යෙදුමෙන් කියවන්න

සප‍්පුරිස සුත‍්තං

8. 1. 4. 8.

8. 1. 4. 8.

සප‍්පුරිස සුත‍්තං

සප්පුරිස සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

සප‍්පුරිසො භික‍්ඛවෙ, කුලෙ ජායමානො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති මාතාපිතුන‍්නං අත්‍ථාය හිතාය සුඛාය හොති. පුත‍්තදාරස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති, දාසකම‍්මකරපොරිසස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මිත‍්තාමච‍්චානං අත්‍ථාය හිතාය සුඛාය හොති. පුබ‍්බපෙතානං අත්‍ථාය හිතාය සුඛාය හොති, රඤ‍්ඤො අත්‍ථාය හිතාය සුඛාය හොති දෙවතානං අත්‍ථාය හිතාය සුඛාය හොති, සමණබ්‍රාහ‍්මණානං අත්‍ථාය හිතාය සුඛාය හොති.

මහණෙනි, සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස්කම්කරුපුරිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍ර අමාත්‍යනයට (සගයහළුවනට) අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පරලොව ගියවුන්ට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණ, බමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාමෙඝො සබ‍්බසස‍්සානුසම‍්පාදෙන‍්තො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො කුලෙ ජායමානො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මාතාපිතුන‍්නං අත්‍ථාය හිතාය සුඛාය හොති. පුත‍්තදාරස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. දාසකම‍්මකරපොරිස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මිත‍්තාමච‍්චානං අත්‍ථාය හිතාය සුඛාය හොති, පුබ‍්බපෙත‍්තානං අත්‍ථාය හිතාය සුඛාය හොති, රඤ‍්ඤො අත්‍ථාය හිතාය සුඛාය හොති. දෙවතානං අත්‍ථාය හිතාය සුඛාය හොති. සමණබ්‍රාහ‍්මණානං අත්‍ථාය හිතාය සුඛාය හොති.

මහණෙනි, යම්සේ මහාමේඝය සර්‍වසස්‍යයන් සමෘද්ධ කරනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, මහණෙනි, එපරිදිම සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස් කම්කරුපුරිසනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍රමාත්‍යනයට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පූර්‍වප්‍රේතයනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණබමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.

1. බහුන‍්නං වත අත්‍ථාය සප‍්පඤ‍්ඤො ඝරමාවසං, මාතරං පිතරං පුබ‍්බෙ රත‍්තින්‍දිවමතන්‍දිතො.

1. සප්‍රාඥ තෙමේ ගෙහි වසනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස ම (වෙයි). පළමු කොට දිව රෑ දෙක්හි අනලස් වූයේ මව හා පියා හා,

2. පූජෙති සහධම‍්මෙන පුබ‍්බෙ කතමනුස‍්සරං, අනාගාරෙ පබ‍්බජිතෙ අපචෙ බ්‍රහ‍්මචාරයො

2. පෙර කළ ගුණ සමරමින් සකරුණින් (ප්‍රත්‍ය පූජායෙන්) පුදන්නේ ය. අනගාරිය වූ පැවිදි බඹසරුන් පුදන්නේ ය.

3. නිවිට‍්ඨසද‍්ධො පූජෙති ඤත්‍වා ධම‍්මෙධපෙසලෙ, රඤ‍්ඤො හිතො දෙවහිතො ඤාතීනං සඛිනං හිතො.

3. බැසගත් සැදැහැ ඇතියේ ධර්‍මයන් දැන මෙ ලොව ප්‍රියශීලීන් පුදයි. රජුට හිත වූයේ දෙවියනට හිත වූයේ නෑයනට හා යහළුවනට හිත වූයේ වෙයි.

4. සබ‍්බෙසං සො හිතො හොති සද‍්ධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතො, විනෙය්‍ය මච‍්ඡෙරමලං සලොකං භජතෙ සිවන‍්ති.

4. සදහම්හි සුපුහිටි හෙ හැමට හිත වූයේ වෙයි. හේ මසුරුමල මැඩ ස්වර්‍ගලෝකය බෙජෙයි.