මහානාම සුත්තං
8. 1. 3. 5.
8. 1. 3. 5.
මහානාම සුත්තං
මහානාම සූත්‍රය
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ, අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය:
කිත්තාවතා නු ඛො භන්තෙ, උපාසකො හොතීති:
වහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි:
යතො ඛො මහානාම, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකො හොතීති.
මහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.
කිත්තාවතා පන භන්තෙ, උපාසකො සීලවා හොතීති:
වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද:
යතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත්තාවතා ඛො මහානාම, උපාසකො සීලවා හොතීති.
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයන්හි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.
කිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති:
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
යතො ඛො මහානාම, උපාසකො අත්තනා සද්ධාසම්පන්නො හොති නො පරං සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා සීලසම්පන්නො හොති නො පරං සීලසම්පදාය සමාදපෙති. අත්තනා චාගසම්පන්නො හොති නො පරං චාගසම්පදාය සමාදපෙති. අත්තනා භික්ඛූනං දස්සනකාමො හොති නො පරං භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා සද්ධම්මං සොතුකාමො හොති නො පරං සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා සුතානං ධම්මානං ධාරණජාතිකො හොති නො පරං ධම්මධාරණාය සමාදපෙති. අත්තනා ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති නො පරං අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, නො පරං ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති.
මහානාමය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ, සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ සීලයෙන් යුතු වූයේ මෙරමා සීලසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමා ත්‍යාගසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ මහණුන් දකිනු කැමැත්තේ මෙරමා මහණුන් දැක්මෙන් සමාදන් නො කරවා ද, තෙමේ සදහම් අසනු කැමැත්තේ මෙරමා සදහම් ඇසීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ ඇසූ දහම් දරණ ස්වභාවය ඇත්තේ මෙරමා දහම් දැරීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමා අරුත් පිරික්සීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ මෙරමා ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, මහානාමය, මෙපමණෙකින් ම උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
කිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති, පරහිතාය චාති:
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
යතො ඛො මහානාම උපාසකො අත්තනා ච සද්ධාසම්පන්නො හොති පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච සීලසම්පන්නො හොති, පරඤ්ච සීලසම්පදාය සමාදපෙති. අත්තනා ච චාගසම්පන්නො හොති, පරඤ්ච චාගසම්පදාය සමාදපෙති, අත්තනා ච භික්ඛූනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා ච සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති. අත්තනා ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති පරඤ්ච අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය චාති.
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ මෙරමාත් ශ්රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ මෙරමාත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ මෙරමාත් ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි.