2. සීහසෙනාපති සුත්තවණ්ණනා අට්ඨකථා
2. සීහසෙනාපති සුත්තවණ්ණනා
2. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
දුතියෙ අභිඤ්ඤාතාති ඤාතා පඤ්ඤාතා පාකටා. සන්ථාගාරෙති මහාජනස්ස විස්සමනත්ථාය කතෙ අගාරෙ. සා කිර සන්ථාගාරසාලා නගරමජ්ඣෙ අහොසි, චතූසු ඨානෙසු ඨිතානං පඤ්ඤායති, චතූහි දිසාහි ආගතමනුස්සා පඨමං තත්ථ විස්සමිත්වා පච්ඡා අත්තනො අත්තනො ඵාසුකට්ඨානං ගච්ඡන්ති. රාජකුලානං රජ්ජකිච්චසන්ථරණත්ථාය කතං අගාරන්තිපි වදන්තියෙව. තත්ථ හි නිසීදිත්වා ලිච්ඡවිරාජානො රජ්ජකිච්චං සන්ථරන්ති කරොන්ති විචාරෙන්ති. සන්නිසින්නාති තෙසං නිසීදනත්ථඤ්ඤෙව පඤ්ඤත්තෙසු මහාරහවරපච්චත්ථරණෙසු සමුස්සිතසෙතච්ඡත්තෙසු ආසනෙසු සන්නිසින්නා. අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්තීති රාජකුලෙ කිච්චඤ්චෙව ලොකත්ථචරියඤ්ච විචාරෙත්වා අනෙකෙහි කාරණෙහි බුද්ධස්ස වණ්ණං භාසන්ති කථෙන්ති දීපෙන්ති. පණ්ඩිතා හි තෙ රාජානො සද්ධා පසන්නා සොතාපන්නාපි සකදාගාමිනොපි අනාගාමිනොපි අරියසාවකා, තෙ සබ්බෙපි ලොකියජටං ඡින්දිත්වා බුද්ධාදීනං තිණ්ණං රතනානං වණ්ණං භාසන්ති. තත්ථ තිවිධො බුද්ධවණ්ණො නාම චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණොති. තත්රිමෙ රාජානො චරියාය වණ්ණං ආරභිංසු – “දුක්කරං වත කතං සම්මාසම්බුද්ධෙන කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛෙය්යානි දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමත්තිංස පාරමියො පූරෙන්තෙන, ඤාතත්ථචරියං, ලොකත්ථචරියං, බුද්ධචරියං මත්ථකං පාපෙත්වා පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජන්තෙනා”ති අඩ්ඪච්ඡක්කෙහි ජාතකසතෙහි බුද්ධවණ්ණං කථෙන්තා තුසිතභවනං පාපෙත්වා ඨපයිංසු.
දෙවැන්නෙහි අභිඤ්ඤාතා යනු දන්නාලද, ප්‍රසිද්ධ වූ, ප්‍රකට වූයි, සන්ථාගාරෙ යනු මහජනයාගේ ගිමන් නිවන ගෘහයෙහියි, විසඹුලෑම සඳහා තනන ලද ගෘහයෙහියි. ඒ සන්ථාගාර ශාලාව නුවර මැද වූයේය. සතර තැනක සිටියවුනට පැනෙයි. සිවුදිගින් පැමිණි මිනිස්සු පළමුව එහි විශ්‍රාම ගෙන පසුව තමතමන්ට පහසු දෙසකට යති. රාජකුලයන්ට රාජ්‍ය කෘත්‍යයන් සාකච්ඡා කිරීම සඳහා කරනලද ගෘහයයි ද කියත්මය. එහි හිඳ ලිච්ඡවි රජවරු රාජ්‍ය කෘත්‍ය පතුරුවති, කරති, විචාරති. සන්නිසින්නා යනු ඒ රජවරුනට හිඳීම සඳහාම පනවනලද මාහැඟි පසුතුරුණු ඇති නංවනලද සේසත් ඇති අසුන්හි හුන්නාහුයි. අනෙකපරියායෙන බුද්ධස්සවණ්ණං භාසන්ති යනු රාජකුලයෙහි කටයුතු ද ලෝකාර්ත්ථ චර්යාව ද විචාරා නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේගේ ගුණය කියත්, පවසත්, පැහැදිලි කරති. ඒ රජවරු පඬිවරුය. සැදැහැවත්තුය. පැහැදුනෝය. සෝවාන් වූවාහු ද සකෘදාගාමි වූවාහු ද අනාගාමි වූවාහු ද ආර්යශ්‍රාවක වූ ඒ සියල්ලෝම ලෞකික බැඳුම් සිඳ බුද්ධාදී තෙරුවන් ගුණ පවසත්. එහි සිරිත් වැණුම, සිරුර වැනුම, ගුණ වැණුම යයි බුදු වැණුම තෙවැදෑරුම් වෙයි. එහිදී මේ රජවරු සිරිත් වැණුම ඇරඹූහ. කල්ප ලක්ෂයක් අධික වූ සාරාසංඛ්යයක් කාලය පුරා දසපාරමී දස උපපාරමී, දසපරමත්ථපාරමී යයි සමතිස් පෙරුම්පුරමින් ඥාති අර්‍ත්‍ථචර්‍ය්‍යාව ලොකාර්ත්ථචර්ය්යාව හා බුද්ධි චර්යාව මුදුන් පමුණුවමින් පංච මහා පරිත්‍යාගයන් අත්හරින්නා වූ සම්මා සම්බුදුන් වහන්සේ විසින් ඒකාන්තයෙන්ම දුෂ්කරවූවක් කරන ලදැයි පන්සිය පණසක් වූ ජාතකයන්ගෙන් බුදුවැණුම පවසමින් තුසිත භවනයට පමුණුවා තැබවූහ.
ධම්මස්ස වණ්ණං භාසන්තා පන “තෙන භගවතා ධම්මො දෙසිතො, නිකායතො පඤ්ච නිකායා, පිටකතො තීණි පිටකානි, අඞ්ගතො නව අඞ්ගානි, ඛන්ධතො චතුරාසීතිධම්මක්ඛන්ධසහස්සානී”ති කොට්ඨාසවසෙන ධම්මගුණං කථයිංසු.
දහම් වැණුම පවසන්නාහු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නිකාය වශයෙන් නිකාය පහක් ද පිටක වශයෙන් පිටක තුනක්ද අඞ්ග වශයෙන් අංග නවයක් ද ස්කන්ධ වශයෙන් අසූහාරදහසක් ධර්මස්කන්ධයන් ද ධර්මය දෙසන ලදැයි කොටස් වශයෙන් දහම් දැනුම පැවසූහ.
සඞ්ඝස්ස වණ්ණං භාසන්තා සත්ථු ධම්මදෙසනං සුත්වා “පටිලද්ධසද්ධා කුලපුත්තා භොගක්ඛන්ධඤ්චෙව ඤාතිපරිවට්ටඤ්ච පහාය සෙතච්ඡත්තං ඔපරජ්ජං සෙනාපතිසෙට්ඨිභණ්ඩාගාරිකට්ඨානන්තරාදීනි අගණෙත්වා නික්ඛම්ම සත්ථු වරසාසනෙ පබ්බජන්ති. සෙතච්ඡත්තං පහාය පබ්බජිතානං භද්දියරාජමහාකප්පිනපුක්කුසාතිආදීනං රාජපබ්බජිතානංයෙව බුද්ධකාලෙ අසීතිසහස්සානි අහෙසුං. අනෙකකොටිසතං ධනං පහාය පබ්බජිතානං පන යසකුලපුත්තසොණසෙට්ඨිපුත්තරට්ඨපාලකුලපුත්තාදීනං පරිච්ඡෙදො නත්ථි. එවරූපා ච එවරූපා ච කුලපුත්තා සත්ථු සාසනෙ පබ්බජන්තී”ති පබ්බජ්ජාසඞ්ඛෙපවසෙන සඞ්ඝගුණෙ කථයිංසු.
සඟ ගුණ පවසන්නාහු ශාස්තෘන් වහන්සේගේ දම් දෙසුම අසා ලද සැදැහැ ඇති කුලපුත්තු භෝග සමුහය ද නෑ පිරිස ද අතහැර සේසත, උපරජකම, සෙන්පති සිටු භාණ්ඩාගාරික යන තනතුරු නොසලකා නික්ම ශාස්තෲ ශාසනයෙහි පැවිදි වෙති. සේසත අතහැර පැවිදි වූ භද්දියරාජ මහාකප්පින පුක්කුසාති ආදීවූ රජුන්ව සිට පැවිදි වූවන්ගෙන්ම බුද්ධකාලයෙහි අසූ දහසක් විය. නොයෙක් කෙළ ගණන් ධනය අතහැර පැවිදි වූ යසකුලපුත් සොණ සිටුපුත් රට්ඨපාල කුලපුත් ආදීන්ගේ සීමාවක් නැත. මෙබඳු මෙබඳු වූ කුලපුත්තු ශාස්තෲ ශාසනයෙහි පැවිදිවෙතියි පැවිදිවීම් වශයෙන් සඟගුණ පැවසූහ.
සීහො සෙනාපතීති එවංනාමකො සෙනාය අධිපති. වෙසාලියඤ්හි සත්ත සහස්සානි සත්ත සතානි සත්ත ච රාජානො. තෙ සබ්බෙපි සන්නිපතිත්වා සබ්බෙසං මනං ගහෙත්වා “රට්ඨං විචාරෙතුං සමත්ථං එකං විචිනථා”ති විචිනන්තා සීහං රාජකුමාරං දිස්වා “අයං සක්ඛිස්සතී”ති සන්නිට්ඨානං කත්වා තස්ස රත්තමණිවණ්ණං කම්බලපරියොනද්ධං සෙනාපතිච්ඡත්තං අදංසු. තං සන්ධාය වුත්තං – “සීහො සෙනාපතී”ති. නිගණ්ඨසාවකොති නිගණ්ඨස්ස නාටපුත්තස්ස පච්චයදායකො උපට්ඨාකො. ජම්බුදීපතලස්මිඤ්හි තයො ජනා නිගණ්ඨානං අග්ගුපට්ඨාකා – නාළන්දායං, උපාලි ගහපති, කපිලපුරෙ වප්පො සක්කො, වෙසාලියං අයං සීහො සෙනාපතීති. නිසින්නො හොතීති සෙසරාජූනං පරිසාය අන්තරන්තරෙ ආසනානි පඤ්ඤාපයිංසු, සීහස්ස පන මජ්ඣෙ ඨානෙති තස්මිං පඤ්ඤත්තෙ මහාරහෙ රාජාසනෙ නිසින්නො හොති. නිස්සංසයන්ති නිබ්බිචිකිච්ඡං අද්ධා එකංසෙන, න හෙතෙ යස්ස වා තස්ස වා අප්පෙසක්ඛස්ස එවං අනෙකසතෙහි කාරණෙහි වණ්ණං භාසන්ති.
සීහො සෙනාපති යනු මෙබඳු නම් ඇතිවූ සේනාවට අධිපතියායි. විශාලාවෙහි රජවරු සත්දහස් පන්සිය සතකි. ඒ සියල්ලෝම රැස්ව සියල්ලන්ගේ සිත්ගෙන රටපාලනයට සමත් කෙනකු විමසුවයි විමසමින් සීහ නම් රජකුමරු දැක මෙතෙම හැකිවන්නේ යයි සනිටුහන් කොට ඔහුට රත්මිණි පැහැ ඇති කම්බලයකින් වට කරන ලද සෙන්පති සත දුන්නාහුය. ඔහු සඳහා “සීහො සෙනාපති”යි කියන ලදි. නිගණ්ඨ සාවකො යන නිගණ්ඨනාථපුත්රයන්ට, ප්‍රත්‍යය දෙන්නා වූ උපස්ථායකයෙකි, නාලන්දාවෙහි උපාලි ගෘහපති, කපිල පුරයෙහි වප්ප ශාක්‍යතෙමේ හා විශාලාවෙහි සීහසෙනාපති යයි දඹදිව් තෙලෙහි නිගණ්ඨයන්ට අග්‍ර උපස්ථායක වූ තිදෙනෙකි. නිසින්නො හොති යනු සෙසු රජවරුන්ට පිරිස අතරතුරෙහි අසුන් පැනවූහ. සීහට වනාහි මැද තැනෙහියි. එහි පැනවූ මාහැඟි රජසුනෙහි හුන්නේ වෙයි: නිස්සංසයං යනු සැක නැතිව ඒකාන්තයෙන්ය. ඔවුහු යම් ඒ අල්පේශාක්යයකුගේ නොයෙක් සිය ගණන් කරුණින් ගුණ නොකියති.
යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමීති නිගණ්ඨො කිර නාටපුත්තො “සචායං සීහො කස්සචිදෙව සමණස්ස ගොතමස්ස වණ්ණං කථෙන්තස්ස සුත්වා සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සති, මය්හං පරිහානි භවිස්සතී”ති චින්තෙත්වා පඨමතරංයෙව සීහං සෙනාපතිං එතදවොච – “සෙනාපති ඉමස්මිං ලොකෙ ‘අහං බුද්ධො අහං බුද්ධො’ති බහූ විචරන්ති. සචෙ ත්වං කස්සචි දස්සනාය උපසඞ්කමිතුකාමො අහොසි, මං පුච්ඡෙය්යාසි. අහං තෙ යුත්තට්ඨානං පෙසෙස්සාමි, අයුත්තට්ඨානතො නිවාරෙස්සාමී”ති. සො තං කථං අනුස්සරිත්වා “සචෙ මං පෙසෙස්සති, ගමිස්සාමි. නො චෙ, න ගමිස්සාමී”ති චින්තෙත්වා යෙන නිගණ්ඨො නාටපුත්තො, තෙනුපසඞ්කමි.
යෙන නිගණ්ඨො නාථපුත්තො තෙනුපසඞ්කමි යනු නිගණ්ඨනාථපුත්ත තෙමේ ඉදින් මේ සීහ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ කියන කිසිවකුට කන්දී ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා එළඹෙන්නේ නම් මගේ පරිහානිය වන්නේයයි සිතා පළමුව සීහ සෙන්පතිට මෙසේ කීවේය. “සෙන්පතියෙනි, මෙලොවෙහි මම බුදුය මම බුදුයයි (කියමින්) බොහෝ දෙනෙක් හැසිරෙති. ඉදින් ඔබ කිසිවකු දැකීමට එළඹෙනු කැමැත්තෙහි නම් මගෙන් අසන්නෙහිය. මම නුඹ සුදුසු තැන යවන්නෙමි. නුසුදුසු තැනින් වළහන්නෙමි”. හෙතෙම ඒ කථාව සිහි කොට ඉදින් මා යවන්නේ නම් යන්නෙම්ද නොයන්නෙම්දැයි සිතා [missing trans]
අථස්ස වචනං සුත්වා නිගණ්ඨො මහාපබ්බතෙන විය බලවසොකෙන ඔත්ථටො “යත්ථ දානිස්සාහං ගමනං න ඉච්ඡාමි, තත්ථෙව ගන්තුකාමො ජාතො, හතොහමස්මී”ති අනත්තමනො හුත්වා “පටිබාහනුපායමස්ස කරිස්සාමී”ති චින්තෙත්වා කිං පන ත්වන්තිආදිමාහ. එවං වදන්තො විචරන්තං ගොණං දණ්ඩෙන පහරන්තො විය ජලමානං පදීපං නිබ්බාපෙන්තො විය භත්තභරිතං පත්තං නික්කුජ්ජන්තො විය ච සීහස්ස උප්පන්නපීතිං විනාසෙසි. ගමියාභිසඞ්ඛාරොති හත්ථියානාදීනං යොජාපනගන්ධමාලාදිග්ගහණවසෙන පවත්තො පයොගො. සො පටිප්පස්සම්භීති සො වූපසන්තො.
මේ වචන අසා නිගණ්ඨ තෙමේ මහාපර්වතයකින් (හෙළන ලද්දාක්) මෙන් බලවත් සොවින් ගැලුණේ මම යම් තැනෙක්හි මොහුගේ ගමන නොකැමැති වෙම්ද එහිම යනු කැමැත්තේ වූයේය. මම නටුවා වෙමියි නොසතුටු වී මොහු වැළැක්වීමේ උපායක් කරන්නෙමැයි සිතා කිං පන ත්වං යනාදිය කීවේය. මෙසේ කියමින්, හැසිරෙන ගොණකු දඬුවකින් පහරන්නකු මෙන් ද දැල්වෙන පහනක් නිවන්නකු මෙන් ද බත් සහිත බඳුනක් යටිකුරු කරන්නකු මෙන් ද සීහට උපන් සතුට වැනසීය. ගමියාභිසඞ්කාරො යනු ඇත් යානාදියට යොදවන ගඳමල් ආදිය ගැනීම් වශයෙන් පැවැති ප්‍රයෝගයකි. සො පටිප්පස්සම්හි යනු හෙතෙම සංසිඳුනේය.
දුතියම්පි ඛොති දුතියවාරම්පි. ඉමස්මිඤ්ච වාරෙ බුද්ධස්ස වණ්ණං භාසන්තා තුසිතභවනතො පට්ඨාය යාව මහාබොධිපල්ලඞ්කා දසබලස්ස හෙට්ඨා පාදතලෙහි උපරි කෙසග්ගෙහි පරිච්ඡින්දිත්වා ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභානං වසෙන සරීරවණ්ණං කථයිංසු. ධම්මස්ස වණ්ණං භාසන්තා “එකපදෙපි එකබ්යඤ්ජනෙපි අවඛලිතං නාම නත්ථී”ති සුකථිතවසෙනෙව ධම්මගුණං කථයිංසු. සඞ්ඝස්ස වණ්ණං භාසන්තා “එවරූපං යසසිරිවිභවං පහාය සත්ථු සාසනෙ පබ්බජිතා න කොසජ්ජපකතිකා හොන්ති, තෙරසසු පන ධුතඞ්ගගුණෙසු පරිපූරකාරිනො හුත්වා සත්තසු අනුපස්සනාසු කම්මං කරොන්ති, අට්ඨතිංසාරම්මණවිභත්තියො වළඤ්ජෙන්තී”ති පටිපදාවසෙන සඞ්ඝගුණෙ කථයිංසු.
දුතියම්පි ඛො යනු දෙවැනි වරෙහි ද යනුයි. මේ වාරයෙහි ද බුදුන්ගේ ගුණ කියන්නාහු තුසිත භවනයෙහි පටන් බෝ පළඟ දක්වා දශබලයන් වහන්සේගේ යට පාද තලයන්ගෙන් හා මත්තෙහි කෙසඟින් ද පිරිසිඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූඅනුව්‍යඤ්ජන ඛ්යාමප්රභාවන්ගේ වශයෙන් ශරීර වර්ණනාව කීවාහුය. ධර්මයේ ගුණ කියන්නාහු එක් පදයක ද එක් ව්‍යංජනයක ද වැරදිව ලියන ලද්දක් නම් නැතැයි මනාව කියන ලද්දක් වශයෙන් ධර්මයේ ගුණ කීවාහුය. සංඝයාගේ ගුණය කියන්නාහු මෙබඳු වූ සැපසම්පත් අතහැර ශාස්තෲ ශාසනයෙහි පැවිදි වූවෝ කුසීත ස්වභාවය ඇත්තෝ නොවෙත්. තෙළෙස් ධුත ගුණයන් සපුරන්නෝ වී සවැදෑරුම් අනුපස්සනාවන්හි කටයුතු කරති. අටතිස් අරමුණ බැඳීම් වළඳිතියි පිළිවෙත් වශයෙන් සංඝයාගේ ගුණ පැවසූහ.
තතියවාරෙ පන බුද්ධස්ස වණ්ණං භාසමානා “ඉතිපි සො භගවා”ති සුත්තන්තපරියායෙනෙව බුද්ධගුණෙ කථයිංසු, “ස්වාක්ඛාතො භගවතා ධම්මො”තිආදිනා සුත්තන්තපරියායෙනෙව ධම්මගුණෙ, “සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො”තිආදිනා සුත්තන්තපරියායෙනෙව සඞ්ඝගුණෙ ච කථයිංසු. තතො සීහො චින්තෙසි – “ඉමෙසඤ්ච ලිච්ඡවිරාජකුමාරානං තතියදිවසතො පට්ඨාය බුද්ධධම්මසඞ්ඝගුණෙ කථෙන්තානං මුඛං නප්පහොති, අද්ධා අනොමගුණෙන සමන්නාගතා සො භගවා, ඉමං දානි උප්පන්නං පීතිං අවිජහිත්වාව අහං අජ්ජ සම්මාසම්බුද්ධං පස්සිස්සාමී”ති. අථස්ස “කිං හි මෙ කරිස්සන්ති නිගණ්ඨා”ති විතක්කො උදපාදි. තත්ථ කිං හි මෙ කරිස්සන්තීති කිං නාම මය්හං නිගණ්ඨා කරිස්සන්ති. අපලොකිතා වා අනපලොකිතා වාති ආපුච්ඡිතා වා අනාපුච්ඡිතා වා. න හි මෙ තෙ ආපුච්ඡිතා යානවාහනසම්පත්තිං, න ච ඉස්සරියවිසෙසං දස්සන්ති, නාපි අනාපුච්ඡිතා හරිස්සන්ති, අඵලං එතෙසං ආපුච්ඡනන්ති අධිප්පායො.
තෙවැනි වරෙහි බුදුගුණ කියන්නාහු “ඉතිපි සො භගවා” යනුවෙන් සූත්‍රාන්ත ක්‍රමයෙන්ම බුදුගුණ කීහ. “ස්වාක්ඛාතො භගවතා ධම්මො” ආදියෙන් සූත්‍රාන්ත ක්‍රමයෙන්ම දහම් ගුණ ද “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො” යනාදියෙන් සූත්‍රාන්ත ක්‍රමයෙන්ම සඟ ගුණයන් ද කීවාහුය. ඉක්බිති සීහ තෙමේ “තෙවැනි දිනයෙහි පටන් බුද්ධ-ධර්ම -සංඝ ගුණයන් පවසන මේ ලිච්ඡවි රජ කුමරුන්ගේ මුව නොපොහොනේයි. ඒකාන්තයෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ උතුම් ගුණයෙන් යුක්තවූවෙකි. දැන් මේ උපන් ප්‍රීතිය අත නොහැරම මම අද සම්මා සම්බුදුන් වහන්සේ දකින්නෙමි”යි සිතුවේය. ඉක්බිති ඔහුට නිගණ්ඨයෝ මට කුමක් කරත්දැයි සැකයක් උපන්නේය. එහි කිං හි මෙ කරිස්සන්ති යනු කුමක් නම් මට නිගණ්ඨයෝ කරත්ද යනුයි. අපලොකිතා වා අනපලොකිතා වා යනු අසන ලද්දෝ හෝ නොඅසන ලද්දෝයි. අසනලද ඔවුහු මට යානවාහන සැපත්ද ඉසුරු වෙසෙසක්ද නොදක්වත්. නොඅසන ලද්දෝ ද (එබඳු සැපත්) නොගෙනෙත්, මොවුන් විමසීම ඵලරහිතයයි අදහසයි.
වෙසාලියා නිය්යාසීති යථා හි ගිම්හකාලෙ දෙවෙ වුට්ඨෙ උදකං සන්දමානං නදිං ඔතරිත්වා ථොකමෙව ගන්ත්වා තිට්ඨති නප්පවත්තති, එවං සීහස්ස පඨමදිවසෙ “දසබලං පස්සිස්සාමී”ති උප්පන්නාය පීතියා නිගණ්ඨෙන පටිබාහිතකාලො. යථාපි දුතියදිවසෙ දෙවෙ වුට්ඨෙ උදකං සන්දමානං නදිං ඔතරිත්වා ථොකං ගන්ත්වා වාලිකාපුඤ්ජං පහරිත්වා අප්පවත්තං හොති, එවං සීහස්ස දුතියදිවසෙ “දසබලං පස්සිස්සාමී”ති උප්පන්නාය පීතියා නිගණ්ඨෙන පටිබාහිතකාලො. යථා තතියදිවසෙ දෙවෙ වුට්ඨෙ උදකං සන්දමානං නදිං ඔතරිත්වා පුරාණපණ්ණසුක්ඛදණ්ඩකට්ඨකචවරාදීනි පරිකඩ්ඪන්තං වාලිකාපුඤ්ජං භින්දිත්වා සමුද්දනින්නමෙව හොති, එවං සීහො තතියදිවසෙ තිණ්ණං වත්ථූනං ගුණකථං සුත්වා උප්පන්නෙ පීතිපාමොජ්ජෙ “අඵලා නිගණ්ඨා නිප්ඵලා නිගණ්ඨා, කිං මෙ ඉමෙ කරිස්සන්ති, ගමිස්සාමහං සත්ථුසන්තික”න්ති මනං අභිනීහරිත්වා වෙසාලියා නිය්යාසි. නිය්යන්තො ච “චිරස්සාහං දසබලස්ස සන්තිකං ගන්තුකාමො ජාතො, න ඛො පන මෙ යුත්තං අඤ්ඤාතකවෙසෙන ගන්තු”න්ති “යෙකෙචි දසබලස්ස සන්තිකං ගන්තුකාමා, සබ්බෙ නික්ඛමන්තූ”ති ඝොසනං කාරෙත්වා පඤ්චරථසතානි යොජාපෙත්වා උත්තමරථෙ ඨිතො තෙහි චෙව පඤ්චහි රථසතෙහි මහතියා ච පරිසාය පරිවුතො ගන්ධපුප්ඵචුණ්ණවාසාදීනි ගාහාපෙත්වා නිය්යාසි. දිවා දිවස්සාති දිවසස්ස ච දිවා, මජ්ඣන්හිකෙ අතික්කන්තමත්තෙ.
වෙසාලියා නිය්යාසි යනු යම්සේ ග්‍රීෂ්ම කාලයෙහි වැසි වට කල දිය ගලමින් නදියට වැටී ටික දුරක් ගොස් සිටිය ද නොගලා පවතියි ද එසේ සීහට පළමු දිනයෙහි දශබලයන් වහන්සේ දකින්නෙමැයි උපන් සතුට නිගණ්ඨයන් විසින් වළක්වනලද කාලයයි. යම් සේ වනාහි දෙවැනි දිනයෙහි වැසි වට විට දිය ගලමින් නදියට වැටී ටිකක් ගොස් වැළි ගොඩ පැහැර නවතින්නේ වෙයිද එසේ සිංහගේ දෙවැනි දිනයෙහි දශබලයන් වහන්සේ දකින්නෙමැයි උපන් සතුට නිගණ්ඨයා විසින් වැළැක්වූ කාලයයි. යම්සේ තෙවැනි දිනයෙහි වැසි වට විට ගලායන දිය නදියට වැටී පරණළා වියළි දඬු බට කසල ආදිය ඇද දමමින් වැලි ගොඩ බිඳහරිමින් මුහුදට යොමුවූයේ වෙයිද මෙසේ සීහ තෙමේ තෙවැනි දිනයෙහි ත්‍රිවිධ වස්තූන්ගේ ගුණ කථාව අසා ප්‍රීතිප්‍රමෝද්‍යය උපන් කල්හි නිගණ්ඨයෝ ඵල රහිතය නිෂ්පලය. මේ නිගණ්ඨයෝ මට කුමක් කරත්ද මම ශාස්තෲන් වහන්සේ සමීපයට යන්නෙමැයි යාම නිශ්චය කොට විශාලාවෙන් නික්මුනේය. නික්මෙන්නේද, බොහෝ කලක සිට මම බුදුන් සමීපයට යනු කැමැත්තේ වීමි. නොදන්නා වෙසකින් යාම මට සුදුසු නොවේ. බුදුන් දැකීමට යම්කිසිවෙක් යනු කැමැත්තෝ ද ඒ සියල්ලෝ නික්මෙත්වායි හඬ නඟා රිය පන්සියයක් යොදවා උතුම් රියෙහි සිටියේ රිය පන්සියයකින් මහත් වූ පිරිසක් පිරිවරණ ලද්දේ සුවඳ මල්සුණු සුවඳ ද්‍රව්‍ය ආදිය ගන්වාගෙන නික්මුණේය. දිවාදිවස්ස යනු දහවලේ ද දහවලයි, මද්දහන ඉක්මෙන කෙණෙහිමයි,
යෙන භගවා තෙනුපසඞ්කමීති ආරාමං පවිසන්තො දූරතොව අසීති-අනුබ්‍යඤ්ජන-බ්යාමප්පභා-ද්වත්තිංස-මහාපුරිසලක්ඛණානි ඡබ්බණ්ණඝනබුද්ධරස්මියො ච දිස්වා “එවරූපං නාම පුරිසං එවං ආසන්නෙ වසන්තං එත්තකං කාලං නාද්දසං, වඤ්චිතො වතම්හි, අලාභා වත මෙ”ති චින්තෙත්වා මහානිධිං දිස්වා දලිද්දපුරිසො විය සඤ්ජාතපීතිපාමොජ්ජො යෙන භගවා තෙනුපසඞ්කමි. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්තීති භොතා ගොතමෙන වුත්තකාරණස්ස අනුකාරණං කථෙන්ති. කාරණවචනො හෙත්ථ ධම්මසද්දො “හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා”තිආදීසු (විභ· 720) විය. කාරණන්ති චෙත්ථ තථාපවත්තස්ස සද්දස්ස අත්ථො අධිප්පෙතො තස්ස පවත්තිහෙතුභාවතො. අත්ථප්පයුත්තො හි සද්දප්පයොගො. අනුකාරණන්ති එසො එව පරෙහි තථා වුච්චමානො. සහධම්මිකො වාදානුවාදොති. පරෙහි වුත්තකාරණෙහි සකාරණො හුත්වා තුම්හාකං වාදො වා තතො පරං තස්ස අනුවාදො වා කොචි අප්පමත්තකොපි විඤ්ඤූහි ගරහිතබ්බං ඨානං කාරණං න ආගච්ඡති. ඉදං වුත්තං හොති – කිං සබ්බාකාරෙනපි තව වාදෙ ගාරය්හං කාරණං නත්ථීති. අනබ්භක්ඛාතුකාමාති න අභූතෙන වත්තුකාමා. අත්ථි සීහපරියායොතිආදීනං අත්ථො වෙරඤ්ජකණ්ඩෙ ආගතනයෙනෙව වෙදිතබ්බො. පරමෙන අස්සාසෙනාති චතුමග්ගචතුඵලසඞ්ඛාතෙන උත්තමෙන. අස්සාසාය ධම්මං දෙසෙමීති අස්සාසනත්ථාය සන්ථම්භනත්ථාය ධම්මං දෙසෙමි. ඉති භගවා අට්ඨහඞ්ගෙහි සීහස්ස සෙනාපතිස්ස ධම්මං දෙසෙසි.
යෙන භගවා තෙනුපසංකමි යනු අරමට පිවිසෙන්නේ දුරදීම අසූ අනුව්‍යංජන ඛ්‍යාමප්‍රභා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සවණක් ගන බුදුරැස් දැක මෙසේ ආසන්නයෙහි වසන මෙබඳු නම් වූ පුරුෂයකු මෙපමණ කලක් නොදුටුවෙමි. මම රවටන ලද්දේ වෙමි. මට ඒකාන්තයෙන්ම අලාභයකැයි සිතා මහා නිධානයක් දැක දිළිඳු පුරුෂයකු මෙන් හටගත් ප්‍රීති ප්‍රමෝද්‍යය ඇත්තේ බුදුරජාණන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. ධම්මස්ස වානුධම්මං ඛ්යාකරොන්ති යනු හවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද කාරණයට අනුකාරණයක් කියනු ලැබේ. මෙහි කාරණ වචනය ධම්ම ශබ්දය ඇත්තේය. “හෙතුම්හි ඤාණං ධම්මපටිසම්හිදා” ආදියෙහි මෙනි. මෙහි කාරණය යනුවෙන් එසේ පැවැති ශබ්දයාගේ අර්ත්ථය අදහස් කරන ලදි. එය පැවැත්මේ හේතුභාවයෙන් අර්ත්ථය යෙදුණු ශබ්දප්රයෝගය අනුකාරණායයි. මෙයම අනුන් විසින් කියනු ලබන්නේ සහධම්මිකො වාදානුවාදො යනු අනුන් විසින් කියන ලද කරුණින් කරුණු සහිතවූයේ වී නුඹලාගේ වාදය හෝ එයින් පසුව ඔහුගේ අනුවාදය හෝ කිසියම් අල්පමාත්රයක් වූයේද විද්වතුන් විසින් ගැරහිය යුතු තැනට කරුණට නොඑයි. සර්වාකාරයෙන්ම ඔබගේ කීමෙහි ගැරහියයුතු කරුණක් නැද්ද යන මෙය කියන ලද්දේ වෙයි. අනබ්හක්ඛාතුකාමා යනු නොවූදෙයින් (අසත්‍යයෙන්) කියනු කැමැත්තේ නොවේ. අර්ත්ථ සීහපරියායො යනාදීන්ගේ අර්ත්ථය වෙරඤ්ජකණ්ඩයෙහි ආ ක්‍රමයෙන්ම දතයුතුයි. පරමෙන අස්සාසෙන යනු සිවුමග සිවුපල නම්වූ උතුම් අස්වැසීමෙනි. අස්සාසායධම්මං දෙසෙමි යනු අස්වැසීම සඳහා විසඹුලනු සඳහා දහම් දෙසමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අංග අටකින් සීහ සෙනෙවියාට දම්දෙසු සේක.
අනුවිච්චකාරන්ති අනුවිදිත්වා චින්තෙත්වා තුලයිත්වා කත්තබ්බං කරොහීති වුත්තං හොති. සාධු හොතීති සුන්දරො හොති. තුම්හාදිසස්මිඤ්හි මං දිස්වා මං සරණං ගච්ඡන්තෙ නිගණ්ඨං දිස්වා නිගණ්ඨං සරණං ගච්ඡන්තෙ “කිං අයං සීහො දිට්ඨදිට්ඨමෙව සරණං ගච්ඡතී”ති ගරහා උප්පජ්ජති, තස්මා අනුවිච්චකාරො තුම්හාදිසානං සාධූති දස්සෙති. පටාකං පරිහරෙය්යුන්ති තෙ කිර එවරූපං සාවකං ලභිත්වා “අසුකො නාම රාජා වා රාජමහාමත්තො වා සෙට්ඨි වා අම්හාකං සරණං ගතො සාවකො ජාතො”ති පටාකං උක්ඛිපිත්වා නගරෙ ඝොසෙන්තා ආහිණ්ඩන්ති. කස්මා? එවං නො මහන්තභාවො ආවිභවිස්සතීති ච. සචෙ පනස්ස “කිමහං එතෙසං සරණං ගතො”ති විප්පටිසාරො උප්පජ්ජෙය්ය, තම්පි සො “එතෙසං මෙ සරණගතභාවං බහූ ජානන්ති, දුක්ඛං ඉදානි පටිනිවත්තිතු”න්ති විනොදෙත්වා න පටික්කමිස්සතීති ච. තෙනාහ – “පටාකං පරිහරෙය්යු”න්ති. ඔපානභූතන්ති පටියත්තඋදපානො විය ඨිතං. කුලන්ති තව නිවෙසනං. දාතබ්බං මඤ්ඤෙය්යාසීති පුබ්බෙ දසපි වීසතිපි සට්ඨිපි ජනෙ ආගතෙ දිස්වා නත්ථීති අවත්වා දෙසි, ඉදානි මං සරණං ගතකාරණමත්තෙනෙව මා ඉමෙසං දෙය්යධම්මං උපච්ඡින්දි. සම්පත්තානඤ්හි දාතබ්බමෙවාති ඔවදි. සුතං මෙතං, භන්තෙති කුතො සුතන්ති? නිගණ්ඨානං සන්තිකා. තෙ කිර කුලඝරෙසු එවං පකාසෙන්ති “මයං යස්ස කස්සචි සම්පත්තස්ස දාතබ්බන්ති වදාම, සමණො පන ගොතමො ‘මය්හමෙව දානං දාතබ්බං නාඤ්ඤෙසං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං, මය්හමෙව දින්නං දානං මහප්ඵලං, නාඤ්ඤෙසං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙස’න්ති එවං වදතී”ති. තං සන්ධාය අයං “සුතං මෙත”න්ති ආහ.
අනුචිවටකාරං යනු අනුව දැන සිතා සසඳා කළයුත්ත කරවයි කියන ලද්දේ වෙයි. සාධු හොති යනු සොඳුරු වෙයි. නුඹවැන්නවුන් මා දැක මා සරණ යන කහි නිගණ්ඨයා දැක නිගණ්ඨයා සරණ යන කල්හි කිම මේ සීහ තෙමේ දුටු දුටුවන් සරණ යයිදැයි නින්දාවක් උපදියි. එබැවින් නුඹවැන්නවුන්ට විමසා කිරීම මැනවැයි දක්වයි. පටාකං පරිහරෙය්යුං යනු ඔවුහු වනාහි මෙබඳු වූ සවුවකු ලැබ අසුවල් නම් රජ හෝ රජමහ මැති හෝ සිටු හෝ අපගේ සරණ ගිය සවුවෙක් වූයේයයි පතාකයක් ඔසවා නුවරෙහි හඬ නඟමින් හැසිරෙත්. කුමක් හෙයින්ද? මෙසේ අපගේ මහත්බව ප්‍රකට වන්නේය යන කරුණ නිසා මෙන්ම ඉදින් ඔහුට “මම කුමට මොවුන්ගේ සරණ ගියෙම්දැයි විපිළිසරක් ඇතිවන්නේ නම් හෙතෙම “මා මොවුන් සරණ ගිය බව බොහෝ දෙනා දනිති. දැන් පෙරළා ඒමට නොහැකැයි නොයන්නේය යන කරුණ ද නිසාය. එබැවින් “පටාකං පරිහරෙය්යුං”යි කීවේය. ඔපානභූතං යනු පිළියෙල කරන ලද ලිඳක් මෙන් සිටියේයි. කුලං යනු ඔබගේ නිවසයි. දාතබ්බං මඤ්ඤෙය්යාසි යනු පෙර දස විසි සැට දෙනකු ආවිට ද දැක නැතැයි නොකියා දුන්නෙහිය. දැන් මා සරණගිය කරුණ නිසාම මොවුන්ට දන්දීම නොසිඳුව. පැමිණියවුන්ට දියයුතුමයයි අවවාද කරයි. සුතං මෙතං භන්තෙ යනු කොයින් අසන ලද්දේ ද? නිවටුන්ගේ සමීපයෙනි. ඔවුහු කුලගෙවල මෙසේ පවසත්: ‘අපි පැමිණි යම්කිසිවකුට දියයුතුයයි කියමු. ශ්‍රමණ ගෞතමයෝ “මටම දානය දියයුතුය. අනුන්ට දන් නොදිය යුතුය. මගේ සව්වන්ටම දියයුතුය. අනුන්ගේ සව්වන්ටම නොදිය යුතුය. මට දුන් දෙයම මහත්ඵලය. අනුන්ට දුන් දෙය මහත්ඵල නොවේ. මගේ සව්වන්ට දුන් දෙයම මහත්ඵලය, අනුන්ගේ සව්වන්ට දුන් දෙය මහත්ඵල නොවේ”. මෙසේ කියතියි ඒ සඳහා “සුතං මෙතං”යි කීවේය.
අනුපුබ්බිං කථන්ති දානානන්තරං සීලං, සීලානන්තරං සග්ගං, සග්ගානන්තරං මග්ගන්ති එවං අනුපටිපාටිකථං. තත්ථ දානකථන්ති ඉදං දානං නාම සුඛානං නිදානං, සම්පත්තීනං මූලං, භොගානං පතිට්ඨා, විසමගතස්ස තාණං ලෙණං ගති පරායණං, ඉධලොකපරලොකෙසු දානසදිසො අවස්සයො පතිට්ඨා ආරම්මණං තාණං ලෙණං ගති පරායණං නත්ථි. ඉදඤ්හි අවස්සයට්ඨෙන රතනමයසීහාසනසදිසං, පතිට්ඨානට්ඨෙන මහාපථවීසදිසං, ආරම්මණට්ඨෙන ආලම්බනරජ්ජුසදිසං. ඉදඤ්හි දුක්ඛනිත්ථරණට්ඨෙන නාවා, සමස්සාසනට්ඨෙන සඞ්ගාමසූරො, භයපරිත්තාණට්ඨෙන සුසඞ්ඛතනගරං, මච්ඡෙරමලාදීහි අනුපලිත්තට්ඨෙන පදුමං, තෙසං නිදහනට්ඨෙන අග්ගි, දුරාසදට්ඨෙන ආසිවිසො, අසන්තාසනට්ඨෙන සීහො, බලවන්තට්ඨෙන හත්ථී, අභිමඞ්ගලසම්මතට්ඨෙන සෙතවසභො, ඛෙමන්තභූමිසම්පාපනට්ඨෙන වලාහකො අස්සරාජා. දානං නාමෙතං මයා ගතමග්ගො, මය්හෙසො වංසො, මයා දස පාරමියො පූරෙන්තෙන වෙලාමමහායඤ්ඤො, මහාගොවින්දමහායඤ්ඤො, මහාසුදස්සනමහායඤ්ඤො, වෙස්සන්තරමහායඤ්ඤොති, අනෙකමහායඤ්ඤා පවත්තිතා, සසභූතෙන ජලිතඅග්ගික්ඛන්ධෙ අත්තානං නිය්යාදෙන්තෙන සම්පත්තයාචකානං චිත්තං ගහිතං. දානඤ්හි ලොකෙ සක්කසම්පත්තිං දෙති මාරසම්පත්තිං බ්රහ්මසම්පත්තිං, චක්කවත්තිසම්පත්තිං, සාවකපාරමීඤාණං, පච්චෙකබොධිඤාණං, අභිසම්බොධිඤාණං දෙතීති එවමාදිදානගුණප්පටිසංයුත්තං කථං.
ආනුපුබ්බිකථං යනු දානයට අනතුරුව ශීලයය, ශීලයට අනතුරුව ස්වර්ගයය, ස්වර්ගයට අනතුරුව මාර්ගයයයි මෙසේ අනුපිළිවෙළ කථාවයි. එහි දානකථං යනු මේ දානය නම් සුවයන්ට නිධානයකි. සැපත්වලට මුලයි. භෝගයන්ට පදනමයි, විසමගතවූ තැනැත්තාට ආරක්ෂාවයි, රැකවරණයයි. ගතියට පිහිටයි. මෙලොව පරලොවෙහි දානය සමාන වූ අනිවාර්ය පිහිටක් අරමුණක් රැකවරණක් ආරක්ෂාවක් පිහිටක් නැත. මෙය වනාහි අවශ්‍ය අර්ත්ථයෙන්ම රුවන්මුවා සිහසුනකට සමානය. ප්‍රතිෂ්ඨාර්ථයෙන් මහපොළොව සමානය. අරමුණු අරුතින් එල්ඹෙන රැහැනකට සමානය. මෙය දුකින් එතර කිරීමේ අරුතින් නැවකි. අස්වැසිලි අරුතින් සංග්රාම සූරයෙකි. භයින් ආරක්ෂාවීමේ අරුතින් මනාව සකසන ලද නුවරකි. මසුරු මලාදියෙන් නොතැවරෙන අරුතින් පියුමකි. ඒවා දවන අරුතින් ගින්නකි. ලංනොවිය හැකි අරුතින් සර්පයෙකි. නොතැවෙන අරුතින් සිංහයෙකි. බලවත්වීමේ අරුතින් ඇතෙකි. උතුම් මඟුලකැයි සම්මත අරුතින් සුදුගොනෙකි. ක්ෂේම භූමියකට පමුණුවන අරුතින් අස් රජෙකි. මේ දානය නම් මවිසින් ගිය මගයි. මේ මගේ වංශයයි. දස පෙරුම් පුරන මවිසින් වෙලාම මහා යාගය, මහා ගෝවින්ද මහා යාගය, මහා සුදස්සන මහායාගය, වෙස්සන්තර මහා යාගයයි මහායාග පවත්වන ලදි. සාවකුව දැල්වෙන ගින්නෙහි තමා පවරා දෙන්නහු විසින් පැමිණි යාචකයන්ගේ සිත ගන්නා ලදි. දානය ලෝකයෙහි සත් සැපතක් දෙයි. මාරසැපත, බ්‍රහ්ම සැපත, සක්විති සැපත ශ්‍රාවක පාරමී ඥානය, පුත්යොක බෝධි ඥානය අභිසම්බොධි ඥානය දෙයි මේ ආදියෙන් දාන ගුණ ප්‍රතිසංයුක්ත කථාවයි.
යස්මා පන දානං දෙන්තො සීලං සමාදාතුං සක්කොති, තස්මා තදනන්තරං සීලකථං කථෙසි. සීලකථන්ති සීලං නාමෙතං අවස්සයො පතිට්ඨා ආරම්මණං තාණං ලෙණං ගති පරායණං. සීලං නාමෙතං මම වංසො, අහං සඞ්ඛපාලනාගරාජකාලෙ භූරිදත්තනාගරාජකාලෙ චම්පෙය්යනාගරාජකාලෙ සීලවරාජකාලෙ මාතුපොසකහත්ථිරාජකාලෙ ඡද්දන්තහත්ථිරාජකාලෙති අනන්තෙසු අත්තභාවෙසු සීලං පරිපූරෙසිං. ඉධලොකපරලොකසම්පත්තීනඤ්හි සීලසදිසො අවස්සයො පතිට්ඨා ආරම්මණං තාණං ලෙණං ගති පරායණං නත්ථි, සීලාලඞ්කාරසදිසො අලඞ්කාරො නත්ථි, සීලපුප්ඵසදිසං පුප්ඵං නත්ථි, සීලගන්ධසදිසො ගන්ධො නත්ථි. සීලාලඞ්කාරෙන හි අලඞ්කතං සීලගන්ධානුලිත්තං සදෙවකොපි ලොකො ඔලොකෙන්තො තිත්තිං න ගච්ඡතීති එවමාදිසීලගුණප්පටිසංයුත්තං කථං.
යම් හෙයකින් දන් දෙන්නේ සිල් සමාදන් වීමට හැකිවෙයිද එහෙයින් ඊට අනතුරුව ශීලකථාව කීසේක. මේ ශීලය නම් අනිවාර්ය වූ ප්‍රතිෂ්ඨාවයි. අරමුණයි, රැකවලයි, ආරක්ෂාවයි. ගතිපිහිටයි. මේ ශීලය නම් මගේ පරපුරයි. මම සංඛපාල රජු කල්හි භූරිදත්ත නාරජු කල්හි ඡද්දන්ත ඇත් රජු කල්හියි සීමාවක් නැති ආත්ම භාවයන්හි සිල් සපිරිවෙමි. මෙලොව පරලොව සැපත්වලට සීලය සමාන වූ අවශ්‍ය ප්‍රතිෂ්ඨාවක් අරමුණක් අස්වැසිල්ලක් රැකවලක් ගති පිහිටක් නැත. ශීල අලංකාරය සමාන අලංකාරයක් නැත. ශීල පුෂ්පය සමාන පුෂ්පයක් නැත. සිල් සුවඳ සමාන සුවඳක් නැත. සිල් අබරණින් සැරසුණු සිල්සුවඳ ගැල් වූ තැනැත්තකු බලන සදේවක ලෝකයා තෘප්තියකට නොයයි මේ ආදී ශීල ගුණයෙන් යුක්ත වූ කථාවයි.
“ඉදං පන සීලං නිස්සාය අයං සග්ගො ලබ්භතී”ති දස්සෙතුං සීලානන්තරං සග්ගකථං කථෙසි. සග්ගකථන්ති “අයං සග්ගො නාම ඉට්ඨො කන්තො මනාපො, නිච්චමෙත්ථ කීළා, නිච්චං සම්පත්තියො ලබ්භන්ති, චාතුමහාරාජිකා දෙවා නවුතිවස්සසතසහස්සානි දිබ්බසුඛං දිබ්බසම්පත්තිං අනුභවන්ති, තාවතිංසා තිස්සො ච වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානී”ති එවමාදිසග්ගගුණප්පටිසංයුත්තං කථං. සග්ගසම්පත්තිං කථයන්තානඤ්හි බුද්ධානං මුඛං නප්පහොති. වුත්තම්පි චෙතං – “අනෙකපරියායෙන ඛ්වාහං, භික්ඛවෙ, සග්ගකථං කථෙය්ය”න්තිආදි (ම· නි· 3.255).
මේ ශීලය නිසා මෙතෙම ස්වර්ගය ලබතැයි දැක්වීමට සීලයට අනතුරුව ස්වර්ග කථාව වදාළ සේක. සග්ගකථං යනු ස්වර්ගය නම් සිත්සතුටු කරන්නේය. සිත් ඇද ගන්නේය. මනාපය, එසේම මෙහි නිතරම කෙළි සෙල්ලම් නිති සැපත් ලබත්. චාතුර්මහා රාජික දෙවිවරු අනුලක්ෂයක් අවුරුදු දිවසුව දිව සැපත් විඳිති. තවුතිසා දෙවියෝ තුන්කෝටි හැට ලක්ෂයක් හවුරුදුය යන මේ ආදී ස්වර්ගයේ ගුණයෙන් යුක්ත කථාවයි. සග සැපත් පවසන්නා වූ බුදුවරුනගේ මුව නොපොහොනේයි. “අනෙක පරියායෙනපි ඛො අහං භික්ඛවෙ සග්ගකථං කථෙය්යං” යනාදී මෙය කියන ලදි.
එවං සග්ගකථාය පලොභෙත්වා පන හත්ථිං අලඞ්කරිත්වා තස්ස සොණ්ඩං ඡින්දන්තො විය “අයම්පි සග්ගො අනිච්චො අද්ධුවො, න එත්ථ ඡන්දරාගො කත්තබ්බො”ති දස්සනත්ථං “අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො”තිආදිනා (ම· නි· 1.235-236; 2.42) නයෙන කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං කථෙසි. තත්ථ ආදීනවොති දොසො. ඔකාරොති අවකාරො ලාමකභාවො. සංකිලෙසොති තෙහි සත්තානං සංසාරෙ සංකිලිස්සනං. යථාහ – “සංකිලිස්සන්ති වත, භො, සත්තා”ති (ම· නි· 2.351).
මෙසේ ස්වර්ග කථාවෙන් පොළඹවා ඇතකු සරසා ඔහුගේ සොඬ සිඳින්නකු මෙන් මේ ස්වර්ගය ද අනිත්‍යය, ස්ථිර නැත. මෙහි ඇලීම නොකළ යුතුයයි දැක්වීම සඳහා කාමයෝ අඩු ආස්වාද ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. බොහෝ උවදුරු ඇත්තෝය. මෙහි ආදීනව බොහෝයයි ආදී ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනවය පහත් බව අපිරිසිදුබව කීවේය. එහි ආදීනවො යනු දෝසයයි. ඔකාරො යනු පහත්බවයි, ලාමක බවයි, සංකිලෙසො යනු ඒවා මගින් සත්ත්වයා කෙලෙසීමයි. “සංකිලිස්සන්ති වත භො සත්තා”යි යම්සේ කීවේද එබැවිනි.
එවං කාමාදීනවෙන තජ්ජෙත්වා නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. කල්ලචිත්තන්ති අරොගචිත්තං. සාමුක්කංසිකාති සාමං උක්කංසිකා අත්තනායෙව උද්ධරිත්වා ගහිතා, සයම්භුඤාණෙන දිට්ඨා අසාධාරණා අඤ්ඤෙසන්ති අත්ථො. කා පන සාති? අරියසච්චදෙසනා. තෙනෙවාහ – දුක්ඛං සමුදයං නිරොධං මග්ගන්ති. විරජං වීතමලන්ති රාගරජාදීනං අභාවා විරජං, රාගමලාදීනං විගතත්තා වීතමලං. ධම්මචක්ඛුන්ති ඉධ සොතාපත්තිමග්ගො අධිප්පෙතො. තස්ස උප්පත්තිආකාරදස්සනත්ථං යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති ආහ. තඤ්හි නිරොධං ආරම්මණං කත්වා කිච්චවසෙන එවං සබ්බසඞ්ඛතං පටිවිජ්ඣන්තං උප්පජ්ජති. දිට්ඨො අරියසච්චධම්මො එතෙනාති දිට්ඨධම්මො. එස නයො සෙසෙසුපි. තිණ්ණා විචිකිච්ඡා අනෙනාති තිණ්ණවිචිකිච්ඡො. විගතා කථංකථා අස්සාති විගතකථංකථො. විසාරජ්ජං පත්තොති වෙසාරජ්ජප්පත්තො. කත්ථ? සත්ථුසාසනෙ. නාස්ස පරො පච්චයො, න පරං සද්ධාය එත්ථ වත්තතීති අපරප්පච්චයො.
මෙසේ කාමයන්ගේ දොෂයෙන් තැතිගන්වා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් කීසේක. කලලචිත්තං යනු නීරොගී සිතයි. සාමුක්කංසිකා යනු තමා විසින්ම උදුරා ගන්නා ලද ස්වයම්භූඃඥානයෙන් දක්නාලද අනුන්ට සාධාරණ නැති යන අරුත්ය. එය කවරෙක්ද? ආර්‍ය්‍ය සත්‍ය දේශනාවයි. එහෙයින්ම දුක්ඛං සමුදයං නිරොධං මග්ගංයි කියන ලදි. විරජං වීතමලං යනු රාගරජස් ආදිය නැතිවීමෙන් විරජවූයි, රාගමල ආදිය දුරු වූ බැවින් විගතමලවූයි. ධම්මචක්ඛුං යනු මෙහි සෝවාන් මග අදහස් කරන ලදි. එහි උපතේ ආකාරය දැක්වීම සඳහා “යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධධම්මං”යි කීසේක. ඒ නිරොධය අරමුණු කොට කෘත්‍ය වශයෙන්ම සත්‍යය නමැති පිළිවෙතට පිළිපදියි. දක්නාලද ආර්යසත්ය ධර්මය මොහු විසිනැයි දිට්ඨධම්මො නමි. සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි. දුරුවූ විචිකිච්ඡාව පහවූ කෙසේ කෙසේදැයි (යන) සැකය මොහුටනුයි තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො නමි. විසාරද බවට පැමිණියේයි වෙසාරජ්ජප්පත්තො යි. බුදුසස්නෙහි උතුම් ප්‍රත්‍යය ඇත්තේ, ශ්‍රද්ධාව සඳහා මෙහි වෙනත් දෙයක් නොපවතීනුයි අපරප්පච්චයො නමි.
පවත්තමංසන්ති පකතියා පවත්තං කප්පියමංසං මූලං ගහෙත්වා අන්තරාපණෙ පරියෙසාහීති අධිප්පායො. සම්බහුලා නිගණ්ඨාති පඤ්චසතමත්තා නිගණ්ඨා. ථූලං පසුන්ති ථූලං මහාසරීරං ගොකණ්ණමහිංසසූකරසඞ්ඛාතං පසුං. උද්දිස්සකතන්ති අත්තානං උද්දිසිත්වා කතං, මාරිතන්ති අත්ථො. පටිච්චකම්මන්ති ස්වායං තං මංසං පටිච්ච තං පාණවධකම්මං ඵුසති. තඤ්හි අකුසලං උපඩ්ඪං දායකස්ස, උපඩ්ඪං පටිග්ගාහකස්ස හොතීති නෙසං ලද්ධි. අපරො නයො – පටිච්චකම්මන්ති අත්තානං පටිච්චකතං. අථ වා පටිච්චකම්මන්ති නිමිත්තකම්මස්සෙතං අධිවචනං, තං පටිච්චකම්මං එත්ථ අත්ථීති මංසම්පි පටිච්චකම්මන්ති වුත්තං. උපකණ්ණකෙති කණ්ණමූලෙ. අලන්ති පටික්ඛෙපවචනං, කිං ඉමිනාති අත්ථො. න ච පනෙතෙති එතෙ ආයස්මන්තො දීඝරත්තං අවණ්ණකාමා හුත්වා අවණ්ණං භාසන්තාපි අබ්භාචික්ඛන්තා න ජිරිදන්ති, අබ්භක්ඛානස්ස අන්තං න ගච්ඡන්තීති අත්ථො. අථ වා ලජ්ජනත්ථෙ ඉදං ජිරිදන්තීති පදං දට්ඨබ්බං, න ලජ්ජන්තීති අත්ථො.
පවත්තමංසං යනු ප්‍රකෘතියෙන් පැවැති මසයි. මුදල්ගෙන අවන්හලෙහි සොයවයි අරුත්ය. සම්බහුලා නිගණ්ඨා යනු පන්සියයක් පමණ වූ නිගණ්ඨයෝයි. ථුල්ලං පසුං යනු මහත මහ සිරුරක් ඇති ගෝණ මී ඌරු නම්වූ තිරිසන් සතෙකි. උද්දිස්සකටං යනු තමන් උදෙසා කරවනලද, මරවන ලදැයි අරුත්ය. පටිච්චකම්මං යනු ඒ මෙතෙම මේ මස නිසා ඒ සතුන් මැරීමේ කර්මය ස්පර්ශ කරයි. ඒ අකුසලයෙන් භාගයක් දායකයාට ද භාගයක් පිළිගන්නාටද වේයයි ඔවුන්ගේ විශ්වාසයයි. වෙනත් ක්රමයක්ද වේ. පටිච්චකම්මං යනු තමන් සඳහා කරන ලදයි. නැතහොත් පටිච්චකම්මං යනු නිමිත්ත කර්මයට මේ වෙනත් නමකි. එම නිමිත්ත කර්මය මෙහි ඇතැයි ද පටිච්චකම්මංයි කියන ලදි. උපකණ්ණකෙ යනු කන්මුලෙහියි. අලං යනු ප්‍රතික්ෂේප කිරීමේ වචනයකි. මෙයින් කවර වැඩෙක්දැයි අරුත්ය. න ච පනෙතෙ යනු මේ ආයුෂ්මතුන් වහන්සේලා දිගුකලක් නුගුණ කැමැත්තේ වී නුගුණ කියන්නාහුද චෝදනා කරන්නාහු නොදිරවති. බොරු චෝදනාවේ කෙළවරට නොයයි අරුත්ය. නැතහොත්, ලජ්ජාවීම් අරුත්හි මේ ජිරන්ති යන පදය දැක්විය යුතුයි. ලජ්ජා නොවෙත් යන අරුත්ය.