යෙදුමෙන් කියවන්න

හත්‍ථිගාමක උග‍්ග සුත‍්තං

8. 1. 3. 2.

8. 1. 3. 2.

හත්‍ථිගාමක උග‍්ග සුත‍්තං.

හත්‍ථිගාමක උග්ග සූත්‍රය

එකං සමයං භගවා වජ‍්ජීසු විහරති හත්‍ථිගාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි -පෙ-

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙහි හස්ති ග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...

අට‍්ඨහි භික‍්ඛවෙ, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං උග‍්ගං ගහපතිං හත්‍ථිගාමකං ධාරෙථා’ති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි.

‘මහණෙනි, ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි දරවු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන උග‍්ගස‍්ස ගහපතිනො හත්‍ථිගාමකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග‍්ගො ගහපති හත්‍ථිගාමකො යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො උග‍්ගං ගහපතිං හත්‍ථිගාමකං සො භික‍්ඛු එතදවොච:

ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ඇත්ගම්වැසි උග්‍ර ගෘහපතිහු ගේ නිවසට එළැඹියේ ය. එළැඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. ඉක්බිති ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති තෙමේ එ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණුහු වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඇත්ගම් වැසි උග්‍ර ගෘහපතිහට එ මහණ මෙය කීය:

අට‍්ඨහි ඛො ත්‍වං ගහපති, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. කතමෙ තෙ ගහපති, අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙහි ත්‍වං සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති?

ගැහැවිය, තෙපි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ය. ගෘහපතිය, යම් ධර්‍ම අටෙකින් තෙපි සමන්‍විත හ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඒ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කවර හුද?

න ඛො අහං භන‍්තෙ, ජානාමි කතමෙහිපහං අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. අපිච භන‍්තෙ, යෙ මෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා සංවිජ‍්ජන‍්ති තෙ සුණාහි සාධුකං මනසිකරොහි භාසිස‍්සාමීති. එවං ගහපතීති සො භික‍්ඛු උග‍්ගස‍්ස ගහපතිනො හත්‍ථිගාමකස‍්ස පච‍්චස‍්සොසි. උග‍්ගො ගහපති හත්‍ථිගාමකො එතදවොච:

වහන්ස, මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් ද, එය මම නොදනිම් ම ය. වහන්ස එතකුදු වුවත් මාගේ යම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙත් නම් ඔවුන් අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි යි. එසේ ය ගෘහපතිය යි එ මහණ ඇත්ගම්වැසි උග්‍ර ගෘහපති හට පිළිවදන් ඇස්වී ය. ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති මෙය කීය:

1. යදාහං භන‍්තෙ, නාගවනෙ පරිචාරෙන‍්තො භගවන‍්තං පඨමං දූරතොව අද‍්දසං. සහදස‍්සනෙනෙව මෙ භන‍්තෙ, භගවතො චිත‍්තං පසීදි. සුරාමදො ච පහීයි. අයං ඛො මෙ භන‍්තෙ, පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

1. වහන්ස, යම් කලෙක මම නාගවන නම් උයනෙහි ඉඳුරන් පිනවමින් හැසිරෙන්නෙම් පළමු කොට දුරදී ම භාග්‍යවතුන් වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන් වහන්සේගේ දැකීම හා සමග ම මාගේ සිත පහන් විය. සුරාමදය ද පහවී ය. වහන්ස, මාගේ මේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

2. සො ඛො අහං භන‍්තෙ, පසන‍්නචිත‍්තො භගවන‍්තං පයිරුපාසිං. තස‍්ස මෙ භගවා ආනුපුබ‍්බීකථං කථෙසි, සෙය්‍යථීදං:දානකථං සීලකථං සග‍්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ‍්කිලෙසං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා මං භගවා අඤ‍්ඤාසි කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා තං පකාසෙසි. දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව ඛො තස‍්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි, යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති.

2. වහන්ස, පහන්සිත් ඇති මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසිරි කෙළෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද කාමයන්ගේ ආදීනව ය ලාමක බව කිලිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ අරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධර්‍මදේශනාවක් වේ ද, දුක්ඛ ය සමුදය ය නිරෝධ ය මාර්‍ගය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය වදාළ සේක. යම්සේ පහ වූ කළු බව (කිලිටි) ඇති සුදු වතෙක් මොනොවට රඳන් පිළිගන්නේ ද, එ පරිද්දෙන් ම ඒ අසුනෙහි ම සමුදය ස්වභාව ඇති යමක් ඇත් ද, එ හැම නිරෝධ ස්වභාව ඇතැයි පහවූ (රාගාදි) රජස් ඇති පහ වූ (රාගාදි) කිලිටි ඇති දහම් ඇස (අනගැමි මඟ) පහළ විය.

සො ඛො අහං භන‍්තෙ, දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථංකථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ තත්‍ථෙව බුද‍්ධං ච ධම‍්මං ච සඞ‍්ඝං ච සරණං අගමාසිං. බ්‍රහ‍්මචරියපඤ‍්චමානි ච සික‍්ඛාපදානි සමාදියිං. අයං ඛො මෙ භන‍්තෙ, දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

වහන්ස, ඒ මම දක්නා ලද (ආර්‍ය්‍යසත්‍ය) ධර්‍ම ඇත්තෙම් පැමිණි දහම් ඇත්තෙම් බැසගත් දහම් ඇත්තෙම් තරණය කළ විචිකිච්ඡා ඇත්තෙම් පහවූ කථඞ්කථා (සැක) ඇත්තෙම් විසාරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (අනෙකක්හු හැදැහීමෙන් පැවැත්මක් නැතියෙන්) පරප්‍රත්‍යය රහිතයෙම් එහිදී ම බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට ගියෙමි. බඹසර පස්වනු කොට ඇති සිකපදයන් (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් කොට ගතිමි. වහන්ස, මාගේ මෙ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.

3. තස‍්ස මය‍්හං භන‍්තෙ, චතස‍්සො කොමාරියො පජාපතියො අහෙසුං. අථ ඛ‍්වාහං භන‍්තෙ, යෙන තා පජාපතියො තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා තා පජාපතියො එතදවොචං: මයා ඛො භගිනියො බ්‍රහ‍්මචරියපඤ‍්චමානි සික‍්ඛාපදානි සමාදින‍්නානි. යා ඉච‍්ඡති සා ඉධෙව භොගෙ ච භුඤ‍්ජතු! පුඤ‍්ඤානි ච කරොතු! සකානි වා ඤාතිකුලානි ගච‍්ඡතු! හොති වා පන පුරිසාධිප‍්පායා, කස‍්ස වො දම‍්මීති. එවං වුත‍්තෙ සා භන‍්තෙ ජෙට‍්ඨා පජාපතී මං එතදවොච: ඉත්‍ථන‍්නාමස‍්ස මං අය්‍යපුත‍්ත පුරිසස‍්ස, දෙහීති. අථ ඛ‍්වාහං භන‍්තෙ, තං පුරිසං පක‍්කොසාපෙත්‍වා වාමෙන හත්‍ථෙන පජාපතිං ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන භිඞ‍්කාරං ගහෙත්‍වා තස‍්ස පුරිසස‍්ස ඔනොජෙසිං. කොමාරිං ඛො පනාහං භන‍්තෙ, දාරං පරිච‍්චජන‍්නො නාභිජානාමි චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං. අයං ඛො මෙ භන‍්තෙ, තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සතරදෙනෙක් වූහ. එකල වහන්ස, මම ඒ භාර්‍ය්‍යාවන් වෙත එළඹියෙමි. එළඹ ඒ භාර්‍ය්‍යවන්ට මෙය කීමි: සොහොවිරියෙනි, “මවිසින් බඹසර පස්වැනි කොට ඇති සිකපද සමාදන්වන ලදි, යම් ස්ත්‍රියක් කැමති නම් ඕ මෙහි ම භෝගයන් ද වළඳාවා! පින් ද කෙරේ වා! සිය නෑකුලයන් වෙත හෝ යේ වා! පුරුෂයකු පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරකුහට තොප දෙම් දැයි, මෙසේ කී කල්හි වහන්ස, ඒ දෙටු බිරිඳ මෙසේ කිවු: ආර්‍ය්‍යපුත්‍රය, මෙ නම් ඇති පුරුෂයා හට මා දෙව යි, ඉක්බිති වහන්ස, මම ඒ පුරුෂයා කැඳවා වමතින් බිරිඳ අල්වා ගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයා හට අතපැන් වඩා පවරා දුනිමි. වහන්ස, මම තරුණ වූ බිරිඳ හරනෙම් සිතේ වෙනස් බවක් නොදනිමි. වහන්ස, මාගේ මේ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

4. සංවිජ‍්ජන‍්ති ඛො පන මෙ භන‍්තෙ, කුලෙ භොගා තෙ ච ඛො අප‍්පටිවිභත‍්තා සීලවන‍්තෙහි කල්‍යාණධම‍්මෙහි. අයං ඛො මෙ භන‍්තෙ, චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහුම ය, ඒ භෝගයෝ කලණදහම් ඇති සිල්වතුන් හා (මෙතෙක් දිය යුතුය මෙතෙක් නො දිය යුතුය යනාදීන්) නො බෙදන ලද්දාහු ම ය. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

5. යං ඛො පනාහං භන‍්තෙ, භික‍්ඛුං පයිරුපාසාමි, සක‍්කච‍්චං යෙව පයිරුපාසාමි නො අසක‍්කච‍්චං, සො චෙ මෙ භන‍්තෙ, ආයස‍්මා ධම‍්මං දෙසෙති සක‍්කච‍්චං යෙව සුණාමි, නො අසක‍්කච‍්චං. නො චෙ මෙ සො ආයස‍්මා ධම‍්මං දෙසෙති, අහමස‍්ස ධම‍්මං දෙසෙමි. අයං ඛො මෙ භන‍්තෙ, පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

5. වහන්ස, මම යම් මහණකු ඇසුරු කෙරෙම් ද සකසා ම එළැඹ ඇසුරු කරමි. නො සකසා එළැඹ ඇසුරු නො කරමි. වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි. නො සකසා නො අසමි. ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

6. අනච‍්ඡරියං ඛො පන මෙ භන‍්තෙ, සඞ‍්ඝෙ නිමන‍්තිතෙ දෙවතා උපසඞ‍්කමිත්‍වා ආරොචෙන‍්ති: අසුකො ගහපති, භික‍්ඛු උභතොභාගවිමුත‍්තො, අසුකො පඤ‍්ඤාවිමුත‍්තො, අසුකො කායසක‍්ඛී, අසුකො දිට‍්ඨප‍්පත‍්තො අසුකො සද‍්ධාවිමුත‍්තො, අසුකො සද‍්ධානුසාරී, අසුකො ධම‍්මානුසාරී, අසුකො සීලවා කල්‍යාණධම‍්මො, අසුකො දුස‍්සීලො පාපධම‍්මොති. සඞ‍්ඝං ඛො පනාහං භන‍්තෙ, පරිවිසන‍්තො නාභිජානාමි. එවං චිත‍්තං උප‍්පාදෙතා: ඉමස‍්ස වා ථොකං දෙමි ඉමස‍්ස වා බහුකන‍්ති. අථඛ‍්වාහං භන‍්තෙ, සමචිත‍්තොව දෙමි. අයං ඛො මෙ භන‍්තෙ, ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

6. වහන්ස, සඞ්ඝයා බතින් පැවරූ කල්හි දෙවියෝ මා වෙත එළඹැ ගැහැවිය, අසුවල් මහණ උභතොභාගවිමුක්ත ය. අසුවල් මහණ ප්‍රඥාවිමුක්ත ය. අසුවල් මහණ කායසාක්‍ෂී ය. අසුවල් මහණ දෘෂ්ටිප්‍රාප්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධාවිමුක්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධානුසාරී ය. අසුවල් මහණ ධර්‍මානුසාරී ය. අසුවල් මහණ කලණ දම් ඇති සිල්වතෙක. අසුවල් මහණ ලමුදම් ඇති දුශ්ශීලයෙකැ යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙ යි. වහන්ස, මම සඞ්ඝයා වළඳවන්නෙම් මොහුට හෝ මඳක් දෙමි. මොහුට හෝ බොහෝ කොට දෙමැයි යන මෙ බඳු සිතක් ඉපදවූ බව නො මැ දනිමි. වහන්ස, වැළිදු සම සිත් ඇත්තේ ම දෙමි වහන්ස, මාගේ මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

7. අච‍්ඡරියං ඛො පන මෙ භන‍්තෙ, දෙවතා උපසඞ‍්කමිත්‍වා ආරොචෙන‍්ති: ‘ස‍්වාක‍්ඛාතො ගහපති භගවතා ධම‍්මො’ ති. එවං වුත‍්තෙ අහං භන‍්තෙ, තා දෙවතා එවං වදාමි. ‘වදෙය්‍යාථ වා එවං ඛො තුම‍්හෙ දෙවතා නො වා වදෙය්‍යාථ, අථ ඛො ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො’ ති. න ඛො පනාහං භන‍්තෙ, අභිජානාමි තතො නිදානං චිත‍්තස‍්ස උණ‍්ණතිං. මං වා දෙවතා උපසඞ‍්කමන‍්ති. අහං වා දෙවතාහි සල‍්ලපාමීති. අයං ඛො මෙ භන‍්තෙ, සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

7. වහන්ස, දෙවියෝ එළැඹ ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් ප්‍රකාශකරන ලද්දේ ය යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. වහන්ස, මෙසේ කී කල්හි ඒ දෙවියනට මම මෙසේ කියමි: ‘දේවතාවෙනි, තෙපි මෙසේ කියහු ද නො කියහු ද භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් ප්‍රකාශ කරණ ලද්දේ ම’ ය යි. වහන්ස, මම ඒ හේතු කොට ගෙන දෙවියෝ හෝ මා වෙත එළඹෙත්. මම හෝ දෙවියන් හා කථා කෙරෙමැයි සිතෙහි නැඟීමක් නො ම දනිමි. වහන්ස, මාගේ මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

8. සචෙ ඛො පනාහං භන‍්තෙ, භගවතො පඨමතරං කාලඞ‍්කරෙය්‍යං අනච‍්ඡරියං ඛො පනෙතං යං මං භගවා එවං ව්‍යාකරෙය්‍ය; නත්‍ථි තං සංයොජනං යෙන සංයොජනෙන සංයුත‍්තො උග‍්ගො ගහපති හත්‍ථිගාමකො පුන ඉමං ලොකං ආගච‍්ඡෙය්‍යාති. අයං ඛො මෙ භන‍්තෙ, අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

8. වහන්ස, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පෙරාතුව ම කලුරිය කරන්නෙම් නම්, ‘ඇත්ගම්වැසි උග්ගගහපති යම් සංයෝජනයෙකින් බැඳුනේ යළි මෙ ලොවට එන්නේ නම් ඒ සංයෝජනය (ඔහුට) නැතැ’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මා උදෙසා යමක් ප්‍රකාශ කරණ සේක් ද, එය ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. වහන්ස, මේ මාගේ අෂ්ටම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

ඉමෙ ඛො භන‍්තෙ, අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා සංවිජ‍්ජන‍්ති. නො ච ඛො අහං ජානාමි. කතමෙහිපහං අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති.

වහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් දැයි මම නො දනිම් ම ය.

අථ ඛො සො භික‍්ඛු උග‍්ගස‍්ස ගහපතිනො හත්‍ථිගාමකස‍්ස නිවෙසනෙ පිණ‍්ඩපාතං ගහෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො සො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු යාවතකො අහොසි උග‍්ගෙන ගහපතිනා හත්‍ථිගාමකෙන සද‍්ධිං කථාසල‍්ලාප‍්පො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ඉක්බිති ඒ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපතිහුගේ පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැඟි ගියේ ය. ඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පසු බත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.

සාධු සාධු භික‍්ඛු, යථා තං උග‍්ගො ගහපති හත්‍ථිගාමකො සම‍්මා ව්‍යාකරමානො ව්‍යාකරෙය්‍ය ඉමෙහෙව ඛො භික‍්ඛු, අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො උග‍්ගො ගහපති හත්‍ථිගාමකො මයා ව්‍යාකතො. ඉමෙහි ච පන භික‍්ඛු අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං උග‍්ගං ගහපතිං හත්‍ථිගාමකං ධාරෙථාති.

මහණ, ඉතා මැනැව, ඇත්ගම් වැසි උග්‍රගෘහපති යම්සේ තොපට මනා කොට පවසන්නේ කියා ද, මහණ මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. මහණ ඇත් ගම් වැසි උග්‍ර ගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි ධරව යි.