යෙදුමෙන් කියවන්න

උපොසථ සුත‍්තං

8. 1. 2. 10.

8. 1. 2. 10.

උපොසථ සුත‍්තං

උපෝසථ සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසින‍්නො හොති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පඨමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එ දවස බික්සඟුන් පිරිවරා වැඩ හුන්නාහු වෙති. එ කල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉකුත් බොහෝ කල් ඇති රාත්‍රියෙහි පළමු යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:

අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති නික‍්ඛන‍්තො පඨමො යාමො, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ මජ‍්ඣිමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච:

වහන්ස, රෑ ඉක්ම බොහෝ කල් ඇත, පළමු යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවන වටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉක්ම ගිය බොහෝ කල් ඇති රාත්‍රියෙහි මැදුම් යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය සැළ කෙළේය:

අභික‍්කන‍්තා භන‍්තෙ, රත‍්ති නික‍්ඛන‍්තො මජ‍්ඣිමො යාමො, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, උද‍්දිසතු භන‍්තෙ, භගවා භික‍්ඛූනං ‘පාතිමොක‍්ඛන‍්ති, දුතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි, තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පච‍්ඡිමෙ යාමෙ උද‍්ධස‍්තෙ අරුණෙ නන්‍දිමුඛියා රත‍්තියා උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ, රත‍්ති, නික‍්ඛන‍්තො පච‍්ඡිමො යාමො උද‍්ධස‍්තං අරුණං නන්‍දිමුඛී රත‍්ති, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, උද‍්දිසතු භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති.

වහන්ස, රෑ ඉකුත් බොහෝ කල් ඇත, මැඳුම් යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා යි, භාග්‍යවතුන් වහන්සේ දෙවන වටත් තුෂ්ණීම්භූත වූ සේක. තෙවන වට ද ඇවැත් ආනන්‍ද තෙර ඉකුත් බොහෝ කල් ඇති රැයෙහි පැසුළු යම ඉක්ම ගිය කල්හි අරුණ නැඟි කල්හි රැය පහන් වූ කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වහන්ස, රාත්‍රි තොමෝ ඉකුත් බොහෝ කල් ඇත්තී ය. පැසුළු යම ඉක්ම ගියේ ය. අරුණ නැංගේ ය. රාත්‍රි තොමෝ නන්‍දිමුඛී වෙයි, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තා හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි, මෙය සැලකළේ ය.

අපරිසුද‍්ධා ආනන්‍ද පරිසාති. අථ ඛො ආයස‍්මතො මොග‍්ගල‍්ලානස‍්ස එතදහොසි: කං නු ඛො භගවා පුග‍්ගලං සන්‍ධාය එවමාහ: ‘අපරිසුද‍්ධා ආනන්‍ද පරිසා’ ති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සබ‍්බාවන‍්තං භික‍්ඛුසඞ‍්ඝං චෙතසා චෙතො පරිච‍්ච මනසාකාසි.

ආනන්‍දය, පිරිස අපිරිසුදු ය යි (වදාළහ.) එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුනට මේ සිත විය: කවර නම් පුඟුලකු සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්‍දය, පිරිස අපිරිසුදු ය’ යි මෙසේ වදාළ සේක් දැයි. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සිය සිතින් හැම බික්සඟුන් සිතින් සිත පිරිසිඳ බලා මෙනෙහි කළහ.

අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං දුස‍්සීලං පාපධම‍්මං අසුචිං සඞ‍්කස‍්සරසමාචාරං පටිච‍්ඡන‍්නකම‍්මන‍්තං අස‍්සමණං සමණපටිඤ‍්ඤං අබ්‍රහ‍්මචාරිං බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤං අන‍්තොපූතිං අවස‍්සුතං කසම‍්බුජාතං මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නං, දිස‍්වාන උට‍්ඨායාසනා යෙන සො පුග‍්ගලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං පුග‍්ගලං එතදවොච: උට‍්ඨෙහි ආවුසො දිට‍්ඨොසි භගවතා, නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසොති.

ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ දුසිල් වූ ලමු දහම් ඇති අපවිත්‍ර කර්‍ම ඇති සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇති පිළිසන්කම් ඇති අශ්‍රමණ වූ ශ්‍රමණයෙමියි කරන ප්‍රතිඥා ඇති අබ්‍රම්සැරි වූ බඹසැරිමි සන පිළිණ ඇති ඇතුළත කුණු වූ කෙලෙසින් තෙත් වූ උපන් කෙලෙස් මඩ ඇති බික්සඟුන් මැද හුන් ඒ පුඟුලා දුටහ. දැක හුනස්නෙන් නැඟි ඒ පුඟුල් වෙත එළඹියහ. එළඹ ඒ පුඟුල් හට මෙය කීහ: “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි.

එවං වුත‍්තෙ සො පුග‍්ගලො තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: උට‍්ඨෙහි ආවුසො, දිට‍්ඨොසි භගවතා, නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසොති. දුතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි. තතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: උට‍්ඨෙහි ආවුසො, දිට‍්ඨොසි භගවතා, නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසොති, තතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි.

මෙසේ කී කල්හි ඒ පුද්ගල තුෂ්ණීම්භූත විය, දෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. දෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය. තෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. තෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය.

අථ ඛො ආයස‍්මා මහා මොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං බාහායං ගහෙත්‍වා බහිද‍්වාරකොට‍්ඨකා නික‍්ඛාමෙත්‍වා සූචිඝටිකං දත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච:

එකල ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ එ පුඟුල්හු බාහුයෙහි ගෙන බිහිදොර කොටුවෙන් නෙරා දොරගුළු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුනට මෙය සැළ කළහ:

නික‍්ඛාමිතො සො භන‍්තෙ පුග‍්ගලො මයා, පරිසුද‍්ධා පරිසා, උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති.

“වහන්ස, මා විසින් ඒ පුඟුල් තෙම නෙරන ලදුයේ වෙයි. පිරිස් පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා”යී.

අච‍්ඡරියං මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං මොග‍්ගල‍්ලාන, යාව බාහා ගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස‍්සතීති අථ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි, තුම‍්හෙවදානි භික‍්ඛවෙ, උපොසථං, කරෙය්‍යාථ. පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාථ. නදානාහං භික‍්ඛවෙ, අජ‍්ජතග‍්ගෙ උපොසථං කරිස‍්සාමි. පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමි. අට‍්ඨානමෙතං භික‍්ඛවෙ, අනවකාසො යං තථාගතො අපරිසුද‍්ධාය පරිසාය උපොසථං කරෙය්‍ය පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍ය.

“මුගලන, ආශ්චර්‍ය්‍ය ය. මුගලන, අද්භූත. බාහුයෙන් ගන්නාතාක් ම ඒ මෝඝපුරුෂ හුන්නේ”යයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දැන් තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු, මහණෙනි, අද පටන් කොට මම පොහෝ නො කරන්නෙම්, පාමොක් නො උදසන්නෙමි. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අපිරිසිදු පිරිස්හි පොහෝ කරන්නාහ, පාමොක් උදෙසන්නාහ යන තෙල කරුණ අස්ථාන වෙයි. අවකාශ රහිත වේ.”

අට‍්ඨිමෙ භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ:

මහණෙනි, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:

මහාසමුද‍්දො භික‍්ඛවෙ, අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො. යම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො, අයං භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති -පෙ-

මහණෙනි, මහසයුර අනුපූර්‍ව නිම්නයි, අනුපූර්‍වප්‍රවණයි, අනුපූර්‍වප්‍රාග්භාර යි. ආදියෙහි ම ගැඹුරු නො වේ. මහණෙනි, යම් හෙයෙකින් අනුපූර්‍වනිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, මහමුහුදෙහි යම් ආශ්චර්‍ය්‍යයෙක් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි ...

පුන චපරං භික‍්ඛවෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා අසුරා, නාගා, ගන්‍ධබ‍්බා, සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි, අත‍්තභාවා -පෙ- පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා, යම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: ‘තිමි තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා සන‍්ති මහා සමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා -පෙ- පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා, අයං භික‍්ඛවෙ, මහා සමුද‍්දෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

තවද මහණෙනි, මහසයුර මහත් වූ සත්නට ආවාස වෙයි. එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මොහු මහසත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද ... පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් මහමුහුද මහසත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මෙ මහ සත්හු වෙත් ද, මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝත් ... පන්සියක් යොදුන් ආත්මභාවයෝත් වෙත් ද, මහණෙනි, මහමුහුදෙහි අසුරයෝ යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මෙ අට වැනි ආශ්චර්‍ය්‍ය ධර්‍මය යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

මහණෙනි, මහමුහුදෙහි යම් බඳු ආශ්චර්‍ය්‍යයන් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටදෙන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති.

එවමෙව ඛො භික‍්ඛවෙ, අට‍්ඨ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

මහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙති.

කතමෙ අට‍්ඨ:

කවර අට දෙනෙක යත්:

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. යම‍්පි භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. අයං භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති -පෙ-

මහණෙනි, යම්පරිදි මහමුහුද අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, එපරිදි ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වෙයි, අනුපූර්‍ව ක්‍රියා වෙයි, අනුපූර්‍ව ප්‍රතිපත්ති වෙයි, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වේ ද, අනුපූර්‍ව ක්‍රියා වේ ද, අනුපූර්‍ව ප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ ද, මහණෙනි, මෙ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු සිත් අලවා වෙසෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි ...

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහා සමුද‍්දො මහතං භූතානං ආවාසො තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා අසුරා නාගා ගන්‍ධබ‍්බා, සන‍්ති මහා සමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා -පෙ- පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. එවමෙව ඛො භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො තත්‍රිමෙ භූතා: සොතාපන‍්නො, සොතාපත‍්ති ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො -පෙ- අරහා, අරහත‍්තාය පටිපන‍්නො. යම‍්පි භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො, තත්‍රිමෙ භූතා සොතාපන‍්නො, සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො -පෙ- අරහා, අරහත‍්තාය පටිපන‍්නො. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තීති.

මහණෙනි, යම්පරිදි මහමුහුද මහත් සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගලය, තිමිර පිඞ්ගලය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ මහසත්හු වෙත්. මහ මුහුදෙහි සියක් යොදුන් අත්බැව් ද ... පන්සියක් යොදුන් අත්බැව් ද වෙත්. මහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වෙයි. සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, .. අර්‍හත්ය, අර්‍හත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යන මේ මහසත්හු වෙති. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වේ ද, එහි සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, … රහත් බවට පිළිපන්නේ ය යන මේ මහසත්හු වෙත් ද , මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මොහු මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ යි.

මහාවග‍්ගො දුතියො.

දෙවැනි මහාවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

වෙරඤ‍්ජොසීහො ආජඤ‍්ඤා ඛලුඞ‍්කෙන මලානි ච දූතෙය්‍යං ද‍්වෙ ච බන්‍ධනා පහාරාදො උපොසථොති,

වේරඤ්ජ සූත්‍රය, සීහ (සේනාපති) සූත්‍රය, ආජඤ්ඤ සූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, මල සූත්‍රය, දූතෙය්‍ය සූත්‍රය, ඉත්‍ථිබන්‍ධන සූත්‍රය, පුරුසබන්‍ධන සූත්‍රය, පහාරාද සූත්‍රය, උපෝසථ සූත්‍රය ද යන දශය යි.