යෙදුමෙන් කියවන්න

හත්‍ථකාළවක සුත‍්තං

8. 1. 3. 3.

8. 1. 3. 3.

හත්‍ථකාළවක සුත‍්තං

හත්‍ථකාළවක සූත්‍රය

එකං සමයං භගවා ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: -පෙ-

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාළව නම් චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක:

සත‍්තහි භික‍්ඛවෙ, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං හත්‍ථකං ආළවකං ධාරෙථ. කතමෙහි සත‍්තහි:

මහණෙනි, හත්‍ථකආළවක කුමර සප්ත ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් යුක්ත වූවකු කොට දරවු. කවර සතෙකින යත්:

සද‍්ධො භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො, සීලවා භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො, හිරිමා භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො, ඔත‍්තප‍්පී භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො. බහුස‍්සුතො භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො. චාගවා භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො. පඤ‍්ඤවා භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො. ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං හත්‍ථකං ආළවකං ධාරෙථාති, ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි.

මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ශ්‍රද්ධාවත්ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ සිල්වත් ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ලජ්ජීය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ඔතප් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ බහුශ්‍රැතය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ත්‍යාගී ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ප්‍රඥාවත් ය යි, මහණෙනි, හත්‍ථකආළවක මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් යුක්තවූවකු කොට ධරවු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන හත්‍ථකස‍්ස ආළවකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො හත්‍ථකො ආළවකො යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නං ඛො හත්‍ථකං ආළවකං සො භික‍්ඛු එතදවොච: සත‍්තහි ඛො ත්‍වං ආවුසො, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. කතමෙහි සත‍්තහි:

ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ හත්‍ථකආළවක කුමරුගේ නිවෙස්නට එළඹියේ ය. එළැඹ පනවන ලද අස්නෙහි හින, ඉක්බිති හත්‍ථකආළවක ඒ මහණහු කරා එළැඹියේ ය, එළැඹ ඒ මහණහු සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය, ඒ මහණ එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට මෙය කීය, ඇවත, තෙපි භාග්‍යවතුන් වහන්සේ විසින් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් යුක්ත ය යි ප්‍රකාශ කරන ලද්දාව, කවර සතෙකින යත්:

සද‍්ධො භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො, සීලවා භික‍්ඛවෙ -පෙ- හිරිමා -පෙ- ඔත‍්තප‍්පී -පෙ- බහුස‍්සුතො -පෙ- චාගවා -පෙ- පඤ‍්ඤවා භික‍්ඛවෙ හත්‍ථකො ආළවකොති. ඉමෙහි ඛො ත්‍වං ආවුසො, සත‍්තහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති.

මහණෙනි, හත්‍ථකආළවක තෙමේ සැදැහැවත් ය, සිල්වත්ය, ලජ්ජීය, ඔත්තප්පීය, බහුශ්‍රැතය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථකආළවක ප්‍රඥාවත් ය, ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත යයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.

කච‍්චිත්‍ථ භන‍්තෙ, න කොචි ගිහී අහොසි ඔදාතවසනොති?

වහන්ස, කිම කිසියම් සුදුවත් හැඳි ගිහියෙක් එහි නො වි දැයි?

න ඛොත්‍ථ ආවුසො, කොචි ගිහී අහොසි ඔදාතවසනොති.

ඇවත, එතන්හි සුදුවත් හැඳි කිසිදු ගිහියෙක් නො වී ය.

සාධු භන‍්තෙ, යදෙත්‍ථ න කොචි ගිහී අහොසි ඔදාතවසනොති.

වහන්ස, ඉදින් එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.

අථ ඛො සො භික‍්ඛු හත්‍ථකස‍්ස ආළවකස‍්ස නිවෙසනෙ පිණ‍්ඩපාතං ගහෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො සො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: ඉධාහං භන‍්තෙ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන හත්‍ථකස‍්ස ආළවකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමිං, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන‍්තෙ හත්‍ථකො ආළවකො යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි: එකමන‍්තං නිසින‍්නං ඛො අහං භන‍්තෙ, හත්‍ථකං ආළවකං එතදවොචං.

ඉක්බිති ඒ මහණ හත්‍ථකආළවක කුමරහුගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැඟී ගියේ ය. ඉක්බිති එ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුනේ පස්වරුයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය, එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: “වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන හත්‍ථකආළවක කුමරහුගේ නිවසට පැමිණියෙමි. එළැඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, ඉක්බිති හත්‍ථකආළවක තෙමේ මා වෙත එළඹියේ ය. එළැඹ මා වැඳ එකත් පසෙක හුන්නේ ය. වහන්ස, එකත් පසෙක හුන් හත්‍ථකආළවක හට මම මෙය කීමි:

සත‍්තහි ඛො ත්‍වං ආවුසො, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. කතමෙ සත‍්තහි: සද‍්ධො භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකො, සීලවා භික‍්ඛවෙ -පෙ- හිරිමා -පෙ- ඔත‍්තප‍්පී -පෙ- බහුස‍්සුතො -පෙ- චාගවා -පෙ- පඤ‍්ඤවා භික‍්ඛවෙ, හත්‍ථකො ආළවකොති. ඉමෙහි ඛො ත්‍වං ආවුසො, සත‍්තහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති.

ඇවත, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාව. කවර සතෙකින් යත්: මහණෙනි, හත්‍ථකආළවක සැදැහැවත් ය, සිල්වත් ය, ලජ්ජී ය, ඔත්තප්පී ය, බහුශ්‍රුත ය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථක ආළවක පැනවත් ය. ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.

එවං වුත‍්තෙ භන‍්තෙ, හත්‍ථකො ආළවකො මං එතදවොච: කච‍්චිත්‍ථ භන‍්තෙ, න කොචි ගිහී අහොසි ඔදාතවසනොති. න ඛොත්‍ථ ආවුසො, කොචි ගිහී අහොසි ඔදාත වසනොති. සාධු භන‍්තෙ, යදෙත්‍ථ න කොචි ගිහී අහොසි ඔදාතවසනොති.

මෙසේ කී කල්හි වහන්ස, හත්‍ථක ආළවක මට මෙය කී ය: කිම වහන්ස, එහි සුදුවත් හැඳි කිසියම් ගිහියෙක් නොවී ද? ඇවත එහි සුදුවත් හැඳි ගිහියෙක් නො වී ය. එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.

සාධු සාධු භික‍්ඛු, අප‍්පිච‍්ඡො සො භික‍්ඛු කුලපුත‍්තො සන‍්තෙයෙව අත‍්තනි කුසලෙ ධම‍්මෙ න ඉච‍්ඡති පරෙහි ඤායමානෙ, තෙන හි ත්‍වං භික‍්ඛු, ඉමිනාපි අට‍්ඨමෙන අච‍්ඡරියෙන අබ‍්භුතෙන ධම‍්මෙන සමන‍්නාගතං හත්‍ථකං ආළවකං ධාරෙහි යදිදං අප‍්පිච‍්ඡතායාති.

මැනැව මැනැව මහණ. අල්පෙච්ඡ වූ ඒ කුල පුත්‍ර තෙමේ තමා තුළ කුශලධර්‍ම ඇති කල්හි මැ මෙරමා විසින් දැනගනු ලැබීමෙහි නො කැමති වෙයි. එහෙයින් මහණ තෙපි හත්‍ථක ආළවක යම් මේ අල්පේච්ඡතාය යන අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙනු දු සමන්‍වාගතයහ යි ධරව.