යෙදුමෙන් කියවන්න

අනුරුද‍්ධ සුත‍්තං

8. 1. 3. 10.

8. 1. 3. 10.

අනුරුද‍්ධ සුත‍්තං

අනුරුද්ධ සූත්‍රය

එකං සමයං භගවා භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා අනුරුද‍්ධෙ චෙතීසු විහරති පාචීනවංසදායෙ. අථ ඛො ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භේසකලාවන නම් මුවවෙනෙහි වැඩ වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතී දනව්වෙහි (බුදුරදුන් වැඩහුන් තැනින්) පෙරදිගෙහි වූ හුණ වෙනෙහි වෙසෙති. ඉක්බිති රහසිගත වූ එකලාව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි මෙ බඳු අදහසෙක් (මහා පුරුෂ විතර්‍කයෙක්) පහළ විය;

අප‍්පිච‍්ඡස‍්සායං ධම‍්මො නායං ධම‍්මො මහිච‍්ඡස‍්ස, සන‍්තුට‍්ඨස‍්සායං ධම‍්මො නායං ධම‍්මො අසන‍්තුට‍්ඨස‍්ස, පවිවිත‍්තස‍්සායං ධම‍්මො නායං ධම‍්මො සඞ‍්ගණිකාරාමස‍්ස. ආරද‍්ධ විරියස‍්සායං ධම‍්මො නායං ධම‍්මො කුසීතස‍්ස, උපට‍්ඨිතසතිස‍්සායං ධම‍්මො නායං ධම‍්මො මුට‍්ඨස‍්සතිස‍්ස, සමාහිතස‍්සායං ධම‍්මො නායං ධම‍්මො අසමාහිතස‍්ස, පඤ‍්ඤාවතො අයං ධම‍්මො, නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සාති.

එනම්, මේ (නව ලෝකෝත්තර) ධර්‍මය (ලද ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමේ මාත්‍රඥතායෙන් ද) අල්පේච්ඡයා හට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ. මේ ධර්‍මය (සිවුපසෙහි තෙවැදෑරුම් සන්තෝසයෙන්) සතුටු වන්නහුට ය. මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ. මේ ධර්‍මය (කාය චිත්ත උපධිවිවේකයන්ගෙන්) ප්‍රවිවික්ත සිත් ඇතියහුට ය. මේ ධර්‍මය (ගණසඞ්ගණිකායේහි හා ක්ලේශසඞ්ගණිකායේහි ඇලුණු) සඞ්ගණිකාරාමයාහට නො වේ. මේ ධර්‍මය (කායිකචෛතසික වසයෙන්) පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට ය. මේ ධර්‍මය කුසීතයාහට නො වේ. මේ ධර්‍මය (සතර සතිපට්ඨාන වසයෙන්) එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වේ. මේ ධර්‍මය එකඟ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ. මේ ධර්‍මය (කර්‍මස්වක ප්‍රඥායෙන්) ප්‍රඥා ඇත්තහුට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි.

අථ ඛො භගවා ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය එවමෙව භග‍්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ අන‍්තරහිතො චෙතීසු පාචීනවංසදායෙ ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස සම‍්මුඛෙ පාතුරහොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි වූ පරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන යම් සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ ද, දික් කළ අතක් හකුළුවන්නේ ද, එසෙයින් භග්ගජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි භේසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන් වූසේක් චෙතී ජනපදයෙහි වූ (දශබල වසනස්ථානයෙන්) පෙරදිගෙහි පිහිටි හුණවෙනෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හමුයෙහි පහළ වූ සේක.

නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ, ආයස‍්මාපි ඛො අනුරුද‍්ධො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං භගවා එතදවොච: සාධු සාධු අනුරුද‍්ධ, සාධු ඛො ත්‍වං අනුරුද‍්ධ, යං තං මහාපුරිසවිතක‍්කං විතක‍්කෙසි: අප‍්පිච‍්ඡස‍්සායං ධම‍්මො නායං ධම‍්මො මහිච‍්ඡස‍්ස, සන‍්තුට‍්ඨස‍්සායං ධම‍්මො නායං ධම‍්මො අසන‍්තුට‍්ඨස‍්ස, පවිවිත‍්තස‍්සායං ධම‍්මො නායං ධම‍්මො සඞ‍්ගණිකාරාමස‍්ස, ආරද‍්ධවිරියස‍්සායං ධම‍්මො නායං ධම‍්මො කුසීතස‍්ස, උපට‍්ඨිතසතිස‍්සායං ධම‍්මො නායං ධම‍්මො මුට‍්ඨස‍්සතිස‍්ස, සමාහිතස‍්සායං ධම‍්මො නායං ධම‍්මො අසමාහිතස‍්ස, පඤ‍්ඤවතො අයං ධම‍්මො නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සාති.

භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක් හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘අනුරුද්ධය, මැනව, මැනව, අනුරුද්ධය, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයා ට නො වෙයි. මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මේ ධර්‍මය ප්‍රවිවික්තයාට ය, මේ ධර්‍මය සඞ්ගණිකාරාමයාට නො වෙයි. මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයා ට නො වෙයි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වෙයි. මේ ධර්‍මය සමාහිතයාට ය, මේ ධර්‍මය අසමාහිතයාට නොවෙයි. මේ ධර්‍මය ප්‍රඥාවත් හට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි තෙපි යම් මහාපුරුෂවිතර්‍කයක් විතර්‍කණය කරහු ද, එය මනා මැ යි.

තෙන හි ත්‍වං අනුරුද‍්ධ, ඉමම‍්පි අට‍්ඨමං මහාපුරිසවිතක‍්කං විතක‍්කෙහි: නිප‍්පපඤ‍්චාරාමස‍්සායං ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො නායං ධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනොති.

එසේ නම් අනුරුද්ධය, තෙපි මේ අටවැනි වූ මහා පුරුෂ විතර්‍කය ද විතර්‍කණය කරව:- මේ ධර්‍මය නිෂ්ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුණහු ට ය. මේ ධර්‍මය ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණාමානදෘෂ්ටීන්හි ඇලුණහුට නො වේ ය කියායි.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, තතො ත්‍වං අනුරුද‍්ධ, යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරිස‍්සසි.

අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්න හු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමතිවන්නහු නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට සම වැද වාස කරන්නහු ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි තතො ත්‍වං අනුරුද‍්ධ, යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරිස‍්සසි.

අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපසමයෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට සමවැද වාස කරන්නහුය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි තතො ත්‍වං අනුරුද‍්ධ, යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි, පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරිස‍්සසි, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදිස‍්සසි, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරිස‍්සසි.

අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ම වාස කරන්නහු ය. සිහි ඇත්තේ ද සම්‍යක් ප්‍රඥා ඇත්තේ ද, සුඛයත් කයින් පිළිවිදින්නහු ය. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ඒ පුඟුලා උපේක්‍ෂා ඇත්තේ ය, සතියෙන් යුක්ත ය, සුඛවිහරණ ඇත්තේය යි කියත් නම් (ඒ) තෘතීයධ්‍යානයට පැමිණ වාස කරන්නහු ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ අට‍්ඨ මහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, තතො ත්‍වං අනුරුද‍්ධ, යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි, සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරිස‍්සසි.

අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒතාක්) සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් පෙරටුව ම දුක් නො වූ සුඛ නො වූ උපේක්‍ෂාස්මෘතීන්ගෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වාස කරන්නහු ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ ච අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, ඉමෙසඤ‍්ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී භවිස‍්සසි, අකිච‍්ඡලාභී, අකසිරලාභී, තතො තුය‍්හං අනුරුද‍්ධ, සෙය්‍යථාපි නාම ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා නානාරත‍්තානං දුස‍්සානං දුස‍්සකරණ‍්ඩකො පූරො, එවමෙව තෙ පංසුකූලං චීවරානං ඛායිස‍්සති, සන‍්තුට‍්ඨස‍්ස විහරතො, රතියා අපරිතස‍්සාය, ඵාසුවිහාරාය, ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් පැහැයෙන් රඳනා ලද වතින් පිරුණු පිළීකරඬුයෙක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාස කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණා දෘෂ්ටීගෙන්) නො පිරිතැවීම (අපරිත්‍රාසය - නො බියවීම) පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සිවුරු අතුරින් පවුල් සිවුර (මැනැවැයි) වැටහෙන්නේ ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ ච අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, ඉමෙසඤ‍්ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී භවිස‍්සසි, අකිච‍්ඡලාභී අකසිරලාභී, තතො තුය‍්හං අනුරුද‍්ධ, සෙය්‍යථාපි නාම ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා සාලීනං ඔදනො විගතකාළකො අනෙකසූපො අනෙකව්‍යඤ‍්ජනො, එවමෙව තෙ පිණ‍්ඩියාලොපං භොජනානං ඛායිස‍්සති සන‍්තුට‍්ඨස‍්ස විහරතො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

අනුරුද්ධය, තෙපි යම් කලෙක්හි වනාහි මේ අෂ්ටමහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණය වූ මේ සතරධ්‍යානයන් කැමති සේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් සූප ඇති නොයෙක් ව්‍යඤ්ජන ඇති බැහැර කළ කළුඇට ඇති හැල්බතක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස සැප විහරණය පිණිස නිවනට බැසගැනීම පිණිස බොජුන් අතුරින් පිණ්ඩියා ලෝපභෝජනය (මැනැවැයි) වැටහෙන්නේ ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ ච අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, ඉමෙසඤ‍්ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී භවිස‍්සසි, අකිච‍්ඡලාභී අකසිරලාභී, තතො තුය‍්හං අනුරුද‍්ධ, සෙය්‍යථාපි නාම ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා කූටාගාරං උල‍්ලිත‍්තාවලිත‍්තං නිවාතං ඵුස‍්සිතග‍්ගළං පිහිතවාතපානං, එවමෙව තෙ රුක‍්ඛමූලං සෙනාසනානං ඛායිස‍්සති සන‍්තුට‍්ඨස‍්ස විහරතො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

අනුරුද්ධය, තෙපි යම් කලෙක පටන් මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එතැන් පටන් තොපට යම් හෙයෙකින් ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ඇතුළත පිටත පිරියම් කරන ලද වළක්වන ලද වාතප්‍රවේශ ඇති පැහැසූ කවුළු ඇති පියන ලද දොර කවුළු ඇති කුළුගෙයක් මැනැවැයි වටහා ද, එසෙයින් යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් වෘක්‍ෂමූලය (මැනවැයි) වැටහෙන්නේ ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ ච අට‍්ඨමහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, ඉමෙසං ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී භවිස‍්සසි, අකිච‍්ඡලාභී අකසිරලාභී, තතො තුය‍්හං අනුරුද‍්ධ, සෙය්‍යථාපි නාම ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා පල‍්ලඞ‍්කො ගොණකත්‍ථතො පටිකත්‍ථතො පටලිකත්‍ථතො කාදලිමිගපවරපච‍්චත්‍ථරණො සඋත‍්තරච‍්ඡදො උභතො ලොහිතකූපධානො, එවමෙව තෙ තිණසන්‍ථාරකො සයනාසනානං ඛායිස‍්සති සන‍්තුට‍්ඨස‍්ස විහරතො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ටමහාපුරුෂ විතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමති සේ ලබන්නෙක් ද සැප සේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුහට හෝ මහ කොඳුපලස් අතුළ, සුදු එළුලොම් ඇතිරි අතුළ, ගනපුප් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් ඇතිරි අතුළ, රතුඋඩුවියන් සහිත වූ දෙපස රතුකන්වයින් ඇති, පළඟෙක් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපගේ ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් තණ ඇතිරිය (මැනැවැ යි) වැටහෙන්නේ ය.

යතො ඛො ත්‍වං අනුරුද‍්ධ, ඉමෙ ච අට‍්ඨ මහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙස‍්සසි, ඉමෙසඤ‍්ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී භවිස‍්සසි අකිච‍්ඡලාභී අකසිරලාභී, තතො තුය‍්හං අනුරුද‍්ධ, සෙය්‍යථාපි නාම ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා නානා භෙසජ‍්ජානි, සෙය්‍යථීදං: සප‍්පිනවනීතං තෙලං මධු ඵාණිතං. එවමෙව තෙ පූතිමුත‍්තං භෙසජ‍්ජානං ඛායිස‍්සති සන‍්තුට‍්ඨස‍්ස විහරතො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

අනුරුද්ධය, තෙපි යම් කලෙක සිට මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් ද, විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණ වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නහු නම් සැප සේ ලබන්නහු නම් නිදුකින් ලබන්නහු නම් අනුරුද්ධය, එතැන් සිට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ගිතෙල් වෙඬරු තෙල් මී උක් හකුරු යන නොයෙක් බෙහෙත් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපට ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස බෙහෙත් අතුරෙන් පූතිමුත්ත හෙසජ්ජය (මැනවැ යි) වැටහෙන්නේ ය.

තෙන හි ත්‍වං අනුරුද‍්ධ, ආයතිකම‍්පි වස‍්සාවාසං ඉධෙව චෙතීසු පාචීනවංසදායෙ විහරෙය්‍යාසීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා අනුරුද‍්ධො භගවතො පච‍්චස‍්සොසි.

අනුරුද්ධය, එසේ නම් තෙපි චෙතී දනව්වෙහි මෙහි ම පාචීනවංස මුවවෙනෙහි මත්තෙහි එන වස්විසුම ද කරන්නහු යි. වහන්ස, එසේ යි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව චෙතීසු පාචීනවංසදායෙ අන‍්තරහිතො භග‍්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: අට‍්ඨ ඛො භික‍්ඛවෙ, මහාපුරිසවිතක‍්කෙ දෙසිස‍්සාමි, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට අවවාද දී බලවත් පුරුෂයෙක් යම්සේ වක්කළ හෝ අතක් දික් කරන්නේ ද, දික් කළ හෝ අතක් හකුළන්නේ ද, එසේ ම චෙතී දනව්වෙහි පාචීනවංස වෙනෙහි අතුරුදන් වූ සේක් භග්ග දනව්වෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භේසකලාවන නැමැති මුවවෙනෙහි පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, දෙසන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

කතමෙ ච භික‍්ඛවෙ, අට‍්ඨ මහා පුරිසවිතක‍්කා:

මහණෙනි, අෂ්ට මහාපුරුෂ විතර්‍කයෝ කවරහු ද යත්:

අප‍්පිච‍්ඡස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො මහිච‍්ඡස‍්ස; සන‍්තුට‍්ඨස‍්සායං භික‍්ඛවෙ ධම‍්මො නායං ධම‍්මො අසන‍්තුට‍්ඨස‍්ස; පවිවිත‍්තස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො සඞ‍්ගණිකාරාමස‍්ස. ආරද‍්ධවිරියස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො කුසීතස‍්ස, උපට‍්ඨිතසතිස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො මුට‍්ඨස‍්සතිස‍්ස. සමාහිතස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො අසමාහිතස‍්ස. පඤ‍්ඤවතො අයං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්ස, නිප‍්පපඤ‍්චාරාමස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො නායං ධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො.

මහණෙනි, මේ ධර්‍මය තෙමේ අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහට ය. මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහට ය. මේ ධර්‍මය කුසීතයා හට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තාහට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තාහට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සමාහිත සිත් ඇත්තාහට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තාහට නොවෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රඥා ඇත්තාහට ය, මේ ධර්‍මය ප්‍රඥා නැත්තාහට නොවෙ යි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ.

1. අප‍්පිච‍්ඡස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො මහිච‍්ඡස‍්සා’ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පිච‍්ඡො සමානො අප‍්පිච‍්ඡොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, සන‍්තුට‍්ඨො සමානො සන‍්තුට‍්ඨොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, පවිවිත‍්තො සමානො පවිවිත‍්තොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, ආරද‍්ධවිරියො සමානො ආරද‍්ධවිරියොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, උපට‍්ඨිතසති සමානො උපට‍්ඨිතසතීති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, සමාහිතො සමානො සමාහිතොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, පඤ‍්ඤවා සමානො පඤ‍්ඤවාති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති, නිප‍්පපඤ‍්චාරාමො සමානො නිප‍්පපඤ‍්ඤාරාමොති මං ජානෙය්‍යුන‍්ති න ඉච‍්ඡති. ‘අප‍්පිච‍්ඡස‍්සායං ධම‍්මො නායං ධම‍්මො මහිච‍්ඡස‍්සා’ ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

1. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ’ය යි තෙල මෙසේ කියන ලද නම් මෙය කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡය යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. සන්තුෂ්ට වූයේ ම සන්තුෂ්ටයෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂ විවේකය ඇත්තෙකැ යි මා දැනගත්තාහු නම් යෙහෙකැයි නො පතයි. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ ම පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පත යි. එළැඹ සිටි සිහි ඇත්තේ ම එළැඹ සිටි සිහි ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. එකඟ වූ සිත් ඇත්තේ ම එකඟ වූ සිත් ඇත්තෙකැයි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. නුවණ ඇත්තේ ම නුවණැත්තෙකැ යි මා දැනගන්නාහු නම් මැනැවැ යි නො පතයි. ප්‍රපඤ්චයෙහි නො ඇලුණේ ම ප්‍රපඤ්චයෙහි නො ඇලුණෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද නම් මෙය ඒ සඳහා කියන ලද්දේ ය.

2. ‘සන‍්තුට‍්ඨස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො, නායං ධම‍්මො අසන‍්තුට‍්ඨස‍්සා’ ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, ‘සන‍්තුට‍්ඨස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො අසට‍්ඨන‍්තුස‍්සා’ ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

2. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වෙ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරින් සතුටු වූයේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද ද, එය මේ නිසා කියන ලද.

3. ‘පවිවිත‍්තස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො, නායං ධම‍්මො සඞ‍්ගණිකාරාමස‍්සා’ ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො පවිවිත‍්තස‍්ස විහරතො භවන‍්ති උපසඞ‍්කමිතාරො භික‍්ඛු භික‍්ඛුනියො, උපාසකා උපාසිකායො රාජානො රාජමහාමත‍්තා තිත්‍ථියා තිත්‍ථියසාවකා. තත්‍ර භික‍්ඛු විවෙකනින‍්නෙන චිත‍්තෙන විවෙකපොණෙන විවෙකපබ‍්භාරෙන වවකට‍්ඨෙන නෙක‍්ඛම‍්මාභිරතෙන අඤ‍්ඤදත්‍ථු උය්‍යොජනිකපටිසංයුත‍්තංයෙව කථං කත‍්තා හොති. ‘පවිවිත‍්තස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො සඞ‍්ගණිකාරාමස‍්සා’ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

3. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකාවෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේක ඇතිව වසන්නහු වෙත එළඹෙන මහණ - මෙහෙණ - උවසු - උවැසි - රජ - රජමහ ඇමති - අන්තොටු - අන්තොටු සව්වෝ වෙති. ඔවුනතුරෙහි විවේකයට නැමුණු විවේකයට නැඹුරු වූ විවේකයට බරවූ විවේකයෙහි පිහිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සිතින් මහණ ඒකාන්තයෙන් පෙළැඹැ වීම පිළිබැඳි (ඔවුන්ගේ උපස්ථානගමනයට හේතුවන) කථාවක්ම කරන්නෙක් වේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ එ යමක් කියන ලද නම් තෙල මෙ නිසා කියන ලද.

4. ‘ආරද‍්ධවිරියස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො කුසීතස‍්සා’ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු ‘ආරද‍්ධවිරියස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො කුසීතස‍්සා’ති ඉති යං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

4. මහණෙනි, මේ ධර්‍මය දැඩි වැ ගත් වැර ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ රැස් කිරීම පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍යය ඇත්තේ ශක්ති දළපැරකුම් ඇත්තේ කුශලධර්‍මයන්හි නො බැහූ වෙර ඇත්තේ වාස කෙරෙයි. “මහණෙනි, මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍යය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි, මෙසේ මා යමක් කියන ලද නම්, එය මේ නිසා කියන ලද.

5. ‘උපට‍්ඨිතසතිස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො මුට‍්ඨස‍්සතිස‍්සා’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. ‘උපට‍්ඨිතසතිස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො මුට‍්ඨස‍්සතිස‍්සා’ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

5. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුටය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නොවේ’යී. මෙසේ තෙල කියන ලද වෙයි, මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ උතුම් සිහිනුවණින් යුතු වූයේ සිහි ඇත්තේ වේ. පෙරකරනලද්ද පෙර කියන ලද්ද සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.

6. ‘සමාහිතස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො අසමාහිතස‍්සා’ ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ‘සමාහිතස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො අසමාහිතස‍්සා’ ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

6. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නො වූ සිත් ඇත්තහුට නො වේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නොවූ සිත් ඇත්තහුහට නොවේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.

7. ‘පඤ‍්ඤවතො අයං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සා’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. ‘පඤ‍්ඤවතො අයං භික‍්ඛවෙ, ධම‍්මො නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සා’ ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

7. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණ ඇත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යයි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උදයවය පිළිවිදුමට සමත් වූ උතුම් වූ නිර්වේදයට හිත වූ මනා කොට දුක් ගෙවීමට යන සුලු ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ පැණවත් වෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණැත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.

8. ‘නිප‍්පපඤ‍්චාරාමස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො නායං ධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො’ ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො පපඤ‍්චනිරොධෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති, ‘නිප‍්පපඤ‍්චාරාමස‍්සායං භික‍්ඛවෙ, ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො නායං ධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

8. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. තෙල කුමක් නිසා කියන ලද ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත නිර්‍වාණ පදයෙහි පිවිසෙයි, පහදියි, මැනවින් පිහිටයි, මිදේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නො වේ’යී මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලද්දේයි.

අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො ආයතිකම‍්පි වස‍්සාවාසං තත්‍ථෙව චෙතීසු පාචීනවංසදායෙ විහාසි. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරිය පරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත‍්තත්‍ථායාති අබ‍්භඤ‍්ඤාසි.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මත්තෙහි වූ වස්විසුම ද ඒ චෙතී දනව්වෙහි ම පාචීනවංස වෙනෙහි කළහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වැ ගණසඞ්ගණිකාවෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙද්ද ඒ අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ රහත්බව දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූ හ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වසන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද. රහත්බව පිණිස කටයුතු අන් කිසෙක් නැතැයි දනගත්හ.

අඤ‍්ඤතරො ච පනායස‍්මා අනුරුද‍්ධො අරහතං අහොසි. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො අරහත‍්තප‍්පත‍්තො තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ පැමිණි රහත් බැව් ඇති සේක් එවේලෙහි මේ ගාථාවන් වදාළහ.

1. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ අනුත‍්තරො, මනොමයෙන කායෙන ඉද‍්ධියා උපසඞ‍්කමි.

1. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ සඞ්කල්පය දැන ඍද්ධියෙන් මැවූ මනෝමය කයින් මා වෙත එළැඹි සේක.

2. යථා මෙ අහු සඞ‍්කප‍්පො තතො උත‍්තරි දෙසයී, නිප‍්පපඤ‍්චරතො බුද‍්ධො නිප‍්පපඤ‍්චං අදෙසයි.

2. මාගේ විතර්‍කය (සඞ්කල්පය) යම් පරිද්දෙකින් වී ද, එයට වැඩියක් දෙසූ සේක. නිෂ්ප්‍රපඤ්චයෙහි (නිර්‍වාණපදයෙහි) ඇලුණු බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රපඤ්චය (නිර්‍වාණධර්‍මය) දෙසූ සේක.

3. තස‍්සාහං ධම‍්මමඤ‍්ඤාය විහාසිං සාසනෙ රතො, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තො කතං බුද‍්ධස‍්ස සාසනං.

3. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සස්නෙහි ඇලුණෙම් ත්‍රිවිද්‍යාවට පැමිණියෙම් විසීමි. බුදු සසුන කරන ලදැයි.

ගහපතිවග‍්ගො තතියො.

තෙවැනි ගෘහපතිවර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ උග‍්ගා ද‍්වෙ ච හත්‍ථකා මහානාමෙන ජීවකො, ද‍්වෙ බලා අක‍්ඛණා වුත‍්තා අනුරුද‍්ධෙන තෙ දසාති.

උග්ග සූත්‍ර දෙක ය, හත්‍ථක සූත්‍ර දෙක ය, මහානාම සූත්‍ර ය, ජීවක සූත්‍රය, බල සූත්‍ර දෙක ය, අක්ඛණ සූත්‍රය, අනුරුද්ධ සූත්‍රය යි සූත්‍ර දසයෙකි.