යෙදුමෙන් කියවන්න

ජීවක සුත‍්තං

8. 1. 3. 6.

8. 1. 3. 6.

ජීවක සුත‍්තං

ජීවක සූත්‍රය

එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම‍්බවනෙ. අථ ඛො ජීවකො කොමාරභච‍්චො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො ජීවකො කොමාරභච‍්චො භගවන‍්තං එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක වෙදහුගේ අඹවනයෙහි වැඩ වසන සේක. එකල්හි කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින, එකත්පසෙක හුන් කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:

කිත‍්තාවතා නු ඛො භන‍්තෙ උපාසකො හොතීති:

වහන්ස, කො පමණෙකින් උපාසකයෙක් වේ ද?

යතො ඛො ජීවක, බුද‍්ධං සරණං ගතො හොති, ධම‍්මං සරණං ගතො හොති, සඞ‍්ඝං සරණං ගතො හොති, එත‍්තාවතා ඛො ජීවක, උපාසකො හොතීති.

ජීවක ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවක මෙ පමණකින් ම උපාසකයෙක් වේ යයි.

කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො සීලවා හොතීති:

වහන්ස, කොපමණෙකින් උපාසක සිල් ඇත්තේ වේ ද:

යතො ඛො ජීවක, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. එත‍්තාවතා ඛො ජීවක, උපාසකො සීලවා හොතීති.

ජීවක ය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද ... මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුණේ වේ ද, ජීවක, මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තේ වෙයි.

කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතායාති:

වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?

යතො ඛො ජීවක, උපාසකො අත‍්තනා සද‍්ධාසම‍්පන‍්නො හොති, නො පරං සද‍්ධාසම‍්පදාය සමාදපෙති -පෙ- අත‍්තනා අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති, නො පරං ධම‍්මානුධම‍්මපටිපත‍්තියා සමාදපෙති. එත‍්තාවතා ඛො ජීවක උපාසකො අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතායාති.

ජීවකය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, ... තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, ජීවකය, මෙපමණෙකින්ම උපාසක තෙමේ තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.

කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො අත‍්තහිතාය ච පටිපන‍්නො හොති, පරහිතාය චාති:

වහන්ස, උපාසක තෙමේ කොපමණෙකින් තමනට හිත පිණිස පිළිපන්නේත් අනුනට හිත පිණිස පිළිපන්නේත් වේ ද?

යතො ඛො ජීවක, උපාසකො අත‍්තනා ච සද‍්ධාසම‍්පන‍්නො හොති, පරඤ‍්ච සද‍්ධාසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච සීලසම‍්පන‍්නො හොති, පරඤ‍්ච සීලසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච චාගසම‍්පන‍්නො හොති, පරඤ‍්ච චාගසම‍්පදාය සමාදපෙති, අත‍්තනා ච භික‍්ඛූනං දස‍්සනකාමො හොති, පරඤ‍්ච භික‍්ඛූනං දස‍්සනෙ සමාදපෙති. අත‍්තනා ච සද‍්ධම‍්මං සොතුකාමො හොති, පරඤ‍්ච සද‍්ධම‍්මසවණෙ සමාදපෙති. අත‍්තනා ච සුතානං ධම‍්මානං ධාරණජාතිකො හොති, පරඤ‍්ච ධම‍්මධාරණාය සමාදපෙති. අත‍්තනා ච ධතානං ධම‍්මානං අත්‍ථූපපරික‍්ඛී හොති, පරඤ‍්ච අත්‍ථූපපරික‍්ඛාය සමාදපෙති. අත‍්තනා ච අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති, පරඤ‍්ච ධම‍්මානුධම‍්මපටිපත‍්තියා සමාදපෙති. එත‍්තාවතා ඛො ජීවක, උපාසකො අත‍්තහිතාය ච පටිපන‍්නො හොති පරහිතාය චාති.

ජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුක්ත වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ශීලයෙන් යුක්ත වූයේ මෙරමාත් ශීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දකිනු කැමැත්තෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාවය කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද, තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද, තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද ජීවක, මෙපමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.