3. ආජඤ්ඤ සුත්තවණ්ණනා අට්ඨකථා
3. ආජඤ්ඤ සුත්තවණ්ණනා
3. ආජඤ්ඤ සූත්‍ර වර්ණනාව
තතියෙ අඞ්ගෙහීති ගුණඞ්ගෙහි. තස්සං දිසායං ජාතො හොතීති තස්සං සින්ධුනදීතීරදිසායං ජාතො හොති. අඤ්ඤෙපි භද්‍රා අස්සාජානීයා තත්ථෙව ජායන්ති. අල්ලං වා සුක්ඛං වාති අල්ලතිණං වා සුක්ඛතිණං වා. නාඤ්ඤෙ අස්සෙ උබ්බෙජෙතාති අඤ්ඤෙ අස්සෙ න උබ්බෙජෙති න පහරති න ඩංසති න කලහං කරොති. සාඨෙය්යානීති සඨභාවො. කූටෙය්යානීති කූටභාවො. ජිම්හෙය්යානීති ජිම්හභාවො. වඞ්කෙය්යානීති වඞ්කභාවා. ඉච්චස්ස චතූහිපි පදෙහි අසික්ඛිතභාවොව කථිතො. වාහීති වහනසභාවො දින්නොවාදපටිකරො. යාව ජීවිතමරණපරියාදානාති යාව ජීවිතස්ස මරණෙන පරියොසානා. සක්කච්චං පරිභුඤ්ජතීති අමතං විය පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජති. පුරිසථාමෙනාතිආදීසු ඤාණථාමාදයො කථිතා. සණ්ඨානන්ති ඔසක්කනං පටිප්පස්සද්ධි.
තෙවැන්නෙහි අඞ්ගෙහි යනු ගුණාංගයන්ගෙනි, තස්සං දිසායං ජාතො හොති යනු ඒ සින්ධුනදී තෙර දෙසෙහි උපන්නේ වෙයි. වෙනත් සොඳුරු අශ්වාජානීයයෝ එහිම උපදිත්. අල්ලං වා සුක්ඛං වා යනු තණකොළයි. න අඤ්ඤෙ අස්සෙ උබ්බෙජෙතා යනු අන් අසුන් නොඅවුස්සයි, නොපහරයි, නොහපයි කලහ නොකරයි. සාඨෙය්යානි යනු වංචනිකබවයි. කුටෙය්යානි යනු කූට භාවයයි. ජිම්හෙය්යානි යනු වංක බවයි. වඞ්කෙය්යානි යනු ඇඳ බවයි. මෙසේ පද සතරින්ම ඔහුගේ නොහික්මුණු බවම (නොහැදියාව) කියනලදි. වාහී යනු උසුලන බවයි. දුන් ඔවදන් අනුව කටයුතු කරන්නේයි. යාවජීවිතමරණපරියොසානා යනු මරණයෙන් ජීවිතයේ අවසන්වීම දක්වයි. සක්කච්චං පරිභුඤ්ජති යනු අමෘතය මෙන් ප්රත්යවෙක්ෂා කොට පරිභොග කරයි. පුරිසථාමෙන යනාදියෙහි ඥාන ශක්තිය ආදිය කියන ලදි. සන්ථානං යනු පසුබටවීමයි.
4. ඛලුඞ්ක සුත්තවණ්ණනා
4. ඛලුඞ්ක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ “පෙහී”ති වුත්තොති “ගච්ඡා”ති වුත්තො. පිට්ඨිතො රථං පවත්තෙතීති ඛන්ධට්ඨිකෙන යුගං උප්පීළිත්වා පච්ඡිමභාගෙන රථං පවට්ටෙන්තො ඔසක්කති. පච්ඡා ලඞ්ඝති, කුබ්බරං හනතීති ද්වෙ පච්ඡිමපාදෙ උක්ඛිපිත්වා තෙහි පහරිත්වා රථකුබ්බරං භින්දති. තිදණ්ඩං භඤ්ජතීති රථස්ස පුරතො තයො දණ්ඩකා හොන්ති, තෙ භඤ්ජති. රථීසාය සත්ථිං උස්සජ්ජිත්වාති සීසං නාමෙත්වා යුගං භූමියං පාතෙත්වා සත්ථිනා රථීසං පහරිත්වා. අජ්ඣොමද්දතීති ද්වීහි පුරිමපාදෙහි ඊසං මද්දන්තො තිට්ඨති. උබ්බටුමං රථං කරොතීති ථලං වා කණ්ඩකට්ඨානං වා රථං ආරොපෙති. අනාදියිත්වාති අමනසිකත්වා අගණිත්වා. මුඛාධානන්ති මුඛඨපනත්ථාය දින්නං අයසඞ්ඛලිකං. ඛීලට්ඨායීති චත්තාරො පාදෙ ථම්භෙ විය නිච්චලං ඨපෙත්වා ඛීලට්ඨානසදිසෙන ඨානෙන තිට්ඨති. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථිතං.
සිවුවැන්නෙහි පෙහීති වුත්තො යනු යවයි කියන ලද්දේයි. පිට්ඨිතො රථං පටිවත්තෙති යනු පිටනාරටියෙන් වියගස උඩට හරවා පසුභාගයෙන් රිය කරකවන්නේ පසුබායි. පච්ඡාලං ඛිපති කුබ්බරං භන්ති යනු පස පා දෙක ඔසවා එයින් පහර දී රියෙහි ඒරියා කඳ බිඳියි. තිදණ්ඩං භඤ්ජති රියේ ඉදිරියෙන් දඬු තුනක් වෙයි. ඒවා කඩයි. රථිසාය සත්ථිං උස්සජ්ජිත්වා යනු හිස නමා වියගස බිම හෙළා කලවයෙන් රියෙහි ඒරියා කඳ පහරදීයි. අජ්ඣොමද්දති යනු ඉදිරි දෙපයින් ඒරියා කඳ මඬිමින් සිටියි. උබ්බටුමං රථං කරොති යනු ගොඩට හෝ කටුගොඩකට රිය නංවයි. අනාදියිත්වා යනු මෙනෙහි නොකොට නොසලකායි, මුඛාධානං යනු මුව තැබීම සඳහා දෙන ලද යකඩ සැකිල්ලකි. ඛීලට්ඨායි යනු සතර පා කණු මෙන් නිසොල්ව තබා සිටියි, මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
5. මල සුත්තවණ්ණනා
5. මල සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අසජ්ඣායමලාති උග්ගහිතමන්තානං අසජ්ඣායකරණං මලං නාම හොති. අනුට්ඨානමලා ඝරාති උට්ඨානවීරියාභාවො ඝරානං මලං නාම. වණ්ණස්සාති සරීරවණ්ණස්ස. රක්ඛතොති යංකිඤ්චි අත්තනො සන්තකං රක්ඛන්තස්ස. අවිජ්ජා පරමං මලන්ති තතො සෙසාකුසලධම්මමලතො අට්ඨසු ඨානෙසු අඤ්ඤාණභූතා වට්ටමූලසඞ්ඛාතා බහලන්ධකාරඅවිජ්ජා පරමං මලං. තතො හි මලතරං නාම නත්ථි. ඉමස්මිම්පි සුත්තෙ වට්ටමෙව කථිතං.
පස්වැන්නෙහි අසජ්ඣායමලා යන උගත මන්ත්‍රයන්ට සජ්ඣායනා නොකිරීම මලයක් (කිළුටක්) නම් වෙයි, අනුට්ඨානමලා ඝරා යනු උත්ථාන වීර්යය නැතිකම ගෙවලට මල නමි. වණ්ණස්ස යනු සිරුරු පැහැයේයි. රක්ඛතො යනු යම්කිසි අයත් දෙයක් රකින්නාගේයි, අවිජ්ජා පරමං මලං යනු එයින් සෙසු අකුසලධර්ම මලින් අටතැනක නොදැන්ම සංසාර මූල සංඛ්‍යාත මල වන බැවින් අවිද්‍යාව පරම මලයි ඊට වැඩි කිළුටක් නම් නැත. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
6. දූතෙය්‍ය සුත්තවණ්ණනා
6. දූතෙය්‍ය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ දූතෙය්යන්ති දූතකම්මං. ගන්තුමරහතීති තං දූතෙය්යසඞ්ඛාතං සාසනං ධාරෙත්වා හරිතුං අරහති. සොතාති යො තං අස්ස සාසනං දෙති, තස්ස සොතා. සාවෙතාති තං උග්ගණ්හිත්වා “ඉදං නාම තුම්හෙහි වුත්ත”න්ති පටිසාවෙතා. උග්ගහෙතාති සුග්ගහිතං කත්වා උග්ගහෙතා. ධාරෙතාති සුධාරිතං කත්වා ධාරෙතා. විඤ්ඤාති අත්ථානත්ථස්ස අත්ථං ජානිතා. විඤ්ඤාපෙතාති පරං විජානාපෙතා. සහිතා සහිතස්සාති ඉදං සහිතං, ඉදං අසහිතන්ති එවං සහිතාසහිතස්ස කුසලො, උපගතානුපගතෙසු ඡෙකො සාසනං ආරොචෙන්තො සහිතං සල්ලක්ඛෙත්වා ආරොචෙති. න බ්යථතීති වෙධති න ඡම්භති. අසන්දිද්ධන්ති නිස්සන්දෙහං විගතසංසයං. පුච්ඡිතොති පඤ්හත්ථාය පුච්ඡිතො.
සවැන්නෙහි දූතෙය්යං යනු දූත කර්මයයි, ගන්තුමරහති යනු දූතකර්ම සංඛ්‍යාත වූ හසුන දරා ගෙනයාමට සුදුසු වෙයි. සොතා යනු යමෙකුට හසුන දෙයිද එය අසන්නායි. සාවෙතා යනු උගෙන මෙය ඔබ විසින් කියන ලදැයි යළි අස්වන්නායි (යලි කියන්නායි). උග්ගහෙතා යනු මනාව ගන්නායි, ධාරෙතා යනු මනාකොට දරන්නක් කොට දරන්නායි, විඤ්ඤාතා යනු වැඩ අවැඩේ අරුත දන්නායි, විඤ්ඤාපෙතා යනු අනුන්ට හඟවන්නායි. සහිතාසහිතස්ස යනු මෙය යහපත්ය මෙය අයහපත්යයි මෙසේ වැඩ අවැඩෙහි දක්ෂවූයේ එළඹුණු දෙයෙහි (විමසා බැලීමෙහි) හැකියාව ඇති තැනැත්තේ හසුන සැළකරන්නේ අර්ත්ථවත් දෙයම සලකා සැලකරයි. න වෙධති යනු නොඅවුස්සයි. අසන්දිද්ධං යනු පහවූ සැක ඇත්තේයි, පුච්ඡිතො යනු ප්‍රශ්න සඳහා විමසන ලද්දේයි.
7-8. පුරිසබන්ධන සුත්තාදිවණ්ණනා
7-8. පුරිසබන්ධන ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ රුණ්ණෙනාති රුදිතෙන. ආකප්පෙනාති නිවාසනපාරුපනාදිනා විධානෙන. වනභඞ්ගෙනාති වනතො භඤ්ජිත්වා ආහටෙන පුප්ඵඵලාදිපණ්ණාකාරෙන. අට්ඨමෙපි එසෙව නයො.
සත්වැන්නෙහි රොණ්ණෙන යනු හැඬිමෙනි, ආකප්පෙන යනු හැඳීම් පෙරවීම් ආදී විධියෙනි. වනභඞ්ගෙන යනු වනයෙන් කඩා ගෙනෙන ලද මල්පල ආදී පඬුරෙනි, අටවැන්නෙහි ද මේ ක්‍රමයමයි.
9. පහාරාද සුත්තවණ්ණනා
9. පහාරාද සූත්‍ර වර්ණනාව
නවමෙ පහාරාදොති එවංනාමකො. අසුරින්දොති අසුරජෙට්ඨකො. අසුරෙසු හි වෙපචිත්ති රාහු පහාරාදොති ඉමෙ තයො ජෙට්ඨකා. යෙන භගවා තෙනුපසඞ්කමීති දසබලස්ස අභිසම්බුද්ධදිවසතො පට්ඨාය “අජ්ජ ගමිස්සාමි ස්වෙ ගමිස්සාමී”ති එකාදස වස්සානි අතික්කමිත්වා ද්වාදසමෙ වස්සෙ සත්ථු වෙරඤ්ජායං වසනකාලෙ “සම්මාසම්බුද්ධස්ස සන්තිකං ගමිස්සාමී”ති චිත්තං උප්පාදෙත්වා “මම ‘අජ්ජ ස්වෙ’ති ද්වාදස වස්සානි ජාතානි, හන්දාහං ඉදානෙව ගච්ඡාමී”ති තඞ්ඛණංයෙව අසුරගණපරිවුතො අසුරභවනා නික්ඛමිත්වා දිවා දිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි, එකමන්තං අට්ඨාසීති සො කිර “තථාගතං පඤ්හං පුච්ඡිත්වා එව ධම්මං සුණිස්සාමී”ති ආගතො, තථාගතස්ස පන දිට්ඨකාලතො පට්ඨාය බුද්ධගාරවෙන පුච්ඡිතුං අසක්කොන්තො අපි සත්ථාරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. තතො සත්ථා චින්තෙසි – “අයං පහාරාදො මයි අකථෙන්තෙ පඨමතරං කථෙතුං න සක්ඛිස්සති, චිණ්ණවසිට්ඨානෙයෙව නං කථාසමුට්ඨාපනත්ථං එකං පඤ්හං පුච්ඡිස්සාමී”ති .
නවවැන්නෙහි පහාරාදො යනු එබඳු නම් ඇත්තෙකි. අසුරින්දො යනු අසුර දෙටුවෙකි. අසුරයන් අතුරෙහි වෙපචිත්ති, රාහු, පහාරාද යන මේ තිදෙන දෙටුවෝයි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු දසබලයන් වහන්සේ බුදු වූ දිනයෙහි සිට අද යමි හෙට යමියි එකළොස් වසක් ගෙවා දොළොස් වසරෙහි ශාස්තෲන් වහන්සේ වෙරඤ්ජාවෙහි වෙසෙන කල්හි සම්බුදුන්වහන්සේ සමීපයට යන්නෙමැයි සිත උපදවා මට අද හෙටයයි දොළොස් වසරක් වූයේය. අද ඒකාන්තයෙන්ම දැන්ම යමියි එකෙණෙහිම අසුර සමුහයා පිරිවරා අසුර භවනයෙන් නික්ම මද්දහනෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එකමන්තං අට්ඨාසි යනු හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා මෙසේ ධර්මය අසන්නෙමැයි පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ දුටු වේලෙහි සිට බුද්ධ ගෞරවයෙන් ඇසීමට නොහැකි වන්නේද ශාස්තෲන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිතු සේක. මේ පහාරාද තෙමේ මා කථා නොකරද්දී පළමුව කථා කිරීමට නොහැක්කේය. පුරුදු කළ බලය ඇති තැන්හිම මොහුට කථාව ඇතිකිරීම සඳහා එක් ප්‍රශ්නයක් අසන්නෙමැයි සිතා
අථ නං පුච්ඡන්තො අපි පන පහාරාදාතිආදිමාහ. තත්ථ අභිරමන්තීති රතිං වින්දන්ති, අනුක්කණ්ඨමානා වසන්තීති අත්ථො. සො “පරිචිණ්ණට්ඨානෙයෙව මං භගවා පුච්ඡතී”ති අත්තමනො හුත්වා අභිරමන්ති, භන්තෙති ආහ. අනුපුබ්බනින්නොතිආදීනි සබ්බානි අනුපටිපාටියා නින්නභාවස්ස වෙවචනානි. න ආයතකෙනෙව පපාතොති න ඡින්නතටමහාසොබ්භො විය ආදිතොව පපාතො. සො හි තීරතො පට්ඨාය එකඞ්ගුලද්වඞ්ගුලවිදත්ථිරතනයට්ඨිඋසභඅඩ්ඪගාවුතගාවුතඅඩ්ඪයොජනාදිවසෙන ගම්භීරො හුත්වා ගච්ඡන්තො සිනෙරුපාදමූලෙ චතුරාසීතියොජනසහස්සගම්භීරො හුත්වා ඨිතොති දස්සෙති.
ඉක්බිති ඔහු විමසන සේක් අපි පන පහාරාද යනාදිය පැවසූ සේක. එහි අභිරමන්ති යනු ඇල්ම විඳියි. නොඋකුටලීව වසත්යයි අරුත්ය. හෙතෙම, භාග්‍යවතුන් වහන්සේ පුරුදු කරන ලද තැන්හිම මා විමසන සේකැයි සතුටට පත්වූයේ වී “ස්වාමීනි ඇලුම් කරති”යි කීවේය. අනුපුබ්බනින්නො යනාදිය සියල්ල අනුපිළිවෙලින් පහතට නැඹුරු වූ බවට නම්ය. න ආයතකෙනෙව පපාතො යනු සිඳුණු ඉවුරු ඇති මහ වළක් මෙන් මුලදීම ප්රපාතය නොවෙයි. එය වනාහි ඉවුරෙහි සිට අඟුල දෑඟුල වියත රියන උසභය අඩගව්ව ගව්ව අඩුයොදුන ආදි වශයෙන් ගැඹුරු වී යන්නේ මහමෙර මුල අසූහාරදහසක් යොදුන් ගැඹුරු වී සිටියේයි දක්වන සේක.
ඨිතධම්මොති ඨිතසභාවො. කුණපෙනාති යෙන කෙනචි හත්ථිඅස්සාදීනං කළෙවරෙන. ථලං උස්සාරෙතීති හත්ථෙන ගහෙත්වා විය වීචිපහාරෙනෙව ථලං ඛිපති.
ඨිතධම්මො යනු සිටි සැටියයි. පිහිටි ස්වභාවයයි. කුණපෙන යනු යම්කිසි ඇත් අස් ආදීන්ගේ සිරුරෙනි. ථලං උස්සාදෙති යනු අතින් ගෙන මෙන් රළ පහරින්ම ගොඩ බිමට විසිකරයි.
ගඞ්ගායමුනාති ඉධ ඨත්වා ඉමාසං නදීනං උප්පත්තිකථං කථෙතුං වට්ටති. අයං තාව ජම්බුදීපො දසසහස්සයොජනපරිමාණො, තත්ථ චතුසහස්සයොජනපරිමාණො පදෙසො උදකෙන අජ්ඣොත්ථටො මහාසමුද්දොති සඞ්ඛං ගතො, තිසහස්සයොජනප්පමාණෙ මනුස්සා වසන්ති, තිසහස්සයොජනප්පමාණෙ හිමවා පතිට්ඨිතො උබ්බෙධෙන පඤ්චයොජනසතිකො චතුරාසීතිකූටසහස්සපටිමණ්ඩිතො සමන්තතො සන්දමානපඤ්චසතනදීවිචිත්තො, යත්ථ ආයාමවිත්ථාරෙන ච ගම්භීරතො ච පණ්ණාසපණ්ණාසයොජනා දියඩ්ඪයොජනසතපරිමණ්ඩලා අනොතත්තදහො කණ්ණමුණ්ඩදහො රථකාරදහො ඡද්දන්තදහො කුණාලදහො මන්දාකිනිදහො සීහප්පපාතදහොති සත්ත මහාසරා පතිට්ඨහන්ති.
ගඞ්ගායමුනා යනු මෙහි සිට මේ නදීන්ගේ උත්පත්ති කථාව කීමට වටියි. මේ දඹදිව වනාහි යොදුන් දස දහසක පරිමාණය ඇත්තකි. එහි යොදුන් සාර දහසක පරිමාණය ඇති පෙදෙසක් දියෙන් වැසී ගියේ මහසමුදුරුයි ප්‍රසිද්ධියට ගියේය. යොදුන් තුන්දහසක් ප්‍රමාණයෙහි මිනිස්සු වෙසෙති. යොදුන් තුන්දහසක ප්‍රමාණයෙහි හිමවත පිහිටියේය. (එය) උසින් යොදුන් පන්සියයක් වූයේ අසුසාර දහසක් මුදුන්වලින් යුක්ත වූයේ හාත්පසින් ගලනු ලබන ගංගාවන්ගෙන් විසිතුරු වූයේයි. එහි දිග පළලෙන් හා ගැඹුරෙන් ද පණස් පණස් යොදුන් ඇති යොදුන් එකසිය පණහක පිරිමඬුලු ඇති අනොතත්ත විල, කණ්ඩමුණ්ඩවිල, රථකාරවිල, ඡද්දන්තවිල, කුණාලවිල, මන්දාකිනීවිල, සීහප්පපාතවිල යයි මහවිල් සතක් පිහිටා ඇත.
තෙසු අනොතත්තො සුදස්සනකූටං චිත්තකූටං කාළකූටං ගන්ධමාදනකූටං කෙලාසකූටන්ති ඉමෙහි පඤ්චහි පබ්බතෙහි පරික්ඛිත්තො. තත්ථ සුදස්සනකූටං සොවණ්ණමයං ද්වියොජනසතුබ්බෙධං අන්තොවඞ්කං කාකමුඛසණ්ඨානං තමෙව සරං පටිච්ඡාදෙත්වා තිට්ඨති, චිත්තකූටං සබ්බරතනමයං, කාළකූටං අඤ්ජනමයං, ගන්ධමාදනකූටං සානුමයං අබ්භන්තරෙ මුග්ගවණ්ණං, මූලගන්ධො සාරගන්ධො ඵෙග්ගුගන්ධො තචගන්ධො පපටිකාගන්ධො රසගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ගන්ධගන්ධොති ඉමෙහි දසහි ගන්ධෙහි උස්සන්නං, නානප්පකාරඔසධසඤ්ඡන්නං කාළපක්ඛඋපොසථදිවසෙ ආදිත්තමිව අඞ්ගාරං ජලන්තං තිට්ඨති, කෙලාසකූටං රජතමයං. සබ්බානි සුදස්සනෙන සමානුබ්බෙධසණ්ඨානානි තමෙව සරං පටිච්ඡාදෙත්වා ඨිතානි. තානි සබ්බානි දෙවානුභාවෙන නාගානුභාවෙන ච වස්සන්ති, නදියො චෙතෙසු සන්දන්ති. තං සබ්බම්පි උදකං අනොතත්තමෙව පවිසති. චන්දිමසූරියා දක්ඛිණෙන වා උත්තරෙන වා ගච්ඡන්තා පබ්බතන්තරෙන තත්ථ ඔභාසං කරොන්ති, උජුං ගච්ඡන්තා න කරොන්ති. තෙනෙවස්ස අනොතත්තො තිසඞ්ඛා උදපාදි.
ඒවා අතුරින් අනොතත්ත විල සුදස්සනකූටය, චිත්තකූටය, කාළකූටය, ගන්ධමාදනකූටය, කෙලාසකූට යයි මේ පර්වත පසෙන් වටකරන ලද්දේය. එහි සුදස්සනකූටය රන්මුවා වෙයි. යොදුන් දෙසීයක් උසය. ඇතුළත වක්ය. කවුඩු මුවක සටහන් ඇත්තේය. ඒ (අනොතත්) විලම වසා සිටි චිත්තකූටය හැමරුවන්මුවාය. කාළකූටය අඳුන්මුවාය. ගන්ධමාදනකූටය සානුමය වූයේ වෙයි. ඇතුළත මුං පැහැය ඇත්තේය. මුල්ගඳ, හරගඳ, එළගඳ සිව්ගඳ, පතුරුගඳ කොලගඳ, මල්ගඳ ගෙඩිගඳ කඳෙහි ගඳැයි මේ ගඳින් උත්සන්න වූයේය. නොයෙක් ආකාර ඖෂධවලින් ගැවසී ගත්තේ අමාවක පොහොය දිනයෙහි ගිනිගත් අඟුරක් මෙන් දිලෙමින් පවතියි. කෙලාසකූටය රිදීමුවාය. සියල්ලම සුදස්සන කූටයට සමාන උස් සටහන් ඇත්තේය. ඒ විලම වසා සිටියේයි. සියල්ල දෙවනාග ආදීන්ගේ ආනුභාවයෙන් පවතියි. මේවාහි ගංගා ගලයි. ඒ සියලුම දිය අනොතත්ත විලට පිවිසෙයි. සඳහිරු දකුණෙන් හෝ උතුරෙන් හෝ යන්නේ පර්වත අතුරින් එහි ආලෝකය ඇති කරයි. කෙලින් යමින් ආලෝකය ඇති නොකරයි. එහෙයින්ම එයට අනොතත්ත යයි නමක් හටගත්තේය.
තත්ථ මනොහරසිලාතලානි නිම්මච්ඡකච්ඡපානි ඵලිකසදිසනිම්මලොදකානි න්හානතිත්ථානි සුපටියත්තානි හොන්ති, යෙසු බුද්ධා ඛීණාසවා ච පච්චෙකබුද්ධා ච ඉද්ධිමන්තා ච ඉසයො න්හායන්ති, දෙවයක්ඛාදයො උදකකීළං කීළන්ති.
එහි මනහර පදගල්තලා ඇති මසුකසුඹුවන් නැති පළිඟු මෙන් නිමලදිය ඇති නහනකොට මනාව පිළියෙළ වූයේ වෙයි. ඒවායෙහි බුදුවරු රහත්හු හා පසේ බුදුවරු ද සෘද්ධිමත් සෘෂීහු ද නහති. දේවයක්ෂාදීහුද නහති. කෙළිදෙලෙන් පසුවෙති.
තස්ස චතූසු පස්සෙසු සීහමුඛං, හත්ථිමුඛං, අස්සමුඛං, උසභමුඛන්ති චත්තාරි මුඛානි හොන්ති, යෙහි චතස්සො නදියො සන්දන්ති. සීහමුඛෙන නික්ඛන්තනදීතීරෙ සීහා බහුතරා හොන්ති, හත්ථිමුඛාදීහි හත්ථිඅස්සඋසභා. පුරත්ථිමදිසතො නික්ඛන්තනදී අනොතත්තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා ඉතරා තිස්සො නදියො අනුපගම්ම පාචීනහිමවන්තෙනෙව අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසති. පච්ඡිමදිසතො ච උත්තරදිසතො ච නික්ඛන්තනදියොපි තථෙව පදක්ඛිණං කත්වා පච්ඡිමහිමවන්තෙනෙව උත්තරහිමවන්තෙනෙව ච අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසන්ති. දක්ඛිණමුඛතො නික්ඛන්තනදී පන තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා උත්තරෙන උජුකං පාසාණපිට්ඨෙනෙව සට්ඨි යොජනානි ගන්ත්වා පබ්බතං පහරිත්වා උට්ඨාය පරික්ඛෙපෙන තිගාවුතප්පමාණා උදකධාරා හුත්වා ආකාසෙන සට්ඨි යොජනානි ගන්ත්වා තියග්ගළෙ නාම පාසාණෙ පතිතා, පාසාණො උදකධාරාවෙගෙන භින්නො. තත්ථ පඤ්ඤාසයොජනප්පමාණා තියග්ගළා නාම මහාපොක්ඛරණී ජාතා, පොක්ඛරණියා කූලං භින්දිත්වා පාසාණං පවිසිත්වා සට්ඨි යොජනානි ගතා. තතො ඝනපථවිං භින්දිත්වා උම්මඞ්ගෙන සට්ඨි යොජනානි ගන්ත්වා ගිඤ්ඣං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා හත්ථතලෙ පඤ්චඞ්ගුලිසදිසා පඤ්ච ධාරා හුත්වා පවත්තති. සා තික්ඛත්තුං අනොතත්තං පදක්ඛිණං කත්වා ගතට්ඨානෙ ආවත්තගඞ්ගාති වුච්චති. උජුකං පාසාණපිට්ඨෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ කණ්හගඞ්ගා, ආකාසෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ ආකාසගඞ්ගා, තියග්ගළපාසාණෙ පඤ්ඤාසයොජනොකාසෙ ඨිතා තියග්ගළපොක්ඛරණී, කූලං භින්දිත්වා පාසාණං පවිසිත්වා සට්ඨි යොජනානි ගතට්ඨානෙ බහලගඞ්ගාති, උමඞ්ගෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ උමඞ්ගගඞ්ගාති වුච්චති. විඤ්ඣං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා පඤ්ච ධාරා හුත්වා පවත්තනට්ඨානෙ පන ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහීති පඤ්ච සඞ්ඛං ගතා. එවමෙතා පඤ්ච මහානදියො හිමවන්තතො පවත්තන්තීති වෙදිතබ්බා.
එහිම සතර පැත්තෙහි සිංහ මුඛය හත්ථි මුඛය අශ්වමුඛය හා වෘෂභ මුඛයැයි සතර මුඛයක් වෙයි. ඒවාගෙන් ගංගා සතරක් ගලයි. සිංහ මුඛයෙන් නික්මෙන ගඟ අද්දර සිංහයෝ බොහෝ වෙති. හත්ථි මුඛ ආදියෙන් නික්මෙන ගංඉවුරුවල ඇත් අස් ගොන්නු බහුල වෙති. පෙරදිගින් නික්මෙන නදිය අනොතත්විල තෙවරක් පැදකුණු කොට සෙසු නදී තුනට නොපැමිණ පෙරදිග හිමව්වෙන්ම මිනිස් පියසට නොගොස් මහමුහුදට පිවිසෙයි. පැසුළු දෙසින් ද, උතුරු දෙසින් ද, නික්මෙන නදීහු ද එසේම පැදකුණු කොට පැසුළු හිමවතින් ද උතුරු හිමවතින් මිනිස් පියසට නොගොස් මහමුහුදට පිවිසෙත්. දකුණු මුවින් නික්මෙන නදිය එය තෙවරක් පැදකුණු කොට උතුරෙන් කෙළින්ව ගල්තලය මත්තෙන්ම යොදුන් සැටක් ගොස් පර්වතය පැහැර නැඟී වටින් තුන්ගවුවක් පමණ දිය දහර වී අහසින් යොදුන් සැටක් ගොස් තියග්ගළ නම් ගලෙහි වැටුණේය. ගල දියදහර වේගයෙන් බිඳුනේ එහි යොදුන් පණසක් පමණ වූ තියග්ගළා නම්වූ මහපොකුණ හටගත්තේය. එය පොකුණේ ඉවුර බිඳ ගලට පිවිස සැට යොදුනක් ගියේය. එයින් ඝන පොළොව බිඳ උමගින් සැට යොදුනක් ගොස් වින්ධ්‍යා නම්වූ තිරිසන් පර්වතය පැහැර අතෙහි ඇඟිලි පස සමාන වූ ධාරා පසක්ව පවතියි. එය තෙවරක් අනෝතත්විල පැදකුණු කොට ගිය තැනෙහි ආවත්තගංගායි කියනු ලැබේ. කෙළින් ගලමතින් සැට යොදුනක් ගිය තැන කණ්හගංගායි ද අහසින් සැට යොදුනක් ගිය තැන්හි ආකාසගංගායි ද තියග්ගළ පොකුණයි ද ඉවුර බිඳ ගලට පිවිස ගිය තැන්හි බහලගංගායි ද උමගින් සැට යොදුනක් ගිය තැන්හි උම්මග්ගගංගායි ද වින්ධ්‍යා නම් තිරිසන් පර්වතය පැහැර දහරා පසක්ව ගිය තැන්හි ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යයි නම් පසක් බවට පළට විය. මෙසේ මේ පස් මහා ගංගාවෝ හිමවතිනින් ගලා එතියි දත යුත්තේය.
සවන්තියොති යා කාචි සවමානා ගච්ඡන්තී මහානදියො වා කුන්නදියො වා. අප්පෙන්තීති අල්ලීයන්ති ඔසරන්ති. ධාරාති වුට්ඨිධාරා. පූරත්තන්ති පුණ්ණභාවො. මහාසමුද්දස්ස හි අයං ධම්මතා – “ඉමස්මිං කාලෙ දෙවො මන්දො ජාතො, ජාලක්ඛිපාදීනි ආදාය මච්ඡකච්ඡපෙ ගණ්හිස්සාමා”ති වා “ඉමස්මිං කාලෙ මහන්තා වුට්ඨි, ලභිස්සාම නු ඛො පිට්ඨිපසාරණට්ඨාන”න්ති වා වත්තුං න සක්කා. පඨමකප්පිකකාලතො පට්ඨාය හි යං සිනෙරුමෙඛලං ආහච්ච උදකං ඨිතං, තතො එකඞ්ගුලමත්තම්පි උදකං නෙව හෙට්ඨා ඔසීදති, න උද්ධං උත්තරති. එකරසොති අසම්භින්නරසො.
සවන්තියො යනු ගලමින් යන යම්කිසි මහානදීහු හෝ කුඩා නදීහුයි. අප්පෙන්ති යනු ඇලෙති. ධාරා යනු වැසි දහරයි, පූරත්තං යනු පිරුණු බවයි. මහසමුදුරෙහි මේ ස්වභාවයයි. මෙකල්හි වැස්ස මඳවූයේය. දැල් ආදිය රැගෙන කසුඹුවන් ගන්නෙමැයි හෝ මෙකල්හි ගල්තලාවෙහි මහවැසි ලබන්නෙමු නොවේදැයි හෝ කීමට නොහැකිය. ප්‍රථම කල්පික (ලොවමැවුණු) කාලයෙහි සිට මහමෙර බඳෙහි වැදී සිටි ජලයක් වේද එයින් අඟලක් පමණ වූද ජලය යටට ගිලානොබසී උඩට නැගී නොඑයි. එකරසො යනු නොවෙනස් වූ රසයයි.
මුත්තාති ඛුද්දකමහන්තවට්ටදීඝාදිභෙදා අනෙකවිධා. මණීති රත්තනීලාදිභෙදො අනෙකවිධො. වෙළුරියොති වංසවණ්ණසිරීසපුප්ඵවණ්ණාදිභෙදො අනෙකවිධො. සඞ්ඛොති දක්ඛිණාවට්ටතම්බකුච්ඡිකධමනසඞ්ඛාදිභෙදො අනෙකවිධො. සිලාති සෙතකාළමුග්ගවණ්ණාදිභෙදො අනෙකවිධා. පවාළන්ති ඛුද්දකමහන්තරත්තඝනරත්තාදිභෙදං අනෙකවිධං. මසාරගල්ලන්ති කබරමණි. නාගාති ඌමිපිට්ඨවාසිනොපි විමානට්ඨකා නාගාපි.
මුත්තා යනු කුඩා මහත් වටදිගු ආදී භේද ඇති නොයෙක් ආකාර මුතුය. මණි යනු රතුනිල් ආදී භෙද ඇති නොයෙක් ආකාර මැණික්ය. වෙළුරියො යනු උණ පැහැ සිරස මල් පැහැ ආදී භේද ඇති නොයෙක් ආකාර වූ වෙරළුමිණිය. සඞ්ඛො යනු දක්ෂිණාවෘත්ත තම්බකුච්ඡිකමන සඞ්ඛ ආදී භේද ඇති නොයෙක් ආකාර හක්ය. පවාළං යනු කුඩා මහත් රතු ඝනරත් ආදී භේද ඇති නොයෙක් ආකාර පබළුය. මසාරගල්ලං යනු තිත්වැටුණු මැණික් වර්ගයකි. නාගා යනු රළ මත්තෙහි වසන්නෝ ද වෙති.
අට්ඨ පහාරාදාති සත්ථා අට්ඨපි ධම්මෙ වත්තුං සක්කොති, සොළසපි බාත්තිංසපි චතුසට්ඨිපි සහස්සම්පි, පහාරාදෙන පන අට්ඨ කථිතා, අහම්පි තෙහෙව සරික්ඛකෙ කත්වා කථෙස්සාමීති චින්තෙත්වා එවමාහ. අනුපුබ්බසික්ඛාතිආදීසු අනුපුබ්බසික්ඛාය තිස්සො සික්ඛා ගහිතා, අනුපුබ්බකිරියාය තෙරස ධුතඞ්ගානි, අනුපුබ්බපටිපදාය සත්ත අනුපස්සනා අට්ඨාරස මහාවිපස්සනා අට්ඨතිංස ආරම්මණවිභත්තියො සත්තතිංස බොධපක්ඛියධම්මා. න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධොති මණ්ඩූකස්ස උප්පතිත්වා ගමනං විය ආදිතොව සීලපූරණාදිං අකත්වා අරහත්තප්පටිවෙධො නාම නත්ථි, පටිපාටියා පන සීලසමාධිපඤ්ඤායො පූරෙත්වාව සක්කා අරහත්තං පත්තුන්ති අත්ථො.
අට්ඨපහාරාදා යනු ශාස්තෲන් වහන්සේ ධර්ම අටක් කීමට හැකිවෙති. සොළසක් ද දෙතිසක් ද සිවුසැටක් ද දහසක් ද කීමට හැකි වෙති. පහාරාද විසින් වනාහි අටක් කියනලදි. මම ද ඒවාටම සමාන කොට කියන්නෙමැයි සිතා මෙසේ පැවසූ සේක. අනුපුබ්බසික්ඛාය යන්නෙන් ත්‍රිවිධ ශික්ෂා කියන ලදි. අනුපුබ්බකිරියාය යන්නෙන් තෙළෙස් ධුතංඟයෝ ද අනුපුබ්බපටිපදාය යන්නෙන් අනුපස්සනා සත අටළොස් මහා විදර්ශනා අටතිස් අරමුණු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන ලදි. න ආයතකෙන අඤ්ඤාපටිවෙධො යනු මැඬියාගේ උඩපැන යාමක් මෙන් සිල්පිරීම ආදිය නොකොට රහත්බව අවබෝධ කිරීමක් නැතැයි පිළිවෙලින් ශීලසමාධි ප්‍රඥා සපුරාම රහත්බවට පැමිණීමට හැකිය යන අරුත්ය.
ආරකාවාති දූරෙයෙව. න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වාති අසඞ්ඛ්යෙය්යෙපි කප්පෙ බුද්ධෙසු අනුප්පන්නෙසු එකසත්තොපි පරිනිබ්බාතුං න සක්කොති, තදාපි “තුච්ඡා නිබ්බානධාතූ”ති න සක්කා වත්තුං. බුද්ධකාලෙ ච පන එකෙකස්මිං සමාගමෙ අසඞ්ඛ්යෙය්යාපි සත්තා අමතං ආරාධෙන්ති, තදාපි න සක්කා වත්තුං – “පූරා නිබ්බානධාතූ”ති.
ආරකා වා යනු දුරෙහිමය, න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පුරත්තං වා යනු අසඞ්ඛ්‍ය කල්පයක වුව ද බුදුවරුන් නූපන් කල්හි එක් සත්වයෙකුදු පිරිනිවීමට නොහැක්කේය. එදා ද නිර්වාණ ධාතුව හිස්යයි කීමට නොහැකිය. බුද්ධකාලයෙහි වනාහි එක් එක් සමාගමක අසංඛ්‍යෙයයක් වුවද සත්ත්වයෝ අමෘතය සතුටුවෙති. එදා ද නිබ්බානධාතුව සපිරුනේ යයි කීමට නොහැකිය.
10. උපොසථ සුත්තවණ්ණනා
10. උපෝසථ සූත්‍ර වර්ණනාව
දසමෙ නිසින්නො හොතීති උපොසථකරණත්ථාය උපාසිකාය රතනපාසාදෙ නිසින්නො. නිසජ්ජ පන භික්ඛූනං චිත්තානි ඔලොකෙන්තො එකං දුස්සීලපුග්ගලං දිස්වා “සචාහං ඉමස්මිං පුග්ගලෙ නිසින්නෙයෙව පාතිමොක්ඛං උද්දිසිස්සාමි, සත්තධා තස්ස මුද්ධා ඵලිස්සතී”ති තස්ස අනුකම්පාය තුණ්හීයෙව අහොසි. අභික්කන්තාති අතික්කන්තා පරික්ඛීණා. උද්ධස්තෙ අරුණෙති උග්ගතෙ අරුණසීසෙ. නන්දිමුඛියාති තුට්ඨමුඛියා. අපරිසුද්ධා, ආනන්ද, පරිසාති “අසුකපුග්ගලො අපරිසුද්ධො”ති අවත්වා “අපරිසුද්ධා, ආනන්ද, පරිසා”ති ආහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දසවැන්නෙහි නිසින්නො යනු පොහොය කිරීම සඳහා උපාශිකාවගේ රුවන් පහයෙහි හුන්නේය. හිඳ භික්ෂුන්ගේ සිත් බලන්නේ එක් දුසිල් පුද්ගලයකු දැක ඉදින් මම මේ පුද්ගලයා හුන් කල්හිම පාමොක් උදෙසන්නෙම් නම් ඔහුගේ හිස සත්කඩකට පැලෙන්නේ යයි ඔහුට අනුකම්පාවෙන් නිශ්ශබ්ද වූයේය. ඉක්මුනේ පිරිහුනේයි. උද්ධසෙත අරුණෙ යනු අරුණ නැගුණු කල්හියි. නන්දිමුඛියා යනු සතුටු මුව ඇත්තියගේයි. අපරිසුද්ධා ආනන්ද පරිසා යනු අසුවල් පුද්ගලයා අපිරිසුදුයයි නොකියා ආනන්ද, පිරිස අපිරිසුදුයයි වදාළ සේක. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.
මහාවග්ගො දුතියො.
දෙවැනි මහා වර්ගයයි.