යෙදුමෙන් කියවන්න

බල සුත‍්තං

8. 1. 3. 7.

8. 1. 3. 7.

බල සුත‍්තං

බල සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමානි භික‍්ඛවෙ, බලානි, කතමානි අට‍්ඨ: රුණ‍්ණබලා භික‍්ඛවෙ දාරකා, කොධබලො මාතුගාමො, ආවුධබලා චොරා, ඉස‍්සරියබලා රාජානො, උජ‍්ඣත‍්තිබලා බාලා, නිජ‍්ඣත‍්තිබලා පණ‍්ඩිතා, පටිසඞ‍්ඛානබලා බහුස‍්සුතා, ඛන‍්තිබලා සමණබ්‍රාහ‍්මණා, ඉමානි ඛො භික‍්ඛවෙ, අට‍්ඨබලානීති.

මහණෙනි, මේ බල අටෙකි. කවර අටෙකැ යත්: මහණෙනි, ළදරුවෝ හැඬීම බල කොට ඇත්තෝ ය. මාගම ක්‍රෝධය බල කොට ඇත්තී ය. සොරු ආවුධ බල කොට ඇත්තෝ ය. රජවරු ඓශ්චර්‍ය්‍යය බල කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස්වීම (ක්‍රෝධචිත්තය ම දැඩි ව ගැනීම) බල කොට ඇත්තෝ ය. පණ්ඩිතයෝ වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර වීම බලකොට ඇත්තෝ ය. බහුශ්‍රැතයෝ පස්විකුම් බලකොට ඇත්තෝ ය. මහණබමුණෝ ඉවසීම බල කොට ඇත්තෝ ය. මහණෙනි, මේ අට බලයෝ වෙති යි.