යෙදුමෙන් කියවන්න

අක‍්ඛණ සුත‍්තං

8. 1. 3. 9.

8. 1. 3. 9.

අක‍්ඛණ සුත‍්තං

අක්ඛණ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

ඛණකිච‍්චො ලොකො ඛණකිච‍්චො ලොකොති භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති, නො ච ඛො සො ජානාති ඛණං වා අක‍්ඛණං වා. අට‍්ඨිමෙ භික‍්ඛවෙ, අක‍්ඛණා අසමයා බ්‍රහ‍්මචරියවාසාය. කතමෙ අට‍්ඨ.

මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ ලෝකය ක්‍ෂණකෘත්‍ය ඇත්තේ ය, (අවකාශ ලැබැ ම කරන කිස ඇත්තේ ය) ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ ය යි කියයි. හෙතෙමේ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ නො දනියි. මහණෙනි, බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්:

1. ඉධ භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති අරහං සම‍්මා සම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බායිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො, අයං ච පුග‍්ගලො නිරයං උපපන‍්නො හොති. අයං භික‍්ඛවෙ, පඨමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පළමු වන අනවකාශය වේ අකාලය වේ.

2. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. ධම‍්මො ච දෙසීයති -පෙ- සුගතප‍්පවෙදිතො, අයඤ‍්ච පුග‍්ගලො තිරච‍්ඡානයොනිං උපපන‍්නො හොති. අයං භික‍්ඛවෙ, දුතියො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

2. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වේ ... සුගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද තිරිසන් යොන්හි උපන්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මචරියවාසයට මේ දෙවන අනවකාශය වේ. අකාලය වේ.

3. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- ධම‍්මො ච දෙසීයති -පෙ- අයඤ‍්ච පුග‍්ගලො පෙත‍්තිවිසයං උපපන‍්නො හොති. අයං භික‍්ඛවෙ, තතියො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

3. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ තෙවන අනවකාශය වේ. අකාලය වේ.

4. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- ධම‍්මො ච දෙසීයති -පෙ- අයඤ‍්ච පුග‍්ගලො අඤ‍්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන‍්නො හොති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

4. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද දීර්‍ඝායුෂ ඇති එක්තරා දේවනිකායයෙක්හි (අසංඥතලයෙහි) උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ සිවුවන අනවකාශය වේ. අකාලය වේ.

5. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- ධම‍්මො ච දෙසීයති -පෙ- අයඤ‍්ච පුග‍්ගලො පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති අවිඤ‍්ඤාතාරෙසු මිලක‍්ඛෙසු. යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං භික‍්ඛවෙ පඤ‍්චමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

5. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හසරෙක් යම් තැනෙක නැති ද, එබඳු වූ අතිශය අඥ වූ ම්ලෙච්ඡ වූ ප්‍රත්‍යන්තජනපදයන්හි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පස්වන අනවකාශය වේ. අකාලය වේ.

6. පුන චපරං භික‍්ඛවෙ තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- ධම‍්මො ච දෙසීයති -පෙ- අයංඤ‍්ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති මිච‍්ඡාදිට‍්ඨිකො විපරීතදස‍්සනො නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං නත්‍ථි හුතං නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො නත්‍ථි පරො ලොකො නත්‍ථි මාතා නත්‍ථි පිතා නත්‍ථි සත‍්තා ඔපපාතිකා නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති. අයං භික‍්ඛවෙ ඡට‍්ඨො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

6. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ දෙන ලද්දෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, අමුත්තනට පිළියෙළ කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ (කුසලාකුසලයන්ගේ) පලයෙක් විපාකයෙක් නැත, (පරලොව සිටියහුට) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත, මවු නැත, පියා නැත, (මවුපියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් පලවිපාක නැතැ යි සේ යි). ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොව ද පරලොව ද තුමූ අභිවිශිෂ්ටඥානයෙන් පසක් කොට කියත් නම් (එබඳු) මනා මඟෙහි ගිය සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලෝකයෙහි නැතියි විපරීත දැකුම් ඇති මිසදිටුවෙක් වේ. මහණෙනි, බඹසර විසුමට මේ සවන අනවකාශය වේ. අකාලය වේ.

7. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති -පෙ- ධම‍්මො ච දෙසීයති -පෙ- අයංඤ‍්ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති දුප‍්පඤ‍්ඤො ජළො එලමූගො. න පටිබලො සුභාසිත දුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. අයං භික‍්ඛවෙ සත‍්තමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.

7. තවද, මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලොව උපන්නේ වේ ... සුගතප්‍රවේදිත ධර්‍ම ය ද දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ වෙයි. හෙතෙමේ ද මූඪ වූ කෙළ තොලු වූ සුභාෂිත දුර්‍භාෂිතයක්හු ගේ අරුත් දන්නට අසමත් වූ දුෂ්ප්‍රාඥයෙක් වේ. මහණෙනි, මෙ බඹසර විසුමට සත්වන අනවකාශය යි, අකාලය යි.

8. පුන චපරං භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ අනුප‍්පන‍්නො හොති අරහං සම‍්මා සම‍්බුද‍්ධො -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. ධම‍්මො ච න දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බායිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො, අයඤ‍්ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති පඤ‍්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිත දුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. අයං භික‍්ඛවෙ, අට‍්ඨමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය. ඉමෙ ඛො භික‍්ඛවෙ, අට‍්ඨ අක‍්ඛණා අසමයා බ්‍රහ‍්මචරියවාසාය.

8. තවද, මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ ... දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද ලෝකයෙහි නූපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවෙන්නා වු සම්බෝධියට යන සුලු වූ සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද නො දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනීමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, බඹසර විසුමට මේ අටවැනි වූ අනවකාශය වේ. අකාලය වේ. මහණෙනි, බඹසර විසුමට මෙ අනවකාශයෝ අකාලයෝ අට දෙන වෙත්.

එකොව භික‍්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසාය. කතමො එකො: ඉධ භික‍්ඛවෙ, තථාගතො ච ලොකෙ උප‍්පන‍්නො හොති, අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බායිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයඤ‍්ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති පඤ‍්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිත දුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. අයං භික‍්ඛවෙ, එකොව ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායාති.

මහණෙනි, බඹසර විසුමට එකම අවකාශයෙක් ද කාලයෙක් ද වේ. කවර එකෙක යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත් වූ ලෝකවිදු වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද මේ ලෝකයෙහි උපන්නේ වේ. කෙලෙස් සන්හිඳුවන කෙලෙස් පිරිනිවන චතුර්මාර්‍ගඥානාවබෝධයට පමුණුවන සුගතප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනුමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, මේ බඹසර විසුමට එක ම අවකාශය ද කාලය ද වේ.

1. මනුස‍්සලාභං ලද‍්ධාන සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ, යෙ ඛණං නාධිගච‍්ඡන‍්ති අතිනාමෙන‍්ති තෙ ඛණං.

1. යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවය ලැබ මැනැවින් දෙසූ සදහම්හි අවකාශය නො ලබත් ද, ඔහු අවකාශය (ක්‍ෂණය) ඉක්මවා යෙත්.

2. බහූ හි අක‍්ඛණා වුත‍්තා මග‍්ගස‍්ස අන‍්තරායිකා, කදාචි කරහචි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති තථාගතා.

2. මාර්‍ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයෝ වදාරන ලදහ, තථාගතයෝ කිසියම් කලෙක ලෙව්හි උපදිත්.

3. තස‍්සිදං සම‍්මුඛීභූතං යං ලොකස‍්මිං සුදුල‍්ලභං, මනුස‍්සපටිලාභො ච සද‍්ධම‍්මස‍්ස ච දෙසනා අලං වායමිතුං තත්‍ථ අත්‍ථකාමෙන ජන‍්තුනා.

3. මිනිසත් බව ලැබීම ද සදහම් දෙසීම ද යන යමක් ලොව අතිශය දුර්‍ලභ වේ ද, මෙය ඔහුට හමු විය. එහි ලා හිත කැමති මිනිසා විසින් වෑයම් කිරීමට සුදුසු ය.

4. කථං විජඤ‍්ඤා සද‍්ධම‍්මං ඛණො වෙ මා උපච‍්චගා ඛණාතීතා හි සොචන‍්ති නිරයම‍්හි සමප‍්පිතා.

4. සදහම් දෙසුම දැන ගත්තේ ය. අවකාශය නහමක් ඉක්ම යේ වා ඉකුත් අවකාශ ඇත්තෝ නිරයෙහි උපන්නාහු ශෝක කෙරෙත් මැයි.

5. ඉධ චෙව නං විරාධෙති සද‍්ධම‍්මස‍්ස නියාමතං, වාණිජොව අතීතත්‍ථො චිරත‍්තං අනුතපෙස‍්සති.

5. මෙලොව්හි ම (ඒ ක්‍ෂණය ලබා) සද්ධර්‍ම නියාම සඞ්ඛ්‍යාත වූ ඒ ආර්‍ය්‍ය මාර්‍ගය වරදවා ගනී (නම්) පිරිහුණු ධන ඇති වෙළෙඳකු මෙන් බොහෝ කලක් තැවෙන්නේ ය.

6. අවිජ‍්ජානිවුතො පොසො සද‍්ධම‍්මං අපරාධිකො, ජාතිමරණසංසාරං චිරං පච‍්චනුභොස‍්සති.

6. සද්ධර්‍මය වරදවා ගත් අවිද්‍යාවෙන් ඇවුරුණු පුරුෂ තෙමේ ජාතිමරණ සඞ්ඛ්‍යාත සංසාරදුක්ඛය බොහෝ කලක් විඳින්නේ ය.

7. යෙ ච ලද‍්ධා මනුස‍්සත‍්තං සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ, අකංසු තත්‍ථ වචනං කරිස‍්සන‍්ති කරොන‍්ති වා.

7. යම් කෙනෙක් මනා කොට දෙසූ දහම් පවත්නා කල්හි මිනිසත් බව ලැබ ශාස්තෘශාසනය කළාහු ද කෙරෙත් ද කරන්නාහු ද

8. ඛණං පච‍්චවිදුං ලොකෙ බ්‍රහ‍්මචරියං අනුත‍්තරං, යෙ මග‍්ගං පටිපජ‍්ජිංසු තථාගතප‍්පවෙදිතං.

8. යම් කෙනෙක් ලෝකයෙහි අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ක්‍ෂණය ප්‍රතිවේධ කළාහු ද ඔහු තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද මඟට පිළිපන්හ.

9. යෙ සංවරා චක‍්ඛුමතා දෙසිතාදිච‍්චබන්‍ධුනා, තෙසු ගුත‍්තො සදා සතො විහරෙ අනවස‍්සුතො.

9. පසැස් ඇති ආදිත්‍යබන්‍ධු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංවර කෙනෙක් දෙසන ලද්දාහු ද, එහි සංවෘත වූයේ හැම කල්හි සිහි ඇත්තේ කෙලෙසුන්ගෙන් නො තෙත් වූයේ වාස කරන්නේ ය.

10. සබ‍්බෙ අනුසයෙ ඡෙත්‍වා මාරධෙය්‍ය සරානුගෙ, තෙ වෙ පාරගතා ලොකෙ යෙ පත‍්තා ආසවක‍්ඛයන‍්ති.

10. යම් කෙනෙක් ලෝකයෙහි මාරධෙය්‍ය සඞ්ඛ්‍යාත සංසාරය අනුව යන සියලු අනුසයයන් සිඳ රහත් ඵලයට පැමිණියාහු ද ඔහු ඒකාන්තයෙන් නිවනට පත්වූවෝ වෙති යි.