යෙදුමෙන් කියවන්න

වෙරඤ‍්ජ සුත‍්තං

8. 1. 2. 1.

8. 1. 2. 1.

වෙරඤ‍්ජ සුත‍්තං

වේරඤ්ජ සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා වෙරඤ‍්ජායං විහරති නලෙරුපුචිමන්‍ද මූලෙ අථ ඛො වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නම් නගරයෙහි නලෙරු නම් (යකකු අරක්ගත් හෙයින් එනම් වූ) කොසඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි වේරඤ්ජ නම් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි වූ සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:

සුතං මෙතං භො ගොතම, න සමණො ගොතමො බ්‍රාහ‍්මණෙ ජිණ‍්ණෙ වුද‍්ධෙ මහල‍්ලකෙ අද‍්ධගතෙ වයොඅනුප‍්පත‍්තෙ අභිවාදෙති වා පච‍්චුට‍්ඨෙති වා ආසනෙන වා නිමන‍්තෙතීති තයිදං භො ගොතම, තථෙව, නහි භවං ගොතමො බ්‍රාහ‍්මණෙ ජිණ‍්ණෙ වුද‍්ධෙ මහල‍්ලකෙ අද‍්ධගතෙ වයොඅනුප‍්පත‍්තෙ අභිවාදෙති වා පච‍්චුට‍්ඨෙති වා ආසනෙන වා නිමන‍්තෙති, තයිදං භො ගොතම න සම‍්පන‍්නමෙවාති.

භවත් ගෞතමයෙනි, ‘මහණ ගොයුම්හු ජරාජීර්‍ණ වූ වයෝවෟද්ධ වූ ජාතිමහල්ලක වූ තුන් වයස් ඉක්ම වූ තුන්වන වියට පත් බමුණන් නො වඳනාහ යි ද දැක හුනස්නෙන් නො නැඟී සිටුනාහ යි ද අස්නෙන් හෝ නිමන්ත්‍රණ නො කරන්නා හ යි ද’ යන තෙල කරුණ මා විසින් අසන ලද. භවත් ගෞතමයෙනි, මෙ කරුණ එසේ ම ය. භවත් ගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් ඉක්ම ගිය අවසන් වියට පත් බමුණන් නො වඳනාහ. දැක ද හුනස්නෙන් නැඟී නො සිටුනාහ. අස්නෙන් හෝ නො ද පවරන්නාහ. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො නිසි මැ යි.

නාහං තං බ්‍රාහ‍්මණ, පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යමහං අභිවාදෙය්‍යං වා පච‍්චුට‍්ඨෙය්‍යං වා ආසනෙන වා නිමන‍්තෙය්‍යං. යං හි බ්‍රාහ‍්මණ, තථාගතො අභිවාදෙය්‍ය වා පච‍්චුට‍්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන‍්තෙය්‍ය මුද‍්ධාපි තස‍්ස විපතෙය්‍යාති.

බ්‍රාහ්මණය, මම යමකු වදනෙම් නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනෙම් හෝ අස්නෙන් පවරන්නෙම් නම් හෝ එබන්දකු මරුන් සහිත, බඹුන් සහිත, සදෙව් ලොව්හි මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා නො දක්මි. බ්‍රාහ්මණය, තථාගත තෙම යම් ම පුඟුලකු වඳියි නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටී නම් හෝ අස්නෙන් පවරයි නම් හෝ ඔහු මුදුන ද ගිලිහෙන්නේ ය.

1. අරසරූපො භවං ගොතමොති.

1. භවත් ගෞතමයෝ අරසරූප (සමඟරස සැහැවි නැති) යහ යි.

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය ‘අරසරූපො සමණො ගොතමො’ ති. යෙ තෙ බ්‍රාහ‍්මණ, රූපරසා සද‍්දරසා ගන්‍ධරසා රසරසා පොට‍්ඨබ‍්බරසා තෙ තථාගතස‍්ස පහීනා, උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, අයං ඛො බ්‍රාහ‍්මණ පරියායො යෙන මං පරියායෙන සම‍්මාවදමානො වදෙය්‍ය අරසරූපො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙන් ‘ශ්‍රමණ භවත් අරසරූපයෙකැ’යි මට කියා නම්, මේ එ කරුණ යි බ්‍රාහ්මණය, යම් (කාම සුඛාස්වාද සඞ්ඛ්‍යාත) රූප රස කෙනෙක්, ශබ්ද කෙනෙක්, ගන්‍ධ රස කෙනෙක්, රස රස කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය රස කෙනෙක් වෙත් නම්, තථාගතයනට ඔහු ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාව කරන ලදහ, මත්තෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතම අරසරූපයෙකැ’යි මා ගෙන කියා නම් මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැයි.

2. නිබ‍්භොගො භවං ගොතමොති.

2. භවත් ගෞතමයෝ නීර්භෝගයහ. (සාමග්‍රීපරිභෝග නැත්තාහ)

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය- නිබ‍්භොගො සමණො ගොතමො’ති. යෙ තෙ බ්‍රාහ‍්මණ, රූපභොගා සද‍්දභොගා ගන්‍ධභොගා රසභොගා පොට‍්ඨබ‍්බභොගා තෙ තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, අයං ඛො බ්‍රාහ‍්මණ පරියායො යෙන පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය නිබ‍්භොගො සමණො ගොතමොති, නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායයෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නීර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, යම් (ඡන්‍දරාගපරිභොග සඞ්ඛ්‍යාත) රූපභෝග කෙනෙක්, ශබ්ද භෝග කෙනෙක්, ගන්‍ධ භෝග කෙනෙක්, රස භෝග කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය භෝග කෙනෙක් වන්නාහු නම් ඔහු තථාගතයනට ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නිර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එ නො වේ.

3. අකිරියවාදො භවං ගොතමොති.

3. භවත් ගෞතමයෝ අක්‍රිය වාදයහ. (කුලසමුදාචාර කර්‍ම නො කරන්නෙක)

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය, අකිරියවාදො සමණො ගොතමො’ ති. අහං හි බ්‍රාහ‍්මණ, අකිරියං වදාමි කායදුච‍්චරිතස‍්ස වචීදුච‍්චරිතස‍්ස මනොදුච‍්චරිතස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං අකිරියං වදාමි. අයං ඛො බ්‍රාහ‍්මණ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය අකිරියවාදො සමණො ගොතමොති. නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රිය වාද ඇතියහ’යි මා ගෙන කියන්නේ නම් තෙල පර්‍ය්‍යාය ද ඇත. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාක්දුශ්චරිතය, මනෝදුශ්චරිතය නො කටයුතු යයි කියමි. නොයෙක් අයුරින් කරනු ලබන ලමු අකුසල දහම් නොකටයුතු යයි කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රියවාදයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ පර්‍ය්‍යායයි. තෝ යමක් සඳහා කියනෙහි නම් එය නොවේ.

4. උච‍්ඡෙදවාදො භවං ගොතමොති.

4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්‍රවේණිය මුලුසුන් කරන වාද) ඇතියහ.

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය උච‍්ඡෙදවාදො සමණො ගොතමො’ ති. අහං හි බ්‍රාහ‍්මණ, උච‍්ඡෙදං වදාමි රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං උච‍්ඡෙදං වදාමි. අයං ඛො බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය උච‍්ඡෙදවාදො සමණො ගොතමො’ ති, නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ශ්‍රමණ භවත් ගෞතම උච්ඡේදවාද ඇත්තෙකැයි මා ගෙන කියා නම්, තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ උච්ඡේදය කියමි. නන්වැදෑරුම් වූ ලමු අකුසල් දහමුන්ගේ උච්ඡේදය කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ උච්ඡේදවාද ඇතියහ’යි මා ගෙන කියා නම්, මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණෙක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැ යි.

5. ජෙගුච‍්ඡි භවං ගොතමොති,

5. භවත් ගෞතමයෝ ජුගුප්සා (කුලසමුදාචාරකර්‍ම පිළිබඳ පිළිකුල) ඇතියහ.

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය ‘ජෙගුච‍්ඡී සමණො ගොතමො’ති, අහං හි බ්‍රාහ‍්මණ, ජිගුච‍්ඡාමි කායදුච‍්චරිතෙන වචීදුච‍්චරිතෙන මනොදුච‍්චරිතෙන, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා ජිගුච‍්ඡාමි, අයං ඛො බ්‍රාහ‍්මණ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය, ‘ජෙගුච‍්ඡී සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ ජුගුප්සා ඇතියහ’යි කියා නම්, තෙල කරුණ ඇත් මැ යි. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. නන් වැදෑරුම් ලමු අකුසල දහම් සමවැදුම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, මොනොවට බණන්නෙක් යම් කරුණෙකින් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ ජුග්ප්සා ඇතියහ’යි. කියනේ නම් මේ එ කරුණයි. යමක් සඳහා තෝ කියහි නම් එය නොවේ.

6. වෙනයිකො භවං ගොතමොති,

6. භවත් ගෞතමයෝ වෙනයිකයහ. (විනයනය කටයුත්තෙක)

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය, ‘වෙනයිකො සමණො ගොතමො’ ති. අහං හි බ්‍රාහ‍්මණ, විනයාය ධම‍්මං දෙසෙමි රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං විනයාය ධම‍්මං දෙසෙමි. අයං ඛො බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය ‘වෙනයිකො සමණො ගොතමො’ ති, නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි කියා නම්, තෙල කරුණ විද්‍යාමාන වේ මැයි, බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, නන්වැදෑරුම් ලමු දහමුන්ගේ විනය පිණිස දහම් දෙසමි. බ්‍රාහ්මණය, මොනොවට බණනුයෙක් යම් කරුණකින් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි බණනේ නම් මේ ඒ කරුණය, තෝ යම් කරුණක් සඳහා කියහි නම් එය නොවේ.

7. තපස‍්සී භවං ගොතමොති.

7. භවත් ගෞතමයෝ තපස්වීහ. (සත්පුරුෂා චාරවිරහිත දිළින්දෙක)

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය ‘තපස‍්සී සමණො ගොතමො’ති, තපනීයාහං බ්‍රාහ‍්මණ, පාපකෙ අකුසලෙ ධම‍්මෙ වදාමි කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං, යස‍්ස ඛො බ්‍රාහ‍්මණ, තපනීයා පාපකා අකුසලා ධම‍්මා පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තමහං තපස‍්සී’ති වදාමි, තථාගතස‍්ස ඛො බ්‍රාහ‍්මණ, තපනීයා පාපකා අකුසලා ධම‍්මා පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, අයං ඛො බ්‍රාහ‍්මණ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය ‘තපස‍්සී සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ තපස්වීහ’යි කියා නම් තෙල කරුණ ඇත්මැයි. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිත, වාග්දුශ්චරිත, මනෝදුශ්චරිත යන ලමු අකුසල් දහම් සපනීය (තැවිය යුතුය’යි) කියමි. බ්‍රාහ්මණය, යමක්හු හට තපනීය වූ ලමු අකුසල් දහම්හු ප්‍රහීණ වෙත් නම්, උසුන් මුල් ඇත්තාහු වෙත් නම්, තාලාවස්තු කෘත වෙත් නම්, අනභාවකෘත වෙත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහු කරන ලද්දාහු වෙත් නම්, ඔහු මම තපස් වී යයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ වෙත්, උච්ඡින්න මූල වෙත්, තාලාවස්තුකෘත වෙත්. අනභාවකෘත වෙත්, මතුයෙහි නූපදනාසැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායෙකින් මොනොවට කියන්නෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ තපස්වීහ’යි කියන්නේ නම් මේ ඒ කරුණ යි. තෝ යම් කරුණක් සඳහා කියනෙහි නම් එය නො වේ.

8. අපගබ‍්භො භවං ගොතමොති.

8. භවත් ගෞතමයෝ අපගර්‍භයහ (හීනගර්‍භ ඇතියහ)

අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායෙ, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය, ‘අපගබ‍්භො සමණො ගොතමො’ති. යස‍්ස ඛො බ්‍රාහ‍්මණ, ආයතිං ගබ‍්භසෙය්‍යා පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තමහං අපගබ‍්භොති වදාමි තථාගතස‍්ස ඛො බ්‍රාහ‍්මණ, ආයතිං ගබ‍්භසෙය්‍යා පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, අයං ඛො බ්‍රාහ‍්මණ පරියායො යෙන මං පරියායෙන, සම‍්මා වදමානො වදෙය්‍ය ‘අපගබ‍්භො සමණො ගොතමො’ ති නො ච ඛො යං ත්‍වං සන්‍ධාය වදෙසි.

බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. බ්‍රාහ්මණය, යමකුගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ද, ඔහු මම අපගර්‍භයයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ අනාගතයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියේ ය, තාලාවස්තු කෘත ය, අනභාවකෘතය. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ය. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම්, එය නො වේ.

සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා, තානස‍්සු කුක‍්කුටියා සම‍්මා අධිසයිතානි සම‍්මා පරිසෙදිතානි සම‍්මා පරිභාවිතානි, යො නු ඛො තෙසං කුක‍්කුටච‍්ඡාපකානං පඨමතරං පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙය්‍ය, කින‍්ති ස‍්වාස‍්ස වචනීයො ජෙට‍්ඨො වා කණිට‍්ඨො වාති?

බ්‍රාහ්මණය, යම් පරිදි කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළසෙක් හෝ ඇත් ද, ඒ බිජුවටහු කිකිළිය විසින් මොනොවට අධිශයිත වූවාහු මොනොවට උණුසුම් ගන්වන ලද්දාහු මොනොවට පරිභාවිත වෙති. ඒ කුකුළු පැටවුන් අතුරෙන් යමෙක් ම පළමු ම පානීය සිළින් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළාගෙන සුවසේ නික්මෙනුයේ නම් හේ දෙටයි හෝ කනිටු යයි හෝ කිමැයි කිවයුතු වන්නේ ද?

ජෙට‍්ඨොතිස‍්ස භො ගොතම, වචනීයො, සො හි තෙසං ජෙට‍්ඨො හොතී’ති.

භවත් ගෞතමයෙනි, හේ දෙටුයයි කියයුතු වන්නේ ය, හේ ම ඔවුනතුරෙහි දෙටු වෙයි.

එවමෙව ඛො අහං බ්‍රාහ‍්මණ, අවිජ‍්ජාගතාය පජාය අණ‍්ඩභුතාය, පරියොනද‍්ධාය අවිජ‍්ජණ‍්ඩකොසං පදාලෙත්‍වා එකොව ලොකෙ අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, අහං හි බ්‍රාහ‍්මණ ජෙට‍්ඨො සෙට‍්ඨො ලොකස‍්ස.

බ්‍රාහ්මණය, එපරිද්දෙන් මම අවිද්‍යාගත වූ (අවිද්‍යා) බිජුවටෙහි උපන් අවිද්‍යායෙන් වැළඳුණු සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අවිදු බිජුවට පළාගෙන ලෙව්හි අද්වීතිය වූයෙම් අනුත්තර සම්‍යක් සම්බෝධිය පිළිවිදියෙම් වෙමි. බ්‍රාහ්මණය, මම් ම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, ශ්‍රේෂ්ඨයෙමි.

ආරද‍්ධං ඛො පන මෙ බ්‍රාහ‍්මණ, විරියං අහොසි අසල‍්ලීනං උපට‍්ඨිතා පති අසම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො; සමාහිතං චිත‍්තං එකග‍්ගං. සො ඛො අහං බ්‍රාහ‍්මණ, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි.

බ්‍රාහ්මණය, මා විසින් අරඹන ලද (සිවුරහ) වැර අසල්ලීන විය, (අරමුණට අභිමුඛව) එළඹ සිටි සිහිය මුළාවට පත් නො වී ය. කය (කායචිත්තපස්සද්ධි වශයෙන්) සන්හුනුයේ ම පහවූ දරථ ඇතියේ විය. සමාධිගත වූ සිත අචල විය. බ්‍රාහ්මණය, මම කාමයන්ගෙන් වෙන් ව ම ලමු දහමුන්ගෙන් වෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසෙමි.

විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි,

විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති ද්වීතිය ධ්‍යානයට එළඹ වෙසෙමි.

පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරාමි. සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික‍්ඛන‍්ති. ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි.

ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියෙම් වෙසෙමි, යම් දැහැනක් සඳහා ‘උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී’ යයි ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙමි.

සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි.

සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා හා ස්මෘතියෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙමි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං.

හේ මම මෙසෙයින් සිත සමාධිගත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වු කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහවූ කෙලෙස් ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි ස්ථිරභාවයට ගිය කල්හි පූර්වේ නිවාසානුස්මෘතිඥානය පිණිස සිත වෙසෙසින් නැමීමි.

සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, රත‍්තියා පඨමෙ යාමෙ පඨමා විජ‍්ජා අධිගතා අවිජ‍්ජා විහතා විජ‍්ජා උප‍්පන‍්නා තමො විහතො ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, පඨමා අභිනිබ‍්භිදා අහොසි කුක‍්කුටච‍්ඡාපකස‍්සෙව අණ‍්ඩකොසම‍්හා.

ඒ මම අනේකවිධ වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරමි. කෙසේ ය යත්: එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... මෙසේ සාකාර වූ උද්දේශ සහිත අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහිකරනෙම් වෙමි. බ්‍රාහ්මණය, රෑ පළමු යම්හි මා විසින් මේ ප්‍රථම විද්‍යා තොමෝ ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය පහව ගියේ ය. ප්‍රඥාලෝකය උපන, (ස්මෘතිහුගේ අවිප්‍රවාසයෙන්) අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති (කාය ජීවිතදෙක්හි නිරපේක්‍ෂ ව) නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතියකුහට යම් සේ වේ නම් එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටවකුගේ (උපත) බඳු මාගේ මේ පළමු (ආර්‍ය්‍යජාති සඞ්ඛ්‍යාත) අභිනිර්‍වෘතිය විය.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි -පෙ- අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ දුතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා විජ‍්ජා උප‍්පන‍්නා තමො විහතො ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො, අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, දුතියා අභිනිබ‍්භිදා අහොසි. කුක‍්කුටච‍්ඡාපකස‍්සෙව අණ‍්ඩකොසම‍්හා.

ඒ මම මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යාවදාත කල්හි කෙලෙස් රහිත වූ පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි ස්ථිර වූ කල්හි සත්ත්‍වයන්ගේ චුතුපපාතඥානය පිණිස සිත නැමූයෙමි. එ මම වෙසෙසින් පිරිසිදු වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් චුතවන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුර්‍වණ වු ද මනාගති ඇත්තා වූ ද දුර්‍ගති ඇත්තා වූ ද සත්ත්‍වයන් දක්මි, කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්මි ... බ්‍රාහ්මණය, රෑ මැදුම් යම්හි මේ දෙවන විද්‍යාව මා විසින් ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය නසන ලදී, ප්‍රඥාලෝකය උපන, අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන්නහුට යම් සේ නම් එසේයි. බ්‍රාහ්මණය, කුකුළු පැටවකුගේ බිජුවටින් (නික්මීම) සෙයින් මාගේ මේ දෙවන අභිනිර්‍වෘතිය විය.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං, සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං.

ඒ මම මෙසේ සිත සමාහිත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන්ගෙන් පහ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වු කල්හි ස්ථිති ප්‍රාප්ත කල්හි නිශ්චල භාවයට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි. ඒ මම ‘මේ (පස්කඳ) දුකැ’යි ඇතිසැටි මැනැවින් දැනගතිමි. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි මැනැවින් ඇතිසැටි දැන ගතිමි. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇතිසැටි මැනැවින් දැන ගතිමි. මේ (අරිඅටඟි මඟ) දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ය යි ඇති සැටි මැනැවින් දත්මි.

ඉමෙ ආසවාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං.

මොහු ආස්‍රවයහයි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව සමුදය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය යි යථාභූතය මැනැවින් දත්මි.

තස‍්ස මෙ එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ, භවාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ, දිට‍්ඨාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ, අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං අහොසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසිං. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ තතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ‍්මණ, තතියා අභිනිබ‍්භිදා අහොසි කුක‍්කුටච‍්ඡාපකස‍්සෙව අණ‍්ඩකොසම‍්භාති.

මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදුනේ ය, භවාස්‍රවයෙනුදු මිදුනේ ය, දෘෂ්ට්‍යාස්‍රවයෙනුදු මිදුනේ ය, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදුනේ ය, විමුක්ත වූ කල්හි මිදුනේ ය යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය විය, ජාතිය ක්‍ෂීණ විය, මගබඹසර වැස නිමවන ලදී, සිවුමඟ කටයුතු කොට නිමවන ලදී, මේ අර්‍හත්‍වය පිණිස අන්කරණී නැතැයි දත්මි. බ්‍රාහ්මණය, රෑ පැසුළු යම්හි මා විසින් මේ තෙවන (අර්‍හන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව ලබන ලදු, (සිවුසස් මුවහ කරන) අවිද්‍යාව නසන ලදු, විද්‍යාව උපන, (මෝහ සඞ්ඛ්‍යාත) තමස නසන ලද, ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට යම් සේ වේ නම් එසේ යි. බ්‍රාහ්මණය, බිජුවටින් (නික්මෙන) කුකුළු පැටවකුගේ මෙන් මාගේ මේ තෙවන අභිනිර්‍වෘතිය වී.

එවං වුත‍්තෙ වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: ජෙට‍්ඨො භවං ගොතමො, සෙට‍්ඨො භවං ගොතමො, අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්‍යේෂ්ඨයහ, භවත් ගෞතමයෝ ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි ... භවත් ගෞතමයෝ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට ධරත්ව” යි.