දාන සුත‍්තං
8. 1. 4. 1.
8. 1. 4. 1.
දාන සුත‍්තං
දාන සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට‍්ඨිමානි භික‍්ඛවෙ දානානි. කතමානි අට‍්ඨ:
මහණෙනි, මේ දන් අටෙකි. කවර අටෙක් ද යත්:
ආසජ‍්ජ දානං දෙති, භයා දානං දෙති, අදාසි මෙති දානං දෙති, දස‍්සති මෙති දානං දෙති, සාහු දානන‍්ති දානං දෙති, අහං පචාමි ඉමෙ න පචන‍්ති න අරහාමි පචන‍්තො අපචන‍්තානං දානං අදාතුන‍්ති දානං දෙති, ඉමං මෙ දානං දදතො කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡතීති දානං දෙති. චිත‍්තාලඞ‍්කාරචිත‍්තපරික‍්ඛාරත්‍ථං දානං දෙති, ඉමානි ඛො භික‍්ඛවෙ අට‍්ඨ දානානීති.
වෙත පැමිණ දන් දෙයි. බියෙන් දන් දෙයි. මට දුන්නේ යි දන් දෙයි. මට දෙන්නේ යි දන් දෙයි. දීම මැනැවැයි යි දන් දෙයි. මම පිසමි, මොහු නො පිසත්, පිසන්නෙම් නොපිසන්නවුන්හට දන් නොදෙන්නට නුසුදුස්සෙමි යි දන් දෙයි. මේ දානය දෙන මාගේ කළණකිත්හඬ උස්ව නැඟේ යි දන් දෙයි. (ශමථවිදර්‍ශනා) චිත්තයාගේ අලඞ්කාර පිණිසත් පිරිවර පිණිසත් දන් දේ.
8. 1. 4. 2.
8. 1. 4. 2.
දුතියදාන සුත‍්තං
ද්විතීයදාන සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සද‍්ධා හිරියං කුසලඤ‍්ච දානං ධම‍්මා එතෙ සප‍්පුරිසානුයාතා, එතං හි මග‍්ගං දිවියං වදන‍්තී එතෙහි ගච‍්ඡති දෙවලොකන‍්ති.
ශ්‍රද්ධායෙන් දීම ය, ලජ්ජායෙන් දීම ය, නිර්දෝෂ දීම ය, යන මේ ධර්‍මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. තෙල දෙව්ලොට මඟයයි කියත්, මේ ධර්‍මයන්ගෙන් දෙව්ලොවට පැමිණෙත්.
8. 1. 4. 3.
8. 1. 4. 3.
දානවත්‍ථු සුත‍්තං
දානවත්‍ථු සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට‍්ඨිමානි භික‍්ඛවෙ, දානවත්‍ථූනි, කතමානි අට‍්ඨ:
මහණෙනි, මේ දානවස්තූහු අටෙකි, කවර අටෙක් ද යත්:
ඡන්‍දා දානං දෙති, දොසා දානං දෙති, මොහා දානං දෙති, ගරහා දානං දෙති, දින‍්නපුබ‍්බං කතපුබ‍්බං පිතුපිතාමහෙගි නාරහාමි පොරාණං කුලවංසං හාපෙතුන‍්ති දානං දෙති, ඉමාහං දානං දත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පජ‍්ජිස‍්සාමීති දානං දෙති, ඉමං මෙ දානං දදතො චිත‍්තං පසීදති අත‍්තමනතං සොමනස‍්සං උපජායතීති දානං දෙති, චිත‍්තාලඞ‍්කාරචිත‍්තපරික‍්ඛාරත්‍ථං දානං දෙති. ඉමානි ඛො භික‍්ඛවෙ අට‍්ඨ දානවත්‍ථුනීති.
ඡන්‍දයෙන් දන් දෙයි. ද්වේෂයෙන් දන් දෙයි. මෝහයෙන් දන් දෙයි. ගැරහීම් බියෙන් දන් දෙයි. පියමුතුන් විසින් දුන්විරූ ය කළවිරූ ය පැරණි කුලවංශය පිරිහෙළන්නට නො සුදුස්සෙමියි දන් දෙයි. මම මේ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදින්නෙමි යි දන් දෙයි. මේ දන්දෙන මාගේ සිත පහදියි අත්තමනතා සඞ්ඛ්‍යාත සොම්නස උපදී යයි දන්දෙයි. සිතෙහි අලඞ්කාරය හා චිත්තපරිෂ්කාරය පිණිස දන් දෙයි. මහණෙනි, මේ වනාහි දානවස්තු අටයි.