1. වෙරඤ්ජ සුත්තවණ්ණනා අට්ඨකථා
1. වෙරඤ්ජ සුත්තවණ්ණනා
1. වෙරඤ්ජ සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ අභිවාදෙතීති එවමාදීනි න සමණො ගොතමොති එත්ථ වුත්තනකාරෙන යොජෙත්වා එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො “න වන්දති නාසනා වුට්ඨාති, නාපි ‘ඉධ භොන්තො නිසීදන්තූ’ති එවං ආසනෙන වා නිමන්තෙතී”ති. එත්ථ හි වා-සද්දො විභාවනෙ නාම අත්ථෙ “රූපං නිච්චං වා අනිච්චං වා”තිආදීසු විය. එවං වත්වා අථ අත්තනො අභිවාදනාදීනි අකරොන්තං භගවන්තං දිස්වා ආහ – තයිදං, භො ගොතම, තථෙවාති. යං තං මයා සුතං, තං තථෙව, තං සවනඤ්ච මෙ දස්සනඤ්ච සංසන්දති සමෙති, අත්ථතො එකීභාවං ගච්ඡති. න හි භවං ගොතමො…පෙ… ආසනෙන වා නිමන්තෙතීති. එවං අත්තනා සුතං දිට්ඨෙන නිගමෙත්වා නින්දන්තො ආහ – තයිදං, භො ගොතම, න සම්පන්නමෙවාති තං අභිවාදනාදීනං අකරණං අයුත්තමෙවාති.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අභිවාදෙති යනු මේ ආදිය න සමණො ගොතමො යන මෙහි කියනලද නකාරය සමග යොදා මෙසේ මෙහි අර්ත්ථය දතයුතුයි නොවඳියි, අසුනෙන් නොනැඟිටියි, පින්වතුන් වහන්සේ මෙහි හිඳීවායි මෙසේ අසුනෙන් හෝ ඇරයුම් නොකරයි, මෙහි වා ශබ්දය රූපං නිච්චං වා අනිච්චං වා යනාදියෙහි මෙන් ප්‍රකට කිරීම් අර්ත්ථය ඇත්තේයි. මෙසේ කියා ඉක්බිති තමන්ට වැදීම් ආදිය නොකරන භාග්‍යවතුන් වහන්සේ දැක කීවේය. තයිදං භො ගොතම තථෙව යනු යමක් මවිසින් අසන ලද්දේ ද එය එසේමය, එය ඇසීමට ද දැකීමට ද ගැලපෙයි, සමවෙයි, අර්ත්ථ වශයෙන් ඒකීය බවට යයි, න හි භවං ගොතමො -පෙ- ආසනෙන වා නිමන්තෙති යනු මෙසේ තමන් ඇසූ දෙය දුටු දෙයින් නිගමනය කොට නින්දා කරමින් කීවේය. තයිදං භො ගොතමො න සම්පන්නමෙව යනු ඒ වැඳීම් ආදිය නොකිරීම නොසුදුසුමය,
අථස්ස භගවා අත්තුක්කංසනපරවම්භනදොසං අනුපගම්ම කරුණාසීතලෙන හදයෙන තං අඤ්ඤාණං විධමිත්වා යුත්තභාවං දස්සෙතුකාමො නාහං තං බ්රාහ්මණාතිආදිමාහ. තත්රායං සඞ්ඛෙපත්ථො – අහං, බ්‍රාහ්මණ, අප්පටිහතෙන සබ්බඤ්ඤුතඤ්ඤාණචක්ඛුනා ඔලොකෙන්තොපි තං පුග්ගලං එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ න පස්සාමි, යමහං අභිවාදෙය්යං වා පච්චුට්ඨෙය්යං වා ආසනෙන වා නිමන්තෙය්යං. අනච්ඡරියං වා එතං, ස්වාහං අජ්ජ සබ්බඤ්ඤුතං පත්තො එවරූපං නිපච්චාකාරාරහං පුග්ගලං න පස්සාමි. අපිච ඛො යදාපාහං සම්පතිජාතොව උත්තරෙන මුඛො සත්තපදවීතිහාරෙන ගන්ත්වා සකලං දසසහස්සිලොකධාතුං ඔලොකෙසිං, තදාපි එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ තං පුග්ගලං න පස්සාමි, යමහං එවරූපං නිපච්චකාරං කරෙය්යං. අථ ඛො මං සොළසකප්පසහස්සායුකො ඛීණාසවමහාබ්රහ්මාපි අඤ්ජලිං පග්ගහෙත්වා “ත්වං ලොකෙ මහාපුරිසො, ත්වං සදෙවකස්ස ලොකස්ස අග්ගො ච ජෙට්ඨො ච සෙට්ඨො ච, නත්ථි තයා උත්තරිතරො”ති සඤ්ජාතසොමනස්සො පතිමානෙසි. තදාපි චාහං අත්තනා උත්තරිතරං අපස්සන්තො ආසභිං වාචං නිච්ඡාරෙසිං – “අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්සා”ති. එවං සම්පතිජාතස්සාපි මය්හං අභිවාදනාදිරහො පුග්ගලො නත්ථි, ස්වාහං ඉදානි සබ්බඤ්ඤුතං පත්තො කං අභිවාදෙය්යං. තස්මා ත්වං, බ්‍රාහ්මණ, මා තථාගතා එවරූපං පරමනිපච්චකාරං පත්ථයි. යඤ්හි, බ්‍රාහ්මණ, තථාගතො අභිවාදෙය්ය වා…පෙ… ආසනෙන වා නිමන්තෙය්‍ය, මුද්ධාපි තස්ස පුග්ගලස්ස රත්තිපරියොසානෙ පරිපාකසිථිලබන්ධනං වණ්ටා මුත්තතාලඵලං විය ගීවතො ඡිජ්ජිත්වා සහසාව භූමියං නිපතෙය්ය.
ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ තමන් උසස් කිරීම හා අනුන් පහත් කිරීම යන දෝෂයට නොපැමිණ කරුණාවෙන් සිසිල්වූ හදවතින් ඔහුගේ නොදැන්ම දුරුකොට සුදුසු බව දක්වන සේක්, නාහං තං බ්‍රාහ්මණ යනාදිය පැවසූ සේක, මේ එහි කෙටි අරුතයි, බමුණ මම නොවැලැක්විය හැකි සියල්ල දුටු නුවණැසින් බලන්නෙම්ද දෙවියන් සහිත ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි යමෙකුට මම වදින්නෙම් හෝ පෙරගමන් යන්නෙම් හෝ අසුනෙන් ඇරයුම් කරන්නෙම් හෝ වේද, එබඳු පුද්ගලයෙක් නොදකිමි. ඒ මම අද සියල්ල දක්නා බවට පැමිණියෙම් එබඳු වූ ගරුකිරීමට සුදුසු පුද්ගලයකු නොදකිමි යනු අසිරියක් නොවේ. තවද යම්විටෙක මම එකෙණෙහි උපන්නේම උතුරට මුහුණලා පියවර සතක් තැබීමෙන් ගොස් සියලු දසදහසක් ලෝකධාතුව බැලීම් ද එකල්හි ද දෙවියන් සහිත ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි යමකුට මම මෙබඳු වූ ගරුකිරීම් කෙරෙම් ද එබඳු වූ පුද්ගලයෙකු නොදැකීමි. තවද කප් සොළොස් දහසක් ආයු ඇති කෙලෙස් පහකළ මහා බ්‍රහ්මයා ද මට ඇඳිලි බැඳගෙන ඔබ ලොව මහා පුරුෂයාය, ඔබ දෙවියන් සහිත ලෝකයට අග්‍රයාය ජ්‍යෙෂ්ඨයාය, ශ්රේෂ්ඨයාය, ඔබට වඩා උසස් වූවෙක් නැතැය හටගත් සොම්නස ඇත්තේ ගෞරව කළේය. එදින ද මම තමන්ට වඩා උසස් වූවකු නොදකිමින් මම ලොවට අග්රවෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමැයි අභීත වචන නික්මවීමි. මෙසේ එකෙණෙහි උපන් මට වැදීම් ආදියට සුදුසු වූ පුද්ගලයෙක් නැත්ද ඒ මම දැන් සියල්ල දන්නා බවට පත්වූයෙම් කවරකු වඳින්නෙම්ද? එයින් බමුණ, තථාගතයන් වහන්සේගෙන් මෙබඳු වූ ගරු කිරීමක් නොපතුව. බමුණ යමකුට තථාගතයන් වහන්සේ වඳින්නේද - පෙ- අසුනෙන් හෝ ඇරයුම් කරන්නේද ඒ පුද්ගලයාගේ හිස රෑ අවසන්හි මුහුකුරා යාමෙන් ලිහිල් වූ බැඳුම් ඇති නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් සිඳී එකෙණෙහිම බිම වැටෙන්නේය.
එවං වුත්තෙපි බ්රාහ්මණො දුප්පඤ්ඤතාය තථාගතස්ස ලොකජෙට්ඨභාවං අසල්ලක්ඛෙන්තො කෙවලං තං වචනං අසහමානො ආහ – අරසරූපො භවං ගොතමොති. අයං කිරස්ස අධිප්පායො – යං ලොකෙ අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මං “සාමග්ගිරසො”ති වුච්චති, තං භොතො ගොතමස්ස නත්ථි. තස්මා අරසරූපො භවං ගොතමො, අරසජාතිකො අරසසභාවොති. අථස්ස භගවා චිත්තමුදුභාවජනනත්ථං උජුවිපච්චනීකභාවං පරිහරන්තො අඤ්ඤථා තස්ස වචනස්ස අත්ථං අත්තනි සන්දස්සෙන්තො අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායොතිආදිමාහ.
මෙසේ කී කල්හි ද බමුණු තෙමේ නුවණ මද බැවින් තථාගතයන් වහන්සේගේ ලොවට දෙටු බව නොසලකන්නේ හුදෙක් ඒ වචනය නොයිවසමින් අරසරූපො භවං ගොතමො යි කීවේය. මේ එහි අදහසයි. ලෝකයෙහි යම්වූ වැඳීම් පෙරගමන් යාම් ඇඳිලි බැඳීම් පිළිසඳර කිරීමාදිය සමඟිරසයයි කියයි ද එය භවත් ගෞතමයන්ට නැත. එබැවින් භවත් ගෞතමයෝ අරසරූපියෙකි අරසජාතිකයෙකි, අරස ස්වභාවය ඇත්තෙකි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිතෙහි මෙළෙක්බව ඇති කරවීම සඳහා කෙළින් සතුරු බව දුරු කරමින් අන් අයුරකින් ඔහුගේ වචනයෙහි අරුත තමාගේ වචනයෙහි ගලපමින් අර්ත්ථ ඛෙවස බ්‍රාහ්මණ පරියායො යනාදිය කී සේක.
තත්ථ අත්ථි ඛ්වෙසාති අත්ථි ඛො එස. පරියායොති කාරණං. ඉදං වුත්තං හොති – අත්ථි ඛො, බ්‍රාහ්මණ, එතං කාරණං, යෙන කාරණෙන මං “අරසරූපො භවං ගොතමො”ති වදමානො පුග්ගලො සම්මා වදෙය්ය, අවිතථවාදීති සඞ්ඛං ගච්ඡෙය්ය. කතමො පන සොති? යෙ තෙ, බ්‍රාහ්මණ, රූපරසා…පෙ… ඵොට්ඨබ්බරසා, තෙ තථාගතස්ස පහීනාති. කිං වුත්තං හොති? යෙ තෙ ජාතිවසෙන වා උපපත්තිවසෙන වා සෙට්ඨසම්මතානම්පි පුථුජ්ජනානං රූපාරම්මණාදීනි අස්සාදෙන්තානං අභිනන්දන්තානං රජ්ජන්තානං උප්පජ්ජන්ති කාමසුඛස්සාදසඞ්ඛාතා රූපරසා, සද්දරසා, ගන්ධරසා, රසරසා, ඵොට්ඨබ්බරසා, යෙ ඉමං ලොකං ගීවාය බන්ධිත්වා විය ආවිඤ්ඡන්ති, වත්ථාරම්මණාදිසාමග්ගියඤ්ච උප්පන්නත්තා සාමග්ගිරසාති වුච්චන්ති. තෙ සබ්බෙපි තථාගතස්ස පහීනා. “මය්හං පහීනා”ති වත්තබ්බෙපි මමාකාරෙන අත්තානං අනුක්ඛිපන්තො ධම්මං දෙසෙති, දෙසනාවිලාසො වා එස තථාගතස්ස.
එහි අර්ත්ථ ඛෙවස යනු අර්ත්ථ ඛො එස යන පද එකතුවයි. පරියායො යනු කරුණයි. මෙය කියන ලද්දේ වෙයි, බමුණ යම් කරුණකින් මට තවත් ගෞතම තෙමේ අරසරූපියෙකැයි කියන පුද්ගලයා මනාව කියන්නේය. යථාර්ථවාදී සංඛ්‍යාවට යන්නේය යන්නට කරුණක් ඇත. ඒ කවර පුද්ගලයෙක්ද? යෙ තෙ බ්‍රාහ්මණ, රූපරසා -පෙ- ඵොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීනා යි කුමක් කියන ලද්දේ වේද? රූපාරම්මණාදිය ආස්වාදනය කරන්නා වූ සතුටු වන්නා වූ ඇලෙන්නා වූ ජාති වශයෙන් හෝ උත්පත්ති වශයෙන් හෝ ශ්‍රේෂ්ඨ සම්මත වූද පෘථග්ජනයන්ට යම් කම්සුව විඳීම් සංඛ්‍යාත වූ රූපරස ශබ්දරස ඵොට්ඨබ්බ රසයෝ උපදිත්ද යම්වූ එම රසයෝ මෙලොව ගෙලෙන් බැඳ මෙන් මත්ගාත්ද (කළඹත්ද) වස්තු අරමුණු ආදිය එකතුවෙන් උපන් හෝ බැවින්ද ඒවා සාමග්ගි රසයෝයි කියනු ලැබෙත්. ඒ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ ප්‍රහීන වූවාහුය. මගේ ප්‍රහීන වූහයි කිවයුතු කල්හි තමන් මමංකාරයට නොදමමින් දහම් දෙසයි. මෙය තථාගතයන් වහන්සේගේ දේශනා විලාසයක් හෝ වේ.
තත්ථ පහීනාති චිත්තසන්තානතො විගතා, පජහිතා වා. එතස්මිං පනත්ථෙ කරණෙ සාමිවචනං දට්ඨබ්බං. අරියමග්ගසත්ථෙන උච්ඡින්නං තණ්හාවිජ්ජාමයං මූලං එතෙසන්ති උච්ඡින්නමූලා. තාලවත්ථු විය නෙසං වත්ථු කතන්ති තාලාවත්ථුකතා. යථා හි තාලරුක්ඛං සමූලං උද්ධරිත්වා තස්ස වත්ථුමත්තෙ තස්මිං පදෙසෙ කතෙ න පුන තස්ස තාලස්ස උප්පත්ති පඤ්ඤායති, එවං අරියමග්ගසත්ථෙන සමූලෙ රූපාදිරසෙ උද්ධරිත්වා තෙසං පුබ්බෙ උප්පන්නපුබ්බභාවෙන වත්ථුමත්තෙ චිත්තසන්තානෙ කතෙ සබ්බෙපි තෙ තාලාවත්ථුකතාති වුච්චන්ති. අවිරුළ්හිධම්මත්තා වා මත්ථකච්ඡින්නතාලො විය කතාති තාලාවත්ථුකතා. යස්මා පන එවං තාලාවත්ථුකතා අනභාවංකතා හොන්ති, යථා නෙසං පච්ඡාභාවො න හොති, තථා කතා හොන්ති. තස්මා ආහ – අනභාවංකතාති. ආයතිං අනුප්පාදධම්මාති අනාගතෙ අනුප්පජ්ජනකසභාවා.
(එහි) පහීනා යන චිත්ත සන්තානයෙන් දුරු වූහ. අත්හරනා ලද්දාහු හෝ වෙත්. මෙහි වනාහි කරණාර්‍ත්‍ථයෙහි සම්බන්ධ විභක්තිය දැක්විය යුතුයි. ආර්ය මාර්ග නමැති අවියෙන් සිඳින ලද තෘෂ්ණා අවිද්‍යාමය මූලය ඇත්තේ මොවුනටනුයි උච්ඡින්නමූලා නමි. උදුරා දැමූ තල්ගසක් ඇති බිම මෙන් ඔවුන් පදනම් රහිත කරන ලදැයි තාලාවත්ථුකතා නමි. යම්සේ තල්ගසක් මුල එහි බිම පමණක්ම ඒ පෙදෙස පමණක්ම කළකල්හි යළිත් ඒ තල්ගසේ උපතක් නොපැනේද එසේ ආර්යමාර්ග අවියෙන් මුල සහිත රූපාදි රසයන් උදුරා ඒවා පෙර උපන්විරූබවින්ම චිත්ත සන්තානය වස්තුමාත්‍ර වූවක් කළ කල්හි ඒ සියල්ලම තාලාවත්ථුකතායි කියනු ලැබෙත්. නොවැඩෙන බැවින් හෝ මුදුනින් සිඳලූ තල්ගසක් මෙන් කරන ලද්දේනුයි තාලාවත්ථුකතා නම් වේ. යම් හෙයකින් මෙසේ සිඳලු තල්ගස් මෙන් කළේද අනුව පැවැත්මක් නැති කරන ලද්දාහු වෙත්. යම්සේ ඔවුන්ගේ පසුව පැවැත්මක් නොවෙයිද එසේ කරන ලද්දාහු වෙත්. එහෙයින් අනභාවකතා යි කියන ලදි. ආයතිං අනුප්පාදධම්මා යනු අනාගතයෙහි නොඋපදින ස්වභාවය ඇත්තෝයි.
නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසීති යඤ්ච ඛො ත්වං සන්ධාය වදෙසි, සො පරියායො න හොති. නනු ච එවං වුත්තෙ යො බ්රාහ්මණෙන වුත්තො සාමග්ගිරසො, තස්ස අත්තනි විජ්ජමානතා අනුඤ්ඤාතා හොතීති? න හොති. යො හි නං සාමග්ගිරසං කාතුං භබ්බො හුත්වා න කරොති, සො තදභාවෙන අරසරූපොති වත්තබ්බතං අරහති. භගවා පන අභබ්බොව එතං කාතුං, තෙනස්ස කාරණෙ අභබ්බතං පකාසෙන්තො ආහ – “නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසී”ති. යං පරියායං සන්ධාය ත්වං මං “අරසරූපො”ති වදෙසි, සො අම්හෙසු නෙව වත්තබ්බොති.
නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසී යනු යමක් සඳහා ඔබ කීවෙහිද ඒ ක්‍රමය නොවෙයි. මෙසේ කී කල්හි බමුණා විසින් කියනලද යම් සමඟි රසයක් වේනම් එය තමා තුළ ඇතිබව අනුදන්නා ලද්දේ නොවේද? නොවෙයි. යමෙක් ඒ සමඟි රසය කිරීමට හැක්කෙක් වී නොකරයිද හෙතෙම එය නැති බැවින් අරසරූපයයි කිවයුතු බවට සුදුසු වෙයි. භාග්‍යවතුන් වහන්සේ එය කිරීමට නොහැක්කේමය. එහෙයින් ඔහුට මේ කරුණීන් නොහැකිබව පවසමින් නුඹ යමක් සඳහා කීවෙහිද එය නොවේ. යම් කරුණක් සඳහා නුඹ මා අරසරූපයයි කීවෙහිද එය අප කෙරෙහි නොකිවයුතුයි කීසේක.
එවං බ්රාහ්මණො අත්තනා අධිප්පෙතං අරසරූපතං ආරොපෙතුං අසක්කොන්තො අථාපරං නිබ්භොගො භවන්තිආදිමාහ. සබ්බපරියායෙසු චෙත්ථ වුත්තනයෙනෙව යොජනාක්කමං විදිත්වා සන්ධායභාසිතමත්ථං එවං වෙදිතබ්බං – බ්රාහ්මණො තදෙව වයොවුද්ධානං අභිවාදනාදිකම්මං ලොකෙ “සාමග්ගිපරිභොගො”ති මඤ්ඤමානො තදභාවෙන ච භගවන්තං “නිබ්භොගො”තිආදිමාහ. භගවා ච ය්වායං රූපාදීසු සත්තානං ඡන්දරාගපරිභොගො, තදභාවං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි.
මෙසේ බමුණු තෙමේ තමා අදහස් කළ අරසරූප බව (භාග්‍යවතුන් වහන්සේට) ආරෝපනය කිරීමට නොහැක්කේ ඉක්බිති අනතුරුව නිබ්භොගො භවං යි කීවේය. සියලු ක්රමයන්හි මෙහි කියන ලද ක්‍රමයෙන්ම යොදන ආකාරය දැන සඳහා කියනලද අර්ත්ථය මෙසේ දතයුතුය. බමුණු තෙමේ ඒ වයසින් වැඩිමහල්ලන්ට වැඳීම් ආදී ක්‍රියාව ලොව සාමග්ගිපරිභොග යයි හඟින්නේ එය නැති බැවින් තථාගතයන් වහන්සේ නිබ්භොගො යනාදිය කීවේය. භාග්‍යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ රූපාදියෙහි යම් මේ ඡන්දරාග පරිභොගයක් වේද එය නැති බව තමන් කෙරෙහි දකිනු ලබමින් වෙනත් කරුණක් අනුදත් සේක.
පුන බ්රාහ්මණො යං ලොකෙ වයොවුද්ධානං අභිවාදනාදිකුලසමුදාචාරකම්මං ලොකියා කරොන්ති, තස්ස අකිරියං සම්පස්සමානො භගවන්තං අකිරියවාදොති ආහ. භගවා පන යස්මා කායදුච්චරිතාදීනං අකිරියං වදති, තස්මා තං අකිරියවාදිතං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි. තත්ථ ඨපෙත්වා කායදුච්චරිතාදීනි අවසෙසා අකුසලා ධම්මා අනෙකවිහිතා පාපකා අකුසලා ධම්මාති වෙදිතබ්බා.
යළි බමුණු තෙමේ ලෝකයෙහි වයසින් වැඩිමහල්ලන්ට වැඳීම් ආදී යම් කුලසිරිතක් ලෝකයා කරත්ද එය නොකිරීමක් දකිමින් භාග්‍යවතුන් වහන්සේට අකිරියවාදො යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් කායදුශ්චරිතාදීන්ගේ නොකිරීමක් කියන සේක්ද එහෙයින් එම අකිරියවාදිත්වය තමන් කෙරෙහි දක්නා සේක් වෙනත් කරුණක් අනුදත් සේක. එහි කාය දුශ්චරිතාදිය හැර සෙසු අකුශල ධර්මයෝ නොයෙක් ආකාර වූ පවිටු අකුශලධර්මයෝයි දතයුත්තාහ.
පුන බ්රාහ්මණො තදෙව අභිවාදනාදිකම්මං භගවති අපස්සන්තො “ඉමං ආගම්ම අයං ලොකතන්ති ලොකපවෙණී උච්ඡිජ්ජතී”ති මඤ්ඤමානො භගවන්තං උච්ඡෙදවාදොති ආහ. භගවා පන යස්මා පඤ්චකාමගුණිකරාගස්ස චෙව අකුසලචිත්තද්වයසම්පයුත්තස්ස ච දොසස්ස අනාගාමිමග්ගෙන උච්ඡෙදං වදති, සබ්බාකුසලසම්භවස්ස පන මොහස්ස අරහත්තමග්ගෙන උච්ඡෙදං වදති, ඨපෙත්වා තෙ තයො අවසෙසානං පාපකානං අකුසලානං ධම්මානං යථානුරූපං චතූහි මග්ගෙහි උච්ඡෙදං වදති, තස්මා තං උච්ඡෙදවාදං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි.
යළිත් බමුණා ඒ අභිවාදනාදී කර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොදකිමින් මීට පැමිණ මෙතෙම ලොව ක්‍රමය ලොව ප්‍රවේණිය විනාශ කරතියි හඟින්නේ භාග්‍යවතුන් වහන්සේට උච්ඡෙදවාදො යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් හෙයකින් පඤ්චකාමගුණික වූ රාගයාගේ ද අකුසල සිත් දෙකින් යුත් ද්වෙශයේද අනාගාමි මාර්ගයෙන් සම්පූර්ණයෙන් නැතිවීම ප්‍රකාශ කරන සේක්ද, සියලු අකුසල් හටගන්වන්නා වූ මෝහයාගේ උච්ඡෙදය අරහත් මාර්ගයෙන් ප්‍රකාශ කරන සේක්ද ඒ තුන හැර ඉතිරි පවිටු අකුශල ධර්මයන්ට අනුරූප පරිද්දෙන් සතර මගින් උච්ඡෙදය ප්‍රකාශ කරන සේක්ද එහෙයින් එම උච්ඡෙදවාදය තමන් කෙරෙහි දකිමින් වෙනත් කරුණක් අනුදත් සේක.
පුන බ්රාහ්මණො “ජිගුච්ඡති මඤ්ඤෙ සමණො ගොතමො ඉදං වයොවුද්ධානං අභිවාදනාදිකුලසමුදාචාරකම්මං, තෙන තං න කරොතී”ති මඤ්ඤමානො භගවන්තං ජෙගුච්ඡීති ආහ. භගවා පන යස්මා ජිගුච්ඡති කායදුච්චරිතාදීහි, යානි කායවචීමනොදුච්චරිතානි චෙව යාව ච අකුසලානං ලාමකධම්මානං සමාපත්ති සමාපජ්ජනා සමඞ්ගිභාවො, තං සබ්බම්පි ගූථං විය මණ්ඩනකජාතිකො පුරිසො ජිගුච්ඡති හිරීයති, තස්මා තං ජෙගුච්ඡිතං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි. තත්ථ කායදුච්චරිතෙනාතිආදි කරණවචනං උපයොගත්ථෙ දට්ඨබ්බං.
යළිත් බමුණුතෙමේ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වැඩිමහල්ලන්ට වැඳීම් ආදී මේ කුලසිරිත පිළිකුල් කරන්නේයි හඟිමි. එහෙයින් එය නොකරයි සිතමින් භාග්‍යවතුන් වහන්සේට ජෙගුච්ඡි යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් හෙයකින් කාය දුශ්චරිතාදියෙන් කායවචීමනො දුශ්චරිතයන් ද අකුශල වූ පහත් ධර්මයන්ට යම් පැමිණීමක් පත්වීමක් එක්වීමක් වේනම් එයද පිළිකුල් කරන සේක. ඒ සියල්ලම සැරසෙනසුලු පුද්ගලයෙකු අසූචියක් මෙන් පිළිකුල් කරයි ලජ්ජාවට පත් වෙයි. එහෙයින් ඒ පිළිකුල් බව තමන් කෙරෙහි දක්නේ වෙනත් කරුණක් අනුදත් සේක. එහි කායදුච්චරිතෙන යනාදී කරණ විභක්ති වචනය උපයොගාර්ත්ථයෙහි දැක්විය යුතුය.
පුන බ්රාහ්මණො තදෙව අභිවාදනාදිකම්මං භගවති අපස්සන්තො “අයං ඉදං ලොකජෙට්ඨකකම්මං විනෙති විනාසෙති, අථ වා යස්මා එතං සාමීචිකම්මං න කරොති, තස්මා අයං විනෙතබ්බො නිග්ගණ්හිතබ්බො”ති මඤ්ඤමානො භගවන්තං වෙනයිකොති ආහ. තත්රායං පදත්ථො – විනයතීති විනයො, විනාසෙතීති වුත්තං හොති. විනයො එව වෙනයිකො. විනයං වා අරහතීති වෙනයිකො, නිග්ගහං අරහතීති වුත්තං හොති. භගවා පන යස්මා රාගාදීනං විනයාය වූපසමාය ධම්මං දෙසෙති, තස්මා වෙනයිකො හොති. අයමෙව චෙත්ථ පදත්ථො – විනයාය ධම්මං දෙසෙතීති වෙනයිකො. විචිත්‍රා හි තද්ධිතවුත්ති. ස්වායං තං වෙනයිකභාවං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි.
යළි බමුණා එම අභිවාදනාදී කර්මයම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොදක්නේ මෙතෙම මෙම ලෝකජ්යෙෂ්ඨක කර්මය යටපත් කරයි වනසයි නැතහොත් යම් හෙයකින් මෙම සාමීචිකර්මය නොකරයිද එහෙයින් මෙතෙම හික්මවිය යුත්තෙකි. අවමන් කළයුත්තෙකැයි හඟින්නේ භාග්‍යවතුන් වහන්සේට වෙනයිකොයි කීවේය. එහි මේ පදාර්ත්ථයයි. හික්මවනුයි විනයො නමි. වනසයියී කියන ලද්දේ වෙයි. විනයම වෙනයික වේ. විනයට සුදුසු වේනුයි හෝ වෙනයිකොයි. නිග්‍රහයට සුදුස්සේයි කියන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් හෙයකින් රාගාදීන් විනාශය සඳහා සංසිඳීම සඳහා දම් දෙසන සේක්ද එහෙයින් වෙනයික නම් වෙයි. මෙයම මෙහි පදාර්ත්ථයයි. විනය (හික්මීම) සඳහා දම් දෙසයිනුයි වෙනයිකොයි. තද්ධිතයන්ගේ පැවැත්ම විසිතුරුය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනයික බව තමා කෙරෙහි දකිමින් වෙනත් කරුණක් අනුදත් සේක.
පුන බ්රාහ්මණො යස්මා අභිවාදනාදීනි සාමීචිකම්මානි කරොන්තා වයොවුද්ධෙ තොසෙන්ති හාසෙන්ති, අකරොන්තා පන තාපෙන්ති විහෙසෙන්ති දොමනස්සං නෙසං උප්පාදෙන්ති, භගවා ච තානි න කරොති, තස්මා “අයං වයොවුද්ධෙ තපතී”ති මඤ්ඤමානො සප්පුරිසාචාරවිරහිතත්තා වා “කපණපුරිසො අය”න්ති මඤ්ඤමානො භගවන්තං තපස්සීති ආහ. තත්රායං පදත්ථො – තපතීති තපො, රොසෙති විහෙසෙතීති අත්ථො. සාමීචිකම්මාකරණස්සෙතං අධිවචනං. තපො අස්ස අත්ථීති තපස්සී. දුතියෙ අත්ථවිකප්පෙ බ්යඤ්ජනානි අවිචාරෙත්වා ලොකෙ කපණපුරිසො තපස්සීති වුච්චති. භගවා පන යෙ අකුසලා ධම්මා ලොකං තපනතො තපනීයානි වුච්චන්ති, තෙසං පහීනත්තා යස්මා තපස්සීති සඞ්ඛං ගතො. තස්මා තං තපස්සිතං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි. තත්රායං වචනත්ථො – තපන්තීති තපා, අකුසලධම්මානමෙතං අධිවචනං. තෙ තපෙ අස්සි නිරස්සි පහාසි විද්ධංසීති තපස්සී.
යළිත් බමුණු තෙමේ යම් හෙයකින් අභිවාදනාදී සාමීචිකර්මය කරන්නාහු වැඩිමහල්ලන් සතුටු කරත් සිනහගන්වත්, නොකරන්නාහු තැවීමට පත්කරත් වෙහෙසවත්, ඔවුනට දොම්නස උපදවත් ද භාග්‍යවතුන් වහන්සේ ද ඒවා නොකරන සේක. එහෙයින් මෙතෙම වයොවෘද්ධයන් තැවීමට පත්කරයියි හඟමින් සත්පුරුෂයන්ගේ සිරිත් නැති බැවින් හෝ මෙතෙම දිළින්දෙකැයි සිතන්නේ භාග්‍යවතුන් වහන්සේට තපස්සී යි කීවේය. එහි මේ පදාර්ත්ථයයි. තවයිනුයි තපො නමි. හිරිහැර කරයි, වෙහෙසවයි යන අර්‍ත්‍ථයි. සාමීචිකම් නොකිරීමට මෙය නමෙකි. තපස ඔහුට ඇතැයි තපස්සී නමි. දෙවැනි අර්ත්ථ විකල්පනයෙහි ව්‍යංජන නොවෙනස් කොට ලොවෙහි දුක්ඛිත පුරුෂයා තපස්සී යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් අකුසල ධර්මයෝ ලොව තවන බැවින් තපනීයායි කියනු ලැබෙත්ද, ඒවා දුරුකළ බැවින් යම් හෙයකින් තපස්සී යයි ප්‍රසිද්ධියට ගියේද එහෙයින් ඒ තපස්සි බව තමා කෙරෙහි දක්නා සේක් වෙනත් කරුණක් අනුදත් සේක. එහි මේ වචනාර්ථයයි. තවත්නුයි තපා නමි. මෙය අකුශල ධර්මයන්ට නමෙකි. ඒ තපයන් ඉවත් කළේය, පහ කළේය, දුරුකළේය විනාශකළේ යයි තපස්සී වේ.
පුන බ්රාහ්මණො තං අභිවාදනාදිකම්මං දෙවලොකගබ්භසම්පත්තියා දෙවලොකපටිසන්ධිපටිලාභාය සංවත්තතීති මඤ්ඤමානො භගවති චස්ස අභාවං දිස්වා භගවන්තං අපගබ්භොති ආහ. කොධවසෙන වා භගවතො මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණෙ දොසං දස්සෙන්තොපි එවමාහ. තත්රායං වචනත්ථො – ගබ්භතො අපගතොති අපගබ්භො, අභබ්බො දෙවලොකූපපත්තිං පාපුණිතුන්ති අධිප්පායො. හීනො වා ගබ්භො අස්සාති අපගබ්භො. දෙවලොකගබ්භපරිබාහිරත්තා ආයතිං හීනගබ්භපටිලාභභාගීති. හීනො වාස්ස මාතුකුච්ඡිස්මිං ගබ්භවාසො අහොසීති අධිප්පායො. භගවතො පන යස්මා ආයතිං ගබ්භසෙය්යා අපගතා, තස්මා සො තං අපගබ්භතං අත්තනි සම්පස්සමානො අපරං පරියායමනුජානි. තත්ර ච යස්ස ඛො, බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනාති එතෙසං පදානං එවමත්ථො දට්ඨබ්බො – “බ්‍රාහ්මණ, යස්ස පුග්ගලස්ස අනාගතෙ ගබ්භසෙය්යා පුනබ්භවෙ ච අභිනිබ්බත්ති අනුත්තරෙන මග්ගෙන විහතකාරණත්තා පහීනා. ගබ්භසෙය්යාගහණෙන චෙත්ථ ජලාබුජයොනි ගහිතා, පුනබ්භවාභිනිබ්බත්තිග්ගහණෙන ඉතරා තිස්සො”පි.
යළිත් බමුණා ඒ අභිවාදනාදි කර්මය දෙව්ලොව ගැබ් ගැනීමේ සැපත සඳහා, දෙව්ලොව පිළිසිඳ ගැනීම සඳහා පවතීයයි සිතමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එය නැතිබව දැක භාග්‍යවතුන් වහන්සේ අපගබ්හො යි කීවේය. තරහින් හෝ භාග්‍යවතුන් වහන්සේගේ මවුකුස පිළිසිඳ ගැනීමෙහි දොසක් දක්වමින් මෙසේ කීවේය. මේ මෙහි පදාර්ත්ථයයි. ගැබින් ඉවත්වූයේයි අපගබ්හො නමි. දෙව්ලොව උපතට පැමිණීමට නොසුදුස්සෙකැයි අදහසයි. මොහුගේ ගර්භය පහත්ය යන අර්ත්ථයෙන් හෝ අපගබ්හො නමි. දෙව්ලොව ගර්භයෙන් (ඉපදීමෙන්) බැහැර වූ බැවින් අනාගතයෙහි පහත් ගැබක් ලබන්නේ හෝ මොහුගේ මවු කුස ගැබ් විසීම පහත්වූයේයි අදහසයි. භාග්‍යවතුන් වහන්සේගේ වනාහි යම්හෙයකින් අනාගතයෙහි ගැබක හෙවීම දුරුවූයේද එහෙයින් උන්වහන්සේ ඒ අපගර්භ බව තමන් වහන්සේ කෙරෙහි දකිමින් වෙනත් කරුණක් අනුදත් සේක. එහි ද යස්ස ඛො බ්‍රාහ්මණ ආයතිං ගබ්භසෙය්යා පුනබ්හවාභිතිබ්බත්ති පහීනා යන මේ පදයන්ගේ මේ අර්ත්ථය දැක්විය යුතුය. බමුණ යම් පුද්ගලයකුගේ අනාගතයෙහි ගැබක හෙවීම ද යළි භවයක උපතද උතුම් මගින් පහවීමේ හේතුවෙන් ප්‍රහීන වීය. ගැබක හෙවීම ගැනීමෙන් මෙහිදී ජලාබුජයොනිය ගන්නා ලදි. පුනර්භවයක ඉපදීම ගැනීමෙන් ඉතිරි තුනයි.
අපිච ගබ්භස්ස සෙය්යා ගබ්භසෙය්යා. පුනබ්භවො එව අභිනිබ්බත්ති පුනබ්භවාභිනිබ්බත්තීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යථා ච විඤ්ඤාණට්ඨිතීති වුත්තෙපි න විඤ්ඤාණතො අඤ්ඤා ඨිති අත්ථි, එවමිධාපි න ගබ්භතො අඤ්ඤා සෙය්යා වෙදිතබ්බා. අභිනිබ්බත්ති ච නාම යස්මා පුනබ්භවභූතාපි අපුනබ්භවභූතාපි අත්ථි, ඉධ ච පුනබ්භවභූතා අධිප්පෙතා, තස්මා වුත්තං – “පුනබ්භවො එව අභිනිබ්බත්ති පුනබ්භවාභිනිබ්බත්තී”ති.
තවද ගැබක නිදීම (හෙවීම) ගබ්භසෙය්යා නමි. පුනර්භවයම අභිනිබ්බත්ති වූයේනුයි පුනබ්භවාභිනිබ්බතතියි අර්ත්ථය දැක්විය යුතු ය. යම්සේ නම් විඤ්ඤාණට්ඨිතියි කීකල්හි විඥානයෙන් වෙනස් වූ ඨිතියක් නැත්තේ ද මෙසේ මෙහි ද ගර්භයෙන් අන්‍ය වූ සෙය්යාවක් නැතැයි දතයුතුය. අභිනිබ්බත්තිය ද යම් හෙයකින් පුනර්භව වූයේ ද අපුනර්භව වූයේ ද වෙයි. මෙහි ද පුනර්භව වූයේම අදහස් කරන ලදි. එහෙයින් පුනර්භවයම අභිනිබ්බත්තියයි පුනබ්භවාභිනිබ්බත්තියි කියන ලදි.
එවං ආගතකාලතො පට්ඨාය අරසරූපතාදීහි අට්ඨහි අක්කොසවත්ථූහි අක්කොසන්තම්පි බ්රාහ්මණං භගවා ධම්මිස්සරො ධම්මරාජා ධම්මසාමී තථාගතො අනුකම්පාය සීතලෙනෙව චක්ඛුනා බ්රාහ්මණං ඔලෙකෙන්තො යං ධම්මධාතුං පටිවිජ්ඣිත්වා දෙසනාවිලාසප්පත්තා නාම හොති, තස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා විගතවලාහකෙ නභෙ පුණ්ණචන්දො විය ච සරදකාලෙ සූරියො විය ච බ්රාහ්මණස්ස හදයන්ධකාරං විධමෙන්තො තානියෙව අක්කොසවත්ථූනි තෙන තෙන පරියායෙන අඤ්ඤථා දස්සෙත්වා පුනපි අත්තනො කරුණාවිප්ඵාරං අට්ඨහි ලොකධම්මෙහි අකම්පියභාවෙන පටිලද්ධතාදිගුණලක්ඛණං පථවිසමචිත්තතං අකුප්පධම්මතඤ්ච පකාසෙන්තො “අයං බ්රාහ්මණො කෙවලං පලිතසිරඛණ්ඩදන්තවලිත්තචතාදීහි අත්තනො වුද්ධභාවං සල්ලක්ඛෙති, නො ච ඛො ජානාති අත්තානං ජාතියා අනුගතං ජරාය අනුසටං බ්යාධිනො අධිභූතං මරණෙන අබ්භාහතං අජ්ජ මරිත්වා පුන ස්වෙව උත්තානසෙය්යදාරකභාවගමනීයං. මහන්තෙන ඛො පන උස්සාහෙන මම සන්තිකං ආගතො, තදස්ස ආගමනං සාත්ථකං හොතූ”ති චින්තෙත්වා ඉමස්මිං ලොකෙ අත්තනො අප්පටිසමං පුරෙජාතභාවං දස්සෙන්තො සෙය්යථාපි, බ්රාහ්මණාතිආදිනා නයෙන බ්රාහ්මණස්ස ධම්මදෙසනං වඩ්ඪෙසි.
මෙසේ පැමිණි කල පටන් අරසරුපතා ආදී ආක්‍රොශ වස්තු අටකින් නින්දා කරන්නා වූ බමුණාට ධර්මෙශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් සිසිල් වූ ඇසින් බමුණා දෙස බලමින් යම් ධර්මධාතුවක් අවබෝධ කොට දේශනා විලාසයට පැමිණියේ නම් වේද ඒ ධර්මධාතුව මනාව අවබෝධකළ බැවින් පහවූ වළාකුළු ඇති අහසෙහි පුන්සඳ මෙන් ද සරත් කාලයෙහි සූර්‍ය්‍යයා මෙන් ද බමුණාගේ හදවත අඳුර දුරුකරමින් ඒ ඒ ආක්‍රොශ වස්තූන්ම ඒ ඒ කරුණින් වෙනස් ලෙසකින් දක්වා යළි ද තමන්ගේ කරුණාවෙන් පැතුරුණු අටලෝදහමින් නොසැලෙන බවින් ලබනලද ගුණ ලක්ෂණය ද නොසැලෙන ස්වභාවය ද පවසන සේක්, මේ බමුණු තෙමේ හුදෙක් පැසුණු කෙස් කැඩුණු දත් රැළිවැටුණු සම් ඇති බව ආදියෙන් තමාගේ වියපත් මහලු බව සලකයි, තමන්ගේ උපතින් පැමිණි ජරාවෙන් විසුරුණු ව්‍යාධියෙන් මැඬුණු මරණින් පහරනලද අද මැරී හෙට යළි උඩුකුරුව නිදන ළදරුවකු බවට යායුතු බව නොදනියි. මහත් උත්සාහයකින් මා සමීපයට පැමිණියේය. ඒ ඔහුගේ පැමිණීම සාර්‍ත්‍ථක වේවායි සිතා මෙලොව තමන්ගේ අසමාන වූ කලින් උපන්බව දක්වන සේක් සෙය්යථාපි බ්‍රාහ්මණ යනාදී ක්‍රමයෙන් දම් දෙසුම වැඩූ සේක.
තත්ථ සෙය්යථාපීතිආදීනං හෙට්ඨා වුතනයෙනෙව අත්ථො වෙදිතබ්බො. අයං පන විසෙසො – හෙට්ඨා වුත්තනයෙනෙව හි තෙ කුක්කුටපොතකා පක්ඛෙ විධුනන්තා තංඛණානුරූපං විරවන්තා නික්ඛමන්ති. එවං නික්ඛමන්තානඤ්ච තෙසං යො පඨමතරං නික්ඛමති, සො ජෙට්ඨොති වුච්චති. තස්මා භගවා තාය උපමාය අත්තනො ජෙට්ඨභාවං සාධෙතුකාමො බ්රාහ්මණං පුච්ඡති – යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපොතකානං…පෙ… කින්ති ස්වාස්ස වචනීයොති. තත්ථ කුක්කුටච්ඡාපකානන්ති කුක්කුටපොතකානං. කින්ති ස්වාස්ස වචනීයොති සො කින්ති වචනීයො අස්ස, කිං වත්තබ්බො භවෙය්ය ජෙට්ඨො වා කනිට්ඨො වාති.
එහි සෙය්යථාපි යනාදියේ අර්ත්ථය යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. මේ වනාහි විශේෂයයි. යට කියනලද ක්‍රමයෙන්ම ඒ කුකුළු පැටවු පියාපත් ගසාදමමින් ඒ මොහොතට සුදුසු ලෙස හඬ නඟමින් නික්මෙති. එසේ නික්මෙන්නාවූ ඔවුනතුරින් යමෙක් පළමුව නික්මෙයිද හෙතෙම ජ්යෙෂ්ඨයයි කියනු ලැබේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ එම උපමාවෙන් තමන්ගේ දෙටුබව සාධනය කරනු කැමැති සේක් බමුණා විමසන සේක. යො නු ඛො තෙසං -පෙ- කුක්කුට පොතකානං කින්ති සවාස්ස වචනීයො යනු එහි කින්ති සවාස්ස වචනීයො යනු කුමක් කිවයුතු වන්නේද? ජ්‍යෙෂ්ඨයා හෝ කනිෂ්ඨයායි කුමක් කිවයුතු වන්නේද?
“ජෙට්ඨො”තිස්ස, භො ගොතම, වචනීයොති, භො ගොතම, සො ජෙට්ඨො ඉති අස්ස වචනීයො. කස්මාති චෙ? සො හි නෙසං ජෙට්ඨොති, යස්මා සො නෙසං වුද්ධතරොති අත්ථො. අථස්ස භගවා ඔපම්මං සම්පටිපාදෙන්තො එවමෙව ඛොති ආහ, යථා සො කුක්කුටපොතකො, එවං අහම්පි. අවිජ්ජාගතාය පජායාති අවිජ්ජා වුච්චති අඤ්ඤාණං, තත්ථ ගතාය. පජායාති සත්තධිවචනමෙතං, අවිජ්ජාකොසස්ස අන්තො පවිට්ඨෙසු සත්තෙසූපි වුත්තං හොති. අණ්ඩභූතායාති අණ්ඩෙ භූතාය පජාතාය සඤ්ජාතාය. යථා හි අණ්ඩෙ නිබ්බත්තා එකච්චෙ සත්තා අණ්ඩභූතාති වුච්චන්ති, එවමයං සබ්බාපි පජා අවිජ්ජණ්ඩකොසෙ නිබ්බත්තත්තා අණ්ඩභූතාති වුච්චති. පරියොනද්ධායාති තෙන අවිජ්ජණ්ඩකොසෙන සමන්තතො ඔනද්ධාය බද්ධාය වෙඨිතාය. අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වාති තං අවිජ්ජාමයං අණ්ඩකොසං භින්දිත්වා. එකොව ලොකෙති සකලෙපි ලොකසන්නිවාසෙ අහමෙව එකො අදුතියො. අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති උත්තරරහිතං සබ්බසෙට්ඨං සම්මා සාමඤ්ච බොධිං, අථ වා පසත්ථං සුන්දරඤ්ච බොධිං. අරහත්තමග්ගඤාණස්සෙතං නාමං, සබ්බඤ්ඤුතඤ්ඤාණස්සාපි නාමමෙව. උභයම්පි වට්ටති. අඤ්ඤෙසං අරහත්තමග්ගො අනුත්තරා බොධි හොති, න හොතීති? න හොති. කස්මා? අසබ්බගුණදායකත්තා. තෙසඤ්හි කස්සචි අරහත්තමග්ගො අරහත්තඵලමෙව දෙති, කස්සචි තිස්සො විජ්ජා, කස්සචි ඡ අභිඤ්ඤා, කස්සචි චතස්සො පටිසම්භිදා, කස්සචි සාවකපාරමිඤාණං. පච්චෙකබුද්ධානම්පි පච්චෙකබොධිඤාණමෙව දෙති, බුද්ධානං පන සබ්බගුණසම්පත්තිං දෙති අභිසෙකො විය රඤ්ඤො සබ්බලොකිස්සරභාවං. තස්මා අඤ්ඤස්ස කස්සචිපි අනුත්තරා බොධි න හොතීති. අභිසම්බුද්ධොති අබ්භඤ්ඤාසිං පටිවිජ්ඣිං, පත්තොම්හි අධිගතොම්හීති වුත්තං හොති.
ජෙට්ඨො තිස්ස භො ගොතම වචනීයො යනු භවත් ගෞතමයන් වහන්ස ජ්‍යෙෂ්ඨයායි කිවයුතු වන්නේය. කුමක් හෙයින්ද යත්? සො හි නෙසං ජෙට්ඨො යනු යම් හෙයකින් හෙතෙම ඔවුනතුරින් වැඩිමහල්ලාය යන අර්ත්ථයයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට උපමාව සසඳමින් එවමෙව ඛො යි පැවසූ සේක. යම්සේ ඒ කුකුළු පැටවා වේද එසේ මම ද වෙමි. අවිජ්ජාගතාය පජාය යනු නොදැන්ම අවිද්යායි කියනු ලැබේ. එහි ගියාවූයි, පජාය යනු සත්ත්ව ප්රජාවයි, අවිද්‍යා කොශයේ ඇතුළට පිවිසි සත්ත්වයන් කෙරෙහියි කියන ලද්දේ වෙයි. අවිජ්ජාභූතාය යනු බිජුවටයෙහි වූ, හටගත්තාවූයි, යම්සේ බිජුවටයෙහි උපන්නා වූ ඇතැම් සත්ත්වයෝ අණ්ඩභූතායි කියනු ලැබෙත්ද එසේ මේ සියලුම ප්‍රජාව අවිද්‍යා නමැති බිජුවටයෙහි උපන් බැවින් අණ්ඩභූතායි කියනු ලැබෙයි. පරියොනද්ධාය යනු ඒ අවිද්‍යා නමැති බිජුවටින් හාත්පසින් වටකරන ලද බඳනාලද වෙළනලදයි. අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා යනු ඒ අවිද්‍යාමය වූ අණ්ඩකොශය බිඳ දමායි, එකොව ලොකෙ යනු සියලු ලෝකවාසීන් අතුරෙහි මම ම නොදෙවැන්නායි. අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො යනු උත්තරීතරයකු නැති සියල්ලන්ට ශ්‍රේෂ්ඨ වූ මනාව තමාගේ ද වූ බෝධියයි, නැතහොත් ප්රශස්ත වූ සුන්දරතරද වූ බෝධියයි. මෙය අරහත් මාර්ගඥානයට මේ නමෙකි. සර්වඥතා ඥානයට ද මෙය නමක්මය. දෙකටම වටියි. අනෙක් අයගේ අරහත් මාර්ගය අනුත්තර බෝධිය වේද නොවේද? නොවෙයි. කුමක් හෙයින්ද? සියලුගුණ නොදෙන බැවිනි. ඔවුනතුරින් ඇතමෙකුගේ අරහත්මාර්ග අරහත් ඵලයම දෙයි. කිසිවකුට ත්‍රිවිධ විද්‍යායි. කිසිවකුට අභිඥාසයයි. කිසිවකුට සිවුපිළිසිඹියායි. කිසිවකුට ශ්‍රාවක පාරමී ඥානයයි. පසේබුදුවරුනට ද ප්‍රත්‍යෙකබුද්ධ ඥානයම දෙයි. බුදුවරුන්ට වනාහි සියලු ගුණ සම්පත්තියම දෙයි. රජුන්ගේ අභිෂෙකය මෙනි. සියලු ලොවට අධිපති බවයි. එබැවින් අන්කිසිවකුට අනුත්තර වූ බෝධිය නොවෙයි. අභිසම්බුද්ධො යනු මනාව දැනගතිමි, අවබොධ කෙළෙමි, පැමිණියෙමි, පත්වූයෙමියි කියන ලද්දේ වෙයි.
ඉදානි යදෙතං භගවතා “එවමෙව ඛො”තිආදිනා නයෙන වුත්තං ඔපම්මසම්පටිපාදනං, තං එවං අත්ථෙන සංසන්දිත්වා වෙදිතබ්බං – යථා හි තස්සා කුක්කුටියා අත්තනො අණ්ඩෙසු අධිසයනාදිතිවිධකිරියාකරණං, එවං බොධිපල්ලඞ්කෙ නිසින්නස්ස බොධිසත්තභූතස්ස භගවතො අත්තනො සන්තානෙ අනිච්චං, දුක්ඛං, අනත්තාති තිවිධානුපස්සනාකරණං. කුක්කුටියා තිවිධකිරියාසම්පාදනෙන අණ්ඩානං අපූතිභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස අපරිහානි. කුක්කුටියා තිවිධකිරියාකරණෙන අණ්ඩානං අල්ලසිනෙහපරියාදානං විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන භවත්තයානුගතනිකන්තිසිනෙහපරියාදානං. කුක්කුටියා තිවිධකිරියාකරණෙන අණ්ඩකපාලානං තනුභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන අවිජ්ජණ්ඩකොසස්ස තනුභාවො, කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටපොතකස්ස පාදනඛතුණ්ඩකානං ථද්ධඛරභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස තික්ඛඛරවිප්පසන්නසූරභාවො. කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටපොතකස්ස පරිණාමකාලො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස පරිණාමකාලො වඩ්ඪිකාලො ගබ්භග්ගහණකාලො. කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටපොතකස්ස පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා පක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අභිනිබ්භිදාකාලො විය භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණගබ්භං ගණ්හාපෙත්වා අනුපුබ්බාධිගතෙන අරහත්තමග්ගෙන අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා අභිඤ්ඤාපක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා සකලබුද්ධගුණසච්ඡිකතකාලො වෙදිතබ්බො.
දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ එවමෙව ඛො යනාදී ක්‍රමයෙන් කියන ලද්දක් වේද එය උපමා පිළියෙල කිරීමයි. එය අර්ථයෙන් සසඳා දතයුතුය. යම්සේ ඒ කිකිළියගේ තමන්ගේ බිජුවටවල අධිසයනාදී ත්‍රිවිධ ක්‍රියා කිරීම වේද එසේ බෝපලඟෙහි හුන්නාවූ බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ තම සන්තානයෙහි අනිත්‍යය දුකය අනාත්මයයි ත්‍රිවිධ අනුපස්සනා කිරීමයි. කිකිළියගේ ත්‍රිවිධ ක්‍රියා සැපයීමෙන් බිජුවටවල කුණු නොවීම මෙන් බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සැපයීමෙන් විදසුන් නුවණේ නොපිරිහීමයි. කිකිළියගේ තෙවැදෑරුම් ක්‍රියා කිරීමෙන් බිජුවටවල තෙත් ඇලෙන ගතිය ගැනීම මෙන් බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සැපයීමෙන් භවත්‍රයට අනුගත වූ සිය සෙනෙහස ගැනීමයි. කිකිළියගේ තෙවැදෑරුම් ක්‍රියා කිරීමෙන් බිජුවට කබල්වල තුනීබව මෙන් බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුපස්සනා සම්පාදනයෙන් අවිද්‍යා නමැති බිජුව වටේ තුනී බවයි. කිකිළියගේ තෙවැදෑරුම් ක්‍රියා කිරීමෙන් කුකුළු පැටවාගේ පා, නිය හොටවල තදබව මෙන් බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පදනයෙන් විදසුන් නුවණේ තියුණු දළ පැහැපත් සූර බවයි. කිකිළියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුකුළු පැටවාගේ මුහුකුරා යාම මෙන් බෝසත්ව සිටි භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ ක්‍රියා සම්පාදනයෙන් විදසුන් නුවණේ මිහිකිරෙන කාලය වැඩෙන කාලයයි. ගැබ් ගැනීමේ කාලයයි. කිකිළියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුකුළු පොවුවාගේ පා-නිය සිළුවලින් හෝ මුව හොටින් හෝ බිජුවට බිඳ පියාපත් පොළා සුවසේ එළියට එන කාලය මෙන් භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයෙන් විදසුන් නුවණ ගැබ් ගන්නා ක්‍රමයෙන් අවබෝධ කරන ලද අරහත් මගින් අවිද්‍යා බිජුවට පළා අභිඥා නමැති පියාපත් සළා සුවසේ සියලු බුද්ධ ගුණයන් පසක් කළ කාලය දතයුතුය.
අහඤ්හි, බ්‍රාහ්මණ, ජෙට්ඨො සෙට්ඨො ලොකස්සාති, බ්‍රාහ්මණ, යථා තෙසං කුක්කුටපොතකානං පඨමතරං අණ්ඩකොසං පදාලෙත්වා අභිනිබ්බත්තො කුක්කුටපොතකො ජෙට්ඨො හොති, එවං අවිජ්ජාගතාය පජාය තං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා පඨමතරං අරියාය ජාතියා ජාතත්තා අහඤ්හි ජෙට්ඨො වුද්ධතමොති සඞ්ඛං ගතො, සබ්බගුණෙහි පන අප්පටිසමත්තා සෙට්ඨොති.
අහං හි බ්‍රාහ්මණ ජෙට්ඨො සෙට්ඨො ලෝකස්ස යනු බමුණ යම්සේ ඒ කුකුළු පොව්වන් අතුරින් පළමුව බිජුවට පළා උපන් කුකුළු පැටවා ජ්‍යෙෂ්ඨ වේද එසේ අවිද්‍යා සහගත වූ ප්‍රජාවගේ ඒ අවිද්‍යා බිජුවට පලා පළමුව ආර්ය ජාතියෙහි උපන් බැවින් මම වනාහි ජ්‍යෙෂ්ඨයාය වැඩිමහල්ලායැයි පිළිගැනීමට ගියේ වෙමි. සියලු ගුණයන්ගෙන් අසමාන වන බැවින් ශ්‍රේෂ්ඨවූයේ වෙමි.
එවං භගවා අත්තනො අනුත්තරං ජෙට්ඨසෙට්ඨභාවං බ්රාහ්මණස්ස පකාසෙත්වා ඉදානි යාය පටිපදාය තං අධිගතො, තං පටිපදං පුබ්බභාගතො පභුති දස්සෙතුං ආරද්ධං ඛො පන මෙ, බ්රාහ්මණාතිආදිමාහ. තත්ථ ආරද්ධං ඛො පන මෙ, බ්‍රාහ්මණ, වීරියං අහොසීති, බ්‍රාහ්මණ, න මයා අයං අනුත්තරො ජෙට්ඨසෙට්ඨභාවො කුසීතෙන මුට්ඨස්සතිනා සාරද්ධකායෙන වික්ඛිත්තචිතෙන අධිගතො, අපිච ඛො තදධිගමාය ආරද්ධං ඛො පන මෙ වීරියං අහොසි. බොධිමණ්ඩෙ නිසින්නෙන මයා චතුසම්මප්පධානභෙදං වීරියං ආරද්ධං අහොසි, පග්ගහිතං අසිථිලප්පවත්තිතං. ආරද්ධත්තායෙව ච මෙ තං අසල්ලීනං අහොසි. න කෙවලඤ්ච වීරියමෙව, සතිපි මෙ ආරම්මණාභිමුඛභාවෙන උපට්ඨිතා අහොසි, උපට්ඨිතත්තායෙව ච අසම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධොති කායචිත්තප්පස්සද්ධිවසෙන කායොපි මෙ පස්සද්ධො අහොසි. තත්ථ යස්මා නාමකායෙ පස්සද්ධෙ රූපකායොපි පස්සද්ධොයෙව හොති, තස්මා “නාමකායො රූපකායො”ති අවිසෙසෙත්වාව “පස්සද්ධො කායො”ති වුත්තං. අසාරද්ධොති සො ච ඛො පස්සද්ධත්තායෙව අසාරද්ධො, විගතදරථොති වුත්තං හොති. සමාහිතං චිත්තං එකග්ගන්ති චිත්තම්පි මෙ සම්මා ආහිතං සුට්ඨු ඨපිතං අප්පිතං විය අහොසි, සමාහිතත්තා එව ච එකග්ගං අචලං නිප්ඵන්දනන්ති. එත්තාවතා ඣානස්ස පුබ්බභාගපටිපදා කථිතා හොති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බමුණාට තමන්ගේ අනුත්තර වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය පවසා දැන් යම් පිළිවෙතකින් එය අවබෝධ කරන ලද්දේ ද එම පිළිවෙත මුලපටන්ම දැක්වීමට ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ යනාදිය වදාළ සේක. එහි ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ විරියං අහොසි යනු බමුණ මවිසින් මේ අනුත්තර වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය කුසීතකමින් මුළාවූ සිහියෙන් දාහ සහිත කයින් විසුරුණු සිතින් අවබෝධ නොකෙළෙමි. එය අවබෝධ කිරීම සඳහා මගේ වීර්යය අරඹන ලද්දේ විය. බෝමැඬ හුන්නා වූ මවිසින් චතුසම්මපධාන භේදය ඇති වීර්‍ය්‍යය අරඹන ලද්දේ විය. දැඩිව ගන්නා ලද්දේ ලිහිල් නොවන පැවතුම් ඇත්තේ විය. හුදෙක් වීර්‍ය්‍යය පමණක්ම නොව මගේ සිහිය ද අරමුණට මුහුණලා ඇති බවින් එළඹ සිටියේ විය. එළඹසිටියේ නොමුළාවූයේයි. පස්සද්ධො කායො අසාරද්ධො යනු කය සිත සංසිඳීම් වශයෙන් කය ද සංසිඳුනේ විය. එහි යම්හෙයකින් නාමකාය සංසිඳීම ඇති විට රූපකාය ද සංසිඳුනේම වේද එහෙයින් නාමකාය රූපකාය යයි වෙසෙසක් නොකොටම පස්සද්ධකා යයි කියන ලදි. අසාරද්ධො යනු එය ද සංසුන් බැවින්ම දාහ නැත්තේ පහවූ දාහය ඇත්තේයි කියන ලදි. සමාහිතං චිත්තං එකග්ගං යනු මගේ සිත ද මනාව තබන ලද්දේ හොඳින් පිහිටුවන ලද්දේ නංවන ලද්දේ විය. සමාහිත වීමෙන්ම එකඟ බවයි, නොසැලීමයි නොපැනීමයි. මෙපමණකින් ධ්‍යානයේ පුර්වභාග ප්‍රතිපදාව කියන ලද්දේ වෙයි.
ඉදානි ඉමාය පටිපදාය අධිගතං පඨමජ්ඣානං ආදිං කත්වා විජ්ජාත්තයපරියොසානං විසෙසං දස්සෙන්තො සො ඛො අහන්තිආදිමාහ. තත්ථ යං යාව විනිච්ඡයනයෙන වත්තබ්බං සියා, තං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.69) වුත්තමෙව.
දැන් මේ ප්‍රතිපදාවෙන් පැමිණෙන ලද ප්රථමධ්යා නය මුල්කොට විද්‍යාත්‍රය අවසන් කොට ඇති විශේෂය දක්වන සේක් සො ඛො අහං යනාදිය පැවසූ සේක. එහි යමක් යම්තාක් විනිශ්චයෙන් කිවයුතු වූයේද එය විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය.
අයං ඛො මෙ, බ්රාහ්මණාතිආදීසු පන විජ්ජාති විදිතකරණට්ඨෙන විජ්ජා. කිං විදිතං කරොති ? පුබ්බෙනිවාසං. අවිජ්ජාති තස්සෙව පුබ්බෙනිවාසස්ස අවිදිතකරණට්ඨෙන තප්පටිච්ඡාදකමොහො. තමොති ස්වෙව මොහො තප්පටිච්ඡාදකට්ඨෙන තමො නාම. ආලොකොති සා එව විජ්ජා ඔභාසකරණට්ඨෙන ආලොකොති. එත්ථ ච විජ්ජා අධිගතාති අත්ථො, සෙසං පසංසාවචනං. යොජනා පනෙත්ථ – අයං ඛො මෙ විජ්ජා අධිගතා, තස්ස මෙ අධිගතවිජ්ජස්ස අවිජ්ජා විහතා, විනට්ඨාති අත්ථො. කස්මා? යස්මා විජ්ජා උප්පන්නා. එස නයො ඉතරස්මිම්පි පදද්වයෙ. යථා තන්ති එත්ථ තන්ති නිපාතමත්තං. සතියා අවිප්පවාසෙන අප්පමත්තස්ස වීරියාතාපෙන ආතාපිනො කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛාතාය පහිතත්තස්ස පෙසිතත්තස්සාති අත්ථො. ඉදං වුත්තං හොති – යථා අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිජ්ජා විහඤ්ඤෙය්ය, විජ්ජා උප්පජ්ජෙය්ය තමො විහඤ්ඤෙය්ය, ආලොකො උප්පජ්ජෙය්ය, එවමෙව මම අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො. එතස්ස මෙ පධානානුයොගස්ස අනුරූපමෙව ඵලං ලද්ධන්ති.
අයං ඛො මෙ බ්‍රාහ්මණ යනාදියෙහි විජ්ජා යනු දැනීම ඇතිකරන අරුතින් විජ්ජා නමි. කුමක් ගැන දැනීම ඇතිකරයිද? පෙර විසීමයි. අවිජ්ජා යනු ඒ පෙරවිසීමම නොදන්නා බවට පත්කිරීමේ අරුතින් ඒ වසාලන මෝහයයි. තමා යනු ඒ මෝහයම එය වසාලන අරුතින් තමො නම් වෙයි. ආලොකො යනු ඒ විද්‍යාවම බැබලීම ඇතිකරන අරුතින් ආලෝක යයි කියනු ලැබේ. මෙහි ද විද්‍යාවට පැමිණියේයි අරුත්ය. සෙස්ස පැසසීමේ වචනයි. මෙහි යෙදීම වූ කලි මෙසේයි, මවිසින් මේ විද්‍යාව අවබෝධ කරන ලදි. අවබෝධ කළ විද්‍යාව ඇති මගේ අවිද්‍යාව විනාශ විය. වැනසිනැයි අරුත්ය. කුමක්හෙයින්ද? විද්‍යාව උපන් බැවිනි. සෙසුපද දෙකෙහි ද මේ ක්‍රමයයි. යථා තං යනු මෙහි තං යනු නිපාත මාත්‍රයෙකි. සිහියෙන් නොවෙන්ව විසීමෙන් අප්‍රමාද වූ වීර්‍ය්‍යය නමැති අවුවෙන් තැවීම ඇත්තා වූ තැනැත්තාගේ කයෙහි ද දිවියෙහි ද බලාපොරොත්තු රහිත බැවිනි, පහිතත්තස්ස යනු දැඩි වීර්‍ය්‍යයෙන් යුක්ත වූවහුගේයි අරුත්ය, මෙය කියන ලද්දේ වෙයි. යම්සේ අප්පමත්තස්ස ආතාපිනො දැඩි වීර්‍ය්‍යයෙන් යුතුව වෙසෙන්නාගේ අවිද්‍යාව නැසෙන්නේය, විද්‍යාව උපදින්නේද, අඳුර නැසෙන්නේ ආලෝකය උපදින්නේද එසේම මගේ අවිද්‍යාව නැසිණි, විද්‍යාව ඉපදුණි. අඳුර නැසිණි. ආලෝකය ඉපදුනි. ඒ මාගේ වීර්‍ය්‍යයෙහි යෙදීමට අනුකූල ලෙසින්ම ඵලය ලැබිණි.
අයං ඛො මෙ, බ්‍රාහ්මණ, පඨමා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හාති අයං ඛො මම, බ්‍රාහ්මණ, පුබ්බෙනිවාසානුස්සතිඤාණමුඛතුණ්ඩකෙන පුබ්බෙ නිවුත්ථඛන්ධප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා පඨමා අභිනිබ්භිදා පඨමා නික්ඛන්ති පඨමා අරියාජාති අහොසි කුක්කුටච්ඡාපකස්සෙව මුඛතුණ්ඩකෙන වා ං පාදනඛසිඛාය වා අණ්ඩකොසං පදාලෙත්වා තම්හා අණ්ඩකොසම්හා අභිනිබ්භිදා නික්ඛන්ති කුක්කුටනිකායෙ පච්චාජාතීති. අයං තාව පුබ්බෙනිවාසකථායං නයො.
අයං ඛො මෙ බ්‍රාහ්මණ පඨමා අභිනිබ්හිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා යනු බමුණ, මේ මගේ පෙර විසීම සිහි කිරීමේ නුවණ නැමැති මුවතුඩින් පෙර විසූ ස්කන්ධයන් වසන්නා වූ අවිදු බිජුවට පලා පළමු උපත මතුව එම පළමු ආර්‍ය්‍ය උපත වූයේය, කුකුළු පැටවාගේ මෙනි. මුවතුඩින් හෝ පානිය සිළුවෙන් හෝ බිජුවට පලා ඒ බිජුවටින් නික්මීම කුකුළු වර්ගයේ යළි උපතයි. මේ වූ කලී පෙර විසීම පිළිබඳ කථාවෙහි ක්‍රමයයි.
චුතුපපාතකථාය පන විජ්ජාති දිබ්බචක්ඛුඤාණවිජ්ජා. අවිජ්ජාති චුතුපපාතප්පටිච්ඡාදිකා අවිජ්ජා. යථා පන පුබ්බෙනිවාසකථායං “පුබ්බෙනිවාසානුස්සතිඤාණමුඛතුණ්ඩකෙන පුබ්බෙ නිවුත්ථක්ඛන්ධප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා”ති වුත්තං, එවමිධ “චුතුපපාතඤාණමුඛතුණ්ඩකෙන චුතුපපාතප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා”ති වත්තබ්බං.
චුතූපපාතඤාණ කථාවෙහි විජ්ජා යනු දිවැස් නුවණ නමැති විද්‍යාවයි. අවිජ්ජා යනු චුති උත්පත්ති වසාලන්නා වූ අවිද්‍යාවයි. යම්සේ වනාහි පුබ්බෙනිවාස කථාවෙහි පෙරවිසීම සිහිකිරීමේ නුවණ නැමති මුවතුඩින් පෙර විසූ ස්කන්ධයන් වසාලන්නා වූ අවිද්‍යාව නමැති බිජුවට පලායි කියන ලදි. එසේම චුතූපපාතඤාණ නමැති මුවතුඩින් චුති උත්පත්ති වසාලන්නා වූ අවිද්‍යා නමැති බිජුවට පලායි කිවයුතුය.
යං පනෙතං පච්චවෙක්ඛණඤාණපරිග්ගහිතං ආසවානං ඛයඤාණාධිගමං බ්රාහ්මණස්ස දස්සෙන්තො අයං ඛො මෙ, බ්‍රාහ්මණ, තතියා විජ්ජාතිආදිමාහ, තත්ථ විජ්ජාති අරහත්තමග්ගවිජ්ජා. අවිජ්ජාති චතුසච්චප්පටිච්ඡාදිකා අවිජ්ජා. අයං ඛො මෙ, බ්‍රාහ්මණ, තතියා අභිනිබ්භිදා අහොසීති එත්ථ අයං ඛො මම, බ්‍රාහ්මණ, ආසවානං ඛයඤාණමුඛතුණ්ඩකෙන චතුසච්චපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා තතියා අභිනිබ්භිදා තතියා නික්ඛන්ති තතියා අරියජාති අහොසි කුක්කුටච්ඡාපකස්සෙව මුඛතුණ්ඩකෙන වා පාදනඛසිඛාය වා අණ්ඩකොසං පදාලෙත්වා තම්හා අණ්ඩකොසම්හා අභිනිබ්භිදා නික්ඛන්ති කුක්කුටනිකායෙ පච්චාජාතීති.
මේ යමක් ප්රත්යවෙක්ෂණ ඥානයෙන් වටකොට ගන්නා ලද්දේ ද ආශ්‍රවයන්ගේ ක්ෂය ඥාණයට පැමිණීම වූ එය බමුණාට දක්වමින් අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියා විජ්ජා යනාදිය පැවසූ සේක. එහි විජ්ජා යනු අරහත් මග නුවණ නමැති විද්‍යාවයි. අවිජ්ජා යනු සිවුසස් වසාලන අවිද්‍යාවයි. අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියා අභිනිබ්හිදා අහොසි යන මෙහි මේ වනාහි බමුණ මගේ ආශ්‍රවයන් ක්ෂයවිම පිළිබඳ නුවණ නමැති මුවතුඩින් සිවුසස් වසාලන අවිද්‍යා නමැති බිජුවට පලා තෙවැනි උපත තෙවැනි නික්මීම තෙවැනි ආර්‍ය්‍ය උපත වූයේය, කුකුළු පැටවාගේ මෙනි. මුවතුඩින් හෝ පානිය සිඑවෙන් හෝ බිජුවට පලා ඒ බිජුවටින් එළියට ඒම නික්මීම කුකුළු වර්ගයේ යළි උපතයි.
එත්තාවතා කිං දස්සෙසීති? සො හි, බ්‍රාහ්මණ, කුක්කුටච්ඡාපකො අණ්ඩකොසං පදාලෙත්වා තතො නික්ඛමන්තො සකිමෙව ජායති, අහං පන පුබ්බෙනිවුත්ථක්ඛන්ධප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං භින්දිත්වා පඨමං තාව පුබ්බෙනිවාසානුස්සතිඤාණවිජ්ජාය ජාතො. තතො සත්තානං චුතිපටිසන්ධිප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා දුතියං දිබ්බචක්ඛුඤාණවිජ්ජාය ජාතො, පුන චතුසච්චප්පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා තතියං ආසවානං ඛයඤාණවිජ්ජාය ජාතො. එවං තීහි විජ්ජාහි තික්ඛත්තුං ජාතොම්හි. සා ච මෙ ජාති අරියා සුපරිසුද්ධාති ඉදං දස්සෙති. එවංදස්සෙන්තො ච පුබ්බෙනිවාසඤාණෙන අතීතංසඤාණං, දිබ්බචක්ඛුනා පච්චුප්පන්නානාගතංසඤාණං, ආසවක්ඛයෙන සකලලොකියලොකුත්තරගුණන්ති එවං තීහි විජ්ජාහි සබ්බෙපි සබ්බඤ්ඤුගුණෙ පකාසෙත්වා අත්තනො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවං බ්රාහ්මණස්ස දස්සෙසි.
මෙපමණකින් කුමක් දැක්වූ සේක්ද? බමුණ ඒ කුකුළු පැටවා වනාහි බිජුවට පලා එයින් නික්මෙන්නේ එක්වරක්ම උපදියි. මම වනාහි පෙර විසූ ස්කන්ධයන් වසාලන අවිද්‍යා බිජුවට පලා පළමුව පුබ්බේනිවාසානුස්සති විද්‍යාවෙන් උපන්නෙමි. ඉක්බිති සත්ත්වයන්ගේ ච්‍යුති ප්රතිසන්ධි වසාලන්නා වූ අවිද්‍යා බිජුවට පලා දිබ්බචක්ඛුඤාණ විද්‍යාවෙන් දෙවැනිව උපන්නෙමි. ඉක්බිතිව සිවුසස් වසාලන අවිද්‍යා බිජුවට පලා ආශ්රවක්ෂයකර ඥාන නමැති විද්‍යාවෙන් තෙවැනිව උපන්නේ වෙමි. මෙසේ විද්යාත්රයෙන් තෙවරක් උපන්නේ වෙමි. ඒ මාගේ ජාතිය (උපත) ආර්‍ය්‍යය. සුපිරිසිදුයයි මෙය දක්වන සේක. මෙසේ දක්වමින් ද පුබ්බෙනිවාස නුවණින් අතීතංස ඥානය ද දිබ්බචක්ඛු නුවණින් ප්රත්යූත්පන්න හා අනාගතංස ඥානයද ආශ්රවක්ෂය නුවණින් සියලු ලෞකික ලෝකෝත්තර ගුණදැයි මෙසේ ත්‍රිවිධ විද්‍යාවන්ගෙන් සියලු සර්වඥගුණයන් පවසා තමන්ගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය බමුණාට දැක්වූ සේක.
එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණොති එවං භගවතා ලොකානුකම්පකෙන බ්රාහ්මණං අනුකම්පමානෙන නිගුහිතබ්බෙපි අත්තනො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවෙ විජ්ජාත්තයපකාසිකාය ධම්මදෙසනාය වුත්තෙ පීතිවිප්ඵාරපරිපුණ්ණගත්තචිත්තො වෙරඤ්ජො බ්රාහ්මණො තං භගවතො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවං විදිත්වා “ඊදිසං නාමාහං සබ්බලොකජෙට්ඨං සබ්බගුණසමන්නාගතං සබ්බඤ්ඤුං ‘අඤ්ඤෙසං අභිවාදනාදිකම්මං න කරොතී’ති අවචං, ධිරත්ථු වත, භො, අඤ්ඤාණ”න්ති අත්තානං ගරහිත්වා “අයං දානි ලොකෙ අරියාය ජාතියා පුරෙජාතට්ඨෙන ජෙට්ඨො, සබ්බගුණෙහි අප්පටිසමට්ඨෙන සෙට්ඨො”ති නිට්ඨං ගන්ත්වා භගවන්තං එතදවොච – ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමොති. එවඤ්ච පන වත්වා පුන තං භගවතො ධම්මදෙසනං අබ්භනුමොදමානො අභික්කන්තං භො ගොතමාතිආදිමාහ. තං වුත්තත්ථමෙවාති.
එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො යනු මෙසේ ලෝකානුකම්පාවෙන් බමුණාට අනුකම්පා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් සැඟවිය යුතු වුද තමන්ගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්රේෂ්ඨභාවයන් විද්‍යාත්‍රය ප්‍රකාශ කෙරෙන ධර්ම දේශනාවෙන් පැවසූ කල්හි ප්‍රීතිය පැතිරීමෙන් පිරිපුන් ගතසිත ඇති වෙරඤ්ජා බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආර්ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය දැන මම සියලු ලොවට දෙටුවූ සියලු ගුණයෙන් යුක්ත වූ මෙබඳු සර්වඥයන් වහන්සේට අනුන්ට වැදීම් ආදී කටයුතු නොකරයි යනුවෙන් කීවෙමි. මෝඩකමට නිගාවේවායි තමන්ට ගරහාගෙන මෙතෙම දැන් ලොව ආර්ය ජාතියෙහි කලින්ම උපන් අරුතින් ජ්‍යෙෂ්ඨය, සියලු ගුණයන්ගෙන් සමානවන්නකු නොවන අරුතින් ශ්‍රේෂ්ඨයයි නිගමනය කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමො (පින්වත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨය, පින්වත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය) යනුවෙනි. මෙසේද කියා යළි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්ම දේශනය සතුටු වෙමින් අභික්කන්තං භො ගොතම යනාදිය කීවේය. එය පවසන ලද අරුත් ඇත්තේමය.