ස යනු මාර්‍ගයෙන් හෝ සම්පූර්‍ණයෙන් නැසූ රාගය ඇත්තාගේ හෝ සමවතින් යටපත් කළ රාගය ඇත්තායි, දානමාත්‍රයෙන්ම බඹලොව ඉපදීමට නොහැකිය. දානය වනාහි සමාධි විදර්‍ශනා සිතට අලංකාර පිරිවරක් වෙයි. ඉක්බිති දානයෙන් මෘදු සිත් ඇත්තේව බ්‍රහ්මවිහාරයන් වඩා බඹලොව උපදියි, එහෙයින් නැසූ රාග ඇත්තාට මිස රාග සහිත වූවහුට නොවේයයි කියනලදි.

6. පුඤ‍්ඤකිරියවත්‍ථු සුත‍්තවණ‍්ණනා

6. පුඤ්ඤකිරියවත්ථු සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ පුඤ‍්ඤකිරියානි ච තානි තෙසං තෙසං ආනිසංසානං වත්‍ථූනි චාති පුඤ‍්ඤකිරියවත්‍ථූනි. දානාදීනඤ‍්හි ලක‍්ඛණෙ චිත‍්තං ඨපෙත්‍වා “එවරූපං නාම අම‍්හෙහි දානං දාතබ‍්බං, සීලං රක‍්ඛිතබ‍්බං, භාවනා භාවෙතබ‍්බා”ති සත‍්තා පුඤ‍්ඤානි කරොන‍්ති. දානමෙව දානමයං, දානචෙතනාසු වා පුරිමචෙතනාතො නිප‍්ඵන‍්නා සන‍්නිට‍්ඨාපකචෙතනා දානමයං සීලාදීහි සීලමයාදීනි විය. සෙසද‍්වයෙසුපි එසෙව නයො. පරිත‍්තං කතං හොතීති ථොකං මන්‍දං කතං හොති. නාභිසම‍්භොතීති න නිප‍්ඵජ‍්ජති. අකතං හොතීති භාවනායයොගොයෙව අනාරද‍්ධො හොතීති අත්‍ථො. මනුස‍්සදොභග්‍යන‍්ති මනුස‍්සෙසු සම‍්පත‍්තිරහිතං පඤ‍්චවිධං නීචකුලං. උපපජ‍්ජතීති පටිසන්‍ධිවසෙන උපගච‍්ඡති, තත්‍ථ නිබ‍්බත‍්තතීති අත්‍ථො. මත‍්තසො කතන‍්ති පමාණෙන කතං, ථොකං න බහු. මනුස‍්සසොභග්‍යන‍්ති මනුස‍්සෙසු සුභගභාවං තිවිධකුලසම‍්පත‍්තිං. අධිමත‍්තන‍්ති අධිකප‍්පමාණං බලවං වා. අධිගණ‍්හන‍්තීති අභිභවිත්‍වා ගණ‍්හන‍්ති, විසිට‍්ඨතරා ජෙට‍්ඨකා හොන‍්තීති අත්‍ථො.

සවැන්නෙහි ඒ පුණ්‍ය ක්‍රියා ද ඒවායේ ආනිශංසයන්ගේ වස්තූන්දැයි පුඤ්ඤකිරිය වත්‍ථුනි නම් වේ. දානාදීන්ගේ ලක්‍ෂණයෙහි සිත පිහිටුවා අප විසින් මෙබඳු නම් දානයක් දියයුතුය, ශීලය රැකිය යුතුය, භාවනාව වැඩිය යුතුයයි සත්ත්වයෝ පින් කරති. දානයම දානමයයි, දාන චෙතනාවන්හි හෝ මුල් චේතනාවෙන් නිපන් සනිටුහන් කරන චෙතනාව දානමය නමි. ශීලාදීන්ගෙන් ශීලමය ආදිය මෙනි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, පරිත්තතං කතං හොති යනු ටිකක්, මඳක් කරන ලද්දේ වෙයි, නාභිසම්හොති යනු නොනිපැයෙයි, අකතං හොති යනු හාවනා ක්‍රමයන්හි යෙදීමෙහිම නොඅරඹන ලද්දේ වේයයි අරුත්ය, මනුස්සදොභග්ගං යනු මිනිසුන් අතුරෙහි සැපත් නැති පස් වැදෑරුම් පහත් කුලයයි. උප්පජ්ජති යනු පිළිසිඳ ගැනීම් වශයෙන් එළඹෙයි, එහි උපදීයයි අරුත්ය, මත්තසො කතං යනු ප්‍රමාණයට කරන ලද්දේයි, ටිකකි, බොහෝ නොවේ. මනුස්සසොභග්ගං යනු මිනිසුන් අතුරෙහි සුභගභාවයයි, (වාසනාවයි), තෙවැදෑරුම් කුලසම්පත්තියෙන් යුක්තවූයේයි, අධිමත්තං යනු අධික ප්‍රමාණය හෝ ඵලයයි, අධිගණහන්ති යනු මැඬ පවත්වා ගනිත්, විශිෂ්ටතරවූවෝ ජෙෂ්ඨකයෝ වෙත්යයි අදහසයි.

7. සප‍්පුරිසදාන සුත‍්තවණ‍්ණනා

7. සප්පුරිසදාන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සුචින‍්ති පරිසුද‍්ධං වණ‍්ණසම‍්පන‍්නං දෙති. පණීතන‍්ති රසූපපන‍්නං. කාලෙනාති යුත‍්තපත‍්තකාලෙන. කප‍්පියන‍්ති යං කප‍්පියං, තං දෙති. විචෙය්‍ය දෙතීති “ඉමස‍්ස දින‍්නං මහප‍්ඵලං භවිස‍්සති, ඉමස‍්ස න මහප‍්ඵල”න‍්ති එවං පටිග‍්ගාහකපරියෙසනවසෙන දානං වා පණිධායවසෙන දානං වා විචිනිත්‍වා දෙති.

සත්වැන්නෙහි සුචිං යනු පිරිසුදුවූවක්, පැහැපත්වූවක් දෙයි, පණීතං යනු රසයෙන් යුක්ත වූවකි, කාලෙන යනු සුදුසු කාලයෙනි, කප්පියං යනු යමක් සුදුසුද (ගැලපේද) එය දෙයි, විචෙය්‍ය දෙති යනු මොහුට දුන්දෙය මහත්ඵල වෙයි, මොහුට (දුන්දෙය) මහත්ඵල නොවේයයි මෙසේ පිළිගන්නන් සෙවීම් වශයෙන් දානය හෝ විමසා බලා දෙයි.

8. සප‍්පුරිස සුත‍්තවණ‍්ණනා

8. සප්පුරිස සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අත්‍ථායාති අත්‍ථත්‍ථාය. හිතාය සුඛායාති හිතත්‍ථාය සුඛත්‍ථාය. පුබ‍්බපෙතානන‍්ති පරලොකගතානං ඤාතීනං. ඉමස‍්මිං සුත‍්තෙ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ චක‍්කවත‍්තිරාජානො බොධිසත‍්තා පච‍්චෙකබුද‍්ධා ලබ‍්භන‍්ති, බුද‍්ධකාලෙ බුද‍්ධා චෙව බුද‍්ධසාවකා ච. යථාවුත‍්තානඤ‍්හි එතෙසං අත්‍ථාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. බහුන‍්නං වත අත්‍ථාය, සප‍්පඤ‍්ඤො ඝරමාවසන‍්ති සප‍්පඤ‍්ඤො ඝරෙ වසන‍්තො බහූනං වත අත්‍ථාය හොති. පුබ‍්බෙති පඨමෙව. පුබ‍්බෙකතමනුස‍්සරන‍්ති මාතාපිතූනං පුබ‍්බකාරගුණෙ අනුස‍්සරන‍්තො. සහධම‍්මෙනාති සකාරණෙන පච‍්චයපූජනෙන පූජෙති. අපචෙ බ්‍රහ‍්මචාරයොති බ්‍රහ‍්මචාරිනො අපචයති, නීචවුත‍්තිතං නෙසං ආපජ‍්ජති. පෙසලොති පියසීලො.

අටවැන්නෙහි අත්‍ථාය යනු අර්‍ත්‍ථ සඳහායි, හිතාය සුඛාය යනු හිත සඳහා සුව සඳහායි, පුබ්බපෙතානං යනු පරලොව ගිය ඥාතීන්ටය, මේ සූත්‍රයෙහි බුදුන් නූපන් කල්හි සක්විති රජවරු බෝසත්හු පසේ බුදුවරු ලැබෙත්, බුදුවරුද බුදුසව්වෝ ද කියන ලද පරිද්දෙන් වූ මොවුන්ට අර්‍ත්‍ථ සඳහා හිත සඳහා සුව සඳහා පවතිත්, බහුන්නං වත අත්‍ථාය සප්පඤ්ඤො ඝරමාවසං යනු පැණවත් පුද්ගල තෙමේ ගෘහයෙහි වසන්නේ ඒකාන්තයෙන්ම බොහෝ දෙනාට වැඩ සඳහා වෙයි. පුබ්බෙ යනු පළමුවයි, පුබ්බෙකතමනුස්සරං යනු මව්පියන්ගේ පුබ්බකාර (මුලින් කරන) ගුණයන් සිහිකරයි, සහධම්මෙන යනු කරුණු සහිත වූ ප්‍රත්‍ය පිදීමෙන් පුදයි, අපවෙ බ්‍රහ්මචාරයො යනු ගරුකරයි, ඔවුන්ට පහත් පැවතුම් ඇති බවට පැමිණෙයි, පෙසලා යනු ප්‍රියශීලීවූයි,

9. පුඤ‍්ඤාභිසන්‍ද සුත‍්තවණ‍්ණනා

9. පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව

නවමෙ දානානීති චෙතනාදානානි. අග‍්ගඤ‍්ඤානීතිආදීනං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

නවවැන්නෙහි දානානි යනු සිතුවිලි දීමය, අග්ගඤ්ඤා නි යනාදීන්ගේ අර්‍ත්‍ථය යට කියන ලද්දේමය.

10. අපායසංවත‍්තනික සුත‍්තවණ‍්ණනා

10. අපායසංවත්තනික සූත්‍ර වර්ණනාව

දසමෙ පාණාතිපාතොති පාණාතිපාතචෙතනා. සබ‍්බලහුසොති සබ‍්බලහුකො. අප‍්පායුකසංවත‍්තනිකොති තෙන පරිත‍්තකෙන කම‍්මවිපාකෙන අප‍්පායුකො හොති, දින‍්නමත‍්තාය වා පටිසන්‍ධියා විලීයති මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තමත‍්තෙ වා. එවරූපො හි න අඤ‍්ඤස‍්ස කස‍්සචි නිස‍්සන්‍දො, පාණාතිපාතස‍්සෙව ගතමග‍්ගො එසොති. භොගබ්‍යසනසංවත‍්තනිකොති යථා කාකණිකාමත‍්තම‍්පි හත්‍ථෙ න තිට‍්ඨති, එවං භොගබ්‍යසනං සංවත‍්තෙති. සපත‍්තවෙරසංවත‍්තනිකො හොතීති සහ සපත‍්තෙහි වෙරං සංවත‍්තෙති. තස‍්ස හි සපත‍්තා ච බහුකා හොන‍්ති. යො ච නං පස‍්සති, තස‍්මිං වෙරමෙව උප‍්පාදෙති න නිබ‍්බායති. එවරූපො හි පරස‍්ස රක‍්ඛිතගොපිතභණ‍්ඩෙ අපරාධස‍්ස නිස‍්සන්‍දො.

දසවැන්නෙහි පාණාතිපාතො යනු පණනැසීමේ චෙතනාවයි, සබ්බලහුසො අප්පායුකසංවත්තනිකො යනු ඒ සුළු කර්‍ම විපාකයෙන් අඩු ආයුෂ ඇත්තේ වෙයි. දුන් පමණට හෝ ප්‍රතිසන්ධියෙන් වියැකී යයි, මවුකුසින් නික්මෙන කෙණෙහි හෝ (මෙසේ අල්පායුෂ්ක වෙයි.) මෙබන්ඳක් වනාහි අන්කිසි කර්‍මයක ප්‍රවෘත්ති විපාකයක් නොවේ. මෙය පණ නැසීමේ කර්‍මය ගියමගයි. භොගව්‍යසනසංවත්තනිකො යනු යම්සේ කාකණික මාත්‍රයකුදු අතේ නොසිටියිද මෙසේ භොග විනාශයට හේතුවෙයි, වෙරසපත්තසංවත්නිකො හොති යනු සතුරන් සමඟ වෛරය පවත්වයි, ඔහුට සතුරෝ බොහෝ වෙත්, යමෙක් ඔහු දකියි ද වෛරයම උපදවයි. නොනිවෙයි, මෙබන්ඳක් වනාහි අනුන්ගේ රැකවල් කරනලද භාණ්ඩයෙහි කරන ලද අපරාධයාගේ ප්‍රවෘත්ති විපාකයයි.

අභූතබ‍්භක‍්ඛානසංවත‍්තනිකො හොතීති අභූතෙන අබ‍්භක‍්ඛානං සංවත‍්තෙති, යෙන කෙනචි කතං තස‍්සෙව උපරි පතති. මිත‍්තෙහි භෙදනසංවත‍්තනිකොති මිත‍්තෙහි භෙදං සංවත‍්තෙති. යං යං මිත‍්තං කරොති, සො සො භිජ‍්ජතියෙව. අමනාපසද‍්දසංවත‍්තනිකොති අමනාපසද‍්දං සංවත‍්තෙති. යා සා වාචා කණ‍්ටකා කක‍්කසා කටුකා අභිසජ‍්ජනී මම‍්මච‍්ඡෙදිකා, ගතගතට‍්ඨානෙ තමෙව සුණාති, මනාපසද‍්දසවනං නාම න ලභති. එවරූපො ඵරුසවාචාය ගතමග‍්ගො නාම. අනාදෙය්‍යවාචාසංවත‍්තනිකොති අග‍්ගහෙතබ‍්බවචනතං සංවත‍්තෙති, “ත්‍වං කස‍්මා කථෙසි, කො හි තව වචනං ගහෙස‍්සතී”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. අයං සම‍්ඵප‍්පලාපස‍්ස ගතමග‍්ගො. උම‍්මත‍්තකසංවත‍්තනිකො හොතීති උම‍්මත‍්තකභාවං සංවත‍්තෙති. තෙන හි මනුස‍්සො උම‍්මත‍්තො වා ඛිත‍්තචිත‍්තො වා එළමූගො වා හොති. අයං සුරාපානස‍්ස නිස‍්සන්‍දො. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතන‍්ති.

අභූතබ්හක්ඛාන සංවත්තනිකො හොති යනු අසත්‍යයෙන් දොස්නැඟීමට හේතුවෙයි. යම් කිසිවකු විසින් කරන ලද්ද ඔහු මත වැටෙයි, මිත්තෙහි භෙදනසංවත්තනිකො යනු මිත්‍රයන්ගෙන් මිදීමට හේතුවෙයි, යමකු යමකු මිත්‍රයකු කරගනියිද හෙතෙම හෙතෙම බිඳෙයිමය. අමනාපසද්දසංවත්තනිකො යනු නොකැමැති ශබ්දයට හේතුවෙයි. යම් ඒ වචනයක් රළු කර්‍කශ කටුක වේද, තරහ උපදවයිද මරණීය වේද ගියගිය තැන එයම අසයි, හිත කැමති ශබ්ද ඇසීමක් නොලබයි, මෙබන්ඳක් රළුවචනයාගේ කර්‍මය ගිය ගිය මගයි. අනාදෙය්‍යවාචසංවත්තනිකො යනු නොගතයුතු වචනයට හේතු වෙයි. නුඹ කෙසේ කියහිද? කවරෙක් නුඹගේ වචනය ගන්නේදැයි කියයුතු බවට පැමිණෙයි, මේ නිසරු වචන කීමේ කර්‍මය ගිය මගයි. උම්මත්තකසංවත්තනිකො හොති යනු උමතුබවට හේතුවෙයි. එයින් මිනිසා උමතුවූවෙක් හෝ විසුරුණු සිතැත්තෙක් හෝ කෙළතොල්ලෙක් හෝ වෙයි. මේ සුරාපානයාගේ ප්‍රවෘත්ති විපාකයයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.

දානවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි දානවර්‍ගයයි.