යෙදුමෙන් කියවන්න

ඛීණාසවබල සුත‍්තං

8. 1. 3. 8.

8. 1. 3. 8.

ඛීණාසවබල සුත‍්තං

ඛීණාසවබල සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භගවා එතදවොච:

එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කති නුඛො සාරිපුත‍්ත, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලානි, යෙහි බලෙහි සමන‍්නාගතො ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති?

ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්ත වූ රහත් මහණ මාගේ ආස්‍රවයෝ ගෙවී ගියහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල කෙතෙක් ද?

අට‍්ඨ භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලානි යෙහි බලෙහි සමන‍්නාගතො ඛීණාසවො ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති. කතමානි අට‍්ඨ:

වහන්ස, යම් බලයන්ගෙන් යුතු රහත් මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල අටෙකි. කවර අටෙක යත්:

1. ඉධ භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො අනිච‍්චතො සබ‍්බෙ සඞ‍්ඛාරා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, යම‍්පි භන‍්තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො අනිච‍්චතො සබ‍්බෙ සඞ‍්ඛාරා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, ඉදම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලං හොති, යං බලං ආගම‍්ම ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.

1. වහන්ස, මෙ සස්නෙහි රහත් මහණහු විසින් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාරයෝ තත්වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.

2. පුන චපරං භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො අඞ‍්ගාරකාසූපමා කාමා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, යම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො අඞ‍්ගාරකාසූපමා කාමා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, ඉදම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලං හොති, යං බලං ආගම‍්ම ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.

2. තවද, වහන්ස, රහත් මහණහු විසින් කාමයෝ අඟුරු වළක් උපමා කොට ඇතියහ යි තත් වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණහු විසින් යම් හෙයෙකින් කාමයෝ අඟුරුවළක් උපමා කොට ඇතියහ යි තත්වූ පරිද්දෙන් මනා නුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත් ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි (ගෙවී ගියහ යි) ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, වහන්ස, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.

3. පුන චපරං භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරං වවකට‍්ඨං නෙක‍්ඛම‍්මාභිරතං ව්‍යන‍්තීභූතං සබ‍්බසො ආසවට‍්ඨානීයෙහි ධම‍්මෙහි, යම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරං වවකට‍්ඨං නෙක‍්ඛම‍්මාභිරතං ව්‍යන‍්තීභූතං සබ‍්බසො ආසවට‍්ඨානීයෙහි ධම‍්මෙහි, ඉදම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලං හොති, යං බලං ආගම‍්ම ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.

3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.

4. පුන චපරං භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා හොන‍්ති සුභාවිතා. යම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා හොන‍්ති සුභාවිතා, ඉදම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලං හොති යං බලං ආගම‍්ම ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති, ඛීණා මෙ ආසවාති.

4. තවද, වහන්ස, රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙති. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද, වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන් ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.

5-8 පුන චපරං භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා හොන‍්ති සුභාවිතා -පෙ- පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි හොන‍්ති සුභාවිතානි -පෙ- සත‍්තබොජ‍්ඣඞ‍්ගා භාවිතා හොන‍්ති සුභාවිතා -පෙ- අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවිතො හොති සුභාවිතො, යම‍්පි භන‍්තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම‍්පි භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලං හොති, යං බලං ආගම‍්ම ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.

5-8 තවද, වහන්ස, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... පඤ්චඉන්‍ද්‍රියයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් … අටඟෙකින් යුතු ආර්‍ය්‍ය වූ මාර්‍ගය භාවිත වූයේ සුභාවිත වූයේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් ආර්‍ය්‍ය වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනලද්දේ මොනොවට වඩනලද්දේ වේ ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වේ.

ඉමානි ඛො භන‍්තෙ, අට‍්ඨ ඛීණාසවස‍්ස භික‍්ඛුනො බලානි, යෙහි බලෙහි සමන‍්නාගතො ඛීණාසවො භික‍්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.

වහන්ස, යම් බලයන්ගෙන් සමන්‍වාගත රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහයි ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, ක්‍ෂීණාස්‍රව මහණ හට මේ අට බලයෝ වෙති යි.