යෙදුමෙන් කියවන්න

සප‍්පුරිසදාන සුත‍්තං

8. 1. 4. 7.

8. 1. 4. 7.

සප‍්පුරිසදාන සුත‍්තං

සප්පුරිසදාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමානි භික‍්ඛවෙ, සප‍්පුරිසදානානි, කතමානි අට‍්ඨ:

මහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්:

සුචිං දෙති, පණීතං දෙතී, කාලෙන දෙති, කප‍්පියං දෙති, විචෙය්‍ය දෙති, අභිණ‍්හං දෙති, දදං චිත‍්තං පසාදෙති. දත්‍වා අත‍්තමනො හොති, ඉමානි ඛො භික‍්ඛවෙ, අට‍්ඨ සප‍්පුරිසදානානීති.

පිරිසුදු දැය දෙයි. ප්‍රණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්‍ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි.

1. සුචිං පණීතං කාලෙන කප‍්පියං පානභොජනං, අභිණ‍්හං දදාති දානං සුඛෙත‍්තෙසු බ්‍රහ‍්මචාරිසු.

1. මනා ක්‍ෂේත්‍ර වූ බ්‍රහ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය.

2. න ච විප‍්පටිසාරිස‍්ස චජිත්‍වා ආමිසං බහුං, එවං දින‍්නානි දානානි වණ‍්ණයන‍්ති විපස‍්සිනො.

2. බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්.

3. එවං යජිත්‍වා මෙධාවී සද‍්ධො මුත‍්තෙන චෙතසා, අබ්‍යාපජ‍්ඣං සුඛං ලොකං පණ‍්ඩිතො උපපජ‍්ජතීති.

3. සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.