3. ගහපතිවග්ගො අට්ඨකථා
3. ගහපති වර්ගය
1. වෙසාලිකඋග්ග සුත්තවණ්ණනා
1. වෙසාලික උග්ග සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදීති තස්ස කිර ඝරෙ පඤ්චන්නං භික්ඛුසතානං පඤ්ච ආසනසතානි නිච්චං පඤ්ඤත්තානෙව හොන්ති, තෙසු අඤ්ඤතරස්මිං ආසනෙ නිසීදි. තං සුණාහීති තෙ සුණාහි, තං වා අට්ඨවිධං අච්ඡරියධම්මං සුණාහි. චිත්තං පසීදීති “බුද්ධො නු ඛො න බුද්ධො නු ඛො”ති විතක්කමත්තම්පි න උප්පජ්ජි, අයමෙව බුද්ධොති චිත්තුප්පාදො පසන්නො අනාවිලො අහොසි. සකානි වා ඤාතිකුලානීති අත්තනො යාපනමත්තං ධනං ගහෙත්වා ඤාතිඝරානි ගච්ඡතු. කස්ස වො දම්මීති කතරපුරිසස්ස තුම්හෙ දදාමි, ආරොචෙථ මෙ අත්තනො අධිප්පායං. අප්පටිවිභත්තාති “එත්තකං දස්සාමි එත්තකං න දස්සාමි, ඉදං දස්සාමි ඉදං න දස්සාමී”ති චිත්තං උප්පාදෙන්තෙන හි පටිවිභත්තා නාම හොති, මය්හං පන න එවං. අථ ඛො සඞ්ඝිකා විය ගණසන්තකා විය ච සීලවන්තෙහි සද්ධිං සාධාරණායෙව. සක්කච්චංයෙව පයිරුපාසාමීති සහත්ථා උපට්ඨහාමි, චිත්තීකාරෙන උපසඞ්කමාමි.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පඤ්ඤත්තෙ ආසනෙ නිසීදී යනු ඔහුගේ ගෙදර පන්සියයක් භික්ෂූන්ට අසුන් පන්සියයක් නිති පනවන ලද්දේම වෙයි. ඒවා අතුරෙන් එක් අසුනක හිඳගත්තේය. තං සුණාහි යනු ඒවා අසවා ඒ අටවැදෑරුම් ආශ්චර්‍ය්‍ය ධර්ම හෝ අසව යනුයි. චිත්තං පසිදි යනු බුදුවරයෙක්ද බුදුවරයෙක් නොවේදැයි විතර්කමාත්රයකුදු නූපන්නේය. මෙතෙමේම බුදුවරයායි සිතේ පහළවීම පැහැදුනේ නොකැළඹුණේ විය. සකානි වා ඤාතිකුලානි යනු තමන්ට යැපෙන පමණ ධනය ගෙන නෑගෙවලට යත්වායි. කස්ස වො දම්මි යනු නුඹවහන්සේලාගේ කවර පුද්ගයාට දෙම්ද, තමන්ගේ අදහස මට දන්වනු මැනවි. අප්පටිවිභත්තා යනු මෙපමණක් දෙමි. මෙපමණක් නොදෙමි මෙය දෙමි මෙය නොදෙමියි සිත උපදවන්නහු විසින් බෙදන ලද්දේ නම් වෙයි. මගේ වනාහි එසේ නොවේ. සංඝයා සතු වූවක් මෙන් ද සමූහයා සතු වූවක් මෙන් ද සිල්වතුන් සමඟ සාධාරණය. සක්කච්චංයෙව පයිරුපාසාමි යනු තුටු පහටුව උවටැන් කරමි. ගරුබුහුමනින් එළඹෙමි.
අනච්ඡරියං ඛො පන මං, භන්තෙති, භන්තෙ, යං මං දෙවතා උපසඞ්කමිත්වා එවං ආරොචෙන්ති, ඉදං න අච්ඡරියං. යං පනාහං තතොනිදානං චිත්තස්ස උණ්ණතිං නාභිජානාමි, තං එව අච්ඡරියන්ති වදති. සාධු සාධු, භික්ඛූති එත්ථ කිඤ්චාපි භික්ඛුං ආමන්තෙති, උපාසකස්සෙව පන වෙය්යාකරණසම්පහංසනෙ එස සාධුකාරොති වෙදිතබ්බො.
අනච්ඡරියං ඛො පන මං භන්තෙ යනු ස්වාමීනි දෙවියෝ මාවෙත එළඹ යමක් මෙසේ සැළකරත්ද මෙය ආශ්චර්‍ය්‍යයක් නොවේ. මම එය හේතුකොටගෙන සිතෙහි යම් දියුණුවක් නොදනිමිද මෙබඳු ආශ්චර්ය්යයකැයි කියයි. සාධු සාධු භික්ඛු යනු මෙහි කිසියම් භික්ෂුවක් ඇමතූ සේක. උවසුවාගේ පැහැදිලි කිරීමේ සතුටෙහි මෙය සාධුකාරයයි දතයුතුය.
2. හත්ථිගාමක උග්ග සුත්තවණ්ණනා
2. හත්ථිගාමක උග්ග සූත්‍ර වර්ණනාව
දුතියෙ නාගවනෙති තස්ස කිර සෙට්ඨිනො නාගවනං නාම උය්යානං, සො තත්ථ පුරෙභත්තං ගන්ධමාලාදීනි ගාහාපෙත්වා උය්යානකීළිකං කීළිතුකාමො ගන්ත්වා පරිචාරියමානො භගවන්තං අද්දස. සහ දස්සනෙනෙවස්ස පුරිමනයෙනෙව චිත්තං පසීදි, සුරාපානෙන ච උප්පන්නමන්දො තඞ්ඛණංයෙව පහීයි. තං සන්ධායෙවමාහ. ඔණොජෙසින්ති උදකං හත්ථෙ පාතෙත්වා අදාසිං. අසුකොති අමුකො. සමචිත්තොව දෙමීති “ඉමස්ස ථොකං, ඉමස්ස බහුක”න්ති එවං චිත්තනානත්තං න කරොමි, දෙය්යධම්මං පන එකසදිසං කරොමීති දස්සෙති. ආරොචෙන්තීති ආකාසෙ ඨත්වා ආරොචෙන්ති. නත්ථි තං සංයොජනන්ති ඉමිනා උපාසකො අත්තනො අනාගාමිඵලං බ්යාකරොති.
දෙවැන්නෙහි නාගවනෙ යනු ඒ සිටාණන්ගේ නාගවන නම් උයනයි. හෙතෙම පෙරවරුයෙහි (බතට පෙර) ගඳමල් ආදිය ගෙවාගෙන උයන් කෙළ කෙළිනු කැමැත්තේ ගොස් සතුටු වන්නේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැකීමත් සමඟම ඔහුට කලින් කියනලද අයුරින්ම සිත පැහැදුනේය. රහමෙරෙන් උපන් මත එකෙණෙහිම දුරුවූයේය. එය සඳහා මෙසේ කියනලදි. ඔණොජෙසිං යනු දිය අතෙහි වත්කොට දුන්නේය, අසුකො යනු අසුවලායි. සමචිත්තොව දෙමි යනු මොහුට ටිකෙකි මොහුට හුඟකැයි මෙසේ සිතේ වෙනසක් නොකරමි. දානවතුව එක් සමාන කරමැයි දක්වයි. ආරොවෙන්ති යනු අහසෙහි සිට සැලකරත්, නත්ථි තං සංයොජනං යනු මෙයින් උපාසක තෙමේ තමන්ගේ අනාගාමි ඵලය හෙළිකරයි.
3. හත්ථකාළවක සුත්තවණ්ණනා
3. හත්ථකාළවක සූත්‍ර වර්ණනාව
තතියෙ හත්ථකො ආළවකොති භගවතා ආළවකයක්ඛස්ස හත්ථතො හත්ථෙහි සම්පටිච්ඡිතත්තා හත්ථකොති ලද්ධනාමො රාජකුමාරො. සීලවාති පඤ්චසීලදසසීලෙන සීලවා. චාගවාති චාගසම්පන්නො. කච්චිත්ථ, භන්තෙති, භන්තෙ, කච්චි එත්ථ භගවතො බ්යාකරණට්ඨානෙ. අප්පිච්ඡොති අධිගමප්පිච්ඡතාය අප්පිච්ඡො.
තෙවැන්නෙහි හත්ථකො ආළවකො යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ආළවක යක්ෂයාගේ අතින් (තම) අත්වලින් පිළිගත් බැවින් හත්ථක යයි ලද නම් ඇති රජ කුමරුවායි. සීලවා යනු පන්සිල් දසසිල්වලින් සිල්වත් වූයේයි. චාගවා යනු ත්යාගසම්පන්නවූයි. කචචිත්‍ථ භන්තෙ යනු කිසියම් අරුත් පැහැදිලි කරන තැනකයි. අප්පිච්ඡො යනු අවබෝධ කළ අල්පේච්ඡාවෙන් අපිස් වූයේයි.
4. හත්ථකාළවක සඞ්ගහවත්ථු සුත්තවණ්ණනා
4. හත්ථකආළවක සඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පඤ්චමත්තෙහි උපාසකසතෙහීති සොතාපන්නසකදාගාමීනංයෙව අරියසාවකඋපාසකානං පඤ්චහි සතෙහි පරිවුතො භුත්තපාතරාසො ගන්ධමාලවිලෙපෙනචුණ්ණානි ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. සඞ්ගහවත්ථූනීති සඞ්ගණ්හනකාරණානි. තෙහාහන්ති තෙහි අහං. තං දානෙන සඞ්ගණ්හාමීති නඞ්ගලබලිබද්දභත්තබීජාදීනි චෙව ගන්ධමාලමූලාදීනි ච දත්වා සඞ්ගණ්හාමි. පෙය්යවජ්ජෙනාති අම්ම, තාත, භාතර, භගිනීතිආදිකෙන කණ්ණසුඛෙන මුදුකෙන පියවචනෙන සඞ්ගණ්හාමි. අත්ථචරියායාති “ඉමස්ස දානෙන වා පියවචනෙන වා කිච්චං නත්ථි, අත්ථචරියාය සඞ්ගණ්හිතබ්බයුත්තකො අය”න්ති ඤත්වා උප්පන්නකිච්චනිත්ථරණසඞ්ඛාතාය අත්ථචරියාය සඞ්ගණ්හාමි. සමානත්තතායාති “ඉමස්ස දානාදීහි කිච්චං නත්ථි, සමානත්තතාය සඞ්ගණ්හිතබ්බො අය”න්ති එකතො ඛාදනපිවනනිසජ්ජාදීහි අත්තනා සමානං කත්වා සඞ්ගණ්හාමි. දලිද්දස්ස ඛො නො තථා සොතබ්බං මඤ්ඤන්තීති දලිද්දස්ස කිඤ්චි දාතුං වා කාතුං වා අසක්කොන්තස්ස, යථා දලිද්දස්ස නො තථා සොතබ්බං මඤ්ඤන්ති, මම පන සොතබ්බං මඤ්ඤන්ති, දින්නොවාදෙ තිට්ඨන්ති, න මෙ අනුසාසනිං අතික්කමිතබ්බං මඤ්ඤන්ති. යොනි ඛො ත්යායන්ති උපායො ඛො තෙ අයං. ඉමෙසු පන ද්වීසුපි සුත්තෙසු සත්ථාරා සීලචාගපඤ්ඤා මිස්සකා කථිතාති වෙදිතබ්බා.
සිවුවැන්නෙහි පඤ්චමත්තෙහි උපාසකසතෙහි යනු සෝවාන් සකෘදාගාමී වූ ආර්‍ය්‍ය ශ්‍රාවක උපාසකයන් පන්සියයකින් පිරිවරන ලද්දේ වැළඳූ උදා අහර ඇත්තේ ගඳමල් සුණු ගෙන භාග්‍යවතුන් වහන්සේ සිටි තැනට එළඹුණේය. සඞ්ගහවත්ථුනි යනු සංග්‍රහ කරවන කාරණයි, තෙනාහං යනු තෙහි අහං තං දානෙන සඞ්ගණ්හාමි යනු නඟුල් ගොනුන් බත් වස්ත්‍ර ආදිය මෙන්ම ගඳමල් මුදල් ආදියද දී සංග්‍රහ කරමි. පෙය්යවජ්ජෙන යනු මෑණියනි, පියාණෙනි, සොයුරු සොයුරිය ආදී කණට මිහිරි වූ මෘදු පිය වචනයෙන් සඞ්ග්‍රහ කරමි. අත්ථචරියාය යනු මොහුට දීමෙන් හෝ ප්‍රියවචනයෙන් හෝ වැඩක් නැත. වැඩ පිණිස හැසිරීමෙන් මෙතෙම සංග්‍රහ කළයුත්තෙකැයි දැන හටගත් කටයුතු ඉටු කිරීම් සංඛ්‍යාත අර්ත්ථචර්ය්යාවෙන් සඞ්ග්‍රහ කරමි. සමානත්තතාය යනු මොහුට දානාදියෙන් වැඩක් නැත. මෙතෙම සමානාත්මතාවෙන් සඞ්ග්‍රහ කළයුත්තෙකැයි එකට කෑම්බීම් හිඳීම් ආදියෙන් තමන්ට සමාන කොට සඞ්ග්‍රහ කරමි. දලිද්දස්ස ඛො නො තථා සොතබ්බං මඤ්ඤන්ති යනු දිළින්දාට කිසිවක් දීමට හෝ කිරීමට නොහැකි වන්නාටයි, දිළින්දාට යම්සේද එසේ අපට කන්දිය යුතුයයි හඟිත්. මට කන්දිය යුතුයයි හඟිත්. දුන් ඔවදනෙහි සිටිත්. මගේ අනුශාසනය නොයික්මවිය යුත්තකැයි සිතත්. යොනි ඛො ත්යායං යනු මේ ඔබගේ උපායෙකි. මේ සූත්‍ර දෙකෙහිදීම ශාස්තෲන් වහන්සේ විසින් ශීලත්යාග ප්‍රඥා මිශ්‍රකව දෙසන ලදැයි දතයුතුය.
5-6. මහානාම සුත්තාදිවණ්ණනා
5-6. මහානාම ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ අත්ථූපපරික්ඛිතා හොතීති අත්ථානත්ථං කාරණාකාරණං උපපරික්ඛිතා හොති. ඡට්ඨෙ සද්ධාසීලචාගා මිස්සකා කථිතා.
පස්වැන්නෙහි අත්ථූපපරික්ඛි හොති යනු වැඩ අවැඩ කරුණු නොකරුණු විමසා බලන ලද්දේ වෙයි. සයවැන්නෙහි ශ්රද්ධාශීලත්යාගයෝ මිශ්‍රකව කියන ලද්දාහ.
7. බල සුත්තවණ්ණනා
7. බල සූත්‍ර වර්ණනාව
සත්තමෙ උජ්ඣත්තිබලාති උජ්ඣානබලා. බාලානඤ්හි “යං අසුකො ඉදඤ්චිදඤ්ච ආහ, මං සො ආහ, න අඤ්ඤ”න්ති එවං උජ්ඣානමෙව බලං. නිජ්ඣත්තිබලාති “න ඉදං එවං, එවං නාමෙත”න්ති අත්ථානත්ථනිජ්ඣාපනංයෙව බලං. පටිසඞ්ඛානබලාති පච්චවෙක්ඛණබලා. ඛන්තිබලාති අධිවාසනබලා.
සත්වැන්නෙහි උජ්ඣන්තිබලා යනු දොස් නැඟීමේ බලයෝයි, බලයන්ගෙන් යමක් වේද ඒ ක්‍රොධ සිතය. හෙතෙම එසේ මට කීවේය වෙනෙකක් නොවේයයි මෙසේ දොස් නැඟීමම බලයයි. නිජ්ඣන්තිබලා යනු මෙය නොවේ. එය මෙබඳු මෙබඳු නමැයි වැඩ අවැඩ නිශ්චය කිරීමම බලයයි, පටිසඞ්ඛානබලා යනු ප්රත්යාවෙක්ෂා බලයෝයි. ඛන්තිබලා යනු ඉවසීමේ බලයෝයි.
8. ඛීණාසවබල සුත්තවණ්ණනා
8. ඛීණාසවබල සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ බලානීති ඤාණබලානි. ආසවානං ඛයං පටිජානාතීති අරහත්තං පටිජානාති. අනිච්චතොති හුත්වා අභාවාකාරෙන. යථාභූතන්ති යථාසභාවතො. සම්මප්පඤ්ඤායාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය. අඞ්ගාරකාසූපමාති සන්තාපනට්ඨෙන අඞ්ගාරකාසුයා උපමිතා ඉමෙ කාමාති. විවෙකනින්නන්ති ඵලසමාපත්තිවසෙන නිබ්බානනින්නං. විවෙකට්ඨන්ති කිලෙසෙහි වජ්ජිතං දූරීභූතං වා. නෙක්ඛම්මාභිරතන්ති පබ්බජ්ජාභිරතං. බ්යන්තිභූතන්ති විගතන්තභූතං එකදෙසෙනාපි අනල්ලීනං විසංයුත්තං විසංසට්ඨං. ආසවට්ඨානියෙහීති සම්පයොගවසෙන ආසවානං කාරණභූතෙහි, කිලෙසධම්මෙහීති අත්ථො. අථ වා බ්යන්තිභූතන්ති විගතවායන්ති අත්ථො. කුතො? සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි, සබ්බෙහි තෙභූමකධම්මෙහීති අත්ථො. ඉමස්මිං සුත්තෙ අරියමග්ගො ලොකියලොකුත්තරො කථිතො.
අටවැන්නෙහි බලානි යනු ඥාන බලයෝයි, ආසවානං ඛයං පටිජානාති යනු රහත්බව මනාව දනියි. අනිච්චතො යනු වී නොවීමේ අයුරිනි, යථාභූතං යනු පවත්නා සැටියෙනි, පඤ්ඤාය යනු විදසුන් සහිත මාර්ග ප්‍රඥාවෙනි, අඞ්ගාරකාසුපමා යනු දැවීමේ අරුතින් ගිනි අඟුරු වලකට උපමා කරනලද මේ කාමයෝයි. විවෙකනින්නං යනු ඵලසමාපත්ති වශයෙන් නිවනට නැඹුරුවූයි, වවකට්ඨං යනු කෙලෙස් ඉවත්කළ, දුරුකළ හෝයි, නෙක්ඛම්මාභිරතං යනු පැවිද්දෙහි ඇළුණුයි, ව්යන්තීභූතං යනු එක් අංශයකිනුදු නො ඇළුණු, වෙන්වූ, එකට නොගැටුනාවූයි, ආසවට්ඨානීයෙහි යනු එක්ව යෙදීම් වශයෙන් ආශ්‍රවයන්ට හේතු වූවන්ගෙනි, ක්ලෙශ ධර්මයන්ගෙනි යන අරුත්ය. නැතහොත් ව්යන්තීභූතං යනු දුරුවූ වැයවීමයයි අරුත්ය. කොයින්ද? සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි යනු සියලු ත්‍රෛභූමික ධර්මයන්ගෙනියි අරුත්ය. මේ සූත්‍රයෙහි ලෞකික ලෝකෝත්තර ආර්යමාර්ගය කියන ලදි.
9. අක්ඛණ සුත්තවණ්ණනා
9. අක්ඛණ සූත්‍ර වර්ණනාව
නවමෙ ඛණෙ කිච්චානි කරොතීති ඛණකිච්චො, ඔකාසං ලභිත්වාව කිච්චානි කරොතීති අත්ථො. ධම්මොති චතුසච්චධම්මො. ඔපසමිකොති කිලෙසූපසමාවහො. පරිනිබ්බායිකොති කිලෙසපරිනිබ්බානකරො. චතුමග්ගඤාණසඞ්ඛාතං සම්බොධිං ගච්ඡති සම්පාපුණාතීති සම්බොධගාමී. දීඝායුකං දෙවනිකායන්ති ඉදං අසඤ්ඤං දෙවනිකායං සන්ධාය වුත්තං. අවිඤ්ඤාතාරෙසූති අතිවිය අවිඤ්ඤූසු.
නවවැන්නෙහි ක්ෂණයෙහි කටයුතු කරයිනුයි ඛණකිච්චො නමි, අවකාශ ලබාම කටයුතු කරයි යන අරුතයි. ධම්මො යනු සිවුසස් දහම්ය. ඔපසමිකො යනු කෙලෙස් සංසිඳීම ගෙන එන්නාවූයි. පරිනිබ්බායිකො යනු කෙලෙස් පිරිනිවම කරන්නාවූයි, සිවුමග නුවණ නම්වූ සම්බෝධියට යයි, සැපැමිණෙයි යන්නෙන් සම්බොධගාමි නමි. දීඝායුකං දෙවනිකායං යනු මෙය අසංඥී දේවනිකාය සඳහා කියන ලදි. අවිඤ්ඤාතාරෙසු යනු බෙහෙවින්ම නොදන්නවුන් අතුරෙහියි,
සුප්පවෙදිතෙති සුකථිතෙ. අන්තරායිකාති අන්තරායකරා. ඛණො වෙ මා උපච්චගාති අයං ලද්ධො ඛණො මා අතික්කමි. ඉධ චෙව නං විරාධෙතීති සචෙ කොචි පමත්තචාරී ඉධ ඉමං ඛණං ලභිත්වාපි සද්ධම්මස්ස නියාමතං අරියමග්ගං විරාධෙති න සම්පාදෙති. අතීතත්ථොති හාපිතත්ථො. චිරත්තං අනුතපිස්සතීති චිරරත්තං සොචිස්සති. යථා හි “අසුකට්ඨානෙ භණ්ඩං සමුප්පන්න”න්ති සුත්වා එකො වාණිජො න ගච්ඡෙය්ය, අඤ්ඤෙ ගන්ත්වා ගණ්හෙය්යුං, තෙසං තං අට්ඨගුණම්පි දසගුණම්පි භවෙය්ය. අථ ඉතරො “මම අත්ථො අතික්කන්තො”ති අනුතපෙය්ය, එවං යො ඉධ ඛණං ලභිත්වා අප්පටිපජ්ජන්තො සද්ධම්මස්ස නියාමතං විරාධෙති, සො අයං වාණිජොව අතීතත්ථො චිරං අනුතපිස්සති සොචිස්සති. කිඤ්ච භිය්යො අවිජ්ජානිවුතොති තථා. පච්චවිදුන්ති පටිවිජ්ඣිංසු. සංවරාති සීලසංවරා. මාරධෙය්යපරානුගෙති මාරධෙය්යසඞ්ඛාතං සංසාරං අනුගතෙ. පාරඞ්ගතාති නිබ්බානං ගතා. යෙ පත්තා ආසවක්ඛයන්ති යෙ අරහත්තං පත්තා. එවමිධ ගාථාසු වට්ටවිවට්ටං කථිතං.
සුප්පවෙදිතෙ යනු මනාව කියන ලද්දෙහියි. අන්තරායිකා යනු අන්තරාය ඇතිකරන්නාවූයි. ඛණො වෙ මා උපච්චගා මේ ලබන ලද අවස්ථාව නොඉක්මේවායි. ඉධචෙව නං විරොධෙති යනු ඉදින් පමාව හැසිරෙන කිසිවෙක් මෙහි මේ අවස්ථාව ලබා සද්ධර්මයාගේ සහතිකභාවය වූ ආර්ය්යමාර්ගය වළක්වයිද නොසපයයි ද යනුයි, අතීතත්ථො යනු අත්හළ අරුත් ඇත්තේයි, චිරත්තං අනුතපෙස්සති යනු බොහෝ කලක් තැවෙයි. යම්සේ නම් අසුවල තැන බඩු සම අගයක් (සාධාරණ අගයක්) ඇත්තේයයි අසා එක් වෙළෙන්දෙක් නොයෙන්නේද අන් අය ගොස් ගන්නාහුද ඔවුනට එය අට ගුණයක් ද දසගුණයක් ද (ලාභ) වන්නේය. ඉක්බිති සෙසු (නොගිය) පුද්ගලයා මගේ අර්ත්ථය ඉක්මුනේ යයි තැවෙන්නේද එසේ යමෙක් මෙහි අවකාශයක් ලැබ නොපිළිපදින්නේ සද්ධර්මයාගේ සහතිකභාවය වළහයි. හෙතෙම මේ වෙළෙන්දා මෙන් පහවූ අර්ත්ථ ඇත්තේ තැවෙයි, වැඩිදුරටත් ශෝකකරයි. අවිද්‍යාවෙන් ගැළුණු පුද්ගලයා ද එසේය. පච්චවිදුං යනු අවබෝධ කළාහුය. සංවරා යනු සීලසංවරයෙනි, මාරධෙය්යසරානුගෙ යනු මාරයාට අයත්දෙය නම් වූ සසරට අනුගතවූයි. පාරගතා යනු නිවනට ගියෝයි, යෙ පත්තා ආසවක්ඛයං යනු යමෙක් රහත් බවට පත්වූවාහුද ඔවුහුයි, මෙසේ මෙහි ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
10. අනුරුද්ධ සුත්තවණ්ණනා
10. අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
දසමෙ චෙතීසූති චෙතිනාමකානං රාජූනං නිවාසට්ඨානත්තා එවංලද්ධවොහාරෙ රට්ඨෙ. පාචීනවංසදායෙති දසබලස්ස වසනට්ඨානතො පාචීනදිසාය ඨිතෙ වංසදායෙ නීලොභාසෙහි වෙළූහි සඤ්ඡන්නෙ අරඤ්ඤෙ. එවං චෙතසො පරිවිතක්කො උදපාදීති ථෙරො කිර පබ්බජිත්වා පඨමඅන්තොවස්සම්හියෙව සමාපත්තිලාභී හුත්වා සහස්සලොකධාතුදස්සනසමත්ථං දිබ්බචක්ඛුඤාණං උප්පාදෙසි. සො සාරිපුත්තත්ථෙරස්ස සන්තිකං ගන්ත්වා එවමාහ – “ඉධාහං, ආවුසො සාරිපුත්ත, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සලොකං ඔලොකෙමි. ආරද්ධං ඛො පන මෙ වීරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. අථ ච පන මෙ අනුපාදාය ආසවෙහි චිත්තං න විමුච්චතී”ති. අථ නං ථෙරො ආහ – “යං ඛො තෙ, ආවුසො අනුරුද්ධ, එවං හොති ‘අහං දිබ්බෙන චක්ඛුනා…පෙ… ඔලොකෙමී’ති, ඉදං තෙ මානස්මිං. යම්පි තෙ, ආවුසො, අනුරුද්ධ එවං හොති ‘ආරද්ධං ඛො පන මෙ වීරියං…පෙ… එකග්ග’න්ති, ඉදං තෙ උද්ධච්චස්මිං. යම්පි තෙ, ආවුසො අනුරුද්ධ, එවං හොති ‘අථ ච පන මෙ අනුපාදාය ආසවෙහි චිත්තං න විමුච්චතී’ති, ඉදං තෙ කුක්කුච්චස්මිං. සාධු වතායස්මා අනුරුද්ධො ඉමෙ තයො ධම්මෙ පහාය ඉමෙ තයො ධම්මෙ අමනසිකරිත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරතූ”ති එවමස්ස ථෙරො කම්මට්ඨානං කථෙසි. සො කම්මට්ඨානං ගහෙත්වා සත්ථාරං ආපුච්ඡිත්වා චෙතිරට්ඨං ගන්ත්වා සමණධම්මං කරොන්තො අට්ඨමාසං චඞ්කමෙන වීතිනාමෙසි. සො පධානවෙගනිම්මථිතත්තා කිලන්තකායො එකස්ස වෙළුගුම්බස්ස හෙට්ඨා නිසීදි. අථස්සායං එවං චෙතසො පරිවිතක්කො උදපාදි, එස මහාපුරිසවිතක්කො උප්පජ්ජීති අත්ථො.
දසවැන්නෙහි චෙතීසු යනු චෙති නම් රජුන්ගේ නිවාසස්ථානය බැවින් එසේ ලබන ලද ව්‍යවහාරය ඇති රටෙහියි, පාචීනවංසදායෙ යනු බුදුරජාණන් වහන්සේ නිවසන තැනින් පෙරදිගෙහි සිටි උණවනයෙහි, නිලෙන් බබළන උණවලින් ගැවසුණු අරණෙහියි, එවං චෙතසො පරිවිතක්කො උදපාදී යනු හෙතෙම පැවිදිව පළමු ඇතුළු වසෙහිම සමවත් ලැබූවෙක් වී දහසක් ලොව දැකීමට සමත් දිවැස් නැණ ඉපදවීය. හෙතෙම සැරියුත් තෙරුන් සමීපයට ගොස් මෙසේ කීවේය. “ඇවැත් සාරිපුත්තයිනි, මෙහි මෙම පිරිසුදු වූ මානුෂිකත්වය ඉක්මවූ දිවැසින් දහසක් ලොව බලමි. මගේ වීර්යය ඇරඹිණි. හුදෙකලාව පිහිටියේයි. එළඹසිටි සිහිය නොමුළාය. කය සැහැල්ලුය. සන්සුන්ය. සිත සමාහිතය, එකඟව තිබේ. එතකුදු වුවත් මගේ සිත ආශ්රවයන්ගෙන් උපාදානයෙන් තොරව නොමිදෙයි.” ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයිනි, මම දිවැසින් - පෙ- ලොව බලමියි යන යමක් වේද මෙය ඔබගේ මානයෙහි (මානය නිසා) සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, මගේ වීර්යය ඇරඹිණ. - පෙ- සිත එකඟ විණැයි මෙසේ ඔබගේ යමක් වේද එය ඔබගේ උද්ධච්චයෙහි සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, එතකුදු වුවත් මගේ සිත ආශ්රවයන්ගෙන් උපාදාන විරහිතව නොමිදෙයි යන මෙසේ යමක් වේද එය ඔබගේ කුකුසෙහි (කුක්කුච්චයෙහි) සිදුවෙයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන අතහැර මේ ධර්මතුන මෙනෙහි නොකොට නිර්වාණධාතුවට සිත යොමු කරන්නේ මැනවැ”යි මෙසේ ඔහුට තෙරණුවෝ කමටහන් කීහ. හෙතෙම කමටහන් ගෙන ප්‍රත්‍යයෙහි ශාස්තෲන් වහන්සේට දන්වා චෙති රටට ගොස් මහණදම් කරමින් අඩමසක් සක්මණින් කල්යැවීය. හෙතෙම වීර්‍ය්‍ය වේගයෙන් වැඩුණු බැවින් වෙහෙසට පත් සිරුර ඇත්තේ එක් උණු පඳුරක් යට හුන්නේය. ඉක්බිති ඔහුට එවං චෙතසො පරිචිතක්කො උදපාදි යනු මේ මහා පුරුෂ විතර්කය උපන්නේ යයි අරුත්ය.
අප්පිච්ඡස්සාති එත්ථ පච්චයප්පිච්ඡො, අධිගමප්පිච්ඡො, පරියත්තිඅප්පිච්ඡො, ධුතඞ්ගප්පිච්ඡොති චත්තාරො අප්පිච්ඡා. තත්ථ පච්චයප්පිච්ඡො බහුං දෙන්තෙ අප්පං ගණ්හාති, අප්පං දෙන්තෙ අප්පතරං ගණ්හාති, න අනවසෙසග්ගාහී හොති. අධිගමප්පිච්ඡො මජ්ඣන්තිකත්ථෙරො විය අත්තනො අධිගමං අඤ්ඤෙසං ජානිතුං න දෙති. පරියත්තිඅප්පිච්ඡො තෙපිටකොපි සමානො න බහුස්සුතභාවං ජානාපෙතුකාමො හොති සාකෙතතිස්සත්ථෙරො විය. ධුතඞ්ගප්පිච්ඡො ධුතඞ්ගපරිහරණභාවං අඤ්ඤෙසං ජානිතුං න දෙති ද්වෙභාතිකත්ථෙරෙසු ජෙට්ඨත්ථෙරො විය. වත්ථු විසුද්ධිමග්ගෙ කථිතං. අයං ධම්මොති එවං සන්තගුණනිගුහනෙන ච පටිග්ගහණෙ මත්තඤ්ඤුතාය ච අප්පිච්ඡස්ස පුග්ගලස්ස අයං නවලොකුත්තරධම්මො සම්පජ්ජති, නො මහිච්ඡස්ස. එවං සබ්බත්ථ යොජෙතබ්බං.
අප්පිච්ඡස්ස යනු මෙහි අපිස්බව ඇත්තේ, ධුතඞ්ගයෙහි අපිස් බව ඇත්තේ යයි අපිස් බව ඇත්තෝ සතර දෙනෙකි. එහි ප්‍රත්‍යයෙහි අපිස් බව ඇත්තා බොහෝ දෙනවිට ටිකක් ගනියි, ටිකක් දෙනවිට ඉතා ටිකක් ගනියි. ඉතුරු නොවීමට සතුරුවන්නෙක් නොවේ. අධිගමයෙහි අපිස් ඇත්තා මජ්ඣන්තික තෙරුන් මෙන් තමන්ගේ අධිගමය අනුන්ට දැනීමට (ඉඩ) නොදෙයි. පර්ය්යායෙහි අපිස් තැනැත්තේ ත්රිපිටකධරයෙක් වුවද බොහෝ දත්බව නොදන්වනු කැමැත්තේ වෙයි. සාකෙතක තිස්ස තෙරුන් මෙනි. ධුතඞ්ගයෙහි අපිස් ඇත්තා ධුතඞ්ගයන් පරිහරණය කරන බව අනුන්ට දැනීමට නොදෙයි. ද්වෙභාතික තෙරුන්ගෙන් දෙටු තෙරුන් මෙනි. කථාවස්තුව විසුද්ධිමග්ගයෙහි කියනලදි. අයං ධම්මො යනු මෙසේ ලැබූ ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමෙහි පමණ දැනීමෙන් ද අපිස් පුද්ගලයාට මේ නවලොවුතුරු දහම සපැමිණෙයි. බොහෝ දේ කැමැත්තාට නොවේ. මෙසේ සියලු තැන්හි යෙදියයුතුය.
සන්තුට්ඨස්සාති චතූසු පච්චයෙසු තීහි සන්තොසෙහි සන්තුට්ඨස්ස. පවිවිත්තස්සාති කායචිත්තඋපධිවිවෙකෙහි විවිත්තස්ස. තත්ථ කායවිවෙකො නාම ගණසඞ්ගණිකං විනොදෙත්වා ආරම්භවත්ථුවසෙන එකීභාවො. එකීභාවමත්තෙනෙව කම්මං න නිප්ඵජ්ජතීති කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙති, අයං චිත්තවිවෙකො නාම. සමාපත්තිමත්තෙනෙව කම්මං න නිප්ඵජ්ජතීති ඣානං පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසිත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණාති, අයං සබ්බාකාරතො උපධිවිවෙකො නාම. තෙනාහ භගවා – “කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතාන”න්ති (මහානි· 7, 49).
සන්තුට්ඨස්ස යනු සිවුපසයෙහි තුන් සතුටින් සතුටුවන්නාටයි. පචිචිත්තස්ස යනු කායචිත්ත උපධි විවේකයගෙන් විවේකයටපත් පුද්ගලයාටයි. එහි කායවිවේකය නම් සමූහයා එක්ව විසීම දුරු කරයි. අටළොස් වස්තු වශයෙන් වූ හුදෙකළා බවයි. හුදෙකළාවීම් පමණින් කර්මය නොනිපදේයයි කසිණ පිරියම් කොට අටසමවත් උපදවයි. මෙය චිත්ත විවේකය නමි. සමවත් පමණින්ම කර්මය නොනිපදේයයි ධ්‍යාන පාදක කොට සංස්කාරයන් නුවණින් සලකා පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණෙයි. මෙය සියලු ආකාරයෙන්ම උපධිවිවෙකය නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “කායවිවේකය විවේකී සිරුර ඇති නෛෂ්ක්‍රම්‍යයෙහි ඇළුනවුන්ටය, චිත්තවිවෙකය පිරිසුදු සිත් ඇති උතුම් පිරිසුදු බවට පත්වූවන්ටය. උපධි විවේකය උපධිරහිත ඉවත්කළ සංස්කාර ඇති පුද්ගලයන්ටය.
සඞ්ගණිකාරාමස්සාති ගණසඞ්ගණිකාය චෙව කිලෙසසඞ්ගණිකාය ච රතස්ස. ආරද්ධවීරියස්සාති කායිකචෙතසිකවීරියවසෙන ආරද්ධවීරියස්ස. උපට්ඨිතස්සතිස්සාති චතුසතිපට්ඨානවසෙන උපට්ඨිතස්සතිස්ස. සමාහිතස්සාති එකග්ගචිත්තස්ස. පඤ්ඤවතොති කම්මස්සකතපඤ්ඤාය පඤ්ඤවතො.
“සඞ්ගනිකාරාමස්ස” යනු සමූහයා සමඟ එක්වීමෙහි මෙන්ම කෙලෙසුන් හා එක්ව විසීමෙහි ඇළුණු තැනැත්තාගේයි, ආරද්ධවිරියස්ස යනු කායික චෛතසික වීර්‍ය්‍ය වශයෙන් අරඹන ලද වීර්‍ය්‍ය ඇත්තාගේයි, උපට්ඨිතසතිස්ස යනු සතර සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහිය ඇත්තාගේයි, සමාහිතස්ස යනු එකඟවූ සිත ඇත්තාගේයි, පඤ්ඤචතො කම්පල ඇදහීමේ ප්‍රඥාවෙන් පැනවත්වූ පුද්ගලයාගේයි,
සාධු සාධූති ථෙරස්ස විතක්කං සම්පහංසෙන්තො එවමාහ. ඉමං අට්ඨමන්ති සත්ත නිධී ලද්ධපුරිසස්ස අට්ඨමං දෙන්තො විය, සත්ත මණිරතනානි, සත්ත හත්ථිරතනානි, සත්ත අස්සරතනානි ලද්ධපුරිසස්ස අට්ඨමං දෙන්තො විය සත්ත මහාපුරිසවිතක්කෙ විතක්කෙත්වා ඨිතස්ස අට්ඨමං ආචික්ඛන්තො එවමාහ. නිප්පපඤ්චාරාමස්සාති තණ්හාමානදිට්ඨිපපඤ්චරහිතත්තා නිප්පපඤ්චසඞ්ඛාතෙ නිබ්බානපදෙ අභිරතස්ස. ඉතරං තස්සෙව වෙවචනං. පපඤ්චාරාමස්සාති යථාවුත්තෙසු පපඤ්චෙසු අභිරතස්ස. ඉතරං තස්සෙව වෙවචනං.
සාධු සාධු යනු තෙරුන්ගේ විතර්කය (ගැන) සතුටු වෙමින් මෙසේ කීය. ඉමං අට්ඨමං යනු නිධන් සත ලද පුද්ගලයකුට අටවැනනක් දෙන්නකු මෙන් සත්මිණිරුවන්, සත් ඇත්රුවන්, සත් අස්රුවන් ලද පුද්ගලයකුට අටවැන්නක් දෙන්නකු මෙන් සත් මහා පුරුෂ විතර්කයන් විතර්කනය කොට සිටියහුට අටවැන්න පවසන්නේ මෙසේ කීවේය. නිප්පපඤ්චාරාමස්ස යනු තෘෂ්ණා මන දිට්ඨි ප්රපංචරහිත බැවින් නිෂ්ප්‍රපංචය නම් වූ නිවනෙහි කැමැති වූවහුටයි, සෙස්ස ඊටම අපරනාමයකි.
යතොති යදා. තතොති තදා. නානාරත්තානන්ති නිලපීතලොහිතොදාතවණ්ණෙහි නානාරජනෙහි රත්තානං. පංසුකූලන්ති තෙවීසතියා ඛෙත්තෙසු ඨිතපංසුකූලචීවරං. ඛායිස්සතීති යථා තස්ස පුබ්බණ්හසමයාදීසු යස්මිං සමයෙ යං ඉච්ඡති, තස්මිං සමයෙ තං පාරුපන්තස්ස සො දුස්සකරණ්ඩකො මනාපො හුත්වා ඛායති, එවං තුය්හම්පි චීවරසන්තොසමහාඅරියවංසෙන තුට්ඨස්ස විහරතො පංසුකූලචීවරං ඛායිස්සති උපට්ඨහිස්සති. රතියාති රතිඅත්ථාය. අපරිතස්සායාති තණ්හාදිට්ඨිපරිතස්සනාහි අපරිතස්සනත්ථාය. ඵාසුවිහාරායාති සුඛවිහාරත්ථාය. ඔක්කමනාය නිබ්බානස්සාති අමතං නිබ්බානං ඔතරණත්ථාය.
යතො යනු යම් විටෙකය, තතො යනු එවිටය, නානාරත්තානං යනු නිල්, කහ, රතු, සුදු පැහැ ඇති නොයෙක් සායම්වලින් පැහැගන්වන ලද්දාවුයි, පංසුකූලං යනු තෙවිසි කෙතෙහි පැවැති පංසුකූලයයි, චීවරානං ඛායිස්සති යනු පෙරවරු ආදී යම් කලෙක ඔහුට යමක් කැමති වේද, එකල්හි එය පොරවන්නාට ඒ රෙදි බඳුන මනාපවී හැඟෙයි. මෙසේ චීවරසන්තොස මහා අරියවංසයෙන් සතුටුව වසන්නා වූ නුඹටද පාංසුකූල චීවරය (ගැන) හැඟෙයි, වැටහෙයි, රතියා යනු කැමැත්ත සඳහායි. අපරිතස්සාය යනු තෘෂ්ණාදෘෂ්ටි සැලීවලින් නොසැලීම සඳහායි, ඵාසුවිහාරාය යනු සුවසේ විසීම සඳහායි. ඔක්කමනාය නිබ්බානස්ස යනු අමා නිවනට බැස ගැනීම සඳහායි.
පිණ්ඩියාලොපභොජනන්ති ගාමනිගමරාජධානීසු ජඞ්ඝාබලං නිස්සාය ඝරපටිපාටියා චරන්තෙන ලද්ධපිණ්ඩියාලොපභොජනං. ඛායිස්සතීති තස්ස ගහපතිනො නානග්ගරසභොජනං විය උපට්ඨහිස්සති. සන්තුට්ඨස්ස විහරතොති පිණ්ඩපාතසන්තොසමහාඅරියවංසෙන සන්තුට්ඨස්ස විහරතො. රුක්ඛමූලසෙනාසනං ඛායිස්සතීති තස්ස ගහපතිනො තෙභූමකපාසාදෙ ගන්ධකුසුමවාසසුගන්ධං කූටාගාරං විය රුක්ඛමූලං උපට්ඨහිස්සති. සන්තුට්ඨස්සාති සෙනාසනසන්තොසමහාඅරියවංසෙන සන්තුට්ඨස්ස. තිණසන්ථාරකොති තිණෙහි වා පණ්ණෙහි වා භූමියං වා ඵලකපාසාණතලානි වා අඤ්ඤතරස්මිං සන්ථතසන්ථතො. පූතිමුත්තන්ති යංකිඤ්චි මුත්තං. තඞ්ඛණෙ ගහිතම්පි පූතිමුත්තමෙව වුච්චති දුග්ගන්ධත්තා. සන්තුට්ඨස්ස විහරතොති ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තොසෙන සන්තුට්ඨස්ස විහරතො.
පිණ්ඩියාලොපං යන ගම්නියම්ගම් රජදහන්වල කෙණ්ඩා බලයෙන් ගෙපිළිවෙලින් හැසිරීමෙන් ලද පිඬු අහරයි, බායිස්සති යනු ඒ ගෘහපතියාට නොයෙක් අග්‍රරස බොජුනක් මෙන් හැඟෙයි. සන්තුට්ඨස්ස විහරතො යනු පිණ්ඩපාත සන්තොස මහා අරියවංසයෙන් සතුටුව වසන්නහුටයි. රුක්ඛමූලං සෙනාසනානං ඛායිස්සති යනු ගෘහපතියාට තෙමහල් පහයෙහි සුවඳ කුසුම් සුවඳ කැවූ කුළුගෙය මෙන් රුක්මුල හැඟෙයි, සන්තුට්ඨස්ස යනු සෙනාසනසන්තොස මහා අරියවංසයෙන් සතුටුවූවහුටයි. තිණසන්ථරකො යනු තණවලින් හෝ පත්වලින් බිම හෝ පුවරු ගල්තලයන්ගෙන් එක්තරා තැනක හෝ ඇතුරු ඇතිරිල්ලෙහියි. පූතිමුත්තං යනු කිසියම් මූත්රයකි, එකෙණෙහි ගත් මූත්‍රය ද පූතිපුත්තමයි කියනු ලැබේ. සන්තුට්ඨස්ස විහරතො යනු ගිලන්පස බෙහෙත් පිරිකර සතුටින් සතුටුව වසන්නහුටයි,
ඉති භගවා චතූසු ඨානෙසු අරහත්තං පක්ඛිපන්තො කම්මට්ඨානං කථෙත්වා “කතරසෙනාසනෙ නු ඛො වසන්තස්ස කම්මට්ඨානං සප්පායං භවිස්සතී”ති ආවජ්ජෙන්තො “තස්මිඤ්ඤෙව වසන්තස්සා”ති ඤත්වා තෙන හි ත්වං, අනුරුද්ධාතිආදිමාහ. පවිවිත්තස්ස විහරතොති තීහි විවෙකෙහි විවිත්තස්ස විහරන්තස්ස. උය්යොජනිකපටිසංයුත්තන්ති උය්යොජනිකෙහෙව වචනෙහි පටිසංයුත්තං, තෙසං උපට්ඨානගමනකංයෙවාති අත්ථො. පපඤ්චනිරොධෙති නිබ්බානපදෙ. පක්ඛන්දතීති ආරම්මණකරණවසෙන පක්ඛන්දති. පසීදතීතිආදීසුපි ආරම්මණවසෙනෙව පසීදනසන්තිට්ඨනමුච්චනා වෙදිතබ්බා. ඉති භගවා චෙතිරට්ඨෙ පාචීනවංසදායෙ ආයස්මතො අනුරුද්ධස්ස කථිතෙ අට්ඨ මහාපුරිසවිතක්කෙ පුන භෙසකළාවනමහාවිහාරෙ නිසීදිත්වා භික්ඛුසඞ්ඝස්ස විත්ථාරෙන කථෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිවු තැනෙක්හි රහත්බවට හෙළමින් කමටහන් කියා කවර සෙනසුනක වසන්නහුට නම් කමටහන් යෝග්‍ය වන්නේදැයි විමසා බලන සේක් එහිම වාසය කිරීම නිසායයි දැන එසේ නම් අනරුද්ධ, ඔබ යනාදිය පැවසූ සේක. පචිචිත්තස්ස විහරතො යනු තුන් විවේකයෙන් හුදෙකළා වී වසන්නාටයි, උය්යොජනිකපිසංයුත්තං යනු උනන්දු කරවන්නාවූම වචනයන්ගෙන් යුක්තවූයි, ඔවුන් උවටැනට යවන්නාවූම යනාර්‍ත්‍ථයි. පපඤ්චනිරොධෙ යනු නිවනෙහියි, පක්ඛන්දති යනු අරමුණු කිරිම් වශයෙන් පනියි, පසීදති යනාදියෙහි ද අරමුණු වශයෙන්ම පැහැදීම පැවතීම හා නැවතීම දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ චෙති රටෙහි පෙරදිග හුණ ලැහැබෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට කියනලද අෂ්ට මහා පුරුෂ විතර්කයන් නැවත භෙසකලා වන මහා විහාරයෙහි වැඩහිඳි භික්ෂු සංඝයාට විස්තර වශයෙන් වදාළ සේක.
මනොමයෙනාති මනෙන නිබ්බත්තිතකායොපි මනොමයොති වුච්චති මනෙන ගතකායොපි, ඉධ මනෙන ගතකායං සන්ධායෙවමාහ. යථා මෙ අහු සඞ්කප්පොති යථා මය්හං විතක්කො අහොසි, තතො උත්තරි අට්ඨමං මහාපුරිසවිතක්කං දස්සෙන්තො තතො උත්තරිං දෙසයි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මනොමයෙන යනු මනසින් උපදවන ලද ශරීරය ද මනොමයයි කියනු ලැබේ. මනසින් නිර්මාණය කරනලද ශරිරය ද වේ. මෙහි මනසින් කළ ශරීරය සඳහාම කීවේය. යථා මෙ අහු සඞ්කප්පො යනු යම්සේ මට විතර්කයක් වූයේද යනුයි, තතො උත්තරී යනු අෂ්ටමහාවිතර්කයන් දක්වනසේක් එයින් මත්තෙහි දෙසූ සේක. සෙසු සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
ගහපතිවග්ගො තතියො.
තෙවැනි ගහපති වර්ගය