පුඤ්ඤකිරියවත්ථු සුත්තං
8. 1. 4. 6.
8. 1. 4. 6.
පුඤ්ඤකිරියවත්ථු සුත්තං
පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
තීණිමානි භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි, කතමානි තීණි.
මහණෙනි,මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:
දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.
දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.
1. ඉධ භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සදොභග්ගං උපපජ්ජති.
1. මහණෙනි, මෙ ලොව එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු (පිළිසඳ විසින්) මිනිසුන් අතර දුර්භාග්‍යයට පැමිණෙයි.
2. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සසොභග්ගං උපපජ්ජති.
2. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පිළිසඳ විසින් මිනිසුන් අතර සෞභාග්‍යයට පැමිණෙයි.
3. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, චත්තාරො මහාරාජානො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා චාතුම්මහාරාජිකෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
3. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සිවුමහරජවරු දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වු ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි, දස කරුණෙකින් චාතුර්මහාරාජික දෙවියන් මැඩගෙන සිටුනාහ.
4. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා තාවතිංසෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
4. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් අතර සහභාවයට යෙයි. මහණෙනි, එහි ශක්රදේවේන්ද්ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට තාවතිංසදෙවියන් දිව්‍ය වූ ආයුෂයෙන් -පෙ- දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් මැඩගෙන සිටුනේ ය.
5. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා යාමානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සුයාමො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, යාමෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
5. මහණෙනි, මෙලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු යාමදෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, සුයාමදේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැයි දසකරුණෙකින් යාමදෙවියන් මැඩගෙන සිටුනේ ය.
6. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ සන්තුසිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා තුසිතෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
6. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි, භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සන්තුෂිත දේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැ යි දසකරුණෙකින් තුසිත දෙවියන් මැඩගෙන සිටුනේ ය.
7. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා නිම්මාණරතීනං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සුනිම්මිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, නිම්මාණරතී දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
7. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු නිර්මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සුනිර්මිත දේවපුත්‍ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍යවූ ආයුෂයෙන් ... දිව්‍ය වු පහසිනැයි දසකරුණෙකින් නිර්මාණරතී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
8. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිත වසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, වසවත්තී දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, පරනිම්මිතවසවත්තී දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි,දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
8. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, වශවර්ති දේවපුත්‍ර තෙම දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේකව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් පරනිර්මිතවශවර්තී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
ඉමානි ඛො භික්ඛවෙ, තීණි පුඤ්ඤකිරියවත්ථුනීති.
මහණෙනි, මේ තුන් පින්කිරියවත්හු වෙත්.