යෙදුමෙන් කියවන්න

වෙසාලිකඋග‍්ග සුත‍්තං

8. 1. 3. 1.

8. 1. 3. 1.

වෙසාලිකඋග‍්ග සුත‍්තං

වේසාලික උග්ග සූත්‍රය

එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරසාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

අට‍්ඨහි භික‍්ඛවෙ, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං උග‍්ගං ගහපතිං වෙසාලිකං ධාරෙථාති. ඉදමවොච භගවා, ඉදං වත්‍වාන සුගතො උට‍්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන උග‍්ගස‍්ස ගහපතිනො වෙසාලිකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි.

මහණෙනි, විසල්පුර වැසි උග්ග ගහපති ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත කොට දරවුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.

උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග‍්ගො ගහපති වෙසාලිකො යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො උග‍්ගං ගහපතිං වෙසාලිකං සො භික‍්ඛු එතදවොච:

ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර වැසි උග්ග ගැහැවිහුගේ නිවෙස්න යම් තෙනෙක්හි ද, එහි එළැඹියේ ය, එළඹ පැනවූ අස්නෙහි හින. එකල්හි විසල්පුරවැසි උග්‍රගෘහපති ඒ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණහු වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් විසල්පුර වැසි උග්‍රගෘහපති හට ඒ මහණ මෙය කී ය:

අට‍්ඨහි ඛො ත්‍වං ගහපති, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. කතමෙ තෙ ගහපති, අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙහි ත්‍වං සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති.

ගෘහපතිය, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු, ගෘහපතිය, තෙපි යම් ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දහු ද, ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙන කවරහු ද?

න ඛො අහං භන‍්තෙ, ජානාමි කතමෙහි අට‍්ඨහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතො. අපි ච භන‍්තෙ, යෙ මෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා සංවිජ‍්ජන‍්ති තෙ සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මම කවර අසිරි අබුතු දහම් අටෙකින් සමන්‍වාගතය යි ප්‍රකාශිතයෙම් දැයි නො දනිමි. එහෙත් වහන්ස, මාගේ යම් මේ අට අසිරි අබුතු දහම් කෙනෙක් ඇත් ද ඔවුන් අසව. මැනවින් මෙනෙහි කරව, පවසන්නෙමි යි.

එවං ගහපතීති ඛො සො භික‍්ඛු උග‍්ගස‍්ස ගහපතිනො වෙසාලිකස‍්ස පච‍්චස‍්සොසි. උග‍්ගො ගහපති වෙසාලිකො එතදවොච:

ඒ මහණ තෙමේ ‘එසේ ය ගෘහපතිය’ යි විසල්පුරවැසි උග්‍රගෘහපති හට පිළිවදන් ඇස්වී ය. විසල් පුරවැසි උග්‍රගහෘපති තෙමේ මෙය කී ය:

1. යදාහං භන‍්තෙ, භගවන‍්තං පඨමං දූරතොව අද‍්දසං සහදස‍්සනෙනෙව මෙ භන‍්තෙ භගවතො චිත‍්තං පසීදි. අයං ඛො මෙ භන‍්තෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

1. වහන්ස, මම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දුරදීම දුටුයෙමි ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය හා සමග ම මාගේ සිත පහන් වි ය. වහන්ස, මාගේ මේ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.

2. සො ඛො අහං භන‍්තෙ, පසන‍්නචිත‍්තො භගවන‍්තං පයිරුපාසිං. තස‍්ස මෙ භගවා ආනුපුබ‍්බීකථං කථෙසි, සෙය්‍යථීදං:දානකථං සීලකථං සග‍්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ‍්කිලෙසං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා මං භගවා අඤ‍්ඤාසි කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි, දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව ඛො මෙ තස‍්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි, යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති.

2. වහන්ස, ඒ මම පහන්සිත් ඇතියෙම් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය (වෙත එළැඹ ඇසුරු කිරීම) කෙළෙමි. එ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව දෙසූසේක. එ නම්: දානකථා සීලකථා ද සග්ගකථා ද කාමයන්ගේ ආදීනව ලමුබව කිලිටිබව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක්හි අරෝගසිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරයින්ගේ සාමුක්කංසික වූ (තමන් විසින් ම කිසිවකුගේ වහලක් නැති ව නගාගත්) යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛ ය, සමුදය ය, නිරෝධය ය, මාර්‍ගය ය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කළු ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ වේ ද, එසෙයින් ම මට එ හුන් අස්නෙහි මැ, සමුදය, ස්වභාව ඇති යමක් ඇත් ද, ඒ හැම නිරෝධ ස්වාභාව ඇතැයි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වී.

සො ඛො අහං භන‍්තෙ, දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථංකථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ තත්‍ථෙව බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච සඞ‍්ඝඤ‍්ච සරණං අගමාසිං. බ්‍රහ‍්මචරියපඤ‍්චමානි ච සික‍්ඛාපදානි සමාදියිං. අයං ඛො මෙ භන‍්තෙ, දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

වහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.

3. තස‍්ස මය‍්හං භන‍්තෙ, චතස‍්සො කොමාරියො පජාපතියො අහෙසුං. අථ ඛ‍්වාහං භන‍්තෙ, යෙන තා පජාපතියො තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා තා පජාපතියො එතදවොචං: මයා ඛො භගිනියො බ්‍රහ‍්මචරියපඤ‍්චමානි සික‍්ඛාපදානි සමාදින‍්නානි. යා ඉච‍්ඡති සා ඉධෙව භොගෙ ච භුඤ‍්ජතු! පුඤ‍්ඤානි ච කරොතු! සකානි වා ඤාතිකුලානි ගච‍්ඡතු! හොති වා පන පුරිසාධිප‍්පායා, කස‍්ස වො දම‍්මීති. එවං වුත‍්තෙ සා භන‍්තෙ ජෙට‍්ඨා පජාපතී මං එතදවොච: ඉත්‍ථංනාමස‍්ස මං අය්‍යපුත‍්ත පුරිසස‍්ස දෙහීති.

3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සිවුදෙනෙක් වූහ. වහන්ස, ඉක්බිත්තෙන් මම ඒ භාර්‍ය්‍යාවෝ යම් තෙනෙක්හි වූ ද, එතන්හි එළැඹියෙමි. එළැඹ ඒ භාර්‍ය්‍යාවනට තෙල කීමි: සොහොවිරියනි, මා විසින් බඹසර පස් වනු කොට ඇති සිකපදයෝ සමාදන්ව ගන්නා ලදහු ය. යම් ස්ත්‍රියක් කැමැති වේ නම් ඕතොමෝ මෙහි ම (හිඳ) භෝගයන් ද අනුභව කෙරේවා! සිය නෑ කුලයන් කරා හෝ යේවා! පුරුෂයන් පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරක් හට තොප දෙම් දැයි. වහන්ස, මෙසේ කී කල්හි දෙටු භාර්‍ය්‍යා තොමෝ මට මෙය කී: ආර්‍ය්‍යපුත්‍රය, මා මෙ නම් ඇති පුරුෂයාහට දෙව යි.

අථ ඛ‍්වාහං භන‍්තෙ, තං පුරිසං පක‍්කොසාපෙත්‍වා වාමෙන හත්‍ථෙන පජාපතිං ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන භිඞ‍්කාරං ගහෙත්‍වා තස‍්ස පුරිසස‍්ස ඔනොජෙසිං. කොමාරිං ඛො පනාහං භන‍්තෙ, දාරං පරිච‍්චජන‍්නො නාභිජානාමි චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං. අයං ඛො මෙ භන‍්තෙ, තතියො අච‍්ඡරියො ධම‍්මො සංවිජ‍්ජති.

වහන්ස, එකල මම ඒ පුරුෂයා කැඳවා වමතින් භාර්‍ය්‍යාව අල්ලාගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂහට අත පැන් වඩා දිනිමි. වහන්ස, තරුණ භාර්‍ය්‍යාව හරනෙම් මම සිතෙහි වෙනස් බවක් නො දනිමි. වහන්ස, මාගේ මේ තෙවන අසිරි අබුතු දහම ඇත.

4. සංවිජ‍්ජන‍්ති ඛො පන මෙ භන‍්තෙ, කුලෙ භොගා. තෙ ච ඛො අප‍්පටිවිභත‍්තා සීලවන‍්තෙහි කල්‍යාණධම‍්මෙහි. අයං ඛො මෙ භන‍්තෙ, චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහ. ඒ භෝගයෝ ද කලණ දහම් ඇති සිල්වතුන් සමග (මෙතෙක් දෙමි මෙතෙක් නොදෙමි මෙය දෙමි මෙය නො දෙමි යි සිතක් නැතිව සාධාරණ බෙදුම් ඇතියෙන්) අප්‍රතිවිභක්තයහ. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.

5. යං ඛො පන අහං භන‍්තෙ, භික‍්ඛුං පයිරුපාසාමි, සක‍්කච‍්චංයෙව පයිරුපාසාමි නො අසක‍්කච‍්චං. අයං ඛො මෙ භන‍්තෙ, පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

5. වහන්ස, මම යම් මහණක්හු පර්‍ය්‍යුපාසන කෙරෙම් ද, සකසා ම පර්‍ය්‍යුපාසන කරමි. නො සකසා පර්‍ය්‍යුපාසන නො කරමි. වහන්ස, මාගේ මෙ පස් වන අසිරි අබුතු දහම ද ඇත්තේ ය.

6. සො චෙ මෙ භන‍්තෙ, ආයස‍්මා ධම‍්මං දෙසෙති සක‍්කච‍්චං යෙව සුණාමි, නො අසක‍්කච‍්චං. නො චෙ මෙ සො ආයස‍්මා ධම‍්මං දෙසෙති අහමස‍්ස ධම‍්මං දෙසෙමි. අයං ඛො මෙ භන‍්තෙ, ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

6. වහන්ස, ඉදින් ඒ ආයුෂ්‍මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි, නො සකසා නො අසමි. ඒ ආයුෂ්මත් ඉදින් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මෙ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත.

7. අනච‍්ඡරියං ඛො පන මං භන‍්තෙ, දෙවතා උපසඞ‍්කමිත්‍වා ආරොචෙන‍්ති: ස‍්වාක‍්ඛාතො ගහපති, භගවතා ධම‍්මොති. එවං වුත‍්තෙ අහං භන‍්තෙ, තා දෙවතා එවං වදාමි: වදෙය්‍යාථ වා එවං ඛො තුම‍්හෙ දෙවතා නො වා වදෙය්‍යාථ, අථ ඛො ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මොති, න ඛො පනාහං භන‍්තෙ, අභිජානාමි තතොනිදානං චිත‍්තස‍්ස උණ‍්ණතිං, මං වා දෙවතා උපසඞ‍්කමන‍්ති අහං වා දෙවතාහි සල‍්ලපාමීති. අයං ඛො මෙ භන‍්තෙ, සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

7. වහන්ස, දෙවියෝ මා කරා එළැඹ ‘ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට දෙසන ලද්දේ ය’යි සැළ කෙරෙති. (එය) ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. එසේ කී කල්හි වහන්ස, මම ඒ දෙවියනට මෙසේ කියමි: දේවතාවෙනි, තෙපි මෙසේ කියහු දු නො කියහු දු ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ම ය. වහන්ස, දෙවියෝ මා කරා එළැඹෙති යි හෝ මම දෙවියන් හා සමග සාකච්ඡා කෙරෙමි යි හෝ ඒ හේතු කොට ගෙන උන්නතියක් (සිතෙහි උසස් වීමක්) මම නොදනිම් ම ය. වහන්ස, මාගේ මෙ සත් වන අසිරි අබුතු දහම ද ඇත.

8. යානිමානි භන‍්තෙ, භගවතා දෙසිතානි පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි, නාහං තෙසං කිඤ‍්චි අත‍්තනි අප‍්පහීනං සමනුපස‍්සාමීති. අයං ඛො මෙ භන‍්තෙ, අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සංවිජ‍්ජති.

8. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගියහ යි යම් සංයෝජන පසෙක් දෙසන ලදහු ද, ඉන් ප්‍රහීණ නො වූ කිසිවක් මම තමා කෙරෙහි නො දකිමි. වහන්ස, මාගේ මෙම අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.

ඉමෙ ඛො භන‍්තෙ, අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා සංවිජ‍්ජන‍්ති. නො ච ඛො අහං ජානාමි. කතමෙහිපහං අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො භගවතා ව්‍යාකතොති.

වහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. කවර අසිරි අබුතු දහම් අටෙකින් මම සමන්‍වාගතය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වෙම්දැයි මම නො දනිමි.

අථ ඛො සො භික‍්ඛු උග‍්ගස‍්ස ගහපතිනො වෙසාලිකස‍්ස නිවෙසනෙ පිණ‍්ඩපාතං ගහෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

ඉක්බිති ඒ මහණ විසල්පුරවැසි උග්‍රගෘහපතිහුගේ නිවසෙහි පිණ්ඩපාතය පිළිගෙන, හුනස්නෙන් නැඟී ගියේ ය.

අථ ඛො සො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු යාවතකො අහොසි උග‍්ගෙන ගහපතිනා වෙසාලිකෙන සද‍්ධිං කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පැසුළුබත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හින, එකත් පසෙක හුන් ඒ මහණ විසල්පුර වැසි ඒ උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථා සල්ලාපයෙක් වී නම් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.

සාධු සාධු භික‍්ඛු, යථා තං උග‍්ගො ගහපති වෙසාලිකො සම‍්මා ව්‍යාකරමානො ව්‍යාකරෙය්‍ය ඉමෙහෙව භික‍්ඛු, අට‍්ඨහි අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතො උග‍්ගො ගහපති වෙසාලිකො මයා බ්‍යාකතො.

මහණ, මොනොවට පවසන විසල් පුර වැසි උග්‍රගෘහපති තෙමේ තොපට යම්සේ පවසන්නේ ද, එ ඉතා මැනැව. මහණ විසල් පුර වැසි උග්‍රගෘහපති මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය.

ඉමෙහි ච පන භික‍්ඛු, අච‍්ඡරියෙහි අබ‍්භුතෙහි ධම‍්මෙහි සමන‍්නාගතං උග‍්ගං ගහපතිං වෙසාලිකං ධාරෙථාති.

මහණ, විසල්පුර වැසි උග්‍රගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විතැ යි දරව යි.